මෙ මට හිතෙන හැටි.මොනව හරි ලියන්න ලොකු ආසවක් කලයක් තිස්සෙ හිතෙ පොදි ගැහුනත් එකට ඉඩක් ලබුනෙ නෑ .අපිට ජීවිතේ මුනගැහෙන මිනිස්සු විවිධ අදහස් ,හසිරීම් තියෙන අය අපි ඒ අයත් එක්ක මුහු වෙන විදියට අපිට ලැබෙන අත්දැකීම් එකිනෙකට වෙනස්. එවා ප්‍රසන්න හො අප්‍රසන්න වෙන්න පුලුවන් නමුත් ඒ හැම දෙකින්ම අපිට ඉගෙනගන්න යමක් තියෙනව.මෙකත් ඒ වගෙ මගෙ අත්දැකිමක් කියවල බලන්නකො,
ඔහු නමින් විපුල .වයස 59,තලෙලු කෙසග මනුස්සයෙක් .අතීතය කොහොම උනත් වර්තමනය තුල විපුලෙ එදිනෙදා දවසෙ ගාන හොයගන්න කුලි වැඩක් කරගෙන ජීවත් වෙනව .විපුලෙ ගමටම ප්‍රසිද්ධව හිටියෙ එක කාරනෙකට ඒ තම්යි හවස් ජාමෙට ගමටම අහෙන්න පවත්වන ශුඩ්ද සින්හල ගුණ ගායනාවට .නිතියට හොරෙන් පැහෙන ගොඩා හැලිය තමයි විපුලෙ හම්බ කරන සල්ලි වලට උරුමකම් කිවෙ .පොශනය කරන්න දරු පවුලක් නැති හන්දම ජීවිතෙ බරක් ඔහුට තිබුනෙ නෑ.කඩ පිලත් ,ඇල වේල්ලත් සමහර දාට ගමෙ සොහොන් බිමත් ඔහුගෙ මත්වෙච්ච ගතේ වෙහෙස නිවුව .ගමේ මිනිස්සු කියන්නෙ සතෙක් සර්පයෙක් කෑවත් විපුලෙගෙ විසට සතාට හානියක් වෙනව මිසක විපුලෙටනම් කරදරයක් නැ කියල මොකද ඒ තරමටම ඇල්කොහොල් සාන්ද්‍රනයක් දවසෙ වැඩි කාලයක් ඔහුගෙ ලේ වල තියෙනව.කට ගොන්නක් බී ගත්ත වෙලවට ඇරෙන්න අනික් හැම වෙලවටම විපුලෙ කියන්නෙ ගමට අත්‍යාව්ශ්‍ය චරිතයක් .මගුලට මරනෙට ඔහුගෙ දායකත්වය ගමට නැතුවම බෑ .නමුත් සූර් වෙච්චි විපුලෙනම් ගමෙ කාටත් රුස්සන්නෙ නෑ .තමන් දන්න කියන හැම අසබ්හ්‍ය වචනෙකින්ම ප්‍රයොජන ගන්න ඔහු කිසි විටෙකත් පැකිලෙන්නෙ නෑ . තමන්ට ආරොවට එන කාට උනත් බැන වදින එක ඔහුගෙ පුරුද්ද .පාරෙ යනෙන කොට පය පැකිලිල වටෙන්න ගියොතින් පොලොවට උනත් විපුලෙගෙන් බැනුම් අහන්නම වෙනව.ඒත් ඉතින් මේ සන්දර්ශනය පවත්වෙන්නෙ බොහොම ටික වෙලවයි .දරුවන්ට අහන් ඉන්න බැරි තරම් අසැබි වචන එලියට එනකොට කවුරු හරි තාත්ත කෙනෙක් ගිහින් ඔහුව නිහඩ කරනව.ඒ බොහොම ආදරෙන් කියලනම් නෙවෙයි .
විපුලෙගෙ ජීවිතෙ මත්ද්‍රව්‍යයි කුනුහරපයි ඇරෙන්න තව එක බැදීමක් තිබුන .ඒ ඔහු දරු පෙලක් වගෙ බලා ගන්න හරක් රෑන.තමන්ටවත් වඩා තමන්ගෙ සත්තු දෙන්නට ඔහු ආදරෙ කලා .තමන් කැවෙ බීවෙ නැතත් හරක් දෙන්නගෙ කෑම වේල ඔහු වරද්දුවෙ නැ.කන්න තියෙන තැනක සත්තුන්ව ගාල් කරල උන් එක්ක දොඩමලු වෙන එක තමයි ඔහුගෙ සතුට.අපි සත්තු කියල කතා කලාට විපුලෙට ඒ ගොල්ල පුතාලා .ට්‍රැක්ටර් සන්ස්කෘතිය ගම ආක්‍රමනය කරද්දි අපෙ මිනිස්සුන්ට අම්බරුවව අමතක වෙලා ගියා .පස්ගොරස බෙදුව කිරි අම්මව කම්බි කොක්කක එල්ලන්න තරම් මිනිහ යාන්ත්‍රික උනා.මස් කඩ මුදලාලි පොසත් වෙද්දි ගොම නැති වෙච්චි පොලව නිසරු වෙලා ගියා.නමුත් විපුලෙට තමන්ගෙ දරුවන්ට සම හරක් බාන නම් කවදාකවත්ම බරක් උනෙ නෑ.විපුලෙගෙන් හැමදාම බැනුම් අහපු කෙනෙක් හිටිය ඒ තමන්ගෙ හරක් මසට විකුනපු කෙනෙක්.ඔහුත් එක්ක විපුලෙ බද්ද තරහකින් තමා ජීවත් උනෙ .
කාලය ඔහොම ගතවෙද්දි විපුලෙගෙ දු පොඩ්ඩ ගැබ්බර වෙනව .හරිම ආදරෙන් මී වැස්සිව බලාගන්න විපුලෙ ඊට පස්සෙ හවසට මත් උනාම "සදා " ගැනත් මතක් කරන්න අමතක කලෙ නෑ.දින සති මාස වලට පෙරලිල කැලන්ඩරෙ දික් වෙද්දි සදා ලස්සන වහු පටියෙක්ගෙ අම්ම කෙනෙක් වෙනව .විපුලෙ කවුරුත් නොකියම බෙබදු කමින් මදකට දුරස් වෙනව තමන්ගෙ බිරිදට දරුවෙක් ලබුන තාත්ත කෙනෙක් වගෙ බොහොම සතුටින් තමා ඔහු ජීවත් වෙන්නෙ දැන්.කුලියකට ගියත් ඒ වැඩෙ අතරමග දාල ගිහින් හරි දවසට දෙතුන් පාරක් තමන්ගෙ දරු පෙල ගැන හොයල බලනව.ගමේ මිනිස්සු සරදමට කිවෙ විපුලෙ තාත්ත කෙනෙක් වෙලා කියල .
එත් කතාව වෙනස් වෙන්නෙ අලුත උපන් වහු පැටිය රොගාතුර වීමත් එක්ක .විපුලෙ බොහොම කලබල වෙනව .දුක් වෙනව ,දන්න කියන වෙදකම් හමදේම කරනව .නොකා නොබී වහු පැටිය ගාවට වෙලා පැය ගනන් කියව කියව ඉන්නව.නමුත් තත්වය එන්න එන්නම නරක අතට හැරෙනව .රෑ තිස්සෙත් විපුලෙ පැටිය ගාවම ඉන්නව .එක්ත්තරා දවසක උදෙහිරු කිරන ලොවට එබෙන්නෙ බොහොම මලානිකව හරියට රැයෙ සගවුන රහසක් ආලොකයෙන් නිරාවරනය වෙනවට බ්යෙන් වගෙ.නමුත් සදාගෙ මර ලතොනිය ගමට නරක ආරන්චියක් ගෙනව .තම තන බුරුල්ල පිරෙන දරු සෙනෙහස දරාගන්න බැරුව හඩාවැටෙන සදාගෙ හඩ අහන් ඉන්න බරි තරම්ම දුක් බරයි.
හිතෙ දුක තද කරන් ඉන්න විපුලෙ මලගමෙ කටයුතු ඉවර කරල පරන ජීවිතෙ හොයගන යනව.වෙනද පදමටම මත් වෙලා වහු පැටියගෙ සොහොන ගාවට ගිහින් බොහොම හයියෙන් අඩනව.අනෝරා වැස්සකින් පොලව තෙත් වෙද්දි රෑ මදියම වෙනකලුත් විපුලෙගෙ හඩ වරින් වර අවදි වෙනව," ඇයි .......තොපි කාටවත් මොකද මන් ඉන්නෙ මගෙ පැටිය ලග ...මට සමාවෙයන් පුතේ මට උබව බෙරගන්න බැරි උනා."එදා නම් ඔහුගෙ කට වහන්න ගමෙ කවුරුත් ඉදිරිපත් උනේ නෑ

Last edited: