මොකක්ද මේ Univotec ?
මෙම ලිපිය ලිවීමේ මුලික අරමුණ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ගැන බොහෝ සාවද්‍ය මත නිරන්තරයෙන් කතා බහට ලක් වීමයි. අනෙක් අතට සිසුන් බොහොමයක් මේ පිළිබඳව නොදැන සිටීම නිසා ඔවුන්ට හිමි විය යුතුව ඇති බොහෝ වටිනා උසස් අධ්‍යාපන අවස්ථාවක් ඔවුන් විසින් අහිමි කර ගැනීමයි. ඇතැම් විටක ඇතැමුන් විසින් වෛරීය ස්භාවයෙන් සාවධ්‍ය තොරතුරු මේ පිළිබඳව පැතිරීමට කටයුතු කරන බව සුලබව දැකිය හැකි දෙයක් බවට පත්ව තිබේ.
Univotec යන නාමයත් සමග බොහෝ දෙනා සිතන්නේ මෙය අර්ධ රාජ්‍ය හෝ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් බවයි. මෙහි Univotec යන නාමයෙන් සංකේතවත් කරනුයේ Un-Uniiversity of Vo- Vocational Tec- Technology මිස අනෙකක් නොවේ. කෙසේ නමුත් මෙලෙස ඇති වන අක්‍රමිකතා නිසා Univotec යන්න UoVT ලෙස කරලියට ගෙන ඒමට වර්තමානයේ කටයුතු කරමින් සිටි.
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ( University of Vocational Technology ) 2008 පාර්ලිමේන්තු පනත් 31 යටතේ පිහිටුවන ලද මේ වන විට තරුණ කටයුතු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යංශය යටතේ පවතින තවත් රාජ්‍ය විශ්ව විද්‍යාලයකි. එනම් 100% රජයේ විශ්ව විද්‍යාලයකි.
මෙම විශ්ව විද්‍යාලය පිහිටුවීමේ මුලික අරමුණ වුයේ ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටම් 05/06 (NVQ 05/06) සම්පුරණ කරන ලද සිසුන්ට NVQ 07 එනම් උපාධි මට්ටම සපිරිමටයි. 2016 වසරේ සිට NVQ සාමාර්තයන්ගෙන් ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා අදාළ අධ්‍යයන වර්ෂයකදී උසස් පෙළ සමතුන්ගෙන් Z අගය මත සහ අභියෝගතා පරීක්ෂණයක් මගින් සිසුන් බඳවා ගැනීමේ කටයුතු සිදු කරන ලදී. එය උසස් පෙළ සමතුන් ලද අගනා අවස්ථාවක් බව පැහැදිලිවම සඳහන් කල යුතුව ඇත.
වෘත්තීය තාක්ෂණ විද්‍යාලය මේ වන විට බොහෝ පහසුකම් වලින් සමන්විත උපරිම ගුණාත්මක බවකි යුතු සුන්දර පරිසරයක පිහිටි රාජ්‍ය විශ්ව විද්‍යාලයක්.
එමෙන්ම අධ්‍යයන වර්ෂයකට අදාලව උසස් පෙළ ප්‍රතිපල පැමිණීමත් සමගම කඩිනමින් අයදුම්පත් කැඳවා කඩිනමින් පාඨමාලා අරම්බව වන සුලුතරයක් රාජ්‍ය උසස් අධ්‍යාපන ආයතන අතර වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ද ඇති බව සඳහන් කල යුතු වේ.
මේ වන විට ඉහළ පහසුකම් වලින් සමන්විත රාජ්‍ය විශ්ව විද්‍යාලයක් ලෙස වෘත්තීය තාක්ෂණ විද්‍යාලය රාජ්‍ය විශ්ව විද්‍යාලයන් අතර ඇති මෙම විශ්ව විද්‍යාලය හරහා ඔබට තාක්ෂණවේදී උපාධි (Btec) ලබා ගැනීමේ හැකියාව තිබේ.
වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල සිසුන් වර්තමානයේ බොහෝ ක්ෂේත්රයන් ඔස්සේ දස්කම් දක්වමින් සිටින අතර ආසන්නව තාක්ෂණ අංශයේ ඔවුන් ලබා ගත තවත් ජයග්‍රහයක් වන්නේ ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයෙන් පවත්වන ලද “Robot Battle 2018” වැඩමුළුවේ පළමු , තෙවන සහ සිව්වන ස්ථාන ඔවුන් විසින් හිමි කර ගැනීමයි.
ඔබ 2018 උසස් පෙළ සාමර්තයෙක් නම් ඔබ උසස් පෙළ හැදෑරු විෂය ධාරාවන්ට අනුරුපව පහත පාඨමාලා සඳහා අයදුම් කිරීමේ හැකියාව තිබේ,
1. B. Tech. in Mechatronics Technology - ඉංජිනේරු තාක්ෂණවේදය
2. B. Tech. in Building Services Technology - ඉංජිනේරු තාක්ෂණවේදය
3. B. Tech. in Manufacturing Technology - ඉංජිනේරු තාක්ෂණවේදය
4. B. Tech. in Food Process Technology - ජීව පද්ධති තාක්ෂන්වේදය / ජීව විද්‍යාව
5. B. Tech. in Software Technology – ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්
6. B. Tech. in Multimedia & Web Technology – ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්
7. B. Tech. in Network Technology - ICT ඇතුලත් ඕනෑම විෂය ධාරාවක්
8. B. Tech. in Industrial Management - වාණිජ / ඉංජිනේරු තාක්ෂණවේදය / භෞතීය විද්‍යාව
9. B. Tech. in Construction Technology & Resource Management - ඉංජිනේරු තාක්ෂණවේදය
10. Bachelor in Education in English Language Training – උසස් පෙළ ඉංගිසි සඳහා සාමාන්‍ය සාමාර්ථයක් හෝ සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි සඳහා සම්මාන සාමාර්ථයක්
11. B. Tech. in Media Arts Production Technology - සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයනය ඇතුලත් ඕනෑම විෂ ධාරාවක්
2017 අධ්‍යයන වර්ෂයේ සිට ඇතැම් විෂය ධාරාවන්ගෙන් උසස් පෙළ සාමර්තයන්ට අයදුම් කිරීමට තිබු පාඨමාලා යම් ප්‍රමාණයක් කප්පාදු කිරීමකට කටයුතු කර ඇති බවද සඳහන් කල යුතුව ඇත.
ඔබ NVQ( හෝ සුදුසුකම් )හරහා උපාධිය සම්පුර්ණ කිරීමට බලාපොරාත්තු වන අයෙක් නම් ඒ සඳහා මාර්ගය මෙසේය,
හැදෑරීමට අදහස් කරන උපාධි පාඨමාලාවට අනුරුප වන,
1. NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්
2. අදාල ක්ෂේත්රයන්ගේ HNDE , HNDQS , HNDA , NDT , NDES , NDET හෝ සමාන සුදුසුකමක්
3. තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් අනුමත කරන NVQ 05,06 මට්ටම් වලට සමාන වෙනත් සුදුසු කමක්.
ඉහත පරිදි ඔබ සුදුසුකම් සැපිරිය යුත්තේ පහත දක්වා ඇති උපාධි පාඨමාලාවන් ඉදිරියෙන් දක්වා ඇති ක්ෂේත්රයන් ඔස්සේ වේ.
1. B.Tech. in Mechatronics Technology - මෙකාට්‍රොනික් , විදුලි , විද්‍යුත් , යාන්ත්‍රික , නිෂ්පාදන සහ මෝටර් රථ තාක්ෂනය , ජෛව විද්‍යාව
2. B. Tech. in Building Services Technology - ඉදිකීරිම් , සිවිල් , යාන්ත්‍රික , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , ගොඩනැගිලි සේවා , විද්‍යුත් හා සන්නිවේදන.
3. B. Tech. in Manufacturing Technology - නිෂ්පාදන , මෙකාට්‍රොනික් , ශීතකරණ හා වායු සමීකරණ , යාන්ත්‍රික , මෝටර් රථ තාක්ෂනය , පෑස්සුම් , ෆාම් යන්ත්‍රෝපකරණ , රසායනික හා බහු අවයවික තාක්ෂණ
4. B. Tech. in Food Process Technology - ආහාර තාක්ෂනය , කෘෂිකර්මය , සුපවේද , පශු සම්පත් , සහ කිරි නිෂ්පාදන , අහාර තත්ත්ව සහ ආහාර රසායන විද්‍යාව
5. B. Tech. in Software Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
6. B. Tech. in Multimedia & Web Technology - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
7. B. Tech. in Network Technology - - තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය , විදුලි සංදේශ
8. B. Tech. in Industrial Management Technology - ඕනෑම තාක්ෂණික හෝ වෘත්තීය ක්ෂේත්රයක්
8. B. Tech. in Film & Television Production Technology (සති අන්ත) - සිනමා , ටෙලිවිෂන් , වීඩියෝ නිෂ්පාදන , ඩිජිටල් මාධ්‍ය තාක්ෂනය
9. B. Tech. in Quantity Surveying - ප්‍රමාණ සමීක්ෂණ
10. B. Tech. in Construction Technology and Resource Management - ඉදිකිරීම් තාක්ෂනය
11. B. Tech. in Media Arts Production Technology(සතියේ දින) - ජන මාධ්‍ය නිෂ්පාදන , සන්නිවේදන , මුද්‍රිත , රේඩියෝ , සිනමා , ටෙලිවිෂන් , ශ්‍රව්‍යදෘශ්‍ය මාධ්‍ය , නව මාධ්‍ය , ජනමාධ්‍යවේදය හෝ විශ්වවිද්යාලිය අධ්‍යයන සබාව මගින් පිළිගන්නා සුදුසුකම් සහිත පාසල් අධ්‍යාපනය හෝ පිළිගත් ආයතන වල සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යයන විෂය ඉගැනිවිම.
12. BACHELOR OF HOTEL MANAGEMENT (New) - Hospitality Management හෝ Hotel & Tourism NVQ 05 හෝ ඉහළ සුදුසුකමක්, තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාවේ ලියාපදිංචි පුහුණු ආයතන හෝ විශ්වවිද්‍යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගන්නා විදේශීය ආයතන මගින් පිරිනමනු ලබන , Hotel & Tourism ක්ෂේත්රයේ අවම වශයෙන් එක් අවුරුදු පුර්ණ කාලින හෝ ඊට සමන අර්ධ කාලින සුදුසුකමක් සහ තරු 03 හෝ ඉහළ හෝටලයක අවම වශයෙන් වසර දෙකක පළපුරුද්ද
13. Bachelor of Education in Technology (B. Ed. Tech) - අදාල ක්ෂේත්රයන්ගේ NVQ 05 හෝ ඉහල සුදුසුකමක් , අදාල ක්ෂේත්රයන්ගේ HNDE, NDT, NDES, NDET, NDICT සුදුසුකමක් , ත්රිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව NVQ 05/06 සමාන ලෙස පිළිගන්නා සුදුසුකමක් , ඉහත ක්ෂේත්රයන්ට අදාලව විශ්වවිද්‍යාලයිය අධ්‍යන සබාව මගින් පිළිගනු ලබන ජාතික අධ්‍යාපන පීටයන්හි ලබා දෙන පුහුණුව යටතේ ජාතික අධ්‍යාපන ආයතනය මගින් පිරිනමනු ලබන ඩිප්ලෝමාවක් ( ඉහත සුදුසුකම් සපිරීමෙන් පසු එම ක්ෂේත්රයන්ගේ කර්මාන්ත හා ඉගැන්වීම් පිළිබඳව අවම වශයෙන් වසරක පළපුරුද්දක් ඇති අයදුම් කුවන්ට ප්‍රමුඛතාව හිමි වේ.)
14. Bachelor of Education in English Language Teaching (B. Ed. ELT) - තෘතික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සබාව මගින් පිළිගන්නා ඉංග්‍රීසි හා අධ්‍යාපනය පිළිබඳව NVQ 05 සුදුසුකමක් , HNDE(English) , ජාතික අධ්‍යාපන ආයතනය මගින් අධ්‍යාපන පීට වල පවත්වනු ලබන ඉංගිසි භාෂාව ඉගැනිවිම පිළිබඳව ජාතික ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ Univotec මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම පිලිබඳ ජාතික පුහුණු තාක්ෂණ ඩිප්ලෝමාව , ශ්‍රී ලංකා උසස් කාර්මික ආයතනය මගින් පිරිනමනු ලබන ඉංග්‍රීසි භාෂාව පිළිබඳව උසස් ජාතික ඩිප්ලෝමාව , අධ්‍යාපන අමාත්‍යංශයේ ඉංග්‍රීසි පුහුණු ගුරු සහතිකය , ශ්‍රී ලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය හෝ Univotec මගින් පිරිනැමූ ඉංග්‍රීසි භාෂාව පිළිබඳව ඩිප්ලෝමාව සහ විශ්වවිද්‍යාලයිය සබාව මගින් පිළිගනු ලබන ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම ඇතුලත් වන සදුසුකම් සහතිකයක්.
ඔබ මේ වන විට ඉහත සුදුසුකම් සපුරා නොමැති නම් හෝ පසුකාලීනව ඉහත උපාධිපාඨමාලාවන් හැදෑරීමට බලපොරත්තු වන්නේ නම් ඊට අදාල NVQ 05/06 පාඨමාලාවන් යම් ප්‍රමාණයක් කාර්මික විද්‍යාලන්හි මේ වන විට ගැසට් කර තිබේ. එම පාඨමාලාවන් සඳහා අයදුම්පත්‍ර බාර ගන්නා අවසන් දිනය 2019/01/18 වේ. කඩිනමින් අයදුම්පත් ඒ සඳහා යොමු කරන්න. පොස්ටුවේ අවසානයේ දක්වා ඇති සබැඳියෙන් ඔබට එම පාඨමාලා පිලිබඳ 2018/12/21 ගැසට් පත්‍රය ලබා ගත හැක
Univotec 2019 අධ්‍යයන වර්ෂය සඳහා මේ වන විට අයදුම් පත් කැඳවා ඇති අතර අයදුම් පත් බාර ගන්නා අවසන් දිනය 2019 ජනවාරි 25 වේ. ඔබ මේ වන විටත් වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාල ගැන හෝ එම පාඨමාලා ගැන නොදැන සිටියේ නම් දැන් ඔබට අදාල පාඨමාලා සඳහා අයදුම් කිරිමේ හැකියාව තිබේ
source - Shaggy Bro FB page
මේක මගේ පලවෙනි ත්‍රෙඩ් එක. කාටහරි වැදගත් වෙයි කියලා හිතලයි Facebook එකෙන් අරන් දැම්මේ


