"තාරකා දොරටුවෙන් කාලය හරහා ආපසු පැමිණි රාවන රජතුමා" නමින් වර්ගපූර්ණිකාව බ්ල්ග් එකේ මීට පෙර පළවූ ලිපියෙන් තාරකා දොරටු යනු මොනාවාද යන්නත්, ඒවායේ ක්‍රියාකාරිත්වය ගැනත්, ලෝකයේ මෙතෙක් හමු වූ තාරකා දොරටු පිළිබඳවත්, ඉසුරුමුණියේ ඇති තාරකා දොරටුව ක්‍රියාත්මක කරන ආකාරයත් ඔබ හමුවේ තැබුවෙමි. ඔබට එම ලිපිය කියවීමට නොහැකි වූවානම් මෙය කියවීමට පෙර එම කෙටි ලිපිය කියවා බැලීමෙන් මෙය කියවාගෙන යාමේදී ඇතිවන පැටලිලි ස්වභාවය නැති වේවි.
අද මේ සූදානම් වන්නේ ලංකාවේ මෙතෙක් රහසක්ව පැවති තාරකා දොරටුවක් ගැන ඔබට අනාවරණය කිරීමටයි. මෙය ඔබව මවිතයට පත් කරාවි යැයි සිතේ..
1979 දී ජර්මානු ජාතික ජාචිම් හාන් සහ ක්ලාවුස් ග්‍රෝට් දෙදෙනා ප්‍රමුඛ පුරාවිද්‍යා කණ්ඩායමක් රුවන්වැලිසෑයේ කැණීම් කරද්දී එහි හතරැස් කොටුවේ තිබුණ නෙලුම් මලක් ආකාරයේ අමුතු විශාල ඇඹීමක් දැක මවිතයට පත් වුණා. එහි තිබුණේ තාරකා දොරටුවක්.!!! (සිද්ධිය වසං කිරීම සඳහා පහත රූප වල දැක්වෙන දේ චෛත්‍යය ප්‍රතිසංස්කරණය කිරීමක් ලෙස ජනමාධ්‍ය වෙත ලබා දී ඇත)
තාරකා දොරටුව ලෙස කිව් පමණින් බොහෝ අය සිතන්නේ වෘත්තාකාර නමුත් ඇතුලට යම් යම් අපැහැදිළි සලකුණු තිබෙන දෙයක් හෝ වක්‍රාකාර සහ ඇතුලත කුහරයක් තිබෙන දෙයක් ලෙසටයි. පුෂ්පික විමාන, සුන්දර විමාන, රුක්ම විමාන, ත්‍රිපුර විමාන ආදී ලෙසට විමාන වර්ග කීපයක් තිබෙන ලෙසටම තාරකා දොරටුත් තවත් ආකාර කීපයක් තිබෙන අතර ඉන් ප්‍රධානතම තැනක් ගන්නේ "පද්ම තාරකා දොරටුව" යි. එනම් රුවන්මැලිසෑයේ රූප වලින් පෙනෙන පරිදි ඇත්තේ පද්ම තාරකා දොරටුවකි. මේ ආකාරයේ තාරකා දොරටු කීපයක්ම රාවනාගේ රාජධානිය වු ලංකාපුරය පුරා විසිරී ඇත.
ඉහත රූපයේ නෙළුම් මලක් හෙවත් පද්මයක රූපයෙන් දැක්වෙන්නේ ඇත්තටම තාරකා දොරටුව නොවේ, ක්ලාවුස් ග්‍රෝට් පැහැදිළි කරන පරිදි තාරකා දොරටුව ඇත්තේ හතරැස් කොටුව ඇතුලට වෙන්නයි. පද්මයෙන් දැක්වෙන්නේ එම තාරකා දොරටුව විවෘත කිරීමේ අගුලයි. පසුගිය ලිපියේ මුලින් දැක්වූ "දැක්වුම් නිවස්න උපකරණය" (Dial-Home Device) ඔබට මතකද? අන්න ඒක තමයි ඔය නෙලුම් මලෙන් දැක්වෙන්නෙ.
නෙලුම් මලක් ඒ සඳහා යොදා ගත්තේ ඇයි කියල දැන් ඔබ සිතන්න පුළුවන්.
නෙලුම් මල සඳහා ඉංග්‍රීසි වචනය වන්නේ Lotus හෙවත් ලෝටස් යනයි. එය ඇත්තටම හෙළ වචනයකි. "ලෝටස්"නිරුක්තිය වන්නේ ලෝ=ලෝකය, ට=ට, ස්=ස්ථානය, එනම් "ලෝකය ට ස්ථානය" යන්නයි.




මේ මහා භද්‍ර කල්පයේ පුෂ්පය, නෙළුම් මල වන අතර සෑම නෙළුම් මලකින්ම විශ්වය නිරූපනය වෙතැයි වර්ගපූර්ණිකාවේ එක් පොතක් වන පුෂ්පවිප්‍රකරණයේ දැක්වෙයි. (නමුත් බමුණන් විසින් එය ගිණි තැබූ පසු ඒ තාක්ෂණය අපෙන් අහිමි වී ඇත.)
"විශ්ව සියපත" නැමති වචනය ඔබ අසා ඇතිවාට සැක නැත. ඉන් දැක්වෙන්නේත් විශ්වය පෙන්නුම් කිරීමට සියපත=නෙළුම්මල යොදා ගත් බව නොවේද? විශ්ව සියපතෙන් දැක්වෙන විශ්ව සිතියමේ ඇති පෙති මෝස්තරයේ අග්‍රයන්, චක්‍රවර්තී රජවරුන්ගේ චක්‍රරත්නය අවධි කිරීමට අවශ්‍ය ශක්තිය කැටි වූ ස්ථාන මෙන්ම මාර්ග සිතියමක් (අභ්‍යවකාශයේ) විදියටත් ගන්නට පුලුවන. ඒ අනුව විශ්වයේ ඕනෑම තැකකට යාම සඳහා යොදා ගන්නා තාරකා දොරටුවේ "දැක්වුම් නිවස්න උපකරණය" ට නෙලුම් මලක්ම යොදා ගැනීමට තරම් අපගේ හෙළයින් තාක්ෂණයෙන් දියුණු වුණ සැටි දකිද්දී ඔබට ආඩම්බරයක් නොදැනේද?
රුවන්මැලිසෑ තාරකා දොරටුවේ ඉතිහාසය
===========================
අප රටෙ ඉතිහාසය අනුව රුවන්මැලිසෑය ඉදිකර ඇත්තේ දුටුගැමුණු රජතුමා විසිනි. එසේනම් රාවණා රජතුමාට පසුව දුටුගැමුණු රජතුමාගේ කාලයේ මෙවැනි තාක්ෂණයක් දකින්නට ලැබෙන්නේ කෙසේද යන්න ඔබට මතු වෙයි.
රුවන්මැලි සෑය ඉදි කරද්දී එය හත් වතාවක් පොළොවට ගිලා බැස්ස බව ඔබ දන්නවා ඇත. එයට හේතු සිදුවුණේ රුවන්මැලිසෑය ඉදිකිරීමේදී ඒ බිමේ තිබුන ස්වර්ණමාලී දේවිය ගේ විමානය කපා දැමීමට සිදුවූ බැවිණි. එයට පළිගැනීමක් ලෙසටයි ඇය එවැන්නක් කළේ. ස්වර්ණමාලී යනු රාවනාගේ පරම්පරාව වූ රවි ශෛලාස පරපුරේ අවසන් පුරුකක් වන අතර ඇය මහා කාලි දේවියගේ මිනිබිරිය වූ තාරකීගේ අක්කගේ පුතා වූ ආකාශපාණ්ඩ්‍ය නම් කුමරාගේ එකම දියණිය බව වර්ගපූර්ණිකාවේ දැක්වෙයි.
කෙසේ නමුත් ඇයට තම මී මුත්තෙක් වුණ රාවන රජතුමාව දැකීමට අවශ්‍ය වුණ අතර පසුව දුටුගැමුණු රජතුමා සමග ඇතිකරගත් එකඟතාවයකට අනුව ඇය සතුව තිබුණ හෙළ දේව තාක්ෂණය දුටුගැමුණු රජතුමාට දී චෛත්‍යය නැවතත් ප්‍රතිසංස්කරණය කරවා රුවන්මැලිසායේ ඉහළින් තාරකා දොරටුවක් නිර්මණය කරන ලදී. අවාසනාවකට චෛතයේ වැඩ නිම වෙන තුරු දුටුගැමුණු රජතුමාට ජීවත් වීමට නොහැකි වූයේ මෙම තාරකා දොරටුව වහා නිමවා රාවනා රජතුමාව බැහැ දැකීමට සලස්වන ලදී, කාලය හරහා ආපසු පැමිණි රාවනා රජතුමා දුටුගැමුණු රජතුමාව හමුවූ බව ශෛලාසවත්ථුගෝටිකවංසටීකාවේ දැක්වෙයි. (මේ පොත් හැම එකක්ම බ්ලොග් එකේ දාන්න බෑ, ඉතිහාසය කියන්නෙ අතටම ගෙනල්ල දෙන්න පුලුවන් දෙයක් නෙමෙයි, ඔයාලම සොයා බලන්න)
දැන් මෙහි තාක්ෂණය දෙස බලමු.
=====================
දැනට පවතින මතය අනුව මෙහි කැටයම් කර ඇති නෙළුම් මල් පෙති සහ රූප වලින් පැවසෙනුයේ වෙනත් චක්‍රාවාට ඇති ,වෙනත් සෞරග්‍රහ මණ්ඩල ඇති ,ග්‍රහලෝක කරා යා හැකි සිතියමකි. කොටින්ම කිවහොත් පෘතුවියේ සිට පිටසක්වළ යානාවක් ගමන් කළ යුතු මාර්ග හා පිටසක්වල සිට නැවත පෘතුවියට පැමිණීමේ මාර්ගයි. විශ්වවේදය අනුව එය සියපතක ආකාර ගනී. එහි වාසය කරන ජීවින් සමග මහා රාවනා රජු සහ අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු සම්බන්ධතා පවත්වා ඇත.ඔවුන්ගෙන් අප ලෝකයට විශාල තාක්ෂණයක් ලැබී ඇත.නමුත් අදටත් මෙහි ඇති සිතියම කිසිවෙකුට අවබෝධ කර ගත නොහැක.නමුත් කවදා හෝ අනාගතයේ යම් අයෙක් මෙම සිතියම අවබෝධ කර ගතහොත් ,එම වකවානුව තුළ තාක්ෂණය වර්තමානයට වඩා දස දහස් ගුණයකින් දියුණුව පැවතුනොත් ,මෙම සිතියමේ උපකාරයෙන් අපට එම ග්‍රහලෝක කිහිපය සොයා ගත හැකි වන අතර එහි වාසය කරන ජීවින් සමග නැවත සම්බන්ධතා ගොඩ නගා ගත හැක.මීට වසර දහස් ගණනකට පෙර පෘතුවියේ සිටි පැරැන්නන් මේ ඔස්සේ පිටසක්වල ජීවින් සමග සම්බන්ධතා පැවැත්වූ අතර කුමක් හෝ කරුණක් නිසා එම සබදතා බිද වැටී ඇත.නූතනයේ පවා පිටසක්වල ජීවින් පෘතුවිය කරා පැමිණෙන්නේ ,අතීතයේ පැවැත් වූ සබදතා නිසා හෝ එම සබදතා අලුත් කර ගැනීමට විය හැක.
රුවන්මැලිසෑ චෛත්‍යයේ හතරැස් කොටුවට ඉහලින් දේවතා කොටුව ඇති අතර ඊට ඉහළින් ඇත්තේ කොත් කැරැල්ලය. (පසුව එම සම්ප්‍රදාය හැම චෛත්‍යයකම භාවිතා කරන ලදී). හතරැස් කොටුවෙන් තාරකා දොරටුවට ඇතුල් වෙන "විශ්වාත්‍රයේ තීර්ත යාත්‍රිකයා" හතරැස් කොටුව හරහා දේවතා කොටුවට වෝටෙක්ස් මගින් යැවෙන අතර ඉන් පසුව කොත් කැරැල්ල හරහා අපගමනය වී කොත හරහා විශ්වයේ අදාළ ස්ථානයට නාභිගත වෙයි. ඉහත රූපයේ ජර්මානු කණ්ඩායම කොත් කැරැල්ල මනින බව ඔබට පෙනෙනවා නේද? ඔවුන්ට අනුව කොත් කැරැල්ල ඉතාමත් නිවැරදිව පිහිටා තිබෙන නමුත් තවමත් බටහිරයින්ට තාරකා දොරටුවක් නිර්මාණය කිරීමට නොහැකි වී ඇත්තේ ඒ සඳහා අවශ්‍ය වන පාරභෞතික දැනුම (මන්ත්‍ර, තන්ත්‍ර, වේද) නොදන්නා බැවිනි.
රුවන්මැලිසෑයේ තාරකා දොරටුවේ අදාල මිණුම් සිදුකළ ජර්මානු ජාතික පුරාවිද්‍යාඥයින් එහි තිබූ දඹ රනින් හැදූ සෝපානය සහ තවත් එහි තිබූ වටිනා රත්‍රන් භාණ්ඩ ජර්මනියට රැගෙන ගිය අතර ජාචිම් හාන් විසින් එම තාරකා දොරටුවෙන් හතරැස් කොටුවට යාමට තිබූ මග සිමෙන්ති දමා වසා දමන ලදී. ඒ අනුව දැන් එය තුලට මිනිසුන්ට යාමට නොහැකිය. පර සුද්දන් විසින් අපගේ හෙළ තාක්ෂණය සදාකාලිකව යට ගැහුවේ එලෙසටයි.
කෙසේ නමුත් තවමත් පිටසක්වල ජීවීන් අනුරාධපුරයේ සිල් ගන්නා බැතිමතුන්ව වන්දනා කිරීමට රුවන්මැලිසෑයේ තාරකා දොරටුව හරහා පැමිණෙන අතර පුන් පෝ දින වල දේවතා එලි ලෙස හෝ, රැස් විහිදෙන රුවන්මැලිසෑය ලෙසට ජනතාව දකින්නේ එලෙස තාරකා දොරටුවෙන් වෝටෙක්ස් පිටවීමලු.
කරුණාරත්න අබේසේකරයන්ගෙන් හෙළි විය
==============================
1979 දී මුලින් සඳහන් කළ ජර්මානු පුරාවිද්‍යා කණ්ඩායම රුවන්මැලිසැයේ මුදුනේ කැණීම් කරද්දී ප්‍රවීන ගී පද රචක කරුනාරත්න අබේසේකරයන්ද රුවන්මැලිසෑ වන්දනාවක ගොසින් සිට ඇත. ඒ කාලයේ තරුණ වියේ සිටි අබේසේකරයන් අදාල කැණීම දැකීමෙන් කුතුහළයට පත් වී සරම කැසපොට ගසාගෙන හිණිමග දිගේ ඉහළට නගී. ඒ මොහොතෙදි තමයි ජාචිම් හාන් සහ ක්ලාවුස් ග්‍රෝට් දෙපොළට මෙය තාරකා දොරටුවක් බව වටහාගනිමින් සීටි මොහොත. (බලන්න ඉහත එක් රූපයක ඒ දෙදෙනා තාරකා දොරටුව යට කතා කරමින් සිටින හැටි). ඔවුන් එය කළින් දැනගත්තානම් කරුණාරත්න අබේසේකරයන්ට එයට කීයටවත් නැගීමට ඉඩ නොදෙනු ඇත. ඉතින් තාරක දොරටුව හරහා හතරැස් කොටුව ඇතුලට ගිය අබේසේකරයන් එය දැක විස්මයට පත් වුණාලු. නමුත් ඒ මොහොතේදී ජර්මානු කණ්ඩායමේ කිසියම් බලපෑමක් මත ඔහුත් එම රහස ලෝකයෙන් වසං කර රැක ගැනීමට තීරණය කළාලු.
නමුත් දිනක් මේ ගැන කල්පනා කළ අබේසේකරයන් තව දුරටත් හෙළයේ රහස් රැක ගැනීමට නොහැකි බව සිතා පෑනක් සහ කොලයක් ගෙන අදාල සිද්ධිය පද නිරුක්තියක් ඇතිවන ආකාරයට රචනා කළාලු. මතු යම් දිනෙක පද නිරුක්තියේ විශාරදයෙක් විසින් එය මතු කරගන්නා බව ඔහු සිතන්නට ඇත. මෙන්න මේකයි රචනා කළේ.
නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා
වළාකුළෙන් රුවල් දමාලා
බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා
පෙම් ගඟුලේ රැල්ල නගාලා
දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා
සුරංගනා ලෝකෙ සොයාලා
කෙසේ නමුත් මීට නිසි අවසානයක් ලබා දීම සඳහා පහත කොටසුත් ඔහු ලියල තිබෙනව.
සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා
ඔබ නළවමි පවන් සලාලා
පොකුණකට වෙලා මම මල් කැකුලක් වීලා
සුවඳ එවමි සුළගෙ ඔතාලා
එවිට මල සොයා පියඹා එමි රුංගාලා
මම සමණලයෙක් වාගෙ සැරසිලා
සොඳුරු සමනළා එන කල මලට පියඹලා
පිළිගන්නම් පෙති විහිදාලා
මැණික් කැට අරන් පෙරලෙන පහළ ගල ගලා
මම නිල් දිය දහරක් වෙනවා
මමත් ඒ දියේ රන්වන් පාටින් දිලෙනා
මාළුවෙක් වෙලා පීනනවා
මමත් හරි එහෙනම් අල්ල ගන්නවා
මම රිදී දැලක් වාගෙ මැවෙනවා
මමත් ඒ ඔබේ දැලට මැදි වෙලා
පෙම් ගීයක් කියා නටනවා
ඉහත ගීතයක් ආකාරයෙන් කරුණාරත්න අබේසේකරයන් දැක්වූ ඔහු ඇස් දෙනෙක් දුටු දේ, කුණ්ඩලීනී යෝගයේ හෙළනෙක්ති ඥාණය හරහා මා මතුකරගත් පද නිරුක්ති හැකියාව තුළින් මතු කර පෙන්වන්නම්. මුල් පද හයෙන් තමයි රුවන්මැලිසෑ තාරකා දොරටුවේ හෙළ තාක්ෂණය මැනැවින් දැක්වෙන්නේ. වර්ගපූර්ණිකාවේ දැක්වෙන ක්‍රමවේදයන්ට අනුව අපි එකින් එක බලමු.
[[නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා]]
කඩලා, කඩ+ලා , කඩ=කොටස්, ලා=දමා, කොටස් වලට දමා
ඔරුව = යාත්‍රාව
එනම්, රුවන්මැලිසෑ තාරකා දොරටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා.
[[වළාකුළෙන් රුවල් දමාලා]]
වළාකුළ, වළා=වැළැක්වීමේ, කුළ=ගල, වැළැක්වීමේ ගල
රුවල් , රු=රුවන්=රත්තරං, වල්=වලින්, රත්තරං වලින්
එනම්, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා (තාරකා සවාරියේදී ඉන්ධන ලෙස යොදාගෙන ඇත්තේ රත්ත්‍රං ය, අපද්‍රව්‍ය ලෙස පිටවන්නේ යකඩයි, එනිසා මෙමගින් කිසිදු පරිසර දූෂණයක් සිදු නොවේ. රුවන්මැලිසෑ බිමේ යකඩ වැඩි බව පුරාවිද්‍යා සමීක්ෂණ වලින් ඔප්පු වී තිබුණි)
[[බාළොලියා මල් නටුවෙන් හබල් ගසාලා]]
බාළොලියා, බා=පාත් කර, ළො=ළොඹුව=clog=ඇහිරීම, ලියා=ලීවරය
මල්=පුෂ්පකය
නටුවෙන්=වලිගයෙන්=දිගෙති කොටසෙන්
හබල්, හ=අහස, බල්=බලා, අහස බලා
එනම්, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා
[[පෙම් ගඟුලේ රැල්ල නගාලා]]
පෙම්=ප්‍රමය
ග=ගමන්මග, ඟු=ගුල, ලේ=ලේඛනය
රැල්=සුළිය ල=ලකුණුකර
එනම්, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර
[[දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා]]
දේ=දේවතා කොටුව, දුන්නෙන්=දීමෙන්
නැලවීලා=පැද්දෙමින්=කැරකෙමින්
එනම්, දේවතා කොටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් යමු (තාරකා දොරටුවෙන් යන යාත්‍රිකයාව ගමනාන්තය දක්වා භ්‍රමණය වෙයි)
[[සුරංගනා ලෝකෙ සොයාලා]]
සු=සුදුසු, රං=රංවන්, ගනා=ගම නාන්තය
එනම්, සුදුසු රන්වන් ගමනාන්තය සොයා.
දැන් ඉහත නිරුක්ති කළ අරුත වෙනම ගෙන බලමු.
"රුවන්මැලිසෑ තාරකා දොරටුවේ ඇති නෙළුම් මලේ පෙති කොටස් වලට ඇඟිල්ල දමා, අන්තර් තාරකා යාත්‍රාවේ සැකසුම් සදාලා, වැලැක්වීමේ ගල හරහා රත්තරං දමා, ලීවරය පාත් කර අහුරා පුෂ්පකයේ දිගැති කොටසෙන් අහස බලා, ගමනාන්තයට යාමට අවශ්‍ය ප්‍රමය දැක්වෙන ලේඛනය පොත් ගුලෙන් ගෙන ගමන් මග සකසා වෝටෙක්ස් සුළියක් ලකුණුකර, දේවතා කොටුවෙන් වෝටෙක්ස් දීම අනුව ඉන් ඉවත් වී කැරකෙමින් සුදුසු රන්වන් ගමනාන්තය සොයා යමු."
දැන් ඔබට සක්සුදක් සේ පැහැදිළි ඇතැයි සිතමි.
නමුත් හෙළයින්ගේ අභිමානය ගැන කියවෙන සිද්ධියක් පහත ආකාරයෙන් විකෘති කිරීම ගැනනම් අප බෙහෙවින් කණගාටු විය යුතුය. මෙවන් දෑ දැක දැකම හෙළයින් නිදාගෙන සිටින හැටි.
විද්වත් මත
=======
විද්වත් මත අනුව එම නෙළුම් මලේ සිතියම සටහන් කර ඇත්තේ දොරකය. එනම් මෙම ගල විවෘත කළ හැකි තත්වයක අතීතයේ තිබී ඇත.මෙම දොරටුව විවෘත වූ විට එහි ඇතුළත ඇත්තේ කුමක් විය හැකි ද? මෙයටද මත කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒ අතරිනුත් ප්‍රසිද්ධ මත 2කි.
1. වෙනත් චක්‍රාවාටයක ඇති වෙනත් සෞරග්‍රහ මණ්ඩලයක ඇති ,වෙනත් ග්‍රහලොවකට ඇතුල් විය හැක.
2. වෙනත් සමකාලීන ශිෂ්ටාචාරයකට ඇතුල් විය හැක (මෙම තාරකා දොරටුවෙන් ගොස්, එම ශිෂ්ටාචාරයේ තාරකා දොරටුවෙන් මතු වීමෙන්)
1 වන කරුණ සත්‍යක් නම් :-
තාරකා දොරටුව යනු එක් ග්‍රහලොවක සිට තවත් ග්‍රහ ලොවකට ඇසිල්ලකින් පිවිසිය හැකි මාධ්‍යයකි.එය සිදු වන්නේ ඇසි පිය ගසන වේගයකිනි. පියවි ඇසට ගෝචර නොවේ.තාරකා දොරටුවෙන් මෙපිට තව ලෝකයකි.එපිට තවත් ලෝකයකි.මෙපිට සිට එපිටට පනින ඇසිල්ලෙන් අලුත් ලෝකයකට පිවිසිය හැක.ඇතැම් විට එම ග්‍රහ ලෝක වලද මෙවැනිම දොරටු තිබිය හැක.ඔවුන් මෙපිටට පැමිණ අපට දැවැන්ත තාක්ෂණයක් ලබා දෙන්නට ඇත.මිසර ශිෂ්ටාචාරයේ දැවැන්ත පිරමීඩ් එසේ මෙසේ මිනිසෙකුට ඉදි කළ නොහැක.එමෙන්ම මිසර පිරමීඩ් වල ඇති පිටසක්වල ජීවින්ගේ හා හදුනා නොගත් පියාසර වස්තු වල සිතුවම් නිසාද මෙම මතය වඩාත් කැපී පෙනේ.
2 වන කරුණ සත්‍යක් නම්:
මහා රාවනා ඇතුලු සමකාලීන ශිෂ්ටාචාර වල රජවරු මෙම තාරකා දොරටු භාවිතා කරමින්,ඒ ඒ සභ්‍යත්වයන් කරා ගොස්, ඔවුන් සමග මිත්‍ර සබදතා ගොඩ නගමින්,ඔවුන් සමග දැනුම බෙදා හදා ගෙන ඇත.
උදා ;- අහසින් පැමිණි සින්හ මිනිසුන් - බැබිලෝනියන් මැටි පුවරු {සීගිරිය පිළිබද ඇති සටහන කියවන්න}
කෙසේ හෝ මෙම මත පිළිගැනීම සහ පිළිනොගැනීම ඔබට භාරයි.
"Star Gates" ගැන සුද්දන් කොතරක් කෙකර ගෑවත් වඩාත්ම වැදගත් දේනම් "Star Gates", සුද්දන් හැදූ බවට කොහිවත් සෙල් ලිපි නොතිබීමය. එනිසා සෙල් ලිපි නොමැති බැවින් ඒවා සුද්දන්ගේ නිර්මාණ බව කිව නොහැකියි. නමුත් ශ්‍රී ලංකාවේ හැම තැනම අපගේ තාරක දොරටු තාක්ෂණය ගැන උදාහරණ පමණක් නොව සෙල් ලිපි පවා තිබෙයි. ඒ සෙල් ලිපි නුදුරදීම හෙළිදරව් කරන්නෙමු.
“ලෝකයට ශිෂ්ටාචාරය බෙදා දුන්නේ හෙළයින් විසින් බව මීට වසර 15 කට ප්‍රථමයෙන් (1997) අරීසෙන් අහුබුදු සූරීන් කියන විට “මෙම ලියුම්කරුද” ඊට සිනාසුනි. අපගේ මොල හැඩ ගස්වා ඇත්තේ එපරිද්දෙනි. නමුත් බටහිර ලෝකය විසින් දැනට සොයාගෙන ඇති තොරතුරු අනූව ඔහුගේ අදහස නිවැරදිය."