නව සංවර්ධන News

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    1.වී ගබඩා කිරීමෙන් කොපමණ පාඩු වී දැයි හොයන්න විශේෂ කණ්ඩායමක් මත්තලට

    මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි අංගනයක වී ගබඩා කිරීමෙන් එයට සිදුව ඇති පාඩුව කොපමණදැයි ගණනය කිරීම සඳහා වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ හා වංචා පිළිබඳ සොයා බැලීමට විශේෂ කණ්ඩායමක් හෙට (08) පෙරවරු 8.30ට මත්තල ගුවන්තොටුපලට යෑමට නියමිත බව එම ජනාධිපති කොමිෂන් සභාව සඳහන් කරයි.

    ඒ අනුව එම ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරී ගෙන් යුතු කණ්ඩායමයක් මෙම ගුවන්තොටු පළට යන බව එම කොමිසමේ ප‍්‍රකාශකයෙකු ලංකාදීපයට පැවසීය.

    මෙම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවට ලැබුණු පැමිණිල්ලකට අනුව මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වී ගබඩා කිරීම සමබන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට එම කොමිසම මීට පෙර තීරණය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් එහි ගොස් තිබිණි.

    එම ගුවන්තොටුපළේ ඇතැම් ස්ථාන වලට හානි සිදුව ඇති ව එම පොලිස් නිලධාරීන් තොරතුරු ලබා ගෙන තිබූ අතර ඒ අනුව එම ගුවන්තොටුපළට සිදුවූ හානිය ගණනය කිරීම කොමිසම තීරණ කර ඇත.

    [Lankadeepa]

    2.කෙරවලපිටිය අංගනය වෙත කසළ බාරගැනීම නවත්වයි

    කොළඹ නගරයේ කසල බැහැර කිරීම සඳහා ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් වත්තල කෙරවලපිටිය ප‍්‍රදේශයේ පවත්වාගෙන යන කසළ අංගනය වෙත කසළ බාරගැනීම අද (05) සිට නවත්වා දැමීමට තීරණය කළ බව එම සංස්ථාව පවසයි.

    මේ වනවිට එයට ලබාගත හැකි කසළ ධාරිතාව ඉක්මවා තිබෙන බැවින් හා මතුව ඇති විරෝධතා හේතුවෙන් මෙම තීරණය ගත් බව ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතා පැවසීය.

    මේ හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ කසල හෙට (06) සිට අලුවක්කාලු කසල රඳවනය වෙත හෝ වෙනත් ස්ථානයකට බැහැර කිරීමට සිදුවනු ඇතැයි ද සභාපතිවරයා කීවේය.

    පසුගිය 2017 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින සිදුවූ මීතොටමුල්ල කසළ කන්ද නායයාමෙන් පසුව කොළඹ නගරයේ ඇතිවූ හදිසි කසළ ගැටළුවට තාවකාලික පිළියමක් ලෙස වසරක කාලසීමාවකට යටත්ව අක්කර 20ක පමණ භූමියක් තුළ මෙම කසල අංගනය ආරම්භ කළ බවත් මේ වන විටත් එය වසර දෙකකට වැඩි කාලසීමාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

    මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් පුත්තලම, අරුවක්කාලූ ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යාත්මක සනීපාරක්ෂක කසළ රඳවනය වෙත කසළ බැහැර කිරීමේ හැකියාව ඇතත් ඒ සඳහාත් විවිධ බාධාවන් මතුවීම හේතුවෙන් කෙරවලපිටියේ මෙම කසල අංගනය මේ වන තෙක් පවත්වාගෙන ඒමට සිදුවූ බවද ඔහු පැවසීය.

    අධික ධාරිතාවයකින් කසළ භාරගැනීම නිසා කෙරවලපිටිය ප‍්‍රදේශයේ විවිධ පාරිසරික හා සමාජයීය ගැටළු නිර්මාණය වන බවට පරිසර අධිකාරිය ඇතුළු විවිධ ආයතන මගින්ද මේ වන විට සංස්ථාව දැනුම්වත් කර ඇතැයි කී සභාපතිවරයාල විපක්ෂයේ ඇතැම් දේශපාලන නියෝජිතයන්ගේ පැමිණ සේවකයන් බියවද්දමින් සිදුකරන්නාවූ විවිධ ක‍්‍රියාකාරකම් නිසා ද කෙරවලපිටිය කසළ අංගනය තවදුරටත් පවත්වාගෙන යාමේ බාධාවන් මතුව ඇතැයි ප‍්‍රකාශ කළේය.

    කෙසේ වෙතත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් ඉදිකර ඇති අලුවක්කාලු සනීපාරක්‍ෂක කසල රදවනයට දිනකට කසල මෙටි‍්‍රක් ටොන් 600ක් භාරගැනීමේ හැකියාව මේ වන විටත් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
    [Lankadeepa]

    3. ගම්පහ මහ රෝහලේ ශල්‍යාගාර 6 ම වසා දමයි


    ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මධ්‍යම වායු සමීකරණය පද්ධතිය යළිත් වරක් අක්‍රීයවීමෙන් එහි ශල්‍යාගාර 6 ම අද (7) වසා දැමීමට සිදු වී තිබේ.

    මේ හේතුවෙන් පොරොත්තු ලේඛනයට අනුව අද දිනයේ සිදු කිරීමට නියමිතව තිබූ රෝගීන් 30 දෙනෙකුගේ පමණ ශල්‍යකර්ම නවතා දැමීමට සිදුව ඇත..

    වසර 20 ක් පමණ පැරණි රෝහල් වායු සමීකරණය පද්ධතිය වරින්වර අක්‍රීයවීම මත මීට කෙටි කාලයකට පෙරද මේ ආකාරයටම සියලුම ශල්‍යාගාර වසා දැමීමට සිදුවීම මත සාමාන්‍ය වායුසමීකරණ සවිකොට ඇති නමුත් මින් ආසාධිත තත්ත්වයන් ඇති වියහැකි බව ශල්‍යාගාර කාර්ය මණ්ඩලය පෙන්වා දුන් අතර මධ්‍යම වායු සමීකරණය පද්ධතියක් අලුතින් ලබාදීම වෙනුවට පැලැස්තර විසදුම් ලබා දීමෙන් මෙවන් තත්ත්වයක් උදාවී ඇති බවද පැවසූහ.

    පවතින මෙම අයහපත් තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ගම්පහ රෝහල් ශාඛාව මගින් මාධ්‍ය දැනුවත් කිරීමක් කළ අතර මෙහිදී ශාඛා සභාපති වෛද්‍ය මහාචාර්ය අරුණ මුණසිංහ මහතා කියා සිටියේ, රෝහල් ශල්‍යාගාර සදහා ඉතා අවශ්‍ය මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් ලබාදීම වෙනුවට සාමාන්‍ය වායුසමීකරණ ලබාදීමෙන් ඵලක් නොවන බවය. රෝහලෙහි පවතින අයහපත් තත්ත්වය සොයා බැලීම සඳහා පසුගිය දිනෙක පළාත් ලේකම් වරයා, පළාත් සෞඛ්‍ය ලේකම් වරයා ඇතුළු බලධාරීන් පිරිසක් නිරීක්ෂණය කළද අවශ්‍යතා නිසි පරිදි ඉටු කිරීමට පියවර ගෙන නොමැති බවද සභාපති වරයා කීය .

    මෙම රෝහලෙහි අඩුපාඩු රාශියක් පවතින බව මෙහිදී වෛද්‍ය සංගමයේ ගම්පහ ශාඛා උප සභාපති වෛද්‍ය ප්‍රියන්ත ශිරෝමන් මහතා පැවසු අතර රෝහල මධ්‍යම රජයට පවරා ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

    ශල්‍යාගාර කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුම පවසා සිටියේ අසරණ රෝගීන් වෙනුවෙන් පවතින අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් පියවරගත යුතු බවය.

    ශල්‍යකර්ම නවතා දැමීමෙන් පසුව සිදුවු අපහසුතාවය පිළිබඳව රෝගීහු කිහිප දෙනෙකුම අදහස් දැක්වූ අතර එක් රෝගී කාන්තාවක් පවසා සිටියේ තමන් ශල්‍ය කර්මයක් සදහා මාස එකහමාරක කාලයක් පොරොත්තු ලේඛනයේ සිටි බවය.

    පවතින මෙම අයහපත් තත්ත්වය හේතුවෙන් සතියකට දින දෙකක් රෝහලෙහි අක්ෂි ශල්‍යකර්ම 80 ක් පමණ සිදු කෙරෙන බැවින් ඒ සියල්ලද නතර කිරීමට සිදුවනු ඇති බවද දැනගත හැකි විය.

    ශල්‍යාගාර සියල්ල වසා දැමීමට සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් කළ විමසිමේදී පවසා සිටියේ , මධ්‍යම වායු සමීකරණය පද්ධතිය අලුතින් සවිකරලීම සඳහා අදාල අංශ දැනුවත් කර ඇති බවත් ඒ සදහා කටයුතු සිදු වෙමින් පවතින බවත්ය.



    දුටුගැමුණු රජු පරදවන, වික්කාමසිංහ මහතාගේ තවත් මෙවැනි මහා සංවර්ධන නිව්ස් ඇත්නම් මෙම නූලට එක් කිරීමට වග බලා ගන්න :yes:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    66688214_2382445838678284_3893783643650260992_n.png
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,133
    20,400
    113
    Panadura
    අම්මේ මාර සංවර්ධනයක්නෙ බන් කරලා තියෙන්නෙ