ජීවත් වෙන්න රජයේ රැකියවක් කරන්නම ඕනද​?

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ජීවත් වෙන්න රජයේ රැකියවක් කරන්නම ඕනද​?

    සාමාන්‍ය රජයේ රැකියාවක මාසික වැටුප රු. 35,000 ක් පමණ වේ. ගම් කිකිළි බිත්තරයක මිල රු. 20 කි. රු. 35,000 බිත්තරයක මිල වන රු 20 න් බෙදූ විට, පිළිතුර 1750 කි. ඒ අනුව මසකට බිත්තර 1750 ක් නිෂ්පාදනය වේ නම් රජයේ රැකියාවක මාසික වැටුප ඉපයිය හැක. මසකට දින 30 කි. 1750 තිහෙන් බෙදූ විට දිනකට බිත්තර 58 කි. ගම් කිකිළියන් 100 ක් ඇති කළේ නම් මේ කියන බිත්තර ගණන දිනකට ලබා ගත හැක.

    මේ සදහා කොටුවක් සෑදීමට රු. තිස් හතලිස් දාහක් වැය වන්නේත් නැත. පැටියෙකු රු. 150 කි. පැටව් සදහා රු 15,000 ක් වැය වේ. සම්පූර්ණ ව්‍යාපෘතියට රු. 50, 000 ක් වැය වන්නේත් නැත. මාස 6 න් බිත්තර දැමීම ආරම්භ වේ. ඉන් පසුව මසකට රජයේ රැකියාවකට වඩා ආදායමක් ඉපයිය හැක. එසේම, රජයේ රැකියාවකට වඩා නිදහස භුක්ති විදිය හැක. කිසිවෙකුට යටත් නොවී නිදහසේ ආදායම තව තවත් වැඩි දියුණු කර ගත හැක. තමන්ගේ අනාගත සැලසුම් වලට අනුව තම ආදායම දිනෙන් දින වැඩි කරගත හැක. වැඩි වැටුප් ඉල්ලා උද්ඝෝෂණ නොකර තමන්ට අවශ්‍ය තරම් ආදායම වැඩි කර ගැනීමට කිසිවෙකුගෙන් බාධාවක් නැත.

    ⁣ව්‍යාපෘතියට වැය වන්නේ රු පනස්දාහක් පමණක් නම්, එය සොයා ගැනීමට බැංකු පස්සේ යාමට සිදු වන්නේද නැත. රත්තරන් පවුමක් දෙකක් උකස් කර ගැනීමෙන් හෝ මෙතෙක් තමන්ගේ අධ්‍යාපනයට මුදල් වැය කළ දෙමාපියන්ගෙන්, නෑදෑයෙකුගෙන් ඉල්ලා ගැනීමෙන වුවද එම මුදල සොයා ගත හැක. මාස 06 න් පසුව එය බේරුම් කළ හැක. ව්‍යාපාරයක් කියූ සැණින් "ණයක් ගන්න බැරිද" යනුවෙන් අසන මානසිකත්වයෙන් මිදිය යුතුය. මාස 06 න් පසු එම ආදායම පෞද්ගලිකව භුක්ති විදීමට භාවිතා නොකර තව තවත් ව්‍යාපාරය වර්ධනය කර ගත යුතුය. මෙතෙක් ජීවත් උනා වගේ තව මාස 6 ක් ඉන්නවා කියා සිතාගෙන තව දුරටත් ව්‍යාපාරය වර්ධනය කළ යුතුය. ඉන් පසුව වසරක ඇවෑමෙන් මාසික ආදායම රු 70,000 ක් 80,000 ක් වනු ඇත. එයින් තුනෙන් එකක් පමණක් පෞද්ගලිකව ⁣ජීවත් වීමට යොදා ගෙන ඉතිරිය නැවත නැවතත් ආයෝජනය කර මාසික ආදායම ලක්ෂ දෙක තුනක් දක්වා වර්ධනය කර ගැනීමට හැකියාව ඇත.

    උසස් පෙළින් පසු විශ්ව විද්‍යාලයකට හෝ විද්‍යා පීඨයකට ඇතුළත් වීමට සුදුසුකම් නොලබා, අපේක්ෂා භංගත්වයට පත් වන අයට අවුරුදු 20 න් පටන් ගත හොත් 30 වන විට

    1 American Salary
    2 British Home
    3 German Car
    4 Chinese Food
    5 Indian Wife

    යන සියළු අවශ්‍යතා සම්පූර්ණ කරගෙන විවාහ දිවියට එළඹිය හැක.

    රැකියාවක් ඉල්ලා ලිප්ටන් වට රවුමේ උපවාස කරමින් වසර හත අට ළතැවෙන උපාධ්ධාරීන්ට ඉහත කී ආකාරයට සිතීමට කාලය එළඹ ඇත. සිතිවිලි වල වෙනස ජීවිතය වෙනස් කරනු ඇත. අපේක්ෂා භාංගත්වයෙන් මිදිය හැක.

    දැන් මා දෙබරයට ගල් ගසා ඇත. මේ වන විට මෙය කියවන ඇතැම් අයගේ සිතෙහි සිතිවිලි නළියයි. එය මා හොදින් දනිමි.

    1. උපාධියක් අරන් කුකුල්ලු හදන්නද කියන්නේ ?
    2. බෞද්ධයන් විදිහට සත්ත්ව පාළනය කරන්න පුළුවන්ද ?
    3. ගම් වල මිනිස්සුන්ට කුකුල්ලු හදන්න ඉඩ තිබුනට නගරබදව හෝ කුඩා ඉඩමක ඉන්න අයට ඕක කරන්න පුළුවන්ද ?
    4. ඕවා කළාම ගෙවල් මිදුල් අපිරිසිදු වෙනවා.
    5. ඔය ව⁣ගේ දේවල් වලින් අපිට සමාජයේ තියෙන පිළිගැනීම නැති වෙනවා.

    මෙය කියවන ඇතැම් අය⁣ගේ සිතෙහි පොපියන අදහස් කිහිපයක් තමයි ඉහතින් සදහන් කලේ. මේවා මීට වඩා ලුණු ඇඹුල් ඇතිව කියන අයත් ඉන්න පුළුවන්.

    උපාධිධාරියා යනු රැකියාවක් ඉල්ලන්නෙකු නොව, තවත් පිරිසකට රැකියාව කිහිපයක් බිහි කරන්නෙකු විය යුතුය. එය තම අභිමානයට කැළලක් නොවේ. පළමුව තම සිතිවිලි වෙනස් කරගත යුතුය. දියුණු බොහෝ රටවල රජයේ රැකියා බොහෝ ගණනක් ඇතත් ඒවාට කිසිවෙකු ඉල්ලුම් කරන්නේ නැත. ඊට හේතුව නිදහස භුක්ති විදින අතරතුරම ඊට වඩා වැඩි ආදායමක් භුක්ති විදිය හැකි බව ඔවුන් තේරුම් ගෙන ඇති නිසාය.

    බුදු සසුනේ අග තැන්පත් දායකයා අනාථපිණ්ඩික සිටු තුමා ය. ඔහු ගැල් පන්සීයකින් ගොස් වෙළෙදාම් කළ බව අප සැම අසා ඇතිවාට සැකයක් නැත. ගැල් පන්සීයක් සදහා තරුණ පිරිමි හරක් 1000 ක් අවශ්‍ය වේ. තරුණ පිරිමි හරක් 1000 ක් ඉන්න නම් වයසින් අඩු හරක්, වයසින් වැඩි හරක්, ගැහැණු හරක් කීයක නම් පට්ටියක් සිටිය යුතුදැයි සිතා බලන්න මා ආරාධනා කරමි. ඒ අනුව අනාථපිණ්ඩික සිටු තුමාට හරක් 20,000 ක පට්ටියක් සිටියා විය යුතුය. බුදුන් වහන්සේ එලෙස හරක් ඇති කිරීම සත්ත්ව හිංසාවක් ලෙස කොතැනක හෝ දේශනා කර තිබේද ?

    ඒ වෙනුවට උන් වහන්සේ ආදායම කොටස් හතරකට බෙදා එය පාරිභෝජනය, ඉතිරිකිරීම්, ආයෝජනය ආදියට බෙදා ගත යුතු ආකාරය දේශනා කර ඇත. සිඟාලෝවාද සූතුයේ දී සේව්‍යයාගෙන් සේවකයාටත්, සේවකයාගෙන් සේව්‍යයාටත් ඉටු විය යුතු යුතුකම් පිළිබදව දේශනා කර ව්‍යාපාර හරියාකාරව කරන ආකාරය කියා දී ඇත.

    අනෙක් අතට කුකුළු පාළනය යනු එක් උදාහරණයක් පමණකි. සත්ත්ව පාළනයෙන් තොරව රජයේ රැකියාවක ආදායම පහසුවෙන් කළ හැකි තවත් කොපමණ නම් ක්ෂෙත්‍ර තිබේද ?

    කුකුළු කොටුවට යාබදව අඩි 6 ක් උස කණු සිටුවා Free Range එකක් සාදන්න. එහි නිවිති, මුගුණුවැන්න, කංකුං වැනි දෑ වවන්න. කූඩුවේ දොර ඇරිය විට එම නිදහස් කළාපයට කුකුළන්ට ඇතුළු විය හැක. එහි උන්ට අවශ්‍ය දෑ වවා ඇත. ගුණාත්මක අතින් ඉහළ බිත්තරයක් එවිට ලැබේ. උන් ගෙදර මිදුළට එන්නේ නැත. අල්ලපු ගෙදරට යන්නේද නැත. ගෙවල් මිදුල් අපිරිසිදු වන්නේද නැත. කරන වැඩේ පිළිවෙළට කළාම ගැටළු ඇති වන්නේද නැත. නවසීලන්තයේ ගව ගහනය, ජනගහනය මෙන් අට ගුණයකි. එහෙව් නවසීලන්තය ලොව ඇති පිරිසිදුම රටවල් වලින් එකකි. නමුත් ගෙවල් මිදුල් අපිරිසිදු වෙනවා යැයි කියමින් අප එකම එක කිරි හරකෙක් වත් නිවසක ඇති කරන්නේ නැත. කරන වැඩේ පිළිවෙළට කරන්න නවසීලන්තයෙන් අප පාඩම් ඉගෙන ගත යුතුය.

    ඉඩකඩ නැති අයට මා කලින් කීවා මෙන් වෙනත් ව්‍යාපාර අවස්ථා ඕනෑ තරම් තිබේ. තිබෙන ඉඩ කඩ කළමණාකරණය කරමින් කළ හැකි ව්‍යාපාරද ඕනෑ තරම් ඇති බව සිහි තබා ගත යුතුය.

    අපි සාමාන්‍යයෙන් "සුද්දන්, ආසියාතිකයන්ට වඩා පොෂ්" යැයි නීතියක් සම්මත කරගෙන සුද්දන් අනුකරණය කිරීම, දැන හෝ නොදැන සිදු කරමින් සිටියි. යූ ටියුබ් හි Free Range Eggs යනුවෙන් සර්ච් කර එහි එන වීඩියෝ ටික නරඹන්න මා, ඔබට ආරාධනා කරමි. පොශ් සුද්දන් කොච්චර ලස්සනට කිකිළි පාළනය කරන්නේද යන්න දැක බලාගත හැක. කාන්තාවන් පවා එවැනි දේ සිදු කිරීම කොතරම් ආශ්වාදජනක අත්දැකීමක් ද ? ඒ අර්ථයෙන් ගත් විට අප සිටින්නේ කොතැනද ? අප නොදියුණු රටක් බවට පත්ව ඇත්තේ ඇයිද යන්න එයින් සිතා ගත හැක.

    කුඩා පැල තවානක් පවත්වාගෙන යාම ඉතා පහසු කටයුත්තකි. අතු කැබලි පැල කිරීමට මහා ලොකු දැනුමක් අවශ්‍ය නැත. පැලයක් රු 100 බැගින් දිනකට පැල 20 ක් අලෙවි කළ හොත් මසකට රජයේ රැකියාවක ආදායම මෙන් දෙගුණයක් ඉපයිය හැකි බව අප තේරුම් ගන්නේ කවදාද ?

    නාඩු වී කිලෝවකට වඩා සම්බා වී කිලොවක මිල වැඩිය. නමුත් සෑම ⁣කුඹුරු යායකම 90% ක් වගා කර ඇත්තේ නාඩු ය. ඇඹුල් කෙසෙල් කිලෝවක තොග මිල රු 30 ක් වන විට කෝලිකුට්ටු කිලෝවක් 150 කි. නමුත් බොහෝ දෙනා වවන්නේ ඇඹුල්ය. මා මෙම කාරණා පිළිබදව ඇතැම් ගොවීන්ගෙන් විමසු අතර, නාඩු බිත්තර වී හා ඇඹුල් කෙසෙල් පැල සොයා ගැනීම, සම්බා බිත්තර වී හා කෝලිකුට්ටු පැල සොයා ගැනීමට වඩා පහසු වීම ඊට හේතු ලෙස ඉදිරිපත් විය. අළෙවි මිළ ගැන නොසිතා, ඔහේ පැළ ලැබෙන්නන් වාලේ ඇඹුල් කෙසෙල් සිටුවා අළෙවි කර ගත නොහැකිව ලතවෙන පුරුද්දක් අපේ ගොවි මහතුන්ට ඇත. ගොවීන් Money Minded වී ඇති පුමාණය හොදටම මදි ය.

    මෙවැනි කරුණු තේරුම් ගත් දිනට අප රටේ රැකියා ගැටළු ඇති නොවන බව ⁣ඉතා පැහැදිලි ය.

    උපාධිධාරීන්ගේත් අනෙකුත් ඇතැම් අයගේත් ඇතැම් මානසික සිතිවිලි වෙනස් කිරීම සදහා මා විසින් පවත්වාගෙන යනු ලබන Free Range Eggs සංකල්පයට අනුව සැකසූ කුකුළු ගොවිපළේ ඡායාරූප කමෙන්ට් වල ඵළ කර ඇත.

    උපුටාගැනීම ක්‍රිශාන්ත දිසානායක මහතාගෙන් . 🙏


    54375826-192263891735111-8152063268878286848-n.jpg


    https://www.facebook.com/permalink.php?story_fbid=834297993571424&id=433703176964243
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    කෙසෙල් ගැන සහ සම්බා ගැන මේක ලියපු කෙනාට දැනුම මදි බව පේනවා. ගොවියො කෝලිකුට්ටු නැතිව ඇඹුල් හිටවන්නේ පැල හොයාගන්න බැරි කම නිසා නෙමෙයි. ඇඹුල් වලට සාපේක්ෂව කෝලිකුට්ටු වලට ලෙඩ අම්බානක් එන නිසා. සම්බා ගැන කතාවත් එසේම තමයි.

    හැබැයි මිනිහා කියන සංකල්පයට මම එකඟයි. රජයක් රස්සා දෙන්න බැඳිලා නැහැ. තමන් ව්‍යවසායකයෙක් වෙන එක රටටත් හොඳයි තමන්ටත් හොඳයි
     

    Galle1984

    Member
    Sep 29, 2018
    10
    1
    0
    හොඳ පෝස්ටුවක්


    ලංකාවේ රජයේ සේවකයින්ගේ අතිරික්තයක් තියෙනවා. භාණ්ඩාගාරය ඒ අයට පඩි ගෙවන්නෙත් ණය වෙලා. මහජන මුදලින් ඉගෙනගෙන තවදුරටත් රටට බරක් වීම උපාධිධාරියෙකුට ගැලපෙන්නේ නැහැ.
     

    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    උබ මේ ත්‍රෙඩ් ඒකෙ බුද්ධාගම ගැනත් දලා තියෙන නිසා කියන්නේ. බිත්තර වලට විතරක් කරන කුකුල් ෆාම් එකක් කොහෙවත් සාර්ථක නැහැ. අනිවාර්යයෙන්ම බිත්තර දලා ඉවර උනාම මස් වලට දෙන්න වෙනවා.

    එළකිරි කර්මාන්තය වගේම තමයි. බුදුරජාණන් වහන්සේ නොකළ යුතු වෙළදාමක් ලෙස මස් පිණිස සතුන් අලෙවිය සදහන් කරලා තියෙනවා. එතකොට මොකද වෙන්නේ?
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සාමාන්‍ය රජයේ රැකියාවක මාසික වැටුප රු. 35,000 ක් පමණ වේ. ගම් කිකිළි බිත්තරයක මිල රු. 20 කි. රු. 35,000 බිත්තරයක මිල වන රු 20 න් බෙදූ විට, පිළිතුර 1750 කි. ඒ අනුව මසකට බිත්තර 1750 ක් නිෂ්පාදනය වේ නම් රජයේ රැකියාවක මාසික වැටුප ඉපයිය හැක. මසකට දින 30 කි. 1750 තිහෙන් බෙදූ විට දිනකට බිත්තර 58 කි. ගම් කිකිළියන් 100 ක් ඇති කළේ නම් මේ කියන බිත්තර ගණන දිනකට ලබා ගත හැක. hiks
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,350
    15,592
    113
    සාමාන්‍ය රජයේ රැකියාවක මාසික වැටුප රු. 35,000 ක් පමණ වේ. ගම් කිකිළි බිත්තරයක මිල රු. 20 කි. රු. 35,000 බිත්තරයක මිල වන රු 20 න් බෙදූ විට, පිළිතුර 1750 කි. ඒ අනුව මසකට බිත්තර 1750 ක් නිෂ්පාදනය වේ නම් රජයේ රැකියාවක මාසික වැටුප ඉපයිය හැක. මසකට දින 30 කි. 1750 තිහෙන් බෙදූ විට දිනකට බිත්තර 58 කි. ගම් කිකිළියන් 100 ක් ඇති කළේ නම් මේ කියන බිත්තර ගණන දිනකට ලබා ගත හැක.




    ඔය ගණන් හරි උබම බිත්තර දාලා උබම වික්කොත් :lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සාමාන්‍ය රජයේ රැකියාවක මාසික වැටුප රු. 35,000 ක් පමණ වේ. ගම් කිකිළි බිත්තරයක මිල රු. 20 කි. රු. 35,000 බිත්තරයක මිල වන රු 20 න් බෙදූ විට, පිළිතුර 1750 කි. ඒ අනුව මසකට බිත්තර 1750 ක් නිෂ්පාදනය වේ නම් රජයේ රැකියාවක මාසික වැටුප ඉපයිය හැක. මසකට දින 30 කි. 1750 තිහෙන් බෙදූ විට දිනකට බිත්තර 58 කි. ගම් කිකිළියන් 100 ක් ඇති කළේ නම් මේ කියන බිත්තර ගණන දිනකට ලබා ගත හැක.




    ඔය ගණන් හරි උබම බිත්තර දාලා උබම වික්කොත් :lol::lol:


    ගනන් එහෙ මෙහෙ වෙලාද මම දන් නෑ මොකද මට ෆාම් එකක් නෑනෙ, හැබැයි පොර ඔය ටික ලියලා තියෙන්නේ ෆාම් එකක් කරලා බලලා. ඌ ගමකට එලවලු හදනවා හේන් පවා කරනවා. ගෙදරත් දැකලා තියනවා, දැනුම තියනවා උපරිමට.



    NSB මැනේජර්
    අවු. 10ක් තිස්සේ econ පංති කරන සර් කෙනෙක්
    මං හිතන් නෑ ඌ විකාරෙන් බොරුවට ඔව්වා ලියලා කියලා :no:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    බුදු සසුනේ අග තැන්පත් දායකයා අනාථපිණ්ඩික සිටු තුමා ය. ඔහු ගැල් පන්සීයකින් ගොස් වෙළෙදාම් කළ බව අප සැම අසා ඇතිවාට සැකයක් නැත. ගැල් පන්සීයක් සදහා තරුණ පිරිමි හරක් 1000 ක් අවශ්‍ය වේ. තරුණ පිරිමි හරක් 1000 ක් ඉන්න නම් වයසින් අඩු හරක්, වයසින් වැඩි හරක්, ගැහැණු හරක් කීයක නම් පට්ටියක් සිටිය යුතුදැයි සිතා බලන්න මා ආරාධනා කරමි. ඒ අනුව අනාථපිණ්ඩික සිටු තුමාට හරක් 20,000 ක පට්ටියක් සිටියා විය යුතුය. බුදුන් වහන්සේ එලෙස හරක් ඇති කිරීම සත්ත්ව හිංසාවක් ලෙස කොතැනක හෝ දේශනා කර තිබේද ?

    anepidu situthuma harakunge ata wikunawwe nane:yes:
    dan uba kukullu waysata giyama masata wikunanne nadda?
     

    Maliya012

    Member
    Dec 28, 2018
    284
    14
    0
    බැ මම බෞද්ධ...මේක වැරදියි...
    මහපාරෙ හිගාකැවත් මට මේක කරන්න බැ..😢😢
     

    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ගනන් එහෙ මෙහෙ වෙලාද මම දන් නෑ මොකද මට ෆාම් එකක් නෑනෙ, හැබැයි පොර ඔය ටික ලියලා තියෙන්නේ ෆාම් එකක් කරලා බලලා. ඌ ගමකට එලවලු හදනවා හේන් පවා කරනවා. ගෙදරත් දැකලා තියනවා, දැනුම තියනවා උපරිමට.



    NSB මැනේජර්
    අවු. 10ක් තිස්සේ econ පංති කරන සර් කෙනෙක්
    මං හිතන් නෑ ඌ විකාරෙන් බොරුවට ඔව්වා ලියලා කියලා :no:

    ow bn.video pawa dala thiyenawa. menna link eka

    https://www.facebook.com/permalink.php?story_fbid=834297993571424&id=433703176964243
     

    Similar threads