රුසියානු_හමුදාවට_2019_වර්ෂයේදී_ලැබෙන_ඩ්‍රෝන&#3

hiranlahiru2015

Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    රුසියානු_හමුදාවට_2019_වර්ෂයේදී_ලැබෙන_ඩ්‍රෝන&#3

    attachment.php


    මධ්‍යම-පරාසයේ ප්‍රහාරක සහ ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා 2019 වර්ෂයේදී රුසියානු හමුදාවට ලැබෙනු ඇතැයි ආරක්ෂක අමාත්‍ය සර්ගෙයි ෂොයිගු,දෙසැම්බර් මස 18 දා පැවති රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ මණ්ඩලයේ වසර අවසාන සැසියේදී පැවසීය.

    "මධ්‍යම-පරාසයේ ඔත්තු බැලීමේ සහ ප්‍රහාරක ඩ්‍රෝන් යානා නිර්මාණය කිරීම කර්තව්‍යය අවසන් වන්නට ආසන්නයි.ඊළඟ වර්ෂයේදී ඒවා භට පිරිස් වෙත ලැබෙනු ඇතැයි අපේක්ෂා කරනවා." -රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා

    දැනට රුසියානු හමුදාව සතුව ඩ්‍රෝන් යානා 2,100 වැඩි ගණනක් තිබේ.තවත් කෙටි දුර ඩ්‍රෝන් යානා 300කට වැඩි ගණනක් භට පිරිස්වලට ලැබෙනු ඇත.

    මෙලෙස හමුදාවට ලැබීමට නියමිත ඩ්‍රෝන් යානා මොනවා දැයි සර්ගෙයි ෂොයිගු විශේෂයෙන් සඳහන් කලේ නැත.නමුත් දැනට සංවර්ධනය කරමින් පවතින ඩ්‍රෝන් මාදිලි කිහිපයක්ම ඊට ඇතුලත් විය හැකිය.


    රුසියාවේ ක්‍රෝන්ෂ්ටාඩ්ට් සමාගම පසුගිය සැප්තැම්බරයේදී ප්‍රහාරක-හැකියාවන් සහිත "ඔරියන්-ඊ" නම් මධ්‍යම උසක පියාසර කරන සහ වැඩි කාලයක් ගුවනේ ගත කල හැකි ඩ්‍රෝන් යානයක් හෙළිදරවු කරන ලදි.ආයුද සන්නද්ධ ඔරියන්-ඊ ඩ්‍රෝන් යානය ප්‍රදර්ශනය කර තිබුණේ එම සමාගම විසින් නිර්මාණය කල කි.ග්‍රෑ. 50ක නවතම නියාමක මිසයිලයක් ද සමගයි.මෙම ඩ්‍රෝන් යානයට ඔසවාගෙන යා හැකි උපරිම බර කි.ග්‍රෑ.1000කි.එයට ගෙන යා හැකි දෑ හි බර කි.ග්‍රෑ.200කි.ඔරියන්-ඊ යානයකට උපරිමව මීටර් 7,500ක උසකින් කි.මී.250 දුරක් පියාසර කල හැකි අතර පියාසර කාලය පැය 24කි.තවද මෙම යානය ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ/ අධෝරක්ත කැමරා සහ සංවේදක,තාපජ කැමරා දෙකක්,පුළුල් පරාස රූපවාහිනී කැමරාවක් සහ ලේසර් පරාස/ඉලක්ක සොයන උපාංගයකින් ද සමන්විතය


    attachment.php

    Orion-E ඩ්‍රෝන් යානය

    ක්‍රෝන්ෂ්ටාඩ්ට් සමාගම විසින් සංවර්ධනය කරමින් සිටින තවත් ඩ්‍රෝන් යානයක් වන්නේ "ඔරියන්-2" ය.එය ඉහළ උන්නතාංශ,දීර්ඝ පියාසර කාලයක් සහිත එකකි.එම යානයට කි.ග්‍රෑ.5000 උපරිම බරක් සහිතව පියාසර කල හැකිය.ඔරියන්-2 යානයකට මීටර් 12,000 උපරිම උසකින් පැය කි.මී. 350ක වේගයෙන් පියාසර කිරීමට පුලුවනි.



    ඇල්ටයර්(ඇල්ටියස්-එම්/ ඇල්ටියස්-ඕ) යනු ටොන් 3ක බරකින් යුක්ත,පියාපත් දිගහැරුම මීටර් 28.5 වන,ටොන් 2ක බරක් ගෙන යා හැකි දැවැන්ත ඩ්‍රෝන් යානයකි.මෙම යානයට කිලෝ මීටර් 10,000 දුරක් ආවරණය කල හැකි අතර කි.මී.12 උපරිම උසකින් පියාසර කල හැකිය.තවද දින දෙකක කාලයක් දක්වා ස්වාධීනව පියාසර කිරීමටද පුලුවනි.කෙසේවෙතත් මෙම ව්‍යාපෘතිය 2018 ඔක්තෝම්බර් මාසයේදී අතහැර දමන ලද්දේ "නූතන ක්ෂුද්‍ර සකසන,සංවේදක,මෘදුකාංග නිපැයුම්" වල හිඟය හේතුවෙනි.නමුත් මේ වෙද්දී එය සම්පුර්ණ කර හමුදාවට එක් කරන්නට සූදානමින් තිබෙනවාද විය හැකිය.




    attachment.php

    Altair (Altius-M / Altius-O) ඩ්‍රෝන් යානය
    සුකොයි සමාගමේ "ඔක්හොට්නික්-බී" නම් විශාල ප්‍රමාණය ඩ්‍රෝන් යානය එහි අත්හදා බැලීම්වල අවසන් අධියරයට එළඹුණේ 2018 ජූනි 28දාය.මෙම ඩ්‍රෝන් යානයේ බර ටොන් 10-20 වෙතැයි සැලකේ.දැනට තිබෙන දත්ත වලට අනුව ඔක්හොට්නික්-බී යානය එහි ලක්ෂණවලින් ඇමෙරිකානු නෝර්ත්රුප් ග්‍රාමන් සමාගමේ එක්ස්-47බී ඩ්‍රෝන් යානයට සමානය.ඊට උපධ්වනික වේගයකින් කි.මී. 4000ක අරයක් සහිත භූමියක් ආවරණය කල හැකිය.ටොන් 2ක් දක්වා බරක් මෙම යානයට ගෙන යාමට පුලුවනි.



    attachment.php

    Okhotnik-B ඩ්‍රෝන් යානය


    මයික්‍රෝන් සමාගම "කාර්නිවෝරා" නම් කුඩා ප්‍රමාණයේ ප්‍රහාරක/අතුරුවාරක ඩ්‍රෝන් යානයක් නිපදවා තිබේ.එම ඩ්‍රෝන් යානයට ඔත්තු බැලීම,ගොඩබිම් ඉලක්ක වෙත පහර දීම සහ අනෙකුත් ඩ්‍රෝන් යානාවලට බාධා කිරීම ආදී කාර්යයන් සිදු කල හැකිය.දෙසැම්බර් 14දා වන විටත් එය පියාසර අත්හදා බැලීම්වල යොදවා තිබුණත්,දැනටමත් මෙම ඩ්‍රෝන් යානය මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇතැ‍යි සැක කෙරේ."කාර්නිවෝරා" ඩ්‍රෝන් යානයට එක දිගට පැය 15ක කාලයක් ගුවනේ රැදී සිටීමට පුලුවනි.



    2018 මැයි 9දා විජයග්‍රාහී පෙළපාලියේදී "කොර්සර්" ප්‍රහාරක ඩ්‍රෝන් යානය එළිදක්වන ලදි.කොර්සර් යනු කි.ග්‍රෑ.200ක් බර,පියාපත් දිගහැරුමේදී මීටර් 6 1/2 දිග ඩ්‍රෝන් යානයකි.එය නිමවා තිබෙන්නේ සංයුක්ත අමුද්‍රව්‍යවලින් නිසා බර අඩු වීමත් කල්පැවැත්ම වැඩිවීමත් යන වාසි ලැබී ඇත.නියාමක සහ නියාමක නොවන යන දෙවර්ගයේම මිසයිල සහ බෝම්බ භාවිතා කල හැකි මෙම යානය ඉහල උසක සිට ඔත්තු බැලීම සඳහාද යොදා ගත හැකි නිසා එක්සත් ජනපදයේ ආර් කිව්-170 යානයට සමානකම් පෙන්වයි.ගුවනේ සිට ගොඩබිමට පහරදීමේදී ප්‍රහාරක ප්ලැට්ෆෝම් සඳහා දැනට රුසියාව භාවිතා කරන මිසයිල සහ බෝම්බ නවීකරණය කිරීමෙන් පසුව කොර්සර් ඩ්‍රෝන් යානය වෙනුවෙන් යොදා ගනිවි.ඊට අමතර යානයට පැවරී තිබෙන අනෙක් කාර්යය වන්නේ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික භූමිකාවයි.කෙසේවෙතත් මෙහි සංග්‍රාමික වපසරිය අරය කි.මී.200 වන ක්ෂේත්‍රඵලයකට සීමාවේ.




    attachment.php

    Korsar ඩ්‍රෝන් යානය

    මෙවර විජයග්‍රාහී පෙළපාලියේදී අනාවරණය කල අනෙක් ඩ්‍රෝන් යානය වන්නේ "කට්‍රන්" නම් හෙලිකොප්ටර් යානයයි.ඊට පැවරී තිබෙන කාර්යය වන්නේ විශේෂ මෙහෙයුම් බලකාවලට සහාය ලබා දීම,ඔත්තු බැලීම සහ රූපවාහිනී සහ තාපජ් කැමරා යොදාගෙන සංග්‍රාම භූමිය පිරික්සීමයි.එහි දිග මිටර් 6 සහ පළල මීටර් එකක් වේ. යානයේ බර කි.ග්‍රෑ.490කි.ගෙන යා හැකි බර කි.ග්‍රෑ.120කි.පැය කි.මී. 130 උපරිම වේගයක් සහිත හෙලිකොප්ටර් ඩ්‍රෝන් යානය මීටර් 2000ක උපරිම උසකින් පියාසර කිරීමට සමත්ය.ඊට අමතරව ප්‍රහාරක යානයක් ලෙසද යොදා ගත හැකිය.




    reference :https://unofficialbattlefield.blogspot.com
     

    Attachments

    • 1.jpg
      1.jpg
      51.1 KB · Views: 358
    • 2.jpg
      2.jpg
      46.6 KB · Views: 346
    • 3.jpg
      3.jpg
      28.1 KB · Views: 348
    • 4.jpg
      4.jpg
      70.4 KB · Views: 348
    • 5.jpg
      5.jpg
      39.5 KB · Views: 356

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,899
    113
    සේදවත්ත
    මේ ටික බලහන්

    https://www.facebook.com/SnipersRif...IwIX7Asa5ky_-dFXUPNOpm7KB8aBLXqyfD1Ck&__xts__[0]=68.ARDlMCLvBWdUK2eqycNecCCcpswKkhVtvqG_zTDfS--5kwbd8ggWoT8_-faC0lA1pvTs7-S6qhjVobGvKYNcViO10dRZ5R-v53Wbg5AWxlpdEyEDV_T24Td8mbLjq9-puVdTuzs0C9ZkMAuILrOWV8degyElDSjk9mEsAYfvvJyDQWBh_tqxTGis6zMfUuBgfsz7y_U8s2nU3-RRIOq55jqDfEwFq8GPE-rjce6pT5C7J7bPoPn0XgiR0Z9gEBEFazNi98kWB7usyl0A1nu6kXVt7IONMPbdKTBM7uhmi3ClwnCtyNzeRGfaxBL3bihmC1S_m3nl8G60IbfhhRY10hOs1lykusexaTa5bl6SiYnzLNac4q-SGhxTCv8o5u6lVTCVj0C6xA3barRfKDaEUR13br2eseBjJdgPwH4I5Rf7WcgW23C8HicYGdQCQLzZOZnMdBPFhKvykIMdcD-H3P_8E2uIkNcccRGfC6SlKD5pJw5fbd9a8F8RCf4teBYXbGGpHz4g3j4mD6s&__tn__=FC-R
     

    hiranlahiru2015

    Well-known member
  • May 6, 2015
    1,341
    747
    113
    Gampaha
    මේ ටික බලහන්

    https://www.facebook.com/SnipersRif...IwIX7Asa5ky_-dFXUPNOpm7KB8aBLXqyfD1Ck&__xts__[0]=68.ARDlMCLvBWdUK2eqycNecCCcpswKkhVtvqG_zTDfS--5kwbd8ggWoT8_-faC0lA1pvTs7-S6qhjVobGvKYNcViO10dRZ5R-v53Wbg5AWxlpdEyEDV_T24Td8mbLjq9-puVdTuzs0C9ZkMAuILrOWV8degyElDSjk9mEsAYfvvJyDQWBh_tqxTGis6zMfUuBgfsz7y_U8s2nU3-RRIOq55jqDfEwFq8GPE-rjce6pT5C7J7bPoPn0XgiR0Z9gEBEFazNi98kWB7usyl0A1nu6kXVt7IONMPbdKTBM7uhmi3ClwnCtyNzeRGfaxBL3bihmC1S_m3nl8G60IbfhhRY10hOs1lykusexaTa5bl6SiYnzLNac4q-SGhxTCv8o5u6lVTCVj0C6xA3barRfKDaEUR13br2eseBjJdgPwH4I5Rf7WcgW23C8HicYGdQCQLzZOZnMdBPFhKvykIMdcD-H3P_8E2uIkNcccRGfC6SlKD5pJw5fbd9a8F8RCf4teBYXbGGpHz4g3j4mD6s&__tn__=FC-R

    ela , thanks :)
     

    Similar threads