ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

yaluwa19

Member
Mar 10, 2019
18
2
0
ජිවිතේ ගොඩ එන්න උපදෙස් දෙන්න

සොරි වෙන්න ඕනේ මේක ෆේක් එකකින් දානවට.

මන් කිරියේ අවුරුදු ගානක ඉදන් ඉන්න ඉතා හොද රෙප් අගයක් තියෙන පරණ සාමාජිකයෙක්.

මගේ කතාව ඔරිජිනල් එකෙන් දාන්න තරම් මට ධෛර්යයක් නෑ.
ඒ නිසා ඔරිජිනල් අකවුන්ට් එක ගැන අහන්න එපා.


විනාඩි 2 ක් වෙන් කරලා මගේ කතාව කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.
මේක මගේ ඇත්තම ජිවිත කතාව.



මගේ වයස මේ අවුරුද්දට 27 ක් වෙනවා. මන් ඉන්නේ නුවර දිස්ත්‍රික්කයේ.ඉගෙනගත්තේ රටේ ප්‍රධාන පාසැලක.

හැබැයි ඒ O/L වෙනකන් විතරයි. ඒකට හේතුව මන් පොඩි කාලේ ඉදන් සැරින් සැරේ ලෙඩ වෙනවා.
ඒවා පොඩි පොඩි ලෙඩ උනත් ඒක මගේ ජිවිතේට සෑහෙන්න බලපෑවා. රෝහල් ගතවුණු වාර බොහොමයි. ඉස්කෝලේ ගිය දවස් ගානට වඩා නොගිය ගාන වැඩියි.

ඒ නිසා මට පාසැලේ ක්‍රීඩා, බාහිර ක්‍රියාකාරකම් කරන්න ආසාවක් තිබ්බත් කරන්න බැරිඋනා.
සමහර ඒවාට සහභාගී වෙන්න හැදුවත් පාසැලේ අනිත් ළමයි, ගුරුවරු මන් හැමතිස්සෙම ලෙඩ වෙනවා කියලා දන්න නිසා මාව ගත්තේ නෑ. මාව කොන්කලා. මගේ වයසේ අනිත් ළමයි එක්ක බලද්දී මගේ කායික ශකතිය ගොඩක් අඩුයි. පන්තියේ එවුන් මැර පාට් දැම්මම මන් පැත්තකට වෙලා බයගුල්ලෙක් වගේ හිටියා. මට පාසැල් කාලයේ කියලා කිසිම යාලුවෙක් හිටියේ නෑ.

මන් ඉගෙන ගන්න කැමැති එකෙක්. O/Lසාමානයෙන් හොදට පාස්. මන් A/L පන්තියට යන්න බෑ කිව්වම අම්මා , තාත්තා මට විරුද්ධ උනේ නෑ. එයාලට ඕන උනේ මට හොද කෝස් එකක් කරවලා රස්සාවකට දම්මන්න.

ඉතින් මාව ග්‍රැෆික් ඩිසයින් කෝස් එකකට දැම්ම. සතියට දවස් දෙකයි ක්ලාස් තිබ්බේ. ඒත් ඒකත් මට හරියට කරගන්න බැරිඋනා මන් ලෙඩ වුන නිසා. පස්සේ ඒක අතඇරලා වෙන තැනක ග්‍රැෆික් ඩිසයින් කොස් එකකට දැම්මා ඒකත් කරගන්න බැරිඋනා.

යාන්තම් ඊටත් පස්සේ දාපු කෝස් එක කරලා සහතිකේ ගත්තා. ඊටපස්සේ ජොබ් කීපයකටම ගියත් ඒ හැම එකකම දවස් 2,3 කට ඇරෙන්න හිටියේ නෑ.

ඊටපස්සේ අපි අදුරන කෙනෙක් කිව්වා ඉස්සරහට A/L පාස් එකක් තියෙන එක වටීවි කියලා. ඒ නිසා නිකන් S3 ක් ගන්න හරි කරන්න කියලා.
ඉතින් ලේසිම සබ්ජෙට් 3ක් තෝරාගෙන ගෙවල් ලගම ක්ලාස් 3කට ගිහින් අවුරුදු 24 දී A/Lකළා. ඒකත් එක සබ්ජෙට් එකක් ඇබ්සන්ට්. ඉතින් ඒකෙන් වැඩකුත් නෑ.

ඊටපස්සේත් ඉන්ටවිව් දෙක තුනකට ගියා. ඒත් ජොබ් එකට යන්න බැරිඋනා.
ගෙදර ඉදන් ඔන්ලයින් ජොබ් කරන්න උත්සාහ කළා ඒ හරිගියෙත් නෑ. තාමත් උත්සාහ කරනවා.

ඔහොම කාලේ ගෙවෙද්දී, මාත් එක්ක ඩිසයින් කෝස් එක කරපු කොල්ලෙක් මාත් එක්ක ගොඩක් ෆිට් එකේ හිටියා. මිනිහා විතරයි ජිවිත කාලෙටම මට හිටිය යාලුවා. ඌ බලෙන්ම වගේ මට කෙල්ලෙක්ව ජෝඩු කෙරෙව්වා.
මාත් ඉතින් මේ කෙල්ල නිසාවත් මට ගොඩ එන්න පුළුවන් වෙයි කියලා හිතලා කෙල්ලත් එක්ක යාලු උනා. සම්බන්දෙ මාස 3ක් විතර තිබුනේ. කෙල්ලට තේරුම් යන්නැති මාත් එක්ක එයාට අනාගතයක් නෑ කියලා.
ඉතින් මාත් එයාට සතුටින් සමුදුන්නා. හොදට ඉගෙනගන්න පුළුවන් ලස්සන කෙල්ලෙක්. එයාට මාව කොහොමත් සුදුසු නෑ. මන් තාමත් එයාට ආදරෙයි.

අන්තිමට කොහොමහරි ඒකෙනුත් උනේ මාව තවත් පල්ලෙහාට වැටුණු එකයි.

ඔහොම දිගටම මන් හැමදේකින්ම පරදිද්දී මට දැනුනා මේ ප්‍රශ්න නිසා දැන් මානසිකව මට ගොඩක් බලපාලා තියෙනවා කියලා. ඉතින් මානසික රෝග සම්බන්ධ ඩොක්ටර්ස් ලා කීපදෙනෙක් ගාවටම ගියා. ඒත් වැඩක් උනේ නෑ

මගේ දෙමාපියන් සල්ලිකාරයෝ නෙමේ. එදා වේල ගැටගහගෙන ජිවත් වෙන උදවිය. තාත්තාගේ පෙන්ෂන් එකෙනුයි, බැංකුවේ ඉතිරිව තියෙන සල්ලියෙනුයි තමයි අපි ජිවත් වෙන්නේ.
වැඩිමහල් සහෝදරයෙක් ඉන්නවා, එයානම් හොද රස්සාවක් කරනවා. කොලබ ඉන්නේ කුලී ගේක වයිෆ් එක්ක. බබෙකුත් ඉන්නවා. ඒ නිසා එයාට අපි ගැන හොයන්න විදියක් නෑ.
එයාගේ වයිෆ් අපිට උදව් කරනවට කැමතිත් නෑ.

මගේ වයසේ ඉස්කෝලේ උන් හොද ජොබ් කරනවා පිස්සු නට නට හිටපු එවුනුත්. සමහරු කසාද බැදලා ළමයිනුත් ඉන්නවා. ඉතින් මේවා දැකලා depressed වෙන නිසා මන් සෝෂල් මිඩියා වලින් ඈත්වෙලා ඉන්නේ.

මේ වෙනකොට මන් ගෙදරට වෙලා ඔහේ උඩ බලන් ඉන්නවා. අත්‍යවශ්‍යම දෙයකට විතරයි එලියට බහින්නේ. මිනිස්සු එක්ක කතාබහට යන්නේ නෑ. ගෙදරම තමා. කනවා බොනවා නිදියනවා. මන් ගොඩක් නින්දට ඇබ්බැහි වෙලා. මන් ඇත්ත ජිවිතේ ජිවත් වෙන්න කැමති නෑ වගේ දැනෙනවා.
බල්ලව හුරතල් කරනවා. ඉන්ටනෙට් එකේ මොනවහරි කරනවා, එලකිරියට එනවා, ටීවී එකේ මොනවහරි බලනවා, නිදියනවා.
ගෙදරින් මට ලොකු බලපෑමකුත් නෑ. ඒත් මන් දන්නවා දෙමාපියෝ හොදටම අසරණ වෙලා ඉන්නේ කියලා. දෙන්නටම 70 පැනලා


මේ ප්‍රශ්න නිසා මට මැරෙන්න හිතිච්ච අවස්ථා අනන්තයි. ඒත් මැරෙන්නවත් මට ධෛර්යයක් නෑ. දෙමාපියෝ මන් වෙනුවෙන් වෙන මහන්සිය දකිද්දී මන් කොහොමද මැරෙන්නේ..
වෙලාවකට මට හිතෙනවා මට ගොඩ එන්න පුළුවන් කියලා


මාත් කැමතියි අනිත් උන් වගේ ලස්සන ජිවිතයක් ගත කරන්න.
මාත් කැමතියි සමාජේ මිනිස්සු අතරට යන්න.


ඒත් මොකක්දෝ දෙයක් මාව පස්සට අදිනවා. අලුතින් පටන්ගන්න භයක් දැනෙනවා මගේ අතීතයම ෆේල් නිසා.
ජොබකට ගියත් එකදිගට වැඩකරන්න බැරිවෙයි කියල හිතෙනවා.



මේක උබලගෙන් ආතල් ගන්න දාපු ත්‍රෙඩ් එකක් නෙමේ. මට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු මේ අවුරුදු ගණනාවට මන් කිරියේ දැකලා තියෙනවා.

මගේ ප්‍රශ්නයත් උබලා තේරුම් ගනී කියලා හිතනවා.


පුලුවන්නම් මට උදව් කරන්න. මට ගොඩ එන්න උපදෙසක් දෙන්න. මට ජීවිතය ජයගන්න අවශ්‍යයි.



ස්තුතියි.



 
  • Like
Reactions: Nethmina459

Emios

Well-known member
  • Dec 10, 2009
    74,782
    66,974
    113
    Kandy wala data entry wage jobs tiyenawane.ewage ekakata penaganna berida
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    Macho jeewithe oma thamai...eka ekkenata lebena widiha wenas...samahara ayata lesi ewa lebenawa...samahara ayata (me api wage) katta kaala kaala goda giyoth misak nettan anaatha wena ewa lebenawa....eth jeewithe amaarukam walata muuna deela goda yana eka thamai niyama widihata jeewath wuna kiyala kiyanna puluwan...
    Oya wechcha dewal pettakata daanna....jeeiwtheta mona aawath muuna denawa kiyala hitha haiya karaganna....mama lokuwata eka gena kiyanna yanne ne...elakiriye mata wada owa gena hondata denamuthukam denna puluwan aya one tharam (eyala ewa kotan yai)
    Machan, gedara watta tikak thiyenawada? Orchids wagawa wage ekak karanna kemathi nedda (Nuwara nisa)? Eka Honda income ekak thiyena wedak...hebei muulika dhanaya tikak one....oka gena Peradeniya garden eke course ekak thiyenawa...one nam gihilla wisthara ahagena register wenna...me link eka balanna
    Me thamai Orchid (and Gerbera) walin lankaawe mama danna widihata wedima salli hoyana kena...me video walin adahasak ganna puluwan wei.
    Oya asaneepa wena nisa mata nam hithune swayan rekiyaawak wage ekak thamai godakma gelapenne kiyala...meka eka adahasak witharai....thawa mona hari oluwata aawoth passe kotannam...
    Machan hithen wetenna epa...Honda wash ekak daala, kema tikak kaala, me wage karanna puluwan dewal gena hithala plan ekak Gahanna, ekata ona karana weda karanna...ethakota hithe upset eka nikanma nethiwei...
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,953
    756
    113
    මෙහෙ තමා
    mekai bn boruwata ohoma thamai jiwithe ganna oni na .ube lede mokakda kiyala nam mn danne na .habai bn maranasanna ledak arenna katawath excuse ekak denna ba.job walata dawas 2y 3k inna uba monawage upadesak hope wenawada danne nam na.aduma gane bn gedara idan karana ekakwath ubata karanna puluwan.kakulak nathuwa ,katha karanna bari ape maamath apita kalin car ekak gattha.u kale ganu kenek allan poliayata dunna gamata.eka habai u hodata inna kale karapu job eke expereince ekai family thawa inna nisa safety ekai.thawa owage oni tharam dewal thiyei.ube dina charyawai elakiri eke hoda rep ganakui thiyei kiyanne uba maha kammaliyek wage idala thyenne.uba thamath try karanne kammalikamen salli hoyanna. adu gane ekawtah hariyata karapan.katahari article tikak liyawagena adsense site ekak hadan ekawath igenagnin.liyum kawara hari hadapan.wena karanna deyak na.ohoma thamai jiwithe kiyala ubath ehema thamai kiyala hithawnata akamathi nisa kiwwe.poddak moral wela minissu asharaya karala gemak gahaganin
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    uba graphic dannawanam freelancing karapanko.
    Graphic karana ewun hodatama salli hoyanawa
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මචෝ උඹේ ලෙඩේ මොකක්ද කියපන් කෙටියෙන්. ඒක තාම තියෙනවද කියන එකයි වැදගත්. ඒක අනුව බලමු උඹට මොකක්ද ගැලපෙන්නේ කියල.
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    uba graphic dannawanam freelancing karapanko.
    Graphic karana ewun hodatama salli hoyanawa
    :yes::yes:

    ෆුල් ටයිම් හොදට හිතට අරන් ෆ්‍රී ලන්සින් කරපන්. මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එක ගේමක් නෙමෙයි. සල්ලි ටිකක් අතට එනකොට, ජීවත් වෙන්න ආස හිතෙයි. දෙමාපියන්වත් බලා ගන්න පුලුවන් එතකොට.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,644
    2,338
    113
    :yes::yes:

    ෆුල් ටයිම් හොදට හිතට අරන් ෆ්‍රී ලන්සින් කරපන්. මාසෙට ලක්ෂයක් දෙකක් හොයන එක ගේමක් නෙමෙයි. සල්ලි ටිකක් අතට එනකොට, ජීවත් වෙන්න ආස හිතෙයි. දෙමාපියන්වත් බලා ගන්න පුලුවන් එතකොට.

    :yes::yes::yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,782
    66,974
    113
    Gedara inne normal ballekda?retriver wage ekekda?enan youtube eke asmr video channel ekak danna.ballata kema kawana.ewata mara views godak enawa.karanawanan kiyanna man montetized channel ekak dennan free.
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    :) උබට වෙලා තියෙන්නෙ උබ දන්නව මොනව නොකර හිටියත් උබට කොහොමහරි කන්න බොන්න ටික ලැබෙනව කියල, ඉතින් නිකන්ම ඉදලම උබ කම්මැලි කමටත් හොදටම පුරුදුවෙලා ඉන්නෙ මචං, දෙයක් කරන්න / දෙයක් පටන්ගන්න උබේ හිත ඇතුලෙ කිසිම Go එකක් නෑ, 100%ක් උබ හිතෙන් වැටිල ඉන්නෙ කරන කිසිම දෙයක් හරියන්නෙ නෑ කියල හිතලම. ගෙදරින් බලපෑමක් නැති නිසාත් උබ ඔය ඉන්න විදිය වෙනස් වෙන්නෙත් නෑ. උබ වෙනසක් කරන්න පෙලබෙන්නෙත් නෑ. උබ ඔහොම ඉදල හරියන්නෙත් නෑ, ඒක උබ හොදටම දන්නව, ඒත් හිතෙන් උබට කිසි දෙයක් උබ වෙනුවෙන් කරන්න ඉඩ දෙන්නෙත් නෑ මොකද උබ දැන් ඒ නිකන්ම ඉන්න පුරුද්දට හොදටම පුරුදු වෙලා ඉන්න නිසා. මචං. ඔහොම හැමදාම ඉන්න එපා.. උබත් කැමතියිනෙ උබේ වයසෙ අනිත් කොල්ලො වගේ දියුනු වෙලා ලස්සන ජීවිතයක් ගෙවන්න. ඒකට ඉසෙල්ලම හොද motivation එකක් හොයාගනින්, අලුතෙන් පටන් ගනින්, දෙයක් කරන්න කලින් එ දේ හරියයිද වැරදෙයිද කියල බය වෙලා ඒ දේ පටන් ගන්න එපා. උනන්දුව හිතට අරන් අනිවාර්‍යෙන් මේ දේ කරනවාමයි කියල හිතල ඒ දේ පටන් ගනින්. උබ්ව වෙනුවෙන් එක motivational story එකක් පහලින් දාගෙන යන්නම්.. අවන්කෙන්ම සුභ පතනවා උබේ දියුනුවට..! ජය..! :yes:

     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ගෙදරින් පිට වෙලා රස්සාවක් කරපන්. කොළඹ හරි වෙන කොහේ හරි. කොළඹ නෙමෙයි නම් හොඳයි.
    අලුත් පරිසරේක උඹව අඳුරන්නෙ නැති පැත්තක රස්සාවක් හොයාගෙන බෝඩිමක ජීවත් වෙයන්. ඔය මූසල ගතිය ඇරිල යනවා.
    27 කියන්නෙ අලුතින් පටන් ගන්න බැරි වයසක් නෙමෙයි මචන්. ගෙදර ඉන්න එපා, ඒ සැහැල්ලුව තමා උඹව පස්සට අදින්නෙ.
    ජය වෙවා!
     
    Feb 9, 2019
    833
    64
    0
    anuradage ldemai ne thiyenne athak kiyapan umba ne ara katussa kiyala inne.:P:P:P

    කව්ද කින්ද බන්ද හොය හොය පුක දෙන්නැතුව ඌට උදව් කරපන්. කාට හරි උදව් කරනව නම් ඌ මොකෙක්ද කියල අදාළම නෑ. උදව් කරන්න බැරි නම් පුක නොදී පළයන්. :)
     
    Feb 9, 2019
    833
    64
    0
    මුලින්ම කරන්න ඕන රස්සාවක් හොයා ගන්න එක. හැමදේටම විසඳුම සල්ලි මචන්.
    රස්සාවක් හොයා ගමු මුලින්ම. ඒකයි කරන්න ඕන. topjob එකේ බලපන්. උබට වරදින්නෙ නෑ. විශ්වාස කරන්න. හා දැන් රස්සාවක් හොයා ගන්න උත්සහ කරපන්. :)