TV Derana becomes Sri Lanka’s first YouTube channel to hit 1 million subscribers

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    oxYBUQg.jpg

    ටීවී දෙරණ, යූ ටියුබ් සමාජ ජාල මාධ්‍ය අවකාශයේ මිලියනයක ග්‍රාහකයින් සංඛ්‍යාවක් සනිටුහන් කළ ශ්‍රි ලංකාවේ පළමු සහ එකම YouTube චැනලය බවට පත්ව තිබේ.

    ඒ අනුව අද වන විට වැඩිම YouTube ග්‍රාහකයින් පිරිසක් සිටින මෙරට YouTube චැනලය බවට ටීවී දෙරණ ප්‍රමුඛස්ථානය ගෙන අවසන්.

    “අපේ දේ රැකගෙන , අලුත් දේ අරගෙන“ යන්න තේමා කරගනිමින් මෙරට ප්‍රේක්ෂක හදවත් දිනා ගත් දෙරණ ගෙවුණු 13 වසර තුළදී රූපවාහිනී , ගුවන් විදුලි මාධ්‍යවලින් මෙන්ම අන්තර්ජාලය ඔස්සේද ජනතාව වෙත සමීප විය.

    මෙරට සිටින ප්‍රේක්ෂයින්ට රූපවාහිනියෙන් පමණක් ටීවී දෙරණ වැඩසටහන් නැරඹීමට තිබු අවස්ථාව තවදුරටත් පුළුල් කිරීමේ අරමුණෙන් 2012 වසරේ ජනවාරි මාසයේදී අන්තර් ජාලය ඔස්සේ ද ටීවී දෙරණ නැරඹීමට මෙම YouTube චැනලය හඳුන්වා දෙනු ලැබීය.

    ලොව පුරා සිටින ප්‍රේක්ෂක ජනතාව ඒ වටා රොක් වූ අතර එහි ප්‍රතිපලයක් ලෙස කෙටි කලක් තුළ ග්‍රාහකයින් ලක්ෂයක් එක් රැස් වීම නිසා YouTube ආයතනය පිරිනමන Silver Play Button සම්මානයද දෙරණ විසින් දිනා ගනු ලැබීය.

    ටීවී දෙරණ ඔස්සේ විකාශය වූ ටෙලිනාට්‍යය , රියැලිටි , කාලීන , සංගීතමය හා අධ්‍යාපනික ආදී වැඩසටහන් රැසක් YouTube චැනලය ඔස්සේ ප්‍රේක්ෂකයන් වෙත තවතවත් ළං වූ අතර එම ඇතැම් වැඩසටහන් සහ නාට්‍ය YouTube සමාජ ජාල මාධ්‍ය හරහා වාර්තාගත ජනප්‍රියත්වයක් අත්පත් කර ගත්තේය.

    මේ වන විට 13,000 කට අධික වීඩියෝ ප්‍රමාණයක් ටීවී දෙරණ YouTube චැනලයේ ඇතුලත් කර තිබෙන අතර එය මිලියන 847කට අධික වාර ගණනක් ග්‍රාහකයින් විසින් නරඹා තිබේ.

    එය කාලයක් ලෙස ගත් විට පුරා වසර 12,792ක වීඩීයෝ නැරඹුම් කාලයකට සමානයි.

    එසේම අද වන විට ටීවී දෙරණ YouTube නාලිකාවේ ඇති වීඩියෝ, එක් දිනක සාමාන්‍ය නැරඹුම් වාර ප්‍රමාණය ලක්ෂ 4ක ඉක්මවනු ලබයි.

    එහිදී YouTube ග්‍රාහකයින් විසින් නරඹනු ලබන වීඩියෝවල දෛනික නැරඹුම් කාලය වසර 25 කට සමාන වෙයි.

    මෙලෙස වසර 7 ක් වැනි කෙටි කාලයක් තුළ දී සිය ග්‍රාහකයින් සංඛ්‍යාව ක්‍රමිකව ඉහළ නංවා ගැනීමට සමත් වූ ටීවී දෙරණ YouTube චැනලය මිලියනයකට අධික ග්‍රාහක සංඛ්‍යාවක් ඉක්මවා යාමට සමත් විය.

    ඒ අනුව අද වන විට වැඩිම YouTube ග්‍රාහකයින් ප්‍රමාණයක් සිටින මෙරට පළමු සහ එකම YouTube චැනලය බවට ටීවී දෙරණ පත්ව අවසන්.

    ශ්‍රි ලාංකීය YouTube නාලිකාවක් ලෙසින් මිලියනයක ග්‍රාහකයින් පිරිසක් සාක්ෂාත් කර ගත් මෙම ඓතිහාසික අවස්ථාවේ දී මනුසත් දෙරණ විසින් ක්‍රියාත්මක කරන ලද ‘පැළ මිලියනයක්‘ සිටුවීමේ ව්‍යාපෘතියද සිය අරමුණ කරා මේ වනවිට ළඟා වී තිබේ.

    ඒ අනුව ‘පැළ මිලියනයක් සිටුවීමේ ‘ ව්‍යාපෘතියේ අවසන් අදියරේ මූලාරම්භය ඊයේ (11) පෙරවරුවේ සනිටුහන් කෙරුණු අතර එහිදී පැළ මිලියනයේ කඩඉම සඳහා ඉතිරිව තිබූ පැළ 12,000 ක ප්‍රමාණය , නිකවැරටිය රාජ්‍ය දැව සංස්ථා කාර්යාලය විසින් මනුසත් දෙරණ වෙත ලබා දෙනු ලැබීය.
     
    Last edited:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Matath oka eye meter una bn, eye dawal wage 1million panne,

    Game ekak gahuwoth elangata wasthilata 1M allanna puluwan