බදු_ඉවතට

aspak_casper

Member
Jan 28, 2016
710
70
0
මහපාරේ
ඕන්න ආණ්ඩු, බලාගනියවු ගූ ඇන් පී කාරයිනි, ඔහොමයි මහින්ද මහත්තය ආණ්ඩු කරවන්නෙ... :yes::yes:

''බිස්නස් හරි යන්ඩ නම් මහින්ද මහත්තයගෙ ආණ්ඩුවක් අත්යවශ්යයි.'' :cool::cool:


අනේ පල පොන්නයෝ යන්න... මහින්ද 2015 වෙනකන් ආණ්ඩු කරා. තොට අමතක උනාට අපිට මතකයි.... උසාවියෙන් කියලත් තෙල් අඩු නොකරපු පොන්නයා දැන් එනවා අපිට කියන්න... 113 නැතිව රෙවිලා ඉන්නේ... පවු පිංපි අගමැති....
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වහාම ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 145 දක්වාද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 116 දක්වාද පහත දමා ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කළා.මීට අමතරව ජනතාව වෙත ලැබෙන සහන මල්ල පිලිබඳ නිකුත් කෙරුණු නිවේදනය පහතින්.ආර්ථිකය සවිගැන්වීම සඳහා වන වැඩපිළිවෙල පසුගිය වසර 3ක කාලය තුල අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුලින් පිළිබිඔු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි අතිගරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත.මෙම තත්වය උද්ගතවූයේ රටේ පවතින තත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්ත වලට අහිතකර වූ පෙර පැවති රජයේ ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙසින් බව ගරු අග්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.රට පුරා ඉතා හිතකර කාලගූණ තත්වයක් සමග 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සදහා ප්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක්‍රම උපරිම ධාරිතාවයට ලඟා වීම තුලින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.
    මෙය කෘෂි නිෂ්පාදන තුලින් උපරිම ප්‍රතිලාභ ලබාගැනීම සදහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයිි.ඒ සමගම අධික ජීවන වියදම මගින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත. මෙම පසුබිම තුළ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සදහා පහත සදහන් මූලාරම්භයන් ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

    1. දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දල පරිප්පු සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග්‍රෑමයකට රු. 5 කින්ද, උදු සඳහා කිලෝග්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද අදාල කෙරෙන අතර එය කිලොග්‍රෑමයකට රු.10 කින් අඩු කෙරේ. ඒ අනුව අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිල වහාම අඩු කෙරේ.

    2. විශේෂයෙන් ප්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට්‍රල් (ඔක්ටේන් 92 ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත්‍ර සඳහා යොදා ගැනෙන 2 ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල් 10 කින්ද අද මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරේ. ඒ සමගම ඉන්ධන මිළ ගණන් තීරණය කිරීම සඳහා මාසික ඉන්ධන මිල සූත්‍රය වෙනුවට පිරිවැය මත පදනම්වූ ප්‍රායෝගික මිළ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කෙරේ.

    3. දේශීය ගොවීන් විසින් නිෂ්පාදනය කරන වී, ළුෑණු සහ අල සඳහා සහතික මිළ ක්‍රම වේදයක් හඳුන්වා දේ. ඒ අනුව වාසිදායක සහතික මිලක් හරහා දේශීය ගොවීන් ආරක්ෂා කිරීමට අස්වනු නෙලන සමයේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහල නංවනු ඇත. ලොකුළුෑණු සහ අල අස්වැන්න වෙළෙඳපොලට ලැබෙමින් පවතින බැවින් ඒ මත අයවන විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද කිලෝග්‍රෑමයකට රු. 40ක් ලෙස පවත්වාගෙන යනු ලැබේ.

    4. පැවති අයහපත් කාළගුණික තත්වයන් හමුවේ ගොවීන්ට සහ කුඩා වී මෝල් හිමියන්ට තම ජිවිකා වෘත්තිය කරගෙනයාමට නොහැකි වීමෙන් විශාල වශයෙන් ණය වීමට සිදුවු අතර පසුගිය වසර 03ක කාලය තුල වාණිජ බැංකු මගින් ලබාදුන් රුපියල් මිලියන 50ක උපරිමයක් දක්වා වන ණය මුදලක් සඳහා වූ පොළී සහ දඩ මුදල් සම්පූර්ණයෙන්ම කපා හැරෙන අතර එම පිරිවැය රජය විසින් දරනු ඇත.

    5. සමෘද්ධි ප්‍රතිිලාභීන්ට සමෘද්ධි බැංකු මඟින් එදිනෙදා කටයුතු සඳහා දෙනු ලබන ණය අත්තිකාරම් උපරිම සීමාව රුපියල් 10,000කින් වැඩි කෙරේ.

    6. වී වගාව සදහා දෙනු ලබන කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක මිල රුපියල් 500ක් ලෙස පවත්වා ගෙන යන අතර අනෙකුත් භෝග සදහා කිලෝග්‍රෑම් 50ක පොහොර බෑගයක සහන මිල රුපියල් 1,500 යේ සිට රුපියල් 1,000 දක්වා අඩු කෙරේ.:yes::yes::yes:

    7. 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ් කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    8 මේවනවිට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල වන්නේ සමාගම් සඳහා පමණි. මෙම අනුපාතය වෘත්තීය සේවා සපයන්නන්ද ඇතුළුව සියළු තැනැත්තන්ට අදාල කෙරේ. ඒ අනුව වෘත්තීය සේවා සදහා වන උපරිම බදු අනුපාතය 24% සිට 14%දක්වා අඩු කෙරේ.

    9 මූල්‍ය ආයතනයක පවත්වාගෙන යන ඉතිරිකිරීම් සහ ස්ථාවර තැන්පතු මත ලැබෙන පොළිය රඳවා ගැනීමේ බදු වලින් නිදහස් කෙරේ.

    10 ශ්‍රී ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට ප්‍රේෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් ප්‍රේෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    11 එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු සරල කිරීම මගින් අධික ලෙස පනවා ඇති වක්‍ර බදු නිසා ජනතාවට ඇතිවී ඇති පීඩනය සමනය කෙරේ. වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාව වර්ෂයකට රු. මිලියන 12 සිට රු. මිලියන 24 දක්වා වැඩි කෙරේ.

    12 කුඩා පරිමාණ වෙළඳ ව්‍යාපාරිකයින් සදහා සහන සලසාලමින් තොග සහ සිල්ලර වෙළෙඳ අංශය වැට් බද්දට යටත් වීමට අවශ්‍ය සැපයුම් සීමාවද වර්ෂයකට රු. මිලියන 50 සිට රු. මිලියන 100 දක්වා වැඩි කෙරේ.

    13 දේශීය ඉදිකිරීම් කර්මාන්තයට සහාය වීම සඳහා ඉරූ දැව ආනයනය මත වැට් බදු අනුපාතය 15% සිට 5% දක්වා අඩු කෙරේ.

    14 සුළු හා මධ්‍යපරිමාණ ඇඟළුම් නිෂ්පාදකයින්ට ප්‍රතිලාභ ලබාදීම සදහා ආනයනික රෙදිපිළි මත වැට් බද්ද ඉවත් කෙරේ.

    15 දුරකථන සේවාවන් සඳහා පනවා ඇති ඉහළ බදු සැලකිල්ලට ගෙන 25%ක් වන විදුලි සංදේශ බද්ද 15% දක්වා අඩු කෙරේ.මෙම මූලාරම්භයන්ගේ මූලික පරමාර්ථය නිෂ්පාදන දිරිගැන්වීම සහ බදු ක්‍රමය සරළ කිරීම වේ. එය නිසැකවම අමතර ආදායමක් ඉතිරි කරමින් ගෘහස්ථ ආර්ථිකයට සහයක් වනු ඇත.බදු ක්‍රමය සදහා යෝජිත සංශෝධන මගින් මෙරටට කෙරෙන ප්‍රේෂණ සහ ඉතිරිකිරීම් දිරිගැන්වෙනු ඇත.තවද, අඩු අමාත්‍යාංශ සංඛ්‍යාවක් තුල කැබිනට් අමාත්‍යධූර අඩු කිරීමෙන් සහ ප්‍රාග්ධන වියදම් ව්‍යාපෘති යළි සුපරීක්ෂණය මගින් රජයේ වියදම් අඩු කිරීමට අපේක්ෂා කෙරේ.ඒ අනුව 2018 වර්ෂය සදහා ඉලක්ක කරන ලද ද.දේ.නිගයෙන් 1.8%ක ප්‍රාථමික අතිරික්තයක් සහ අයවැය හිඟය ද.දේ.නි.යෙන් 4.9% කට ආසන්න අගයක පවත්වාගෙන යමින් ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීම සඳහා රාජ්‍ය මුල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ලඟාකර ගතහැකි බව රජයේ දැඩි විශ්වාසයයි.මේ අතරම දැඩි අවශ්‍යතාවයක් වන විනිමය අනුපාත ස්ථාවරව පවත්වාගැනීම සඳහා මෙන්ම විදේශ වෙළඳාම සහ විදේශ වෙළඳ ගනුදෙනු තවදුරටත් ඒකාග්‍ර කිරීම සදහා ගතහැකි ක්‍රියාමාර්ග ද සලකා බලමින් පවති.

    අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුුතු අමාත්‍යතුමා විසින් ඉහත ප්‍රතිපත්තිමය කරුණු ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබාදී ඇත. ඒ අනුව ඉහත කී බදු සංශෝධන යෝජනා වලට අදාල ගැසට් නිවේදන අද දින නිකුත් කර ඇති අතර, අවශ්‍ය බදු නීති සංශෝධනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂිතය.මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubalata wage eka ekade passe yanna one ne apita apita ona tarama salli ena vidi tiyanwa ubalta tama sada desapalakayan saranan gachami kiyala unta wahal kan karanne ane uba sada wahal sewayata kapa una un kisima hakiyawak ne nikanma nikan nikamu wage anungen yapenna inna whallu nikan denawa nam ona kunugodak hodai kiyana daha jara minussu

    අනේද කියන්නෙ, සුජීවයත් කියුවෙ ඔහොමමයි.. කතාව නම් අස්සයගෙ පිටේ ස්කෝලෙ ගිය විදිහට ඒත් කරන්නෙ පජාත වැඩ..ගූ කොතේ කක්කුස්සි හෝදන උබල වගේ නෙමේ අනිත් උන්..
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    45182258_2485939611434446_8881572762708082688_n.jpg
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ. :love:

    Meka nm hamadama adayam badden nidahas karala tibbe.
     

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    පඩි වැඩි කරත් , බදු අඩු කරත් එකෙන් ආණ්ඩුවට වෙන පාඩුව ආයෙත් පියවන්න වෙන්නේ මිනිස්සුන්ටම තමයි.
    :D:D:D:yes::yes::yes:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,197
    18,806
    113
    අදාල නෑනේ
    ශී‍්‍ර ලංකාවෙන් පිටතට සපයන සේවාවන් මත විදේශ ව්‍යවහාර මුදලින් කරන ඉපයීම් මෙරටට පේ‍්‍රෂණය කිරීම දිරිගැන්වීම සදහා දේශීය ව්‍යවසායකයන් වෘත්තිකයන් සහ පිටරට සේවය කරන තැනැත්තන් විසින් පේ‍්‍රෂණය කරන මුදල් ආදායම් බද්දෙන් නිදහස් කෙරේ.

    මේකනම් පට්ටා.. පව් නැහැ මහින්දට මේක ඇත්තක් නම්.. මංගල වේසිගෙ පුතා හිකුවා සල්ලි වලට.

    ekiyanne online money hoyana unta income tax nedda?

    Meka nm hamadama adayam badden nidahas karala tibbe.


    :yes::yes:
     

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    අගමැති කාර්යාලයේ දුරකථන භාවිතයට සීමා
    (බිඟුන් මේනක ගමගේ)

    ආරක්ෂක හේතුන් මත අග්‍රාමාත්‍ය කාර්යාලයේ ශ්‍රීමතීපාය ගොඩනැගිල්ල ඇතුළත පරිශ්‍රයේ අවසරයකින් තොරව දුරකථන භාවිතයෙන් වළකින්නැයි එහි සියලුම නිලධාරින්ට අද දැනුම් දී ඇත.

    අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම් (පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතාගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයක් මගින් මෙම දැනුම් දීම කර තිබේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී අතිරේක ලේකම්(පාලන හා සංවර්ධන) ඒ.එච් සුනිල් ගුණවර්ධන මහතා පැවසුවේ මැති ඇමැතිවරුන් ඇතුලු ප්‍රභූන් රැස්වීම් පවත්වන ස්ථානවල අනවශ්‍ය ලෙස දුරකථන භාවිතයෙන් මතුවන ගැටලු හේතුවෙන් මෙම දැනුම් දීම කළ බවය.

    කෙටි කලෙකට පමණක් මෙම තත්ත්වය ක්‍රියාත්මක වන බවත් හුදෙක්ම එය ආයතනයේ විනය පවත්වාගැනීමේ අදහසින් කළ ඉල්ලීමක් බවත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    http://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92-%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A-%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1--%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7-%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F/1-539643
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි.:confused:

    මේකෙන් රජයේ බදු ආදායම අඩුවෙනවනේ?


    වියදම වැඩිවෙනවනේ

    එතකොට අයවැය හිඟය තවත් වැඩිවෙනවනේ?

    ඒක පියවන්ඩ ආයෙත් ණය ගන්නවනේ?

    එහෙම වුනාම ඩොලර් එක තවත් නගිනවනේ

    කෝ මේවට උත්තර?

    කොහොමද ආණ්ඩුව අයවැය පියවන්ඩ කරන යෝජනා?

    අපනයන වැඩිකරන්ඩ මොනවද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග?
    (කෙටිකාලීන සහ දිගුකාලීන )

    මෙච්චර අවුරුදු 18ක් තිස්සේ කරන්ඩ බැරිවෙච්ච දේ කොහොමද එක පාර මේ රාජ්‍ය සේවය එක්ක අපනයන ආදායම වැඩිකරන්නේ?

    මේවා ඔක්කොම චන්ද ගුණ්ඩුනේ.අන්තිමට මේවා අපිටම තමයි ගෙවන්ඩ වෙන්නේ.ටිපිකල් දේශපාලනය.ෆක්ස් තමා ඉතින්.අපේ රටේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නෑ ඕවා.හිතන්නේ මූණු මාරුකලාම ඔක්කොම හරි කියලා.

    දැන් ඉතින් මට අමුකුණුහරපෙන් බැනලා එවපිය මයිනස් රෙප්:rofl:
     
    • Like
    Reactions: reddit

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඊළඟ ඡන්ද ගුණ්ඩුව රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම.1000-2000ක් අතරේ නම් කමක් නෑ.නැත්තන් වෙන්නේ විනාසයක්.:baffled:
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එහෙම එකක් නැ අයෝජකයො ආව නම් ඔය මොකුත් අවශ්ය නැ... :cool::cool: ඒකෙ සුබ ලකුණු ශෙයා මාර්කට් එකෙන් පෙන්නුම් කරනව..

    ඒක ආර්ටිෆිෂල් බබල් එකක් බන්. ඕවට රැවටෙන්ඩ එපා.:angry:
     

    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    දැන් මට තියෙන ප්‍රශ්නේ මේකයි.:confused:

    මේකෙන් රජයේ බදු ආදායම අඩුවෙනවනේ?


    වියදම වැඩිවෙනවනේ

    එතකොට අයවැය හිඟය තවත් වැඩිවෙනවනේ?

    ඒක පියවන්ඩ ආයෙත් ණය ගන්නවනේ?

    එහෙම වුනාම ඩොලර් එක තවත් නගිනවනේ

    කෝ මේවට උත්තර?

    කොහොමද ආණ්ඩුව අයවැය පියවන්ඩ කරන යෝජනා?

    අපනයන වැඩිකරන්ඩ මොනවද ආණ්ඩුවේ ක්‍රියාමාර්ග?
    (කෙටිකාලීන සහ දිගුකාලීන )

    මෙච්චර අවුරුදු 18ක් තිස්සේ කරන්ඩ බැරිවෙච්ච දේ කොහොමද එක පාර මේ රාජ්‍ය සේවය එක්ක අපනයන ආදායම වැඩිකරන්නේ?

    මේවා ඔක්කොම චන්ද ගුණ්ඩුනේ.අන්තිමට මේවා අපිටම තමයි ගෙවන්ඩ වෙන්නේ.ටිපිකල් දේශපාලනය.ෆක්ස් තමා ඉතින්.අපේ රටේ මිනිස්සු කවදාවත් තේරුම් ගන්නේ නෑ ඕවා.හිතන්නේ මූණු මාරුකලාම ඔක්කොම හරි කියලා.

    දැන් ඉතින් මට අමුකුණුහරපෙන් බැනලා එවපිය මයිනස් රෙප්:rofl:



    පසුගිය වසර 3ක කාලය තුළ අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුළින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත.

    මෙම තත්ත්වය උද්ගතවූයේ රටේ පවතින තත්ත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්තවලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක් ලෙසින් බව අග‍්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.

    රට පුරා ඉතා හිතකර කාලගූණ තත්ත්වයක් සමඟ 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සඳහා ප‍්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක‍්‍රම උපරිම ධාරිතාවයට ළඟා වීම තුළින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.

    මෙය කෘෂි නිෂ්පාදන තුළින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයි.

    ඒ සමඟම අධික ජීවන වියදම මඟින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත.

    මෙම පසුබිම තුළ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා පහත සඳහන් මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.
     
    • Like
    Reactions: Silly point

    aspak_casper

    Member
    Jan 28, 2016
    710
    70
    0
    මහපාරේ
    පසුගිය වසර 3ක කාලය තුළ අඩු වර්ධන වේගය සහ ඉහළ යන ජීවන වියදම තුළින් පිළිබිඹු වූ පරිදි ආර්ථිකයේ දැඩි බිඳ වැටීම කෙරෙහි ජනාධිපතිතුමාගේ සහ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගේ අවධානය යොමු වී ඇත.

    මෙම තත්ත්වය උද්ගතවූයේ රටේ පවතින තත්ත්වයන්ට නොගැලපෙන්නා වූ සහ දේශීය ව්‍යවසායකයන් සහ කර්මාන්තවලට අහිතකර වූ පෙර පැවති රජයේ ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිඵලයක් ලෙසින් බව අග‍්‍රාමාත්‍යතුමාගේ විශ්වාසයයි.

    රට පුරා ඉතා හිතකර කාලගූණ තත්ත්වයක් සමඟ 2018/19 මහ කන්නය ආරම්භ වී ඇති අතර, ජල විදුලි බල උත්පාදනය, පානීය ජල සැපයුම සහ වගාවන් සඳහා ප‍්‍රමාණවත් වන පරිදි ජලාශ සහ වාරිමාර්ග ක‍්‍රම උපරිම ධාරිතාවයට ළඟා වීම තුළින් නව ජවයකින් යුතුව ආර්ථිකය ගොඩනැගීමට අවස්ථාව උදා වී ඇත.

    මෙය කෘෂි නිෂ්පාදන තුළින් උපරිම ප‍්‍රතිලාභ ලබාගැනීම සඳහා රට සූදානම් කිරීමට මෙය සුදුසුම අවස්ථාව බව රජයේ විශ්වාසයයි.

    ඒ සමඟම අධික ජීවන වියදම මඟින් පාරිභෝගිකයා මත විශාල බරක් පැටවී ඇත.

    මෙම පසුබිම තුළ අග‍්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා විසින් ආර්ථිකය සවිගැන්වීම සඳහා පහත සඳහන් මූලාරම්භයන් ක‍්‍රියාත්මක කිරීමට උපදෙස් දී ඇත.

    පිංපි අගමැතිගෙද?:lol: