විශාකා

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ ඒ අම්මටයි දුවටයි වෙනම සම්මානයක් දෙන්න ඕනේ ඔච්චර කල් කැප කරපු කාලෙටයි වියදම් කරපු සල්ලි වලටයි..:shocked:
    ඔච්චර දක්ෂ ළමයෙකුගෙ රචනාවකට 15න් 0ක් වෙන්න කොහොමත් බෑනේ.. කොමසාරිසුත් මහා යකාගේ බුවෙක්.. ඒ ගැන කතා කරලා වැඩක් නෑ කියලා ලිස්සලා ගිහින්.:oo:
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඕකුන් ඔහොම කරලා ළමයි කී දෙනෙක්ගේ ජීවිතේ විනාස කරලා ඇද්ද? :(
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    යකෝ අපි S වලට සතුටු වුනා. ලද දෙයින් සතුටු වෙන්න දන්නැති කෙල්ලෙක් :baffled:

    අනේ උලමෝ. තෝ island rank දාල මේකේ ඇවිත් ගොනා සේ රඟනවා නේ අනිත් එවුන්ට කෙලවන්න. තොපි තමයි මිනිස්සු. :growl:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕකුන් ඔහොම කරලා ළමයි කී දෙනෙක්ගේ ජීවිතේ විනාස කරලා ඇද්ද? :(

    ඔව් නේ. A නැතුව B එකක් ආවාම ජීවිතේ මාර විදිහට විනාශ වෙනවනෙ :( පව් අසරණ ලමයි. :frown:
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපේ රටේ ඉන්නේ කාලකන්නි නිලදාරීන්. දැන් බලන්න මෙච්චර කේස් එකක් ගිහින් තියෙද්දිත් විභාග දෙපාර්තමේන්තුවේ ඉන්න වේ@ගේ පුතාල හිතන්නේ තමන්ගේ එක හරියට හරි කියල. හරි නම් ලියපු සිසුවියගේ අවසර මත මේ උත්තර පත්‍රය මාධ්‍යට දෙන්න ඕනේ. බලපු ගුරුවරයාගේ නම ප්‍රසිද්ධ කරන්න ඕනේ. ආයෙත් නොකරන්න.

    කොහොමත් අපේ උන් ප්‍රශ්න පත්තර බලන හැටි අපි දන්නවනේ. අපේ ගුරුවරුම කියල තියෙන්නේ ඒ කාලේ වෙලාව නැති උනාම මුල ප්‍රශ්න දෙක තුන බලල හොඳට කරලා නම් ඉතුරු ටික නොබලා ලකුණු දීගෙන දීගෙන යනවා කියල වෙලාව ඉතුරු කරගන්න.

    ප්‍රශ්න පත්තර බලන ගුරුවරුන්ටත් හොඳ මුදලක් ගෙවල ආණ්ඩුව දැනගන්න ඕනේ ක්‍රමවේදය හරියට හදන්න.







    විශාකා සිසුවියගේ ඉංග්‍රීසි ‘A‘ එක වංචා කළ විභාග දෙපාර්තමේන්තුව අධිකරණයේදී කුජීතවෙයි.
    January 20, 2019
    සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයට ඒ සාමාර්ථයක් ලැබිය යුතුවූ සිසුවියකට බී සාමාර්ථයක් ලබාදී සිදුවූ වරද හරිගස්සන්ට විභාග දෙපාර්තමේන්තුව නොකැමතිවීම නිසා වසර 4 ක් තිස්සේ නඩු කියා එය නිවැරදි කරවාගත් සිසුවියක හා මවක පිළිබඳ විරල පුවතක් පසුගියදා වාර්තා විය.
    කොළඹ විශාකා විදුහලේ ඉගෙනුම ලැබූ එම්ඩීකේ සඳමිණි වීරසිංහ 2013 වසරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ඒ සාමාර්ථ 8 ක් හා බී සාමාර්ථ එකක් ලබා ති​බු අතර
    ඇයට බී සාමාර්ථය හිමිව තිබුනේ ඉංග්‍රීසි විෂයටයි. මෙම ප්‍රතිඵලය ඇයට අදහාගන්නට බැරිවූයේ එම විෂය ඇය ඉතා විශ්වාසදායි ලෙස ඒ සාමාර්ථයක් ලබන්නට හැකි මට්ටමින් විභාගයේදී පෙනී සිටි නිසයි. විභාගයට ආසන්නව ඇය පෙනී සිටි පාසලේ වාර විභාග වලදී ලකුණු 80, 99 හා 86 ලෙස ඉංග්‍රීසි විෂයට ඇය ලකුණු ලබා තිබූ අතර සාපෙළදී ඒ 9 ක් ලබාගැනීමේ අරමුණකින් වැඩ කළ ඇයට ලැබුණ ප්‍රතිඵලය ගැන ඇයත් ඇගේ ගුරුවරුන් මෙන්ම දෙමාපියනුත් කනස්සල්ලට පත් විය. මෙම ප්‍රතිපලය වැරදි එකක් විය හැකි බවට ඇගේ මව අධ්‍යාපන අමාතයංශයට අභියාචනයක් ඉදිරිපත්
    කර තිබුනේ මෙයින් පසුවයි.

    නමුත් ඇයගේ පාර්ශ්වය අපේක්ෂා නොකළ පරිදි ප්‍රතිඵලය නිවැරදි බවත් අත්වැරැද්දක් සිදුව නැති බවත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දන්වා තිබූ අතර එම වසරේ ඒ සාමාර්ථය නිර්ණය කළේ ලකුණු 72 හෝ ඉහළ අයට බවත් සඳමිණිට ලැබී ඇත්තේ ලකුණු 71 ක් බවත් දන්වා තිබුණි.

    කෙසේ වෙතත් එම තොරතුරෙන් සෑහීමකට පත්වන්නට දෙමාපියන්ට සිදුවන තත්වයක් ලංකාවේ තිබෙන අතර එවැනි දෙයක් ගැන නැවත ප්‍රශ්න කරමින් නඩු මගට පිවිසීම දුෂ්කර මෙන්ම කාලය කාදමන කටයුත්තක් බවටද පත්ව තිබුණි. අනෙක් අතට සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි බී එකක් ලබාගැනීමේ මේ කියන සාමාර්ථය ඇගේ අනාගතයට කිසිලෙසකින් හෝ බලපාන ගැටලුවක්ද නොවීම මත එය අත්හැරිය යුතු කාරණාවක් බවට පත්කර තිබුණි.

    නමුත් සඳමිණි වීරසිංහත් ඇගේ මවත් මෙය හුදෙක් තමන්ගේ සිද්ධියක් කර නොගෙන වෙනත් කාහට හෝ සිදුවිය හැකි අසාධාරණයක් නිසා ඒ වෙනුවෙන් සටන් වැදුණාය. ඔවුන් සැකකළේ ඇගේ පිළිතුරු වලට ලකුණු එකතු කිරීමේ කිසියම් ගැටලු කාරී තත්වයක් මෙහි තිබෙන්නට ඇති බවයි.
    අධ්‍යාපන අමාත්‍යංශයෙන් සාමාන්‍ය පෙළ විභාගයක් අවසන් වූ පසු පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණයෙන්ද සඳමිණිට ලැබී ඇත්තේ බී සාමාර්ථය බව දන්වා තිබූ නමුත් එම පිළිතුරු පත්‍රය නරඹා ලකුණු දුන් අයුර විමසීමේ අවස්ථාව දෙමාපියන්ට ලබාදෙන්නෙ නැත.

    නමුත් ඇය මවත් සමග නීතිඥ උපදෙස් මත මානව හිමිකම් නඩුවක් ගොනු කළ අතර එම අවස්ථාවේ උසාවි නියෝග මත පිළිතුරු පත්‍ර ලකුණු ලබාදී ඇති පිලිවෙල විමසීමට හැකි විය. එහිදී අනාවරණය වූයේ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයේ ඇය බොහෝ උත්තර නිවැරදි ලෙස සපයා තිබෙන බවයි. නමුත් ගැටලු සහගත කාරණාව ලෙස පෙනී ගියේ එසේ පිළිතුරු සැපයූ ඇයට රචනාවට ලබාදී ඇත්තේ 15 න් 0 ක් වීමයි. ඒ නිසා ඇයගේ මුළු ලකුණු ගණන 71 ක් වී ඇත. රචනාව නැතිව සැලකීමේදී ඇය 85 න් 71 ක් ලබා තිබියදී රචනාවේ ලකුණු සියල්ලම අහිමිවීම සැකයට කාරණාවක් බව ඇයගේ පාර්ශ්වයේ නීතීඥයින් පෙන්වා දෙන ලදි.

    ඇතැම් විට 15 න් 10 ක් ලබාදී තිබෙන උත්තර පත්‍රයෙහි සටහන් දෝෂයක් නිසා 15 න් 0 එකතුවූවාදැයි සැකයක්ද පැන නැගී තිබුණි. කෙසේ වෙතත් ඇයගේ රචනාවට ලැබෙන්නේ 15 න් 0 ම බවත් ඒ ගැන කතාකිරීමෙන් පලක් නැති බවත් එවක විභාග කොමසාරිස්වරයා දන්වා ඇත. මේ නිසා මානව හිමිකම් නඩුවටද අධ්‍යාපන අමාතයංශය බුරුලක් ලබා නොදුන් අතර එය අසාර්ථක විය.

    ඒ අනුව සඳමිණි හා මව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට කටයුතු කළේ සිදුව ඇති අසාධාරණය කෙසේ හෝ නිවැරදි කළ යුතු බැවිනි. 2015 දී ශ්‍රේෂ්ඨාධිකරණයට මේ ගැන නඩුව ගොනු කළ ඇයට වසර 4 කට පසු 2019 දී පසුගිය සතියේ සාධාරණය ඉෂ්ට විය. එහිදී ත්‍රිපුද්ගල විනිසුරන් කියා සිටියේ රචනාවට ලකුණු ලැබිය යුතු බවයි. එයට එක ලකුණක් ලැබූ සැණින් ඇයගේ බී සාමාර්ථය ඒ එකක් වීමට නියමිත අතර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ප්‍රකාරව ඉදිරියේදී එය විභාග දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ඇත. ඇගේ එම එක ලකුණ වෙනුවෙන් 2014 සිට 2019 තෙක වසර 5 ක් පුරා අරගලයක නිරතවන්නට ඇයටත් මවටත් සිදුවිය.

    මේ කාලයේදී ජීව විද්‍යා අංශයෙන් උසස්පෙළ හදාරා උසස් පෙළ විභාගයද ඉහලින් සමත්වූ සඳමිණි රුහුණු විශ්වවිදයාලයේ පාඨමාලාවකට සුදුසුකම් ලබා තිබෙන අතර පුද්ගලික විශ්ව විද්‍යාලයක රසායන විද්‍යා අංශයේ පාඨමාලාවක්ද හදාරමින් සිටී. නඩු විභාගය ජයගත් පසු සඳමිණිගේ මව අදහස් දක්වමින් කියා සිටියේ තමන් සටන් වැදුනේ මෙරට සමස්ත දෙමාපියන් වෙනුවෙන් බවයි.
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    යකෝ ඔය වගේම තමයි F එන්නෙත්. මුන් මනුස්ස ශුක්‍රානු වලින් බිහිවෙච්ච උන්නම් වෙන්න බැහැ. මෙච්චරම අමානුෂික.





    ඔව් නේ. A නැතුව B එකක් ආවාම ජීවිතේ මාර විදිහට විනාශ වෙනවනෙ :( පව් අසරණ ලමයි. :frown:
     
    Last edited: