Types of Formwork (Shuttering) for Concrete Construction

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
Types of Formwork (Shuttering) for Concrete Construction and it's Properties - Sinhal


Formwork නැතහොත් (Shuttering) යනු Concrete ආශිත ඉදිකිරීම් වල ව්‍යහාත්මක කොටස් (Slab, Beam, Column) සදහා භාවිතා වන අච්චු වර්ගයකි.
සිංහල භාෂාවේ, හැඩයම් ලෑලි, හැඩයම, පැති ලෑලි, ලෙස විවිධ අකාරයෙන් හදුන්වන මෙය ඉදිරියට පහසුව තකා Formwork ලෙසම භාවිතා කරමි.

කොන්ක්‍රීට් ආශිත ඉදිකිරීම්හි Formwork වර්ග ඒවායේ අමුද්‍රව්‍ය සහ ව්‍යුහාත්මක අංගයේ ස්වාභාවය මත වෙනස් වේ.

Formworks තවදුරටත් විවිධ වර්ග වල ව්‍යුහාත්මක අංග මත පදනම්ව නම්කිරීමට පුළුවන, ඒවා කෙසේද යත් ස්ලැබ් සදහා භාවිතා කරන Slab Formwork, තලාද සදහා භාවිතා කරන Beam Formwork සහ කොලම් කණු සදහා භාවිතා කරන Column Formwork... ලෙස වේ.

Formwork ආශිත ඉදිකිරීමකදී එය වෙනුවෙන් ගන්නා කාළය හා වියදම, අදාළ ව්‍යුහාත්මක අංගය නිර්මාණය කර අවසන් කිරීමට යන වියදමෙන් 20% වැඩි වන අතර 20% - 25% අතර හෝ වැඩි වෙයි. Design of these temporary structures are made to economic expenditure. තවද Formwork, හැඩයම් ලෑලි ගැළවීමේ ක්‍රියාවලිය 'Stripping' ‍ලෙස හදුන්වමු. ගලවා ගන්නා ලද Formwork නැවත භාවිතා කිරීමටද පුළුවන. නැවත නැවත භාවිතා වන හැඩයම් 'Panel Forms' ලෙස හදුන්වන අතර, භාවිතා නොකරන හැඩයම් 'Stationary Forms' ලෙස හදුන්වයි.

Formwork සදහා බහුලව භාවිතා කරන අමුද්‍රව්‍ය දැව වේ. Timber Formwork වල අවාසිය නම් ඒවා උෂ්ණත්වය හා තෙතමනය හේතුයෙන් ඇකිලීමට, ඇඹරීමට ලක් වීමයි. දැව මතුපිට water impermeable පිරිවැය මෙම අක්‍රමිකතා අඩු කරයි.


වඩාත් හොද තත්වයේ Formwork සැකසුමක් පහත අවශ්‍යතා තෘප්ත කළ යුතුය.


> සියලුම වර්ගයේ dead loads සහ live loads දරා ගැනීමට ඇති පමණ ශක්තිමත් විය යුතුය.

> එම හැඩයම් කූඩුව තිරස් හා සිරස් ලෙස අදාළ ව්‍යුහයේ හැඩය නිවැරදිව තබා ගන්නක් විය යුතුය.

> Formwork හි පැති ලෑලි සම්බන්ධ වන සන්ධි අතරින් cement grout කාන්දු නොවන සේ මනා ලෙස තද විය යුතුය.

> අදාල ව්‍යුහයට damage නොවන අයුරින් Formwork කූඩුව ගැළවීමට පුළුවන් විය යුතුය.

> Formwork සදහා ගන්නා අමුද්‍රව්‍ය ලාභ සහ පහසුවෙන් ලබා හැකි විය යුතු වීම සහ නැවත භාවිතයට ගත හැකි විය යුතුය.
> හැඩයම් කූඩුව සමතලා තලයකට නිවැරදිව levels විය යුතුය, මෙය plumb bob, spirit level භාවිතයෙන් මෙය බලාගත හැක.
> හැකි තරම් සැහැල්ලු විය යුතුය.
> එය ස්ථාවර පිහිටුමක් මත රැදවිය යුතුය.


read more>>
 
  • Like
Reactions: The_Killer