ප්‍රමාණ සමික්ෂක පාඨමාලා
ප්‍රමාණ සමික්ෂක පාඨමාලා
එළකිරියේ දැන් සැහෙන කාලයක් ඉලදා එලකිරියෙන් ගොඩක් දේවල් අරන් තිබ්බත් ආපහු දෙයක් දෙන්න බැරි උනා. ඔන්න අද දෙන්නයි යන්නේ.
මම මේ ලියන්නේ විශ්වවිද්‍යාලේ ගිහින් pass out වෙලා QS කෙනෙක් වෙන විදිය ගැන නෙමේ. මොකද උන් out වෙන්නෙම හොද දැනුමක් අරන් තමන්ගේ path එක හදාගෙන. මේ ලිපිය වැදගත් වෙන්නේ AL ඇනගෙන ගෙදරට වෙලා මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්න උන්ට සහ QS කරන්න ඉන්න උන්ට. මොකද සමහර උන් කරන්නන් වාලේ QS කලාට සමහර උන්ට මේ ෆීල්ඩ් එක දිරවන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් කරලා චරු චුරු ගගා අධ අධා ජොබ් කිරිල්ලක් තියෙන්නේ.
ඉතින් මේ දේවල් සේරම අකා මකා වෙලා යන්න තමා එළකිරි එකේ මේ ත්‍රෙඩ් එක දාන්නේ. QS කරන්න ඉන්න නංගිලාට මල්ලිලාට වැදගත් වෙයි කියලා හිතලා. ඉතින් මම මේ ත්‍රෙඩ් එක හැමෝටම තේරෙන විදියට සරලව ලියන්නම්. ෆීල්ඩ් එක ගැන දැනටමත් දන්න කෙනෙක්ට ජෝක් එකක් වගේ නම් නොබලා ඉන්න.
QS කියන්නේ මොකද්ද, මොනවද කරන්න තියෙන්නේ.
ගොඩක් අය දන්නේ ඇස්තමේන්තු හදන එක තමා QS කරන්නේ කියලා. නමුත් වැඩ නම් ගොඩක් තියනවා. මම පොඩ්ඩක් විස්තරයක් දැන්නම් කරන්න තියන වැඩ වල.
ඉතින් කොන්ත්‍රාත් කරුගේ පැත්තෙන් ජොබ් එක කරනවා නම්,
01. මුලින්ම ඉතින් training යන කාලේ ගොඩක් අයට කරන්න වෙන්නේ කොන්ත්‍රාත් වැඩ කරන අයගේ බිල් හදන එක. කරපු අදාල වැඩ මැනලා බිල් එක හදන එක තමා කරන්න තියෙන්නේ.
02. කොන්ත්‍රාත් සමාගම විසින් client ට දෙන බිල් එක දාන්න ඕනේ. මේකෙදිත් වැඩබිමේ සම්පුර්ණ කරන ලද වැඩ සියල්ල මැනලා සහතික කරගන්න වෙනවා.
03. BOQ එකට පිටින් කරන්න වෙන වැඩ වලට අදාළ පිරිවැය ගණනය කරලා අලුත් වැඩක් විදියට අලුත් රේට් එකක් දීලා අනුමත කරගන්න ඕනේ.
04. ඒ වගේම project එකේ cost එක track කරන්න ඕනේ. වියදම වැඩිද ලාබ පාඩු මොන වැඩද කියලා බලන්න ඕනේ.
05. මේ අතරේ වැඩබිමේ ඉස්සරහ වැඩ වලට අවශ්‍ය කරන material වල ප්‍රමාන කලින් හදලා දෙන්න ඕනේ.
06. ඉස්සරහට වැඩ කරන්න කොච්චර මුදලක් අවශ්‍ය වෙනවද වගේ forcast වැඩ කරන්න ඕනේ
07. කොන්ත්‍රාත් සමාගම දාන අලුත් ටෙන්ඩර් වලට price කරන්න ඕනේ.
ඉතින් මේ වැඩ ටිකක්, මෙත් එක්ක බැදුන තව වැඩ ගොඩාක් තියනවා. සමහර විට මේවා සේරම හෝ මේවගෙන් කොටසක් කරන්න වෙනවා.
Consultant පැත්තෙ ජොබ් කරනවා නම්,
01. කොන්ත්‍රාත් කරු දෙන බිල් පත අදාළ වැඩ කොටස තහවුරු කරලා අදාළ ගාස්තුව ගෙවීමට සහතික කරන්න වෙනවා.
02. BOQ එකක් පිටින් කරන වැඩ සදහා කොන්ත්‍රාත් කරු විසින් දෙන අලුත් රේට් එක සාදාරණ ගණනකට අනුමත කරන්න තියනවා,
03. ටෙන්ඩර් ලියකියවිලි BOQ හදන්න, සහ ඒ අදාළ වැඩ කටයතු තියනවා.
04. සමහර වෙලාවට විවිධ හේතු නිසා material ප්‍රමාන සහතික කරන්න තියනවා,
ඉතින් මේ මුලිකම වැඩ ටිකක් විතරයි. මිට අමතරව තව වැඩ තියනවා. QS කියන්නේ මොකද්ද කියලවත් දන්නේ නැති කෙනෙක්ට මේ විදියට කියපුවාම තේරුම් යන්න ඇති කියලා හිතනවා.
QS කරන්න හොද කොහෙද ?
තාක්ෂණ විද්‍යාල වල නොමිලේ ම QS කරන්න පුළුවන්. මිට අමතරව ප්‍රයිවට් කැම්පස් එකක ඩිප්ලෝමා හෝ උපාදි කරන්න පුළුවන්. ඉතින් මම මේ ගැන වැඩිය කතා කරන්න යන්නේ නැ නිකන් advertising වගේ වෙන හින්දා. මම අනුමත කරන්නම් තාක්ෂණ විද්‍යාල හෝ රත්මලාන University of Vocational Technology එක. විස්තර ඕනේ අය ඉන්නවා නම් PM එකක් දාන්න.
හරි ඔන්න පුති තාක්ෂණ විද්‍යාල වල 2019 ට සිසුන් බදවා ගැනීමට ගැසට් දාලයි තියෙන්නේ.
https://archives.dailynews.lk/2001/pix/GazetteS18-11-02.pdf
හරි ඔය ලින්ක් එකෙන් ගිහින් ගැසට් එක බලන්න පුළුවන්. ලගම තියන තාක්ෂණ විද්‍යාලට ගිහින් අදාළ පාඨමාලා වලට අදාළ විස්තර ගන්නත් පුළුවන්.
Salary සහ දීමනා,
මුලින්ම ඉතින් training මාස 6ක් කට්ට කන්න වෙනවා. සමහර ආයතන දීමනාවක් දෙනවා training කාලේ, සමහර ඒවා නම් එහෙම දෙන්නෙත් නැහැ, තව සමහර ඒවා හොදට දෙනවා ඒ වගේම හොදට වැඩ ගන්නවා.
QS කරන අයගේ salary එක ඒ ඒ කෙනාගේ හැකියාව සහ දක්ෂතාවය මත වෙනස් වෙනවා. ඉතින් තාක්ෂණ විද්‍යාලයේ පාඨමාලාව විතරක් කරලා අවරුදු 5 ක් වැඩ පළපුරුද්ද තියන ඉලක්කම් 6ක salary ගන්න, මම දන්න අය ඉන්නවා.
ඉතින් මුලින්ම කියන්න තියෙන්නේ site එකක වගේ වැඩ කරද්දී නිදහස කියන එකනම් ගොඩක් සිමා සහිත දෙයක්. නිවාඩු ගන්න කරදරයි. සෙනසුරාදා සහ ඉරිදා පෝය වැඩ කරන්න වෙනවා. මාසෙට නිවාඩු 4 ක් හෝ 5ක් තියෙයි. එක තමන්ට වැඩ අඩු දවසක ගන්න පුළුවන් වෙයි. අනිත් එක අනිවාර්යෙන්ම අතිකාල කරන්න වෙනවා. ගෙව්වත් නොගෙව්වත්. මොකද කරන්න වැඩ ගොඩක් තියනවා.
ඔෆිස් එකක හරි කන්සල්ටන් ගාව හරි ජොබ් එකක නම් නොර්මල් විදියටම නිවාඩු ගන්න පුළුවන්.
ඉතින් මේ දේ ගැන මුලින්ම දැනගෙන ඉන්න. හැබැයි ඉතින් luck එක තමා පට්ට අයිස් පිට ඉන්න සෙට් වෙන QS ජොබ් තියනවා. හැබැයි මුලින්ම එහෙම එකකට ගියොත් ඉගෙන ගන්න දෙයක් නැති වෙනවා. එක නිසා මුලින් ඒ වගේ ජොබ් එකක ඉන්න එපා සෙට් උනත්.
වැඩිදුර විස්තර ,
01. මුලින්ම මිනිහෙක් එක්ක හොදට කතා කරන්න දැන ගන්න ඕනේ. මිනිස්සු එක්ක වැඩ වලට ගණන් කතා කරගන්න, ගණන් වලට කැමති කර ගන්න කතා කරන්න වෙනවා. අනිත් එක වැඩට ඉන්නේ දුප්පත් අහිංසක මිනිස්සු, පොෂ් පීපල් මේවගේ වැඩට එන්නේ නැනේ, උදේට ඒ මිනිහෙක් දැක්කම හිනා වෙලා කතා කරන්න පුළුවන් වෙන්න ඕනේ. කැ ගහගත්ත ගමන් ඉන්න යන්න එපා.
02. පොඩ්ඩක් computer literacy තියෙන්න ඕනේ. MS Office , Autocad , Revit , MS Project වගේ දේවල් ඉගෙන ගන්න වෙනවා. ඊට අමතරව තව දේවල් තියනවා.
03. දුවලා පැනලා වැඩ කරන්න වෙනවා.
04. උඩවල් වල නගින්න දුවිලි වදින්න ගාගන්න වෙනවා.
05.Site වල නම් එකක් ඉවර උනාම වෙන එකක, එක තැනක ඉදන් ජොබ් කරන්න වෙන්නේ නැහැ, එහෙම නම් ඔෆිස් එකකට පැන ගන්න වෙනවා
06.අනික site වල ඔෆිස් හදන්නේ තාවකාලිකව. හොදට හදන්නේ නැහැ ගොඩක් කම්පැනි වල. ප්ලයිවුඩ් ගහල ටකරම් ගහලා නිකන් ඔහේ හදලා දානවා, ඉතින් වැස්සට තෙමෙනවා වතුර ගලනවා සමහර ඒවාට. ඉතින් ඔය වගේ දේවල් වලට සසර කලකිරව ගන්නේ නැතිව, තරහ ගන්න නැතිව ඉන්න පුලුවන් කම තියෙන්න ඕනේ
07.අනික තමා ඉන්න බෝඩිම් එහෙම, හොද ඒවම සෙට් වෙන්නේ නැහැ, කඩෙන් කන්න ඕනේ. මේ දේවල් ගැන හිතන්න ඕනේ salary එහෙම කතා කරගද්දී
ඉතින් salary එක ගැන හිතලා ප්‍රශ්න ඔක්කොම අමතක කරලා දාන්නත් පුළුවන්. අනික ආතල් නැත්තෙමත් නැහැ. මම මේ දේවල් ගැන කියන්න යන්නේ නැහැ. මොකද ආතල් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙන නිසා.
මම හිතනවා මම මේ ලියන දේ නිසා අපේ කොල්ලෝ කෙල්ලෝ කීප දෙනෙක් හරි ජිවිතේ ගොඩ දාගෙන ලස්සනට ජිවත් වෙයි කියලා.
එහෙනම් හැමෝටම ජය !

Last edited: