Dialog Ring-in tone හොරකම

amalfun

Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මේකත් සත්‍ය අත්දැකීමක්. පෙර කරන ලද අකුසල කාර්ම නිසා තම අපි මේ වගේ සුන්දර රටක අසුන්දර මිනිසුන් සමග, මේ වගේ හොරකම් වලට මැදි වෙලා ,හම්බකරන සල්ලි නොදැනෙන ලෙස නාස්තිවෙන යුගයක ජිවත් වෙන්න උනේ.

    කතාව මේකයි,
    Ring-in tone සක්‍රිය කිරීමක් කළා මිට අවුරුදු 4කට විතර කලින්. සින්දුව "sunona saga mar mar" කොහොමත් හැමෝම දන්නවා මාසයක් පාසා එක යවත්කලින් කරන්න ඕනේ කියලා. එකේ ගාස්තුව රු 30යි. බදු නැතුව. බදුත් එක්ක කියද කියල මතකයක් නැහැ. කොහොමත් 35ක් උපරිම. හරි සක්‍රිය කරලා වැඩේ ලස්සනට උනා. ඊට පස්සේ ඉතින් ආසාවක් නැහැ ඒ ගැන, මන්ද එක මට ඇහෙන්නත් නැහැනේ. ඔහේ තිබ්බා. කොහොමත් මාසයකින් එක නැති වෙනවා. ආයේ අලුත් සින්දුවක් අවොත් ඒක දාගන්නව කියල හිතන් හිටියේ. එහෙම දෙයක් උනෙත් නැහැ. මාසය ගෙවන්න ඇති. එත් ඉතින් හැමදාම රිලෝඩ් කරන එකෙන් කියක් හරි අඩු වෙන බව දැනුන. එත් ඒ ගැන හොයන්න ගියේ නැහැ. රෙද්දේ කස්ටම් කෙයාර්. ලංකාවේ නමට විතරයිනේ. අනික එකම මාසේ කෝල් 2ට වඩා උන්ට ගත්තොත්, 3 වැනි කෝල් එකේ ඉදල ගානකුත් කැපෙනවා. ඔන්න කස්ටමර් කෙයාර්.


    කොහොම කොහොම හරි මාස 3කට කලින් වගේ Dialog Self Care දැන් MyDialog ඇප් එක දාගත්තා පවිච්චි කරපු ඩේට ප්‍රමාණය බලන්න ඕනේ නිසා. එකේ තියන හැම මගුලම ඔබ ඔබ බැලුවා. එකේ තියනවා Account Activity කියල එකක්. එකෙන් බලාගන්න පුළුවන් දවස ගානේ කොච්චරක් කැපිලද, කෝල්, sms, ඩේට, කෝල් ගත්තේ කාටද, කියක් කැපිලද වගේ දේවල්. ඒ අස්සේ මං දැක්කා Rinin tone, DialogMyTv වලට දවස දානේ එකකට රු 2යි සත ගනකුයි කැපිලා තියනවා. හිතා ගණන් බැරි පුදුම වැඩක්. DialogMyTv එකත් මැච් එක යන මාසේ රු 99ක් දාලා සක්‍රිය කළා, හිතුවේ ඊලග මාසේ ඉදන් අපහු 99ක් දාලා සක්‍රිය කරනන් ඕනේ කියලා. ඕනේ උනේ නැහැ. ඉතිං නිකන් හිටිය, මාසෙන් පස්සේ බලන්නත් බැහැනේ.

    හිතුවේ හැමදෙයක්ම අපහු දැම්මොත් තමයි සක්‍රිය වෙන්න කියලා. එහෙමයි උන් කියන්නෙත්. එත් ඇත්ත තත්වය වෙන්නේ, ඒ හැම සේවවකටම Daily Fee එකක් අපි දන්නේ නැතුව අපේ ගිණුමෙන් අඩු වෙනවා. හිතන්න අවුරුදු 4ක් පුරාවටම මම කොච්චර ගනාක් මම පාවිච්චි කරන sim එකට අනවශ්‍ය ලෙස වියදම් කරලද කියලා.

    උන් කාවදාවත් දිනපතා ගෙවෙන ගාස්තුව (Daily Serves Fee) කියන්නේ නැහැ. මසක කාලය ඉකුත් උනාම ඔක්කොම හරි කියලා අපි හිතන් ඉන්නේ. ප්‍රොමෝෂන් දෙන්න කතා කලාට අඩුම සේවාව ගැන කියන්න කෝල් එකක්වත් ගන්නේ නැහැ අපිට. මේක සක්‍රීයයි දිනපතා කැපෙනව අපහු සක්‍රිය කරන්න, නැත්නම් මුළු සේවාවම අකිර්ය කරන්න කියලා. මේක හංගපු හොර වැඩක්. කොහොම හරි උන්ගේ ඇප් එකෙන්ම එක බල ගන්න පුළුවන් උනා. තාම මන් වගේ කිදෙනේන්ක් මේ වගේ ගෙවන්න ඇද්ද. දැනටමත් ගෙවනවා ඇති ඔයාලා දන්නේ නැතුවම. ඒ ඇප් එකෙන් ඒ ඔක්කොම බලා ගන්න.

    මට උන දේ තව කෙනෙකුට නොවෙන්නයි මම මේක කිව්වේ. Dialog මෙච්චර හොර වැඩ තම පාරිබෝගිකයන්ට කරලත්, මම නම් තවම පාවිච්චිය කරන්නේ හැම තැනම හොදට වැඩ කරන නිසා. නැතුව වෙන හේතුවක් නැහැ. කාලකනි මේ වගේ අදහස් දෙන වැඩ කරන සීනියර් කළමනාකරණය උන්ට හෙන 7ත 14ක්ම වැදිලා විනසම වෙලා යන්න ඕනේ.
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මම නම් call/sms/internet ගන්නවා ඇරෙන්න වෙන කිසිම VAS/additional service එකක් ගන්නේ නැහැ. මේක ලංකාව බන්. බිස්නස් වල ethics නැහැ. ගූ 70යි
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    මම නම් call/sms/internet ගන්නවා ඇරෙන්න වෙන කිසිම VAS/additional service එකක් ගන්නේ නැහැ. මේක ලංකාව බන්. බිස්නස් වල ethics නැහැ. ගූ 70යි

    මාත් දැන් එහෙමයි. ඉල්ලන් කැවා, විදෙව්වා, දැන් සනීපයි. කාලකන්නි
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    In my opinion most of the companies don't tell all the conditions to customers
    Mobile providers, leasing companies etc..
     

    amalfun

    Well-known member
  • Jan 4, 2009
    2,106
    238
    63
    Borella Junction
    In my opinion most of the companies don't tell all the conditions to customers
    Mobile providers, leasing companies etc..

    රටේ නිතිය සල්ලි වලටද? සත්‍යටද? නඩු දාන්න ගියොත්, උන්ගේ දිග agreement එකක් පෙන්වයි. ඔය දිග agreement කියෙන් කි දෙනාද, හරියට කියවලා අත්සන් කරන්නේ. ඉතින් අපිටම තමා කෙල වෙන්නේ.
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,225
    303
    83
    Mobitel eketh ochcharama thama... danneth nethuwa eka eka ewa activate wenawa.

    masa ganakata passe detail bill ekak dekkama thamai dekke.

    mokakda magulak activate karala kiyala. (e service eke nama meter ne) mama use krpu ekakuth nemei.

    maseta 68k kepila.. mn total bill eka balala pay krna nisa ganak une ne.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    Ube waradda machan. Awrudu 4k thisse uba pol gawada? Dialog witharak newe hama network ekakma ohoma thamai. Deyak pawichchi karanakota unge terms and conditions gana awabodayen wada karanna. Ubata agillen anala deactivate karanna kiyala unta kiyanna kisima uwamanawak na uba danaganna oone hama ekakma agillen ana ana hoyala balanna
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,856
    2
    115,868
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සැරයක් රු50ක card එකක් දැම්මම හැරෙන තැපෑලෙන් රු40ක් වගේ ගානක් කැපෙනව,තුන් පාරක් විතර ඕක උනා,notification එන්නෙත් නෑ මොකටද කැපුනෙ කියල,පස්සෙ මම උන්ට email එකක් දැම්මම මොකක්ද ඉන්දියන් මගුලක් ඇක්ටිවේට් වෙලාලු Hungama Music කියල..මට 100% ෂුවර් ඔහොම මගුල්,Apps ඇක්ටිවේට් කරන්නෙ නෑ කියල..උන් හොරෙන් ඕව කරන්නෙ :dull: