විශාකා

kingkusa

Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    විශාකා සිසුවියගේ ඉංග්‍රීසි ‘A‘ එක වංචා කළ විභාග දෙපාර්තමේන්තුව අධිකරණයේදී කුජීතවෙයි.
    January 20, 2019
    සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට ඒ සාමාර්ථයක් ලැබිය යුතුවූ සිසුවියකට බී සාමාර්ථයක් ලබාදී සිදුවූ වරද හරිගස්සන්ට විභාග දෙපාර්තමේන්තුව නොකැමතිවීම නිසා වසර 4 ක් තිස්සේ නඩු කියා එය නිවැරදි කරවාගත් සිසුවියක හා මවක පිළිබඳ විරල පුවතක් පසුගියදා වාර්තා විය.
    කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලැබූ එම්ඩීකේ සඳමිණි වීරසිංහ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 8 ක් හා බී සාමාර්ථ එකක් ලබා ති​බු අතර
    ඇයට බී සාමාර්ථය හිමිව තිබුනේ ඉංග්‍රීසි විෂයටයි. මෙම ප්‍රතිඵලය ඇයට අදහාගන්නට බැරිවූයේ එම විෂය ඇය ඉතා විශ්වාසදායි ලෙස ඒ සාමාර්ථයක් ලබන්නට හැකි මට්ටමින් විභාගයේදී පෙනී සිටි නිසයි. විභාගයට ආසන්නව ඇය පෙනී සිටි පාසලේ වාර විභාග වලදී ලකුණු 80, 99 හා 86 ලෙස ඉංග්‍රීසි විෂයට ඇය ලකුණු ලබා තිබූ අතර සාපෙළදී ඒ 9 ක් ලබාගැනීමේ අරමුණකින් වැඩ කළ ඇයට ලැබුණ ප්‍රතිඵලය ගැන ඇයත් ඇගේ ගුරුවරුන් මෙන්ම දෙමාපියනුත් කනස්සල්ලට පත් විය. මෙම ප්‍රතිපලය වැරදි එකක් විය හැකි බවට ඇගේ මව අධ්‍යාපන අමාතයංශයට අභියාචනයක් ඉදිරිපත්
    කර තිබුනේ මෙයින් පසුවයි.

    නමුත් ඇයගේ පාර්ශ්වය අපේක්ෂා නොකළ පරිදි ප්‍රතිඵලය නිවැරදි බවත් අත්වැරැද්දක් සිදුව නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දන්වා තිබූ අතර එම වසරේ ඒ සාමාර්ථය නිර්ණය කළේ ලකුණු 72 හෝ ඉහළ අයට බවත් සඳමිණිට ලැබී ඇත්තේ ලකුණු 71 ක් බවත් දන්වා තිබුණි.

    කෙසේ වෙතත් එම තොරතුරෙන් සෑහීමකට පත්වන්නට දෙමාපියන්ට සිදුවන තත්වයක් ලංකාවේ තිබෙන අතර එවැනි දෙයක් ගැන නැවත ප්‍රශ්න කරමින් නඩු මගට පිවිසීම දුෂ්කර මෙන්ම කාලය කාදමන කටයුත්තක් බවටද පත්ව තිබුණි. අනෙක් අතට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි බී එකක් ලබාගැනීමේ මේ කියන සාමාර්ථය ඇගේ අනාගතයට කිසිලෙසකින් හෝ බලපාන ගැටලුවක්ද නොවීම මත එය අත්හැරිය යුතු කාරණාවක් බවට පත්කර තිබුණි.

    නමුත් සඳමිණි වීරසිංහත් ඇගේ මවත් මෙය හුදෙක් තමන්ගේ සිද්ධියක් කර නොගෙන වෙනත් කාහට හෝ සිදුවිය හැකි අසාධාරණයක් නිසා ඒ වෙනුවෙන් සටන් වැදුණාය. ඔවුන් සැකකළේ ඇගේ පිළිතුරු වලට ලකුණු එකතු කිරීමේ කිසියම් ගැටලු කාරී තත්වයක් මෙහි තිබෙන්නට ඇති බවයි.
    අධ්‍යාපන අමාත්‍යංශයෙන් සාමාන්‍ය පෙළ විභාගයක් අවසන් වූ පසු පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයෙන්ද සඳමිණිට ලැබී ඇත්තේ බී සාමාර්ථය බව දන්වා තිබූ නමුත් එම පිළිතුරු පත්‍රය නරඹා ලකුණු දුන් අයුර විමසීමේ අවස්ථාව දෙමාපියන්ට ලබාදෙන්නෙ නැත.

    නමුත් ඇය මවත් සමග නීතිඥ උපදෙස් මත මානව හිමිකම් නඩුවක් ගොනු කළ අතර එම අවස්ථාවේ උසාවි නියෝග මත පිළිතුරු පත්‍ර ලකුණු ලබාදී ඇති පිලිවෙල විමසීමට හැකි විය. එහිදී අනාවරණය වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඇය බොහෝ උත්තර නිවැරදි ලෙස සපයා තිබෙන බවයි. නමුත් ගැටලු සහගත කාරණාව ලෙස පෙනී ගියේ එසේ පිළිතුරු සැපයූ ඇයට රචනාවට ලබාදී ඇත්තේ 15 න් 0 ක් වීමයි. ඒ නිසා ඇයගේ මුළු ලකුණු ගණන 71 ක් වී ඇත. රචනාව නැතිව සැලකීමේදී ඇය 85 න් 71 ක් ලබා තිබියදී රචනාවේ ලකුණු සියල්ලම අහිමිවීම සැකයට කාරණාවක් බව ඇයගේ පාර්ශ්වයේ නීතීඥයින් පෙන්වා දෙන ලදි.

    ඇතැම් විට 15 න් 10 ක් ලබාදී තිබෙන උත්තර පත්‍රයෙහි සටහන් දෝෂයක් නිසා 15 න් 0 එකතුවූවාදැයි සැකයක්ද පැන නැගී තිබුණි. කෙසේ වෙතත් ඇයගේ රචනාවට ලැබෙන්නේ 15 න් 0 ම බවත් ඒ ගැන කතාකිරීමෙන් පලක් නැති බවත් එවක විභාග කොමසාරිස්වරයා දන්වා ඇත. මේ නිසා මානව හිමිකම් නඩුවටද අධ්‍යාපන අමාතයංශය බුරුලක් ලබා නොදුන් අතර එය අසාර්ථක විය.

    ඒ අනුව සඳමිණි හා මව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කළේ සිදුව ඇති අසාධාරණය කෙසේ හෝ නිවැරදි කළ යුතු බැවිනි. 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගැන නඩුව ගොනු කළ ඇයට වසර 4 කට පසු 2019 දී පසුගිය සතියේ සාධාරණය ඉෂ්ට විය. එහිදී ත්‍රිපුද්ගල විනිසුරන් කියා සිටියේ රචනාවට ලකුණු ලැබිය යුතු බවයි. එයට එක ලකුණක් ලැබූ සැණින් ඇයගේ බී සාමාර්ථය ඒ එකක් වීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව ඉදිරියේදී එය විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇත. ඇගේ එම එක ලකුණ වෙනුවෙන් 2014 සිට 2019 තෙක වසර 5 ක් පුරා අරගලයක නිරතවන්නට ඇයටත් මවටත් සිදුවිය.

    මේ කාලයේදී ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා උසස් පෙළ විභාගයද ඉහලින් සමත්වූ සඳමිණි රුහුණු විශ්වවිදයාලයේ පාඨමාලාවකට සුදුසුකම් ලබා තිබෙන අතර පුද්ගලික විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා අංශයේ පාඨමාලාවක්ද හදාරමින් සිටී. නඩු විභාගය ජයගත් පසු සඳමිණිගේ මව අදහස් දක්වමින් කියා සිටියේ තමන් සටන් වැදුනේ මෙරට සමස්ත දෙමාපියන් වෙනුවෙන් බවයි.
     
    • Like
    Reactions: richlife

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    මේ නඩු තීන්දුව නිසා re correction ක්‍රමවේදය වෙනස් කිරීමට සිදු වේවි. දැනට සිදු කරමින් ඉඳලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය නැවත පරීක්ෂා කිරීමක් නොවෙයි. ලබා දී ඇති ලකුණු නැවත එකතු කර බැලීමක් පමණයි. නමුත් මේ නඩු තීන්දුව නිසා මීට පසු re correction කිරීමේදී මුළු ප්‍රශ්න පත්‍රයම මුළුමනින්ම නැවත පරීක්ෂා කිරීමට (ඇත්ත වශයෙන්ම මුදල් ගෙවන්නේ ඒ සඳහා මිසක් තත්පර කීපයකින් ලකුණු එකතුව හරිද කියා බලන්න නොවෙයිනේ ) සිදු වේවි. මේ නිසා සමහර විට අය කරන මුදල ඉහල දමාවි.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83

    Ithin balanna re correction ekedi ekathu karapu lakunu tika newatha ekathu karalath papers wala marks wenawanam, paper ekama aapahu baluwoth kochchara wenas weyida?
     
    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මේ නඩු තීන්දුව නිසා re correction ක්‍රමවේදය වෙනස් කිරීමට සිදු වේවි. දැනට සිදු කරමින් ඉඳලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය නැවත පරීක්ෂා කිරීමක් නොවෙයි. ලබා දී ඇති ලකුණු නැවත එකතු කර බැලීමක් පමණයි. නමුත් මේ නඩු තීන්දුව නිසා මීට පසු re correction කිරීමේදී මුළු ප්‍රශ්න පත්‍රයම මුළුමනින්ම නැවත පරීක්ෂා කිරීමට (ඇත්ත වශයෙන්ම මුදල් ගෙවන්නේ ඒ සඳහා මිසක් තත්පර කීපයකින් ලකුණු එකතුව හරිද කියා බලන්න නොවෙයිනේ ) සිදු වේවි. මේ නිසා සමහර විට අය කරන මුදල ඉහල දමාවි.

    agreed
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකෝ අපි S වලට සතුටු වුනා. ලද දෙයින් සතුටු වෙන්න දන්නැති කෙල්ලෙක් :baffled:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    මම හිතන්නෙ ඕව ඔහොම වෙන්න ඕන
    වෙන රටවල බොහොම පොඩි දේවල් වලට මිනිස්සු ඒ ඒ වගකිවයුතු ආයතන එක්ක නඩු කියනවා මේ ලංකාවෙ කරන කෙනාටත් අනම් මනම් කියන එක තමයි වෙන්නෙ
    ඔහොම වෙන්න වෙන්න තමයි හැම දේම සාධාරනව වෙන්නෙ
    දැන් ඕක ඇදිලා ආපු නිසා ඊලගට ප්‍රශ්න පත්‍ර බලද්දි 0.01%ක හරි ප්‍රගතියක් වෙනවා
     
    • Like
    Reactions: kingkusa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1

    ලංකාවේ හරි වෙනස්.

    නඩු කියනව ට වඩා පරාජය බාරගෙන ඉක්මනට ඉවර කරගන්න එකයි කරන්නේ. මොකද මේ කාලාකණ්ණි රටේ නඩුවක් අහන එක කිසි පිලිවෙලක් නැහැ. උසාවිය කියන්නේ තනිකරම කාලය කා දමන place එකක්. Justice එක බල්ලට ගිය දෙන් මිනිස්සුන්ට එදිනෙදා ජීවිතේ වැඩ කොච්චර තියෙනවද පාළු වෙන නිසා ඉක්මණට ඉවර කරගෙන යන්න තමයී බලන්නේ ලොකු case එකක් හැරෙන්න.

    ගල් යුගයේ level එකට තියෙන්නෙ උසාවි. අඩු ගානේ දැං අහන නඩු අංකය display කරන්නේ නෑ boad එකක් දාලා. ඊළඟ නඩු අංකය ඉස්සරහට අහන ඒවා. කල් දාන ඒවා ඕන තරං කල් තියා කියන්න පුළුවන්. නමුත් නිකරුණේ උදේ ඉඳන් ගිහිං බලාගෙන හවසට නඩුව කල් දානවා කියලා අහගෙන ඉඳලා ගෙදර එන්න වෙන්නේ.

    ඔය system හැදෙන්නෙ නෑ නඩු ඉස්සරහට පස්සට ගන්න එකා ලිස්ට් එකේ හදන්න එතැන පගාව ගන්නවා. මෙලො රහක් නෑ ඉතින්.

    ඕවා හැදුනොත් නම් අපිට නඩු කියන්න ඕන තරං හේතු තියෙනව නැතුව නෙමෙයි. වෙලාවක් නැති එකයි ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: kingkusa

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ නඩු තීන්දුව නිසා re correction ක්‍රමවේදය වෙනස් කිරීමට සිදු වේවි. දැනට සිදු කරමින් ඉඳලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය නැවත පරීක්ෂා කිරීමක් නොවෙයි. ලබා දී ඇති ලකුණු නැවත එකතු කර බැලීමක් පමණයි. නමුත් මේ නඩු තීන්දුව නිසා මීට පසු re correction කිරීමේදී මුළු ප්‍රශ්න පත්‍රයම මුළුමනින්ම නැවත පරීක්ෂා කිරීමට (ඇත්ත වශයෙන්ම මුදල් ගෙවන්නේ ඒ සඳහා මිසක් තත්පර කීපයකින් ලකුණු එකතුව හරිද කියා බලන්න නොවෙයිනේ ) සිදු වේවි. මේ නිසා සමහර විට අය කරන මුදල ඉහල දමාවි.

    උං ඒක වරද්දල දාලා නම් හරිනම් උං තමයී අපිට වන්දි ගෙවන්න ඕන
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,553
    862
    113
    මේ නඩු තීන්දුව නිසා re correction ක්‍රමවේදය වෙනස් කිරීමට සිදු වේවි. දැනට සිදු කරමින් ඉඳලා තියෙන්නේ ප්‍රශ්න පත්‍රය නැවත පරීක්ෂා කිරීමක් නොවෙයි. ලබා දී ඇති ලකුණු නැවත එකතු කර බැලීමක් පමණයි. නමුත් මේ නඩු තීන්දුව නිසා මීට පසු re correction කිරීමේදී මුළු ප්‍රශ්න පත්‍රයම මුළුමනින්ම නැවත පරීක්ෂා කිරීමට (ඇත්ත වශයෙන්ම මුදල් ගෙවන්නේ ඒ සඳහා මිසක් තත්පර කීපයකින් ලකුණු එකතුව හරිද කියා බලන්න නොවෙයිනේ ) සිදු වේවි. මේ නිසා සමහර විට අය කරන මුදල ඉහල දමාවි.

    මේ කාලකන්නි ක්‍රමද්වේදයේ ගොදුරක් වෙලා අපි ඔක්කොම
    ළමයි කී දෙනෙක් හැලෙන්න ඇතිද මුන් නිසා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    na machan api fail karala thiyenne

    එහෙම පේල් කරන්නෑ බං :D පේල් වෙන්න යනව වගේ නං කොහොම කොහොම හරි එකතු කල්ල S එකක් දෙන්න බලනව :yes: A වගේ ගන්න ලියල තියෙනවනං තමා මං හිතන්නෙ තදේට බලනව ඇත්තෙ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    මේ කාලකන්නි ක්‍රමද්වේදයේ ගොදුරක් වෙලා අපි ඔක්කොම
    ළමයි කී දෙනෙක් හැලෙන්න ඇතිද මුන් නිසා

    ලංකාවේ අධ්‍යාපනය ඉස්කෝල ඔක්කොම කිසිම ප්‍රමිතියක් නෑ.
    ලමයින් ගෙ ඔළු විනාශ කරන. Creativity එක සම්පූර්ණයෙන්ම විනාශ කරන ගොං System එකක් ඕක.
    ඉස්කෝල ක්‍රමය නවත්තලා Internet හරහ මුළු ලෝකෙටම standard එකක් එක්ක ගෙදර ඉඳන් ඉගෙනගන්න school of thought වගේ cloud funded project එකක් තමයී හොඳම විසඳුම.
    මේ ඉස්කොලවල් වල ගුරුවරුන් ට වඩා ඉන්නේ පිස්සෝ