හෘදයාබාධ - තුන්වේලටම බත් කෑම හෘදයාබාධවලට &#346

MayuraAlwiz

Member
Oct 13, 2018
300
99
0
හෘදයාබාධ - තුන්වේලටම බත් කෑම හෘදයාබාධවලට &#346

වර්තමානයේ අප බොහෝ දෙනා අඩු වයසින් හෘද රෝගවලට ගොදුරුවීමේ අවදානමක පසුවේ. එනිසා වයස අවුරුදු 18-20 පසුවන තරුණ තරුණියන් පවා හෘදයාබාධවලට ලක්‌වූ අවස්‌ථා ගැන අපට අසන්නට දකින්නට ලැබේ.

වෛද්‍යතුමනි, වර්තමානයේ අප රට තුළ හෘදයාබාධවලට ලක්‌වන පිරිස වැඩිවීමක්‌ පවතිනවාද?.

මේ වන විට අප රටේ හෘදයා බාධ වැළඳී ප්‍රතිකාර සඳහා රෝහල් ගතවන පිරිස වසරකට 13,000 ක්‌ පමණ වන බව වාර්තා වෙනවා.



මෙලෙස හෘදයාබාධවලට ලක්‌වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ අපගේ ජීවන රටාවේ මතුව ඇති වෙනස්‌කම්ය. එම වෙනස්‌කම් අතර ප්‍රධාන කරුණු තුනක්‌ හඳුනාගෙන තිබෙනවා. අප ගනු ලබන ආහාර පාන, උදාසීන ජීවිතයක්‌ ගත කිරීම සහ මානසික ආතතිය එම ප්‍රධාන කරුණු තුනය.

ආහාර පාන


වර්තමානයේ අප බොහෝ දෙනා තුන් වේලටම බත් ආහාරයට ගැනීමට යොමුවී තිබෙනවා. එසේම එම ආහාර පිඟානේ වැඩිපුරම තිබෙන්නේ බත් විතරයි. එළවළු, පලා වර්ග, මස්‌ මාළු තිබෙන්නේ ඉතා ස්‌වල්පයක්‌ පමණයි. මෙවැනි ආහාර වේලකින් සිරුරට වැඩිපුරම ලැබෙන්නේ පිෂ්ඨය. ප්‍රොaටීන් සහ මේදය ලැබෙන්නේ අඩුවෙන්.

food-1.jpg


සිරුරට වැඩිපුර පිෂ්ඨය එක්‌වීමෙන් සිරුර තුළ ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවෙනවා. ලිපෝ ප්‍රොaටීන් ප්‍රමාණය වැඩිවීමෙන් හෘදය වස්‌තුවේ කිරීටක ධමනි තුළ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම වැඩිවන බව හඳුනාගෙන තිබෙනවා. මෙලෙස කිරීටක ධමනි තුළ කොලෙස්‌ටරෝල් තැන්පත් වීම නිසා එම රුධිර නාළ ඔස්‌සේ රුධිරය ගමන් කිරීමට බාධා ඇතිවී හෘදයාබාධ ඇතිවෙනවා.

මෙම තත්ත්වය පාලනය කර ගැනීමට නම් අප දිනපතා ගනු ලබන ආහාර වේල් තුනට එකතු කරගනු ලබන ආහාර ප්‍රමාණය නිවැරදි කරගත යුතුයි.

බත් ආහාරයට ගනු ලබන විට එම ආහාර වේලෙහි බත් තිබිය යුත්තේ තුනෙන් එක්‌ ප්‍රමාණයක්‌ (1/3) පමණයි. ඉතිරි තුනෙන් දෙකක (2/3) එළවළු, පලා වර්ග, මස්‌, මාළු, බිත්තර වලින් සම්පූර්ණ විය යුතුයි.

141017144025-sri-lanka-food-1-horizontal-large-gallery.jpg


අපට අවශ්‍ය ශක්‌තිය ලබාගත යුත්තේ පිෂ්ඨ ආහාරවලින් 40%-45% ක්‌ පමණ, මේද ආහාරවලින් 20%-30% ක්‌ පමණ ප්‍රොaටීන් ආහාරවලින් 10%-15% පමණ ආදී ප්‍රමාණයන්ගෙන්ය.

එනිසා වැඩිපුර බත් ආහාරයට ගැනීම වෙනුවට මුං ඇට, කව්පි, කඩල වැනි ධාන්‍ය වර්ග, ආටා පිටිවලින් සකස්‌ කළ ආහාර වර්ග, දුඹුරු පාන්, කුරක්‌කන් රොටි, පිට්‌ටු ආදියද ආහාර වේල් සඳහා එක්‌ කරගත යුතුයි.

සතියකට බිත්තර තුනක්‌ පමණ ආහාරයට ගැනීම සෞඛ්‍යයට අහිතකර නැහැ. කිරි, චීස්‌, බටර් සාමාන්‍ය අයුරින් ආහාරයට ගැනීම කළ යුතුයි.


15634256499_3f9cf5f4b9_o.jpg

ආහාර පිසීම සඳහා තෙල් වර්ග භාවිතා කිරීමේදී පොල්තෙල් යොදා ගැනීම හිතකරයි. එසේම ගැඹුරු තෙල් ආහාර පිස ගැනීම හැකිතාක්‌ දුරට අඩු කළ යුතුයි.

ආහාර පිසීම සඳහා තෙල් භාවිතා කිරීමේදී එය නැවත වාර කිහිපයක්‌ යොදා ගැනීම නොකළ යුතුයි. එක්‌වරක්‌ පමණි.

උදාසීන ජීවිතය


අප බොහෝ දෙනා නාගරික ජීවිතයකට හුරුවී සිටීම නිසා ඇවිදීම ව්‍යායාමවල යෙදී දහදිය දමන තුරු ඇඟ වෙහෙසවා වැඩ කටයුතුවල නිරත වීම සීමාවී තිබෙනවා. එනිසා අප ගනු ලබන ආහාරවලින් ශරීරය තුළ තැන්පත් වන පිෂ්ඨය සහ මේදය ප්‍රමාණය වැඩිවී තිබෙනවා.



මෙය වළක්‌වා ගැනීමට නම් දිනපතා ව්‍යායාමවල යෙදීම, ඇඟ පත වෙහෙසවා වැඩ කිරීම දිනපතා ඇවිදීම ආදිය කළ යුතුයි.

මානසික ආතතිය


අද අප බොහෝ දෙනාගේ ජීවන රටාව හුරුවී ඇත්තේ රැකියාවට යැම සහ යළි නිවසට ඒම පමණයි. මනසට විවේකය ගෙන දෙන ආකාරයේ කටයුතුවල යෙදීම සීමාවී තිබෙනවා. අපට විනෝදාස්‌වාදය අවශ්‍යයි. මනසට විවේකය අවශ්‍යයි. එසේ නොවූ විට මානසික ආතතිය වැඩිවෙනවා.



මානසික ආතතියත් හෘදයා බාධ ඇතිවීමට ප්‍රධාන ලෙසම බලපානවා.
වර්තමානයේ වයස අවුරුදු 18-30 අතර වියේදී හෘදයාබාධවලට ලක්‌වන අය පිළිබඳව සැලකිලිමත්වීමේදී ඔවුන් බහුතරයක්‌ මෙලෙස අක්‍රමවත් ආහාර පාන රටාවකට, අලස දිවියක්‌ ගත කිරීමට සහ අවිවේකී දිවියක්‌ ගත කිරීමට හුරුවී සිටින බව හඳුනාගෙන තිබෙනවා.

එනිසා අපි තුන්වේල බත් කන්න පුරුදුව සිටින ජාතියක්‌ කියා උදම් ඇනිය හැක්‌කේ අලස නොවී වැඩ කරමින් මනසට විවේකයක්‌ද ලබාදෙන අයුරින් දිවියක්‌ ගත කරනවානම් පමණයි. එසේ නැතිව තුන් වේලට බත් වැඩිපුර ආහාරයට ගැනීමට පමණක්‌ හුරුවීමෙන් සිදුවන්නේ හෘදයාබාධවලට ගොදුරුවීමේ අවදානම වැඩිකර ගැනීම පමණයි.



පෝෂ්‍යදායී සමබර ආහාර වේලක්‌ ගනිමින් නිරෝගී දිවියක්‌ ගත කිරීමට හුරුවුවහොත් හෘදයා බාධවලට ගොදුරුවීමේ අවදානම අවම කරගත හැකි බව සිහි තබා ගත යුතුය.


sourse : http://slarticle.com/2018/11/20/%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B6%A7%E0%B6%B8-%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B7%91%E0%B6%B8-%E0%B7%84%E0%B7%98%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B6%B6-2/?fbclid=IwAR1Z4wFd9AGdT8L5IYieE6zMNh43GqUJl3EWHZMUIRAeenOx_UxEkmsbQuk
 
Last edited:

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113


    VDxVyRD.jpg
    8uyyATy.jpg


    මේ අපේ කැන්ටින් එකක ගහල තියෙන්නේ

    මේවගේ ඒවා හැම කන්ටිමකම ගහව්වනම් මිනුස්සු අනවශ්‍ය දේවල් ගොඩක් අඩු කරනවා

    සල්ලිත් ඉතුරු වෙනවා

    ගුණ කෑම විකුණන එකාගේ බිස්නස් වැඩි වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: JINX_XNIJ

    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    bookmark kara gatta passe blnna

    :love:

    :D

    EMINƎM;23987658 said:
    :D


    VDxVyRD.jpg
    8uyyATy.jpg


    මේ අපේ කැන්ටින් එකක ගහල තියෙන්නේ

    මේවගේ ඒවා හැම කන්ටිමකම ගහව්වනම් මිනුස්සු අනවශ්‍ය දේවල් ගොඩක් අඩු කරනවා

    සල්ලිත් ඉතුරු වෙනවා

    ගුණ කෑම විකුණන එකාගේ බිස්නස් වැඩි වෙනවා


    Sirawata ban :yes::yes:



    :D

    Good post ,Bath kama nam adu krnna ona ahenm :)
    +Reps ;)
    :D

    adee keema ekee photo eaka dakkama kela giluna kiyahankoo :love::love:

    :P:P
     

    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............


    VDxVyRD.jpg
    8uyyATy.jpg


    මේ අපේ කැන්ටින් එකක ගහල තියෙන්නේ

    මේවගේ ඒවා හැම කන්ටිමකම ගහව්වනම් මිනුස්සු අනවශ්‍ය දේවල් ගොඩක් අඩු කරනවා

    සල්ලිත් ඉතුරු වෙනවා

    ගුණ කෑම විකුණන එකාගේ බිස්නස් වැඩි වෙනවා

    meka nam sira machan oka dakkama separak hithanwa owa ganna kalin...TFS++