ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වාසය කළ ශ්‍රී ලාං

jupiter3000

Junior member
  • Jul 18, 2018
    53
    14
    18
    ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වාසය කළ ශ්‍රී ලාං

    ඕස්ට්‍රේලියාවේ පර්ත්හි වාසය කළ ශ්‍රී ලාංකික කාන්තාවක ඇගේ ශ්‍රී ලාංකික සැමියා විසින් ඝාතනය කර තිබෙන බව එරට පුවත්පත් වාර්තා කර තිබේ.
    පර්ත් උතුරු දිග Balga හි වාසය කළ 43 හැවිරිදි දර්ශිකා කුඩලිගම විතාන නමැති ගුරුවරියක මෙලෙස ඝාතනය වී තිබේ. පසුගිය ඉරිදා (3) මෙම සිදුවීමෙන් පසු තුවාල සහිතව රෝහල්ගත කිරීමෙන් පසු
    තම සැමියාගේ අමානුෂික පහරදීමට ලක්වූ බව ඇය රෝහලට පවසා ඇත.

    ඇයට ප්‍රතිකාර ලබාදුන්නත් මරණය වළකාගන්නට බැරිව ගිය බව වෛද්‍යවරුන් දන්වා සිටි බව පුවත් වාර්තාවේ දැක්වේ.

    ඇගේ ඝාතක සැමියා වූයේ උපේන්ද්‍ර පද්මසිරි ඉහළහේවාය. මෙම යුවළ "සතුටින් විවාහ වී" සිටි බව ඇගේ හොඳම යහළුවා යයි කියන කාන්තාවක පොලිසියට කටඋත්තර දී ඇති අතර ඔවුන් දෙදෙන අතර පැවති ප්‍රශ්න ගැන කිසිවක් දැන සිටියේ නැති බවද ඇය පවසා ඇත.

    "ඇත්ත වශයෙන්ම ඔවුන් සතුටින් සිටියා පර්ත්හිදී පසුගිය තුන් අවුරුද්ද එකට සිටියේ අප සමග සමීපව මෙය සිදුවිය නොහැකි දෙයක්" රුවන් වීරකෝන් නමැති මිතුරෙකු ඕස්ට්‍රේලියානු නිවුස්9 නාලිකාවට පවසා තිබුණි.
    ඉකුත් ඉරිදා ඝාතනයට ලක්වූ ඇයගේ දේහය මේ වනවිට මතුගම ප්‍රදේශයේ ගම්පලාත වෙත ගෙන ඒමට කටයුතු යොදමින් තිබෙන බවද වාර්තාවේ.
    පවුලේ අය හා මිතුරන් සිරුර ලංකාවට ගෙන ඒමට සූදානම් වෙමින් සිටියද, එය නිදහස් කිරීමට ටික දිනක් බලා සිටිය යුතු බව පැවසේ.

    අවුරුදු 43 ක් වයසැති ගුරුවරියක ලෙස කටයුතු කළ ඇය ඇගේ සැමියා වන උපේන්ද්‍ර ඉහලහේවා සමඟ වසර හතරක කාලයක් පර්ත්හි ගත කර තිබේ. ඊට පෙර ලංකාවේ ලයිසියම් හා හොරයිසන් ජාත්‍යන්තර පාසල් වල ශරීර සුවතා ගුරුවරියකලෙස ඇය කටයුතු කර ඇත.
    "උපේන්ද්‍ර සැමවිටම හොඳ සහ සන්සුන් හා නිස්කලංක පුද්ගලයෙක් මේ මරණය "විශාල අලාභයක්" ඔවුන් දෙදෙනාම ඉතාම මිත්‍රශීලීයි. මේ මරණය මහා ඛේදවාචකයක් මිතුරන් පවසා තිබේ.
    සිද්ධිය පිලිබඳ වැඩිදුර විමර්ශන සිදුවේ.
    සිද්ධියෙන් පසු මියගිය දර්ශිකාගේ සැමියා උපේන්ද්‍ර අත්අඩංගුවට පත්ව ඇත. ඔහු හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කර තිබෙන අතර පෙබරවාරි 11 වැනිදා ඔහුගේ ඊළඟ නඩුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තාවේ.