ඔන්න විස්තරේ කුණු ගැන දැනට

euler

Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    ඔන්න විස්තරේ කුණු ගැන දැනට

    eYjCp38.jpg



    එක්සත් රාජධානියෙන් බැහැර කරපු සායනික අපද්‍රව්‍ය ලංකාවට ගෙන්වීමේ අපරාධය හේලීස් free zone හරහා සිද්ධ උනේ මෙන්න මෙහෙමයි‼️

    -----------------------------

    Hayleys free zone ltd 2013 ආරම්භ කරන්නෙ ජාත්‍යන්තර සමාගම් වලට ගබඩා පහසුකම් හා ප්‍රවාහන පහසුකම් සපයන්නත් , භාණ්ඩ මත අගය එකතු කිරීම් හා ප්‍රති අපනයන සැකසුම් සදහාත් යන අරමුණු ඇතිව..

    1978 අංක 4 දරණ ආයෝජන මණ්ඩල පනත යටතේ ප්‍රකාශිත කටුනායක/ කොග්ගල යන අපනයන සැකසුම් කලාප බන්ධිත ගුදම් පවත්වා ගත හැකි කලාපයක් ලෙස ප්‍රකාශ කරන්නෙ 2013 ජූලී 11 නිකුත් කරන අති විශේශ ගැසට් පත්‍රය ක් මඟින්..

    ‍රට ඇතුලේ නිදහස් වෙලද කලාප දෙකක බන්ධිත ගුදම් පවත්වා ගැනීමේ අරමුණ උනේ මොකක් ද??

    * ආනයනය කරන භාණ්ඩ සුළු පිරිසැකසුම් කර නැවත අපනයනයට සම්බන්ධව අන්තරාළ වෙලදාමට පහසුකමක් ලෙස

    * විදේශිය සේවාදායිකයින්ට පෙර නිමි සේවා සැපයීමට

    * විදේශ සමාගම් වෙනුවෙන් ඔවුන්ගෙ භාණ්ඩ සඳහා ගබඩා පහසුකම් සැපයීමට..

    එතකොට 2013 ජූලි 13 ගැසට් එකට අනූව රට ඇතුලේ බන්ධිත ගුදම් පවත්වාගෙන යන ආයතනයකට තිබිය යුතු සුදුසුකම් මොනාද??

    *අදාල ආයතනයේ මුළු ආයෝජනයෙන් අවම වශයෙන් 65% ක් විදේශ ප්‍රභවයන් හරහා මුදල් සපයාගෙන තිබිය යුතුයි..

    * අදාල සමාගම සහ ආයෝජන මණ්ඩලය අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් හෝ රුපියල් මිලියන 878.9 ක් වැනි අවම ආයෝජන ගිවිසුමක් අත්සන් කර තිබිය යුතුයි..

    2013 ජූලී ගැසට් එකෙ ප්‍රධාන අරමුණ උනෙ විදේශ වෙලදාම සදහා නිදහස් වරායන් සහ රට තුල බන්ධිත ගුදම් වෙනුවෙන් කලාප වලට ඉඩ හසර වෙන් කිරීම..

    මේ ප්‍රධාන කොන්දේසි වලට අනුව කටුනායක නිදහස් කලාපයේ ආරම්භ උන බන්ධිත ගුදම් පහසුකම් ලබා දෙන සමාගම් කීයක් තියෙනවද?

    සමාගම් හතරක් තියෙනවා .

    ඉන් එක හබ් එකක් ධම්මික පෙරේරාට අයත් හේලීස් ෆ්‍රී සෝන් (HFZ) එක

    තව ආයතනයක් රවී කරුණානායකට අයත් වූවක්

    ඉතුරු හබ් දෙක මට ඇත්තටම හොයාගන්න බැරි උනා.. ඔබට පුලුවන් ඒ ආයතන හිමිකරුවන් දන්නවනම් ඒ අඩුව සපුරන්න..

    හිතවතුනි ඔබ මතක තබා ගන්න පැහැදිලිවම මේ කාරණය 2013 ජුලී 13 අති විශේශ ගැසට් නිවේදනයට හෝ ලංකාව තුල දැන් ක්‍රියාත්මක කිසිම අණ පනතකට අනූව හෝ කුණු කසල හෙවත් මොනම අපද්‍රව්‍යයක් වත් රට තුලට පිලිගැනීමට රේගුවට අවසර නැත..

    එසේ කර ඇත්නම් සම්පුර්ණයෙන්ම රේගු ආඥා පනත උල්ලංඝනය කිරීමකි..

    එතකොට මේ කියන හානිකර සායනික අපද්‍රව්‍ය ආනයන ගනුදෙණුව වෙන්නෙ කොහොමද?

    ගොඩක් අය පටල ගන්න තැන තමයි මෙතන


    එක්සත. රාජධානියෙන් බැහැර කරන මේ සායනික අපද්‍රව්‍ය වල අඩංගු උනෙ රෝහල් වලින් බැහැර කරන ලද මෙට්ට සහ ලිනන් ඇතිරිලි පොරෝනා ආදිය බව කියවෙනවා..මේවයෙ මල මුත්‍රා රුධිර සහ මිනිස් සිරුරේ තරල නිසා අපවිත්‍ර වී තිබුන දෑ බහාළුම් 130 ක් මෙරටට ගෙන්වා තිබෙනවා..

    මේවා ගෙන්වලා තියෙන්නෙ 2017 දී..

    ඒකියන්නෙ වසර දෙකකට පෙර..

    වසර දෙහෙකට පෙර ඒවා ගැන මේ හදිසියේ කතා වෙන්නෙ ඇයි?

    කොළබ වරායේ සී අයි සීටී පර්‍යන්තයෙ තිබ්බ Boi කලාපයෙ බන්ධිත ගුදමක් හදිසියෙ කඩා වැටෙනවා.. ඔන්න එතනින් බහාළුම් 102 ක් එලියට ගන්නවා..

    මොනාද මේවයෙ තියෙන්නෙ??

    අර කියපු සායනික අපද්‍රව්‍ය අස්සෙ කොට්ට මෙට්ට අස්සෙ හංගලා ඉදිකටු සිරින්ජ වෙළුම් පටි සහ අධික දුර්ගන්ධයක් සහිත රෝහල් වලින් ඉවතලන මිනිස් සිරුරු කොටස් පවා හමුවෙනවා..

    රේගුව ඔන්න දැන් බය වෙනවා.. අවුරුදු දෙකක් මේ කුණු වරාය ගුදම් වල තියෙනවා..

    කවුද ගුදම් ගාස්තු අවුරුදු දෙකක් තිස්සෙ ගෙව්වෙ??

    අපද්‍රව්‍ය ලංකාව ඇතුලට එනකම් රේගුව ඇස් පියන් හිටියද?

    රේගුවෙ උත්තරේ මොකක්ද?

    අයියෝ අපිට BOI එකෙන් ගෙන්වන දේ පරික්ශා කරන්න අවසර නෑ..

    එහෙම අවසර නැත්තම් ආයෝජන මණ්ඩලය හරහා කුණු නෙමෙ න්‍යෂ්ටික අවි උනත් කිසි කේස් එකක් නැතුව ගෙන්නුව හැකිනෙ..

    රේගුවට එහෙම Boi cargo පරික්ශා කරන්න බලයක් නෑ කියන්නෙ මේ සිස්ටම් එකම අවුල්..

    කවුද මෙහෙම සිස්ටම් හදන්නෙ?? ආයෝජන මණ්ඩල ගුදම් වල සාම්පල් හරි පරික්ශා කරන්න රේගුවට බලයක් තියෙන්නම ඕනෙ..

    එහෙම නීතී නැත්තම් ඒවා වෙනස් කරන්න ඕනෙද නැද්ද?

    කොහොමද කවුද මේවා මෙරටට ආනයනය කලේ??

    මෙතනදි freight forwarding ( භාණ්ඩ ප්‍රවාහනය) කරන්නෙ ETL colombo ආයතනය..

    එයාලා මේ භාණ්ඩ ප්‍රවාහනය. කරන්නෙ කවුරු නමටද? කවුද මෙතන ආනයනකරු??

    ආනයනකරු ලෙස සඳහන් වෙන්නෙ ceylon metel processing සමාගම..

    ගෙන්නපු මුළු කන්ටේනර් ගාන 130 ක් .. එතනින් 28. හෝ 29 ක් රට ඇතුලට ගේනවා.. ඒ ගේන්නෙ ප්‍රති අපනයනය සදහා නැවත සකසන්න..

    අන්න එතනදි යි මේකට ධම්මික පෙරේරාගෙ හේලීස් සම්බන්ධ වෙන්නෙ..

    ඒ කොහොමද?

    ආනයනකරු ලෙස සදහන් සිලෝන් මෙටල් සමාගමට නිදහස් වෙලඳ කලාපය තුල කිසිම බන්ධිත ගුදමක් හෝ ප්‍රති සැකසුම් කලාපයක් නෑ..

    ඔවුන් වෙනුවෙන් මේ සායනික අපද්‍රව්‍ය තොගය භාරගන්න භාරකරුවා වෙන්නෙ හේලීස් සමාගම..

    රට ඇතුලට ආපු කන්ටේනර් 29 ඉන් එහාට භාරගෙන තමුන්ගෙ ගුදම් වලට අරන් ගිහින් කරන නැවත සැකසුමක් කරලා ආයිමත් ප්‍රති අපනයනය කරන්නෙ කවුද??

    ඒ තමයි හේලීස්..

    එතකොට පැහැදිලිවම මෙතනදී consignee කවුද?

    හේලීස් ආයතනය..

    මෙතන පලවෙනි වගඋත්තරකරුවා වෙන්නෙ භාණ්ඩ ආනයනකරු සිලෝන් මෙටල් ආයතනය

    දෙවෙනි වග උත්තරකරු වෙන්නෙ අනවසර අපද්‍රව්‍ය රට තුලට පිලිගත් සිරි ලංකාවෙ රේගුව.. හා පැහැදිලිවම ආයෝජන මණ්ඩලය

    එතකොට රේගුවටවත් පිලිගන්න අවසර නැති හානිකර සායනික අපද්‍රව්‍ය ප්‍රති සැකසුම් කරලා ප්‍රති අපනයනය කරන්න හේලීස්ලට කොහෙන් ආපු බලයක්ද??

    මුලින් මෙයාලා කියනවා මේක අත් වැරදීමක් කියලා.. පස්සෙ එයාලම පිලිගන්නවා කන්ටේනර් 29 ක් තමුන් නැවත සකසලා ප්‍රති අපනයන කල බව..

    මොනාද එයාලා ප්‍රති අපනයනය කරලා තියෙන්නෙ?

    රෝගි ශරිර තරල රුධිරය ආදිය අන්තර්ගත උන මෙට්ට සහ ලිනන් ඇතිරිලි

    එංගලන්තෙන් ඒවගෙ ඒවා ලංකාවට එවලා නැවත සකස ගන්න එක බහාළුමකට ගෙවපු ගාන ඔබ දන්නවද?

    පවුම් ලක්ශ පහක් එක බහාළුමක් වෙනුවෙන් ඔවුන් ගෙවලා තියෙනවා..

    මොනවටද?

    දිරා පත් උන කොට්ට මෙට්ට ආයි පවිත්‍ර කරන්න..

    ඔබ හිතනවද එංගලන්තෙවත් නැති තාක්ශණයක් මේ සදහා ධම්මික පෙරේරාගෙ හේලීස් එකට තිබ්බා කියලා?:D:D

    ඒකත් දිරච්ච මෙට්ට ගොඩකට පවුම් කෝටි ගානක් දීලා ලංකාවට එවන්න තරම්??

    සායනික අපද්‍රව්‍ය ලංකාවෙදි පවා බැහැර කරන්නෙ ඉතාම ආරක්ශිතව.. ඉතින් පිටරට ඒවා පවා නැවත සකසන්න ධම්මික පෙරේරාගෙ හබ් වල විද්‍යාගාර පවා ඇති කියලා අපි හිතමු

    මුලින්ම හොයලා බලන්න ඕනෙ පලවෙනි කාරණය හේලීස් free zone එකට සමස්ථ ආයෝජනයෙන් 65% ක් විදේශ ප්‍රභවය න් තියෙනවද කියල..

    ධම්මික පෙරේරා ඔයාට කියන්න පුලුවන්ද ප්‍රති සැකසුම් කරපු කන්ටේනර් 29 ඇරියේ මොන රටටද කියලා?

    අපිත් ආසයි දැනගන්න ඒ වගේ කුණු ගොඩවල් සල්ලි වලට ගත්ත රට මොකක් ද දැන ගන්න

    ඉතුරු බහාළුම් 102 අවුරුදු දෙකක් ගුදම් වල තියන්න සල්ලි ගෙව්වෙ කවුද

    ඒවා වරායෙ තියන් හිටියේ අදාල කාල සීමාවෙ මී තොටමුල්ල කඩන් වැටුන නිසා ඒ ටික රට ඇතුලට ගත්තොත් සිද්ධ වෙන්න පුලුවන් ආන්දෝලනයක් නිසාද?

    ධම්මික පෙරේරා අනේ අපිට කියන්න්කො මේ වගෙ ආනයනයකට අවශ්‍ය පාරිසරික ආරක්ශණ බලපත්‍රය ක්( scheduled waste management license ) එකක් ඔයාගෙ ප්‍රති සැකසුම් ආනයන ආයතනයට තියෙනවද??:rolleyes:

    මද්‍යම පරිසර අධිකාරිය නියෝග කලාලු මේවා ආයි යවන්න!!:rofl:

    ඒ අනික් විහිළු සපයන ආයතනය..

    යවන්න කියලා නියෝග දෙන්න ඕනෙ ආණ්ඩුවෙ හරකෙක්ට පුලුවන් අනෙ පොඩ්ඩක් අපිට දැනගන්නකො මේ හානිකර සායනික අපද්‍රව්‍ය කන්ටේනර් 102 ආයි යවන ක්‍රියාවලිය එහෙම කොහොමද?

    ඔයාලා ඒ ගැන හිතුවද??

    කොලබ වරායෙ ගොඩ ගහපු මේ ක්ලිනිකල් වේස්ට් බැහැර කිරීමෙ පද්ධතියක් වරායට තියෙනවද?

    ගොඩ ගහලා තියෙන කුණු අංශු සුළගින් අවට පරිසරය දූශණය කිරීම නවත්වන්න තාවකාලික ප්ලෑනක් වත් තියෙනවද??

    කුණු මෙට්‍රික් ටොන් 27000 ක් යවන්න බැරි උනොත් ඔයාලා ඒවා සම්බෝල හදලා කන්නද හිතන් ඉන්නෙ?




    ලංකාවට සායනික අපද්‍රව්‍ය ගෙන්වීමේ ජාවරමේ හවුලකරුවන් වන බිත්‍රාන්‍ය සමාගමේ අයිතිකරු සහ /ලංකාවෙ ආනයනකරු සහෝදරයන් බවත් මේ #සහෝදර_සමාගම් බවත් ඔබ මින් පෙර දැන සිටියාද:eek:

    Hayleys free zone ltd සමාගමේ කටුනායක නිදහස් වෙලද කලාපයේ පිහිටි බන්ධිත ගුදම්( වෙයාර් හවුස්) වෙත බිත්‍රාන්‍ය රෝහල් අපද්‍රව්‍ය බිත්‍රාන්‍යයෙ සිට මෙහි එවු සමාගම vengaads ltd නම් වේ..

    Vengaads ලිමිටඩ් හි අයිතිකරුවන් කවුද?

    මෙම බිත්‍රාන්‍ය සමාගමේ හිමකරුවන් වන්නෙ වෙන්ගදේශා මුතුකුමාරණ් සහ සසි කුමාරන් මුතුකුමාර් ලාංකික පුරවැසිභාවය හිමි පුද්ගයින් දෙදෙනෙකි..

    වෙන්ගදේශා සහ සසිකුමාරන් සහෝදරයින්ට අයත් අනෙක් සමාගම් මොනවාද?

    1)United logistics europe ltd

    2)Ceylon metel processing corporation ltd

    රෝහල් සායනික අපද්‍රව්‍ය මෙරටට ගෙන්වු සමාගම වන්නෙ ඉහත අංක 2 හි සඳහන් සිලෝන් මෙටල් ප්‍රොසෙසින්ග් සමාගම බවත් එහි හිමිකරු වන සසීකුමාරන් මුතුකුමාර් ඉහත බිත්‍රාන්‍ය සමාගමේත් සම හවුල්කරු බව අසා පුදුම නොවන්න..

    හේලීස් ෆ්‍රී zone සමාගම " ආනයන සුළු සැකසුම් කර යළි අපනයනයට ( අන්තරාල වෙලදාම) ට පහසුකම් සපයන ආයතනයක් වන නිසා ඉහත බිත්‍රාන්‍ය සමාගම සහ ශ්‍රී ලංකාවෙ ආනයන සමාගමට වෙලද කලාපයෙ බන්ධිත ගුදම් නොමැති නිසාත් ඔවුන් විසින් තම consignee ලෙස යොදාගන්නෙ හේලීස් free zone සමාගමයි.

    Sri lanka රේගුව සහ මද්‍යම පරිසර අධිකාරිය එක්ව කොලබ වරායේ සී අයි සී ටී පර්‍යන්තයෙ ගොඩගසා ඇති රෝහල් අපද්‍රව්‍ය තොගයෙත් කටුනායක නිදහස් වෙලද කලාපයේ හේලීස් free zone කොටසෙ ඉදිරිපසත් ගොඩ ගසා තිබු රෝහල් අපද්‍රව්‍ය වල ලයිස්තුව මෙසේය..

    ඉවත දැමු රෝහල් මෙට්ට
    ලිනන් ඇතිරිලි
    ශල්‍යාගාර ඇඳුම්
    ඇල්ගී බහාලුම්
    ශල්‍යාගාර උපකරණ
    ශල්‍යාගාර වලින් පිටකරන මිනිස් අපද්‍රව්‍ය

    මේ සියල්ලෙ එකතුව මෙට්‍රික් ටොන් 27685 කි.. මේවායෙන් ඉතා අධික දුර්ගන්ධයක් වහනය වන බවද නිරීක්ෂණය කර ඇත..

    ශ්‍රී ලංකාවෙ ජාතික ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ප්‍රතිපත්ති ය අනුව පසු භාවිත අපද්‍රව්‍ය ලංකාවට ආනයනය කිරීම තහනම් වේ..

    එමෙන්ම ආනයනය කරන ලද අපද්‍රව්‍ය / ප්‍රතිචක්‍රිකරණය ලද ද්‍රව්‍ය මත පදනම්ව කර්මාන්ත පවත්වාගෙන යාමත් තහනම්‍ ය.

    මෙම ප්‍රතිපත්තිය සැකසී ඇත්තෙ දේශසීමා හරහා අන්තරයාකර අපද්‍රව්‍ය ප්‍රවාහනය හා බැහැර කිරිම පිලිබද ලෝක සම්මුතිය වන " බාසල් සම්මුතිය" ට අනුවයි.

    ශ්‍රී ලංකාව තුල උපද්‍රවකාරී අපද්‍රව්‍ය බැහැර කිරීමෙ පහසුකම් නොමැති බැවින් බාසල් සම්මුතියෙ පලවෙනි වගන්තිය වන " අපද්‍රව්‍ය සමාජික රටවල් 2 ක් අතර බැහැර කරගැනිම තහනම් වේ..

    මෙම ඇමිණුමෙ සදහන් අපද්‍රව්‍ය ලැයිස්තුවෙ පලමු හානිකර අපද්‍රව්‍ය ලෙස සදහන් වන්නෙ'

    රෝහල් හෝ වෛද්‍ය මද්‍යස්ථාන වලින් ඉවතලන සායනික අපද්‍රව්‍ය යි..

    ලංකාව සහ මහා බිත්‍රාන්‍ය බාසල් සම්මුතිය ට අනූකූල සමාජික රටවල් දෙකකි..

    :dull:එසේනන් මෙය ජාත්‍යන්තර නීතීය අමු අමුවේ උල්ලංඝනය කිරීමකි..

    එබැවින් ඉහත සමාගම් වල මැදිහත්වීමෙන් මහා බ්‍රිතාන්‍යයේ සිට ශ්‍රී ලංකාවට ආනයනය කොට ඇති ඉහත කී රෝහල් අපද්‍රව්‍ය බාසල් සම්මුතිය යටතේ වෙනත් රටකට ප්‍රවාහනය තහනම් කොට ඇති Y1 කාණ්ඩයට අයත් බව පැහැදිළි වන අතර එම සම්මුතියේ පළමු වගන්තිය උල්ලංඝනය කිරීමේ වරදට මහා බ්‍රිතාන්‍යය සහ ශ්‍රී ලංකා රජයත්, මහා බ්‍රිතාන්‍යයේ ලියාපදිංචි Vengaads Ltd සමාගමත්, ශ්‍රී ලංකාවේ ලියාපදිංචි Hayleys Free Zone Ltd සමාගමත් ඍජුව වගකිව යුතුය.

    1818/30 දරණ අතිවිශේෂ ගැසට් නිවේදනය දුර්වලතාවයක් ලෙස උපයෝගී කොටගෙන මෙලෙස මහා බ්‍රිතාන්‍යයේ උපද්‍රවකාරී සායනික අපද්‍රව්‍ය රට තුලට රැගෙනවිත් තිබේ. එම ගැසට් නිවේදනයට අනුව “සුළු පිරිසැකසුම් කර නැවත අපනයනය කිරීම සම්බන්ධ අන්තරාල වෙළඳාම” සඳහා වන ආනයනයන් ශ්‍රී ලංකාවේ රේගු ආඥා පනත, විනිමය පාලන පනත, ආනයන සහ අපනයන (පාලන) පනත සහ මුදල් පනතෙහි විධිවිධාන වලින් නිදහස් කොට තිබේ. එනිසා ශ්‍රී ලංකා රෙගුවට එවැනි කන්ටේනර් හෝ ගුදම් පරික්ෂා කිරීම බලය නොමැතිවීමේ නීතිමය අඩුපාඩුව අවභාවිතා කරමින් මෙම අපද්‍රව්‍ය ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බව පෙනෙන්නට තිබේ.

    රේගු නිලධාරීන් පවසන පරිදි ඉහත අති විශේෂ ගැසට් නිවේදනය යටතේ මෙම කන්ටේනර් සහ ගුදම් පරීක්ෂා කිරීමෙන් වලක්වා ඇතැයි පැවසුවද එම අති විශේෂ ගැසට් නිවේදනයේ 5 වන නියෝගය ප්‍රකාරව “යම් භාණ්ඩයක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති විට හෝ ශ්‍රී ලංකාවෙන් අපනයනය කර ඇති විට, එම භාණ්ඩය ශ්‍රී ලංකා භුමි ප්‍රදේශය වෙත හෝ ඉන් පිටතට ගෙනයන අවස්ථාවක දී අදාළ පරිදි රෙගු ආඥා පනතේ සහ ආනයන සහ අපනයන (පාලන) පනතේ විධිවිධාන අදාළ විය යුතුය” යනුවෙන් නියෝග කොට තිබේ

    එමෙන්ම එම අති විශේෂ ගැසට් නිවේදනයේ 6 වන නියෝගය ප්‍රකාරව “මෙහි සඳහන් කුමන ආකාරයකින් නිදහස් කිරීම් ලබා දී තිබුණ ද, මෙම නීති මාලාව අදාළ වන සියලුම ව්‍යාපාරයන් රේගු ආඥා පනතේ උපලේඛනය (ආ) යටතේ පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම සඳහා යටත් වේ. රේගු ආඥා පනතේ උපලේඛනය (ආ) යටතේ පනවා ඇති සීමා කිරීම් සහ තහනම් කිරීම් වලට එරෙහිව යමින් යම් ව්‍යාපාරයක් කටයුතු කරන්නේ නම් මෙම නීති මාලාවට අදාළ වන ඕනෑම ව්‍යාපාරික ස්ථානයක් වෙත ඇතුළුවීමට සහ අවශ්‍ය පියවර ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් වෙත හෝ ඔහු විසින් බලය පවරනු ඕනෑම නිලධාරියෙකු වෙත බලය ඇත.” යනුවෙන්ද සඳහන් වේ

    එබැවින්, ඉහත අති විශේෂ ගැසට් නිවේදනය යටතේ කුමන ආකාරයේ නිදහස් කිරීමක් තිබුනද මෙවැනි උපද්‍රවික අපද්‍රව්‍ය ආනයනය කරන සමාගම් වලට එරෙහිව රෙගු අධ්‍යක්ෂ ජනරාල් වරයාට තම රාජකාරිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව එම ගැසට් නිවේදනයේ 5 සහ 6 නියෝග යටතේ තිබේ.

    ඒ නිසා හිතවතුනි BOI කාලාපයෙ ගුදම් පරික්ශාවට රේගු බලයක් නැතැයි කීමෙන් රේගුවෙ වගකීම අවසන් නොවේ.

    එමෙන්ම, Hayleys Free Zone Ltd සමාගම හෝ වෙනත් සමාගමක් විසින් කරගෙන යන ඉහත සඳහන් ආකාරයේ සුළු පිරිසැකසුම් කර නැවත අපනයනය කිරීම සම්බන්ධ අන්තරාල වෙළඳාම” සහ “ශ්‍රී ලංකාව තුල බන්ධිත ගුදම් හෝ විවිධ රටවල් සංගෘහිත කිරීම් වැනි සැපයුම් සේවා සිදු කිරිම යන ආකාරයේ සේවා සපයන ආයතන ශ්‍රී ලංකාවේ බලපවත්නා ජාතික පාරිසරික පනතේ විධිවිධාන වලට ඍජුව යටත්වන බැවින්, ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව මධ්‍යම පරිසර අධිකාරියට ද තිබේ.

    වාර්තා වන ආකාරයට මේ ජාවාරම ලෝකයට නිරාවරණය වන පලමු අවස්ථාව මෙය උවත් ලංකාවට කුණු ආනයනය කල පලමු අවස්ථාව මෙය නොවන බවත් හේලීස්ලා මෙහි එක්ස්පර්ට්ලා බවත් තතු දත්තො දනිති..

    2015 සිට හේලීස්ලා ජාත්‍යන්තර කුණු ආනයනයනට කෙලින්ම අත ගසා ඇති බවට සාධක මේ වනවිට හෙලිවෙමින් ඇත..

    තවද කන්ටේනර් 29 නැවත ප්‍රති අපනයනය කල බව කීවත් ඔවුන් එහි විස්තර නැවත ප්‍රති අපනයනය කල රටක් හෝ සදහන් කරන්නෙ නැත..

    ආසන්න කාල සීමාවකදී ජා ඇල ඒකල ඉඩමක හදිසියෙ ගොඩ ගැසු කුණු තොගයක් නිසා ඇති වූ ආන්දෝලනය ඔබට මතක ඇතැයි සිතමි..

    ප්‍රති අපනයනය කලාය කියන කන්ටේනර් 29 ලංකාවෙම බැහැර කරන්නට ඇති බවට සැක ඇතිවීම අරුමයක්ද?

    හිතවතුනි සහෝදර සමාගම් දෙක කුණු නැවත uk වලට පටවා යැවීමෙන් සියල්ලො නිදහස් වීම කිසිසේත් නොවිය යුතුය.. එසේ අත පිසදා ගැනීමට මේ තක්කඩි රැලට ඉඩ නොදිය යුතුය.

    එමනිසා මෙම අපද්‍රව්‍ය සායනික අපද්‍රව්‍ය බව ට රජයේ රස පරික්ශක විසින් තහවුරු කර වාර්‍තාවක් ලබා ගැනීම මේ අවස්ථාවෙ කල යුතු පලමු කාර්‍යයි..

    මේවා සායනික අපද්‍රව්‍ය ලෙස තහවුරු කෙරෙන රස පරික්ශණ වාර්තාවකින් පසු මීට අදාල සියළු සමාගම් වල ට ජාත්‍යන්තර නීතීය උල්ලංඝනය කිරීමෙ නඩු පැවරීමට හැකිය..

    නමුත් ඊට පෙර මොවුන් මේවා නැවත හැකි ඉක්මනින් ප්‍රවාහන ය කර සිද්ධිය යට ගැසීම වැලැක්වීමට නම් ගරු අධිකරණයෙන් පරික්ශණ අවසන් වන තුරු මෙම අපද්‍රව්‍ය යලි ප්‍රවාහන ය තහනම් කෙරෙන තහනම් ආඥාවක් ලබා ගත යුතුය.

    දැන ගැනීමට ලැබෙන පරිදි සිලෝන් මෙටල් ආයතනය මේ වනවිට බුන්වත් (බංකොලොත් ) සමාගමකි.. මේ අපද්‍රව්‍ය නැවත හරවා යැවීමෙදී ගෙවන්නට නියමිත මිලියන 600 ට වැඩි වරාය ගාස්තු ගෙවීමට අදාල සමාගමට මුල්‍ය හැකියාවක් පවතීද යන්නත් සැකයකි..

    කෙසෙ වෙතත් මීට අදාල නීතී ක්‍රියාවලිය හැකි ඉක්මන් කල යුතුය..


    ලංකාවට තමන්ටවත් විසඳගන්න බැරි කුණු ප්‍රශ්නෙ ක හිර වෙලා ඉද්දි ලෝක අපද්‍රව්‍ය පවා භාරගන්න තරම් හයියක් ලබා දුන්න ඒ හැමෝටම අපි ලංකාවෙ පීඩිත ජනතාව වශයෙන් පින් පමුණුවන්න කැමති!!

    මේවට දායක උනෙ එකෙක්ගෙ හරි දරුවෙක්ටවත් හරි යන්න විදියක් නෑ.. කිව්වට තරහා වෙන්න එපා!! ලංකාවෙ පුරවැසියෙක් හැටියට හදවතට ලොකු වේදනාවක් දැනෙනවා ඒ තරමට ...!!

    මෙයින් පැන ගැනීමට මේ කිසිවෙක්ට ඉඩ නොදී බෙල්ල මුලින්ම අල්ලා හොඳ පාඩමක් ඉගැන්විය යුතුමය..

    එතෙක් ශ්‍රී ලාංකික පුරවැසි අපට සැනසීමෙන් ජීවත් විය නොහැක!!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,665
    40,246
    113
    කෙටියෙන් කිහන්කො බන්. පුළුවන් නම් යූටියුබ් වීඩියෝ එකක් හදලා දාපන්. මට මේක කියවන්න ඕනේ ඒත් මෙච්චර දිග ඒවා කියවන්න අමාරුයි බන් ඇස් දෙක රිදෙනවා :(:(
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    කෙටියෙන් කිහන්කො බන්. පුළුවන් නම් යූටියුබ් වීඩියෝ එකක් හදලා දාපන්. මට මේක කියවන්න ඕනේ ඒත් මෙච්චර දිග ඒවා කියවන්න අමාරුයි බන් ඇස් දෙක රිදෙනවා :(:(


    take medicine.:yes: Anybody interested will read
     

    euler

    Well-known member
  • Feb 2, 2019
    2,271
    528
    113
    e kale mulin company eke name eka wath damme nha tv eke ratu pas wala case eke hoyala balapan nama company eke


    Freedom is progressive according to most of people comments in social media.
    But government is failed in more aspects.

    Anyway, please resize your picture.
     

    dishanwis

    Well-known member
  • හිතා ගන්න බැ මොනවාද මේ ලංකාවට වෙන්නේ කියලා මේ ඓක පැත්තක් විතරයි ඇයී නිතියනුකුලව ගෙන waste electronic ex, computer , other electronic stuff also re labeling foods near expire date foods lot pitin lankawata genawa re labal karala mehe sale karanawa lankawa dan 3rd world junk yard eikak karala thiyenne :angry::sorry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    Ebay eken gena podi dewal hirakarala tax gahanawa. Mewa check karanna baha. Kata kiyannada me wikara.:angry:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,844
    8
    35,403
    113
    We really have become a dumping ground because of these greedy !@$#@rds. Though they talk about AI & IOT - they act like idIOTs.:angry:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ගූ උනත් මොකෝ සුද්දන්ගෙනේ..