2018 Oct-03- ElaKiri Radio ! -Music Hut with tharindumj

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
    අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් අවධාරණය කළ බවයි.
    මුදලට තරග පාවාදීම හා මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පිරිස්වලට දිගින් දිගට ම චෝදනා එල්ලවීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
    එසේ ම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් තත්ත්වය ඉවත් වේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, එවැනි අවදානමක් මේ දක්වා මතුව නොමැති බවයි.
    තරග පාවාදීම සම්බන්ධයෙන් මෙරට නීතියක් නොමැති වීම හේතුවෙන්, ඉදිරියේදී මෙවැනි චෝදනා හා සම්බන්ධ පරීක්ෂණ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂඥ සහය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    මේ අතර තම කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙරටට පැමිණ පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
    එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.
    පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බැවින්, දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පවසන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තම විමර්ශන කටයුත්ත සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කර අවශ්‍ය සහය ඉල්ලා සිටි බව තහවුරු කර තිබේ.
    මේ සම්බන්ධයෙන් අවශ්‍ය සම්පූර්ණ සහය ලබා දීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.
    මේ වන විට පැවැත්වෙන පරීක්ෂණය හේතුවෙන් එංගන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට බලපෑමක් එල්ල නොවන බව ත්, කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් හමුවී සිදුවිය හැකි තරග පාවාදීමේ සිදුවීම් හා ඉන් මිදී කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    nmFMquk.png
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පලන් පෙට්ටිය දාල ආවේ... ඇයි කුක්ක වටලප්පමක් හදල බෙද බෙද ගියානේ :oo::oo::oo:

    කෑව වැඩි වෙලා ද දන්නෙ නෑ කුක්ක මිසින්
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ දූෂණ, තරග පාවාදීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා තහවුරු කළේ ය. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකයේ නියෝජිතයන්, ක්‍රීඩා අමාත්‍යවරයා, ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා ද හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා තිබේ.
    අද පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකා ක්‍රිකට් භයානක තත්ත්වයක පවතින බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නියෝජිතයන් අවධාරණය කළ බවයි.
    මුදලට තරග පාවාදීම හා මුදල් අවභාවිතය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් හා සම්බන්ධ පිරිස්වලට දිගින් දිගට ම චෝදනා එල්ලවීම මත මෙම පරීක්ෂණ ක්‍රියාත්මක වන බව ත් ඒ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය ලබා දීමට කටයුතු කරන බව ත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.
    එසේ ම මේ හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් ටෙස්ට් තත්ත්වය ඉවත් වේ දැයි මාධ්‍යවේදීන් කළ විමසීමේදී අමාත්‍යවරයා පැවසුවේ, එවැනි අවදානමක් මේ දක්වා මතුව නොමැති බවයි.
    තරග පාවාදීම සම්බන්ධයෙන් මෙරට නීතියක් නොමැති වීම හේතුවෙන්, ඉදිරියේදී මෙවැනි චෝදනා හා සම්බන්ධ පරීක්ෂණ සඳහා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විශේෂඥ සහය ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
    මේ අතර තම කණ්ඩායමක් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් මෙරටට පැමිණ පරීක්ෂණයක් සිදුකරන බව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.
    එහි දැක්වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් එල්ල වී ඇති ප්‍රබල චෝදනා සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.
    පරීක්ෂණයක් සිදුකෙරෙමින් පවතින බැවින්, දීර්ඝ ප්‍රකාශයක් සිදුකිරීමේ හැකියාවක් නොමැති බව පවසන අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය තම විමර්ශන කටයුත්ත සම්බන්ධයෙන් මෙරට බලධාරීන් දැනුවත් කර අවශ්‍ය සහය ඉල්ලා සිටි බව තහවුරු කර තිබේ.
    මේ සම්බන්ධයෙන් අවශ්‍ය සම්පූර්ණ සහය ලබා දීමට ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හා ක්‍රීඩා අමාත්‍යවරයා එකඟ වී ඇති බව ද එම නිවේදනයේ සඳහන් ය.
    මේ වන විට පැවැත්වෙන පරීක්ෂණය හේතුවෙන් එංගන්ත – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියට බලපෑමක් එල්ල නොවන බව ත්, කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයන් හමුවී සිදුවිය හැකි තරග පාවාදීමේ සිදුවීම් හා ඉන් මිදී කටයුතු කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරන බව ද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසයි.

    :yes: අනිවා මේ සැරේනම් කේස් එක සැරට යනවා..