ගොඩක් අය ලැප්ටොප් එකක් මිලදී ගන්න ගියාම මුහුණ පාන ප්‍රධාන ගැටලුවක් තමයි තමන්ගෙ අවශ්‍යතාවන්ට හා අතේ තියෙන මුදලට සරිලන ලැප්ටොප් යන්ත්‍රයක් ගලපා ගැනීමට නොහැකිවීම .ඒ වගේ ප්‍රශ්නවලට උදවු ඉල්ලල වැටෙන පෝස්ට් වලිනුත් මේ group එකට අඩුවකුත් නෑ ..ඉතින් මේ පෝස්ට් එක දාන්නෙ එහෙම අය වෙනුවෙන් .
ප්‍රධාන වශයෙන් ලැප්ටොප් වර්ග කාණ්ඩ තුනකට බෙදෙනව . ඒ , 1. LOW END (budget) 2. MID END (normal) 3. HIGH END (expensive) යනාදි ලෙසයි .. ගැනුම්කරුවගේ අවශ්‍යතාවන් අනුව ඉහත කාණ්ඩ වලින් මිලදී එනීම් තීරණය වෙනව . මේකත් කියන්න ඕනි .මම මෙතන laptop brands ගැනනම් සඳහන් කරන්න හෝ ඒව සසදන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ .මොකද අපේ FACE BOOK එකේ ඉන්නව සිලිකන් වැලි වල ඉන්න ඉලෙක්ට්‍රොනික් ඉන්ජිනියර්ස්ලටත් වඩා දැනුමෙන් පොහොසත් පශ්චාත් උපාධි පහ හය තියෙන ඔක්ස්තාර්ල සෙට් එකක් .ඒ අය මෙතනට ආවොත් මට දුවන්න පාර මදි වේවි ..
LOW END-
ලෝ එන්ඩ් " , එහෙම නැතිනම් බජට් ලැප්ටොප් කියන්නෙ ඉතා සීමිත භාවිතයකට නිශ්පාදන කරන ලද ලැප්ටොප්ස් වලට . intel celaron හෝ core i 3 processor එකක් , 4GB රැම් එකක් , HD LCD display එකක් හා 320GB හෝ 500GB දෘඪ තැටියක් සමඟ මේ වගේ ලැප්ටොප් යන්ත්‍ර රුපියල් 45000 සිට 65000 දක්වා මිලකට වෙලදපොලේ දැකගත හැකියි .. ඔබේ අවශ්‍යතාවන් සීමිතයි නම් , ඒ කියන්නෙ ච්ත්‍රපටයක් නැරඹීම , ලිපි ලේඛන කටයතු වලට යොදාගැනීම , අන්තර්ජාලය පිවිසිමට වගේ දේවල් වලට පමණක් සිමා වෙනවනම් මෙවැනි යන්ත්‍රයක් සඳහා යොමු වීම ලාබ දායකයි . low end laptop model නිසා උසස් හැකියවන් සහිත පරිගණක ක්‍රීඩා හෝ , වෙනත් මුරුදුකාන්ග බාවිතයට උචිත ලෙස මේව නිර්මාණය වී නෑ .එහෙම බාවිතා කිරීමත් එහි ආයුකාලයට අහිතකර ලෙස බලපෑ හැකියි .සාමන්‍යයෙන් මේ වගේ ලැප්ටොප් එකක අයුකාලය වසර 4-5 වගේ තමයි තියෙන්නෙ ..(හොඳට පාවිච්චි කලොත් විතරයි )
MID END-
මීඩියම් එන්ඩ් " , කියන්නෙ සෑම කරයුත්තකටම සමබරව යොදාගත හැකි ලැප්ටොප් කාණ්ඩයට.. intel core i 3 හෝ core i 5 processor එකක් , 8gb RAM එකක් 500gb / 1tb හාඩ් ඩිස්ක් එකක් හා full hd isp display(1920*1080 ) එකකට පන පොවන ගිගා බයිට් දෙකක පමණ ග්‍රැෆික් කාඩ් පතකින් සමන්විත වන මෙවැනි ලැප්ටොප් යන්ත්‍රයක් 90000 සිට 120000 දක්වා මිල ගනන් වලට අලෙවි වෙනවා . ගෙමින් පැත්තෙන් ගත්තොත් දැනට ආපු හැම ගේම් එකක්ම වගේ low graphics දාල හරි ප්ලේ කරන්න mid end laptops වලින් හැකියාව ලබා දෙනවා .එමෙන්ම ඉහල විභේදනයකින් යුතු චිත්‍රපට නැරඹීමට , පරිගණක ක්‍රම ලේඛන කටයතු (programing) හා මූලික මට්ටමේ ජායාරූප /වීඩියෝ සංස්කරණ කටයුතු සඳහාත් එක ලෙස යොදාගත හැකියි .ඔබ අධ්‍යපන හෝ වෙනත් තොරතුරු තාක්ෂණයයට අදාල රැකියා හෝ වෙනත් කරයුතු වල නිරත වනවා නම් 14inc display එකකින් සමන්විත කුඩා , mid end ලැප්ටොප් යන්ත්‍රයක් ප්‍රමාණවත් වන අතර , වීඩියෝ ක්‍රීඩා හා චිත්‍රපට නැරඹීම සඳහාත් බලාපොරොත්තු වන්නේ නම් 15.6 inc display එකකින් සමන්විත තරමක් විශාල ලැප්ටොපයකට යා හැකියි .. හොඳ භාවිතාවක් තිබේ නම් මෙවැනි යන්ත්‍රයක් වසර 6-8 දක්වා කාලයක් පරිහරණය කල හැකියි .
HIGH END
හයි එන්ඩ් " කියන්නෙ මිල අදික වෘත්තීමය වශයෙන් පරිගණක භාවිතා කිරීමට සූදානම් පිරිසට අයත් ලැප්ටොප් කාණ්ඩය . intel core i 5 හෝ core i 7 processor යක් , 12gb-16gb රැම් මතකයක් , 4gb nvidia gtx 1080 වර්ගයේ ගැෆික් කාඩ් පතක් , full hd හෝ 4k dislplay (tuch display) එකක් , hdd disk නම් 1tb- 2tb (with or with out ssd) ලෙස දැක්වෙන මෙවැනි යන්ත්‍රයක් , රුපියල් 160000 සිට 240000 අතර මුදලකට මිලදී ගත හැකියි .. උබ වීඩියෝ ක්‍රීඩා කිරීම පමණක් ඉලක්ක කරගෙනම් මෙවැනි පරිගණකයක් ගැනීමට සූදානම් වන්නෙ නම් එය එතරම් බුද්ධිමත් නොවන ක්‍රියාවක් බැව් පැවසිය යුතුමයි ..මෙවැනි laptops විශේශ්යෙන්ම නිපදවා තිබෙන්නේ ජායාරූප ශිල්පීන් , වීඩියෝ සංස්කරණ ශිල්පීන් හා පරිගණක ජාල කරන ශිල්පීන් ඉලක්ක් කරගෙනයි .ඉහත සඳහන් වුර්තීන් වලදී බොහෝ විට (වර්තමානයේදී ) outdoor කරයුතු කිරීමට සිදුවන නිසා , බලසම්පන්න ජංගම පරිගණකයක අවශ්‍යතාව අනුව මෙය සැකසී තිබෙනවා .. සාමාන්‍යයෙන් මේ වගේ ලැප් එකක් නිර්මාණය කරල තියෙන්නෙ රලු භාවිතයකට ඔරොත්තු දෙන අන්දමින් . බර කිලෝග්‍රෑම් 1.5 හෝ ඊට වැඩි වන අතර , ශක්තිමත් යතුරු පුවරුවකින් හා උසස් ශබ්ද විකාශන පද්ධතියකින් ස්මන්විත වෙනවා ..එම නිසා මෙවැනි ලැප්ටොප් එකකින් වැඩ කිරීමට අමතර key board හෝ speaker system සවිකල යුතු වන්නෙ නෑ .මෙවැනි යන්ත්‍රයක ආයු කාලය වසර 4-6 දක්වා විය හැකියි .
ඉහත සඳහන් කුමන කාණ්ඩය ගත්තත් ඒ ඒ කාණ්ඩ වල වාසි අවාසි විවිධාකාරයි ..ඒව ගැනුම්කරුවාගේ අවශ්‍යතාවන් අනුව සාපේක්ශ වෙනව ..තව දුරටත් පැහැදිලි කලොත් , බැටරියේ ආරෝපන විසර්ජන කාල සීමාවත් යට කී කාණ්ඩ තුනේදි විවිධාකාර වෙන්න පුලුවන් ..
භාවිතා කරන ලද ලැප්ටොප් එකක් මිලදී ගැනීම
අලුතින් ලැප්ටොප් එකක් ගන්න ලොකු මුදලක් වෙන් කරන්න බැරි වෙන අවස්ථාවන් වලදී අපිට පාවිච්චි කරපු (used) ලැප්ටොප් එකකට යන්න සිදුවෙනව .සාමාන්‍යයෙන් පාවිච්චිකරපු ලැප් එකක් ගන්න එක එතරම් හොඳ තීරණයක් නොවුනත් වෙන විකප්ලයක් නැති අවස්ථාවන් වලදි අවදානමක් තියාගෙන තමයි වැඩේට බහින්න වෙන්නෙ .. මුලින්ම කියන්න ඕනි කවදාවත් ඔය එක එක කඩවල් වල විකුණන්න දාල තියෙන used laptops නම් ගන්න එපා කියල ..ලැප්ටොප් වල තරම් ලෙඩ හංගල ගහන්න පුලුවන් වෙනත් ඉලෙක්ට්‍රොනික් උපාංගයක් නැති තරම් ....ගොඩක් කඩවල් වල විකුණන්න දාල තියෙන පරණ ලැප්ටොප් වල මොනව හරි ලෙඩක් තියෙනව..ඉතින් අපි කඩේදි
චෙක් කරල ගෙදර අරන් ගිහින් මාස 4-6 යද්දි අර හැංගුන හෝ හංගපු ලෙඩ මතුවෙන්න පටන් ගන්නව .ආපහු කඩේට අරන් යන්න බලද්දි දීල තිබුන වොරන්ටිය ඉවරවෙලා ...වොරන්ටි තිබුනත් කඩේ එකා මොනා හරි ලෝකෙ නැති බේගලයක් ගහල කොහොමහරි කර අරින්නයි බලන්නෙ ..ඉතින් ඔය වගේ දේවල් ගැනනම් මේ group එකේ කට්ටිය හොඳට දැනුවත් ඇති නේද ??...
හොඳම දේ තමයි විශ්වාස දන්න කියන තැනක හෝ කෙනෙකුගෙ used lap එකක් ගන්න එක .. එහෙම ගත්තත් සම්පූර්ණ පරික්ෂවකින් තොරව නම් බෑ ... පහත ආකරයට කලොත් යම්කිසි මට්ටමකට ඔබට සෑහීමකට පත්වෙන්න පුලුවන් .
0.1. ලැප්ටොප් යන්ත්‍රයෙහි මිල ____ ලැප්ටොප් එකේ මිල තක්සේරු ප්‍රමාණයට වඩා අඩු නම් සමහර විට එතන ගැටලුවක් තියෙන්න පුලුවන් .. විකුණුම් කරුවා විවිධ හේතු කියන්න පුලුවන් .ඒත් අසාමාන්‍ය ලෙස මිල අඩු වීමක් තියෙනවන්ම් ගැනුම්කරුවා අදාල භාණ්ඩය පිළිබඳව විශේෂ අමතර අවදානයක් යොමු කල යුතුයි ..
උ ;දා -
වෙලදපල වටිනාකම රු 200000 පමන වන ලැප්ටොප් යන්ත්‍රයක් desktop යන්ත්‍රයකට හුවමාරු කිරීමට උත්සහ කිරිම හෝ ඉතා අඩු මිලකට විකිණීමට උත්සහ කිරිම .
0.2. බාහිර පරික්ෂව ___ මුලින්ම ලැප්ටොප් එකේ පිටත ආවරණය පරික්ෂ කල යුතුයි .සීරීම් හෝ තැලීම් තියෙනවනම් ලකුණක් අඩු කරන්න වෙනව .මීළඟට යන්ත්‍රයෙහි යටි පැත්තේ ඇන ගලවා ඇති දැයි බැලිය යුතුයි .(ඇන කඩතොලු වී ඇතිද කියා )එය එසේ නම් එම යන්ත්‍රය අලුත් වැඩියා කරන ලද්දක් .මෙහිදී විකුණුම්කරුවාගෙන් අදාල අලුත්වැඩියාව ගැන විස්තර අසා සෑහීමකට පත් විය යුතුයි .(display හෝ mother board මාරු කරන ලද ලැප්ටොප්ස් මිලදී ගැනීම එතරම් කාලෝචිත නොවේ )
0.3.. අභ්‍යන්තර පරික්ෂාව____
1. අභ්‍යන්තර පරික්ෂාව කිවුවෙ ලැප්ටොප් එක ගලවල බලන්න කියන එක නෙමෙයි ..system එකෙන් hardware චෙක් කරන එකයි ..මුලින්ම ලැප් එක ඔන් කරල බලන්න ..(වින්ඩෝස් 8 හෝ 10 තියෙනවනම් බූට් වෙන්න යන්නෙ තප්පර 10 යි ) සාමන්‍ය ඩෙස්ක්ටොප් එකට ඇවිල්ල විනාඩි 5ක් විතර කිසිම දෙයක් කරන්නෙ නැතුව ඉදල cooling output එකට අත තියල බලන්න එලියට එන වාතය රස්නෙද කියල ..ඒක රස්නෙනම් ලැප් එක overheat වෙන එකක් ..ඒකටනම් ලකුණු පහක්වත් අඩු කරන්න ඕනි .
2. ඊළඟට hard disk එක චෙක් කරන්න ඕනි. අපිට මෙ වැඩේ "hard disk sentinel " වගේ software එකක් පාවිච්චිකරන්න පුලුවන් . මේකෙන් අපිට ඒ ලැප් එකේ හාඩ් ඩිස්ක් එකේ ක්‍රියාකාරීත්වය හා ආයුකාලය ඉතා ආසන්න අගයකට බලාගන්න පුලුවන් කම් ලැබෙනව .software එකේ කොල පාට පසුබිමක අදාල ගනන් පෙන්වනවනම් අවුලක් නෑ . ඒත් කහ හෝ රතු පාටින් පෙන්වනමවන්ම් හාඩ් එකට ලඟදිම බබා හම්බවෙන්න යන්නෙ ..
3. දැන් වීඩියෝ එකක් හා සිංදුවක් play කරල බලන්න .ලැප් එකේ ස්පීකර් වල ක්‍රියාකාරිත්වය දෝශ රහිත විය යුතුයි .සවුන්ඩ් වැඩි කරද්දි කිරි ..කිරි .. සද්දයක් එනවනම් ස්පීකර් වල කෝන් එක ඉරිල ..සාමන්‍යයෙන් මෙහෙම ස්පීකර් මාරු කරන්න හෝ අලවන්න විශාල මුදලක් වියදම් වෙනව . මේ ස්පීකර් ඉරෙන අවුල නම් ගොඩක් ලැප්ටොප්ස් වල තියෙන්න පුලුවන් . මොකද සමහර මෝඩයෝ VLC player එකේ සවුන්ඩ්ස් බූස්ට් කරල අහන්න ගිහින් ස්පීකර් වලට කෙල්වගත්තු අවස්තා එමටයි ..
4. දැන් ටිකක් ලොකු ගේම් එකක් පැය භාගයක් විතර ප්ලේ කරල බලන්න ..ඒකෙන් අපිට ලැප් එක රත් වෙන කාල සීමාව, ප්‍රමාණය හා වෙන වෙන අවුල් ගැනත් වැටහීමකට එන්න පුලුවන් .ගේම් ගහද්දි කී බෝඩ් එක රත් වෙනවනම් ලකුණු 10 වත් අඩු කරන්න ඕනි ..
0.4 වෙනත් _______ ලැප්ටොප් එකක් ගද්දි අනිවාර්යෙන්ම හොයන්න ඕනි දෙයක් වෙන්නෙ ඒකෙ බැටරිය ..බැට්රිය නැති නම් කොහොමද ලැප්ටොප් එකක් වෙන්නෙ නේද ??
අඩුම පැයක් වත් බැට්රිය වදින්න ඕනි ..ඊට වඩා අඩුනම් එහෙම ලැප් එකක් ගන්න එකේ තේරුමක් නෑ .මොකද සමහර ලැප් මොඩල් වල බැට්රි හොයාගන්න හරි අමාරුයි .එහෙම තිබ්බත් හොඳ බැට්රියක් ගන්න රුපියල් 12000 වත් වියදම් කරන්න වෙනව ..( සාමන්‍ය සම්මතය අනුව ලැප්ටොප් බැටරියක වටිනාකම අදාල යන්ත්‍රයෙ මුලු වටිනාකමින් තුනේන් එකක් වේ )
ඉතින් ටච් පෑඩ්ස් , කීබෝඩ්ස් , වෙබ් කැම් ,යූ .එස් .බී පෝර්ට්ස් , නැවිගේශන් බාර් තියනවනම් ඒවත් , අනිවර්යෙන්ම පරික්ෂා කරන්න ඕනමයි .ඩිස්ප්ලේ එක නම් තනි සුදු වෝල්පේපර් එකක් දාල බලා ගන්න පුලුවන් . ඒවගේම චාජෙර් එක ඔරිජිනල් ද කියන එකයි හරියට චාර්ජ් වෙනවද කියලයි බලන්න අමතක කරන්න එපා .ඒ වගේම ලැප්ටොප් එක ගොඩක් පරණයි නම් එතනත් අවුලක් තියෙන්න පුලුවන් . කොහොම උනත් විකුණුම් කරුව එක්ක සාකච්ඡා කරල එකඟතාවකට එන නොඑන හෝ මිලදී නොගන්න ගන්න එක ඔබේ තීරණයක් .
අවසාන වශයෙන් අයෙමත් වතවක් කියන්න ඕනි ගොඩක් ලැප්ටොප් වල හැංගුන ලෙඩ තියනව කියන එක .වැඩ්ඩෙක්ට මේව මාස කිහිපයකට යට ගහල දීල දාන එක මහ ලොකු දෙයක් නෙමෙයි , .. ලැප්ටොප් රෙපයාර් කරන අයනම් මේ වගේ සිද්දි ගැන ඕන තරම් දන්නව ඇති .ඉතින් used ලැප්ටොප් එක ගන්න කලින් දෙතුන් පාරක් හිතන්න අමතක කරන්න එපා ..
SL PC Gamers | පරිගණක ක්‍රීඩා