පාර්ලිමේන්තුව_හෙට කැඳවයි

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පාර්ලිමේන්තුව_හෙට කැඳවයි

    පාර්ලිමේන්තුව හෙට කැඳවයි



    COLOMBO (News 1st) – පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබේ.

    කථානායක මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, ජනාධිපතිතුමා 2018 නොවැම්බර් මස 04 වැනි දින අංක 2095/50 දරණ ගැසට් නිවෙදනය ප්‍රකාරව පාර්ලිමේන්තුව හෙට රැස් කිරීමට කථානායකවරයා දැනුම් දෙන බව ය.

    ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම් දෙන බව ද අදාළ නිවේදනයේ සඳහන් ය.

    මේ අතර කථානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරු 8.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

    කථානායක කාර්යාලය පැවසුවේ, ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුවත් කර ඇති බව ය.

    පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තීරණයට එළැඹෙනු ඇති.

     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,916
    21,155
    113
    paliment eka december 18 wenakan kal danwa kiyala case ekak yanwa eka atthada ?
     

    athal eka

    Member
    Oct 29, 2018
    418
    32
    0
    46358970_10214608691505934_5556963047026720768_n.jpg