කවුද මේ වර්ධරාජා පෙරුමාල්?

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    කවුද මේ වර්ධරාජා පෙරුමාල්?

    ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහයෝගය දෙන වර්ධරාජා පෙරුමාල් නමැති දෙමළ ජාතිකයකු ගැන කියවෙනවා ඔබ දුටුවා ද? ඔහු කවුරු ද? මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ ඒ ඉතිහාසයයි.


    ඔහු ඊලාම් මහජන විප්ලවකාරී විමුක්ති පෙරමුණ හෙවත් (EPRLF) නම් සංවිධානයේ එක් පාර්ශ්වයක නායකයකු ලෙස සිටිමුත් දැන් හුදකලා පුද්ගලයෙකු ලෙස පෙනෙනවා.

    ඔහු තමයි ඉන්දීය සාමසාධක හමුදාවේ සහයෝගයෙන් 1988දී ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද උතුරු-නැගෙනහිර පළාත් සභාවේ මහ ඇමතිවරයා. මෙම පළාත් සභා විසඳුම සහ එයට සභිකයන් තෝරාපත් කරගත් මැතිවරණය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) සහ එවකට ක්‍රියාත්මක වූ ප්‍රබල ම ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ පක්ෂය වන දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. ඒ නිසා මැතිවරණයේදී EPRLF පක්ෂය පහසු ජයක් ලබාගත්තා.

    ගෝඨාභය රාජපක්ෂගේ තවත් ආධාරකරුවකු වන ආචාර්ය දයාන් ජයතිලක ද මෙම ආණ්ඩුවේ සිටි ඇමතිවරයෙක්. කෙසේ වෙතත්, මෙම ආණ්ඩුවට එවකට සටන් විරාමයක සිටි LTTE සංවිධානයේ, සන්නද්ධ අරගලයක සිටි ජනතා විමුක්ති පෙරමුණේ පමණක් නොව 1989දී බලයට පැමිණි ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පවා විරෝධය එල්ල වුණා. පළාත් සභාවට දෙමළ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට මෙම තත්වය ප්‍රබල බාධාවක් වුණා. එහෙත්, එදා පෙරුමාල් මහ ඇමති පදවිය භාරගැනීමට ඉදිරිපත් වීම ම දැඩි අභියෝගාත්මක කාර්යයක් වුණා.

    ඉන්දීය හමුදාවට එරෙහිව සටන් කිරීම සඳහා කොටි සංවිධානයට ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ ආධාර උපකාර ලැබීමත් සමග පෙරුමාල්ගේ තත්වය තවත් නරක අතට හැරුණා. මෙම පළාත් සභාවේ ආරක්ෂාව වෙනුවෙන් වර්ධරාජා පෙරුමාල්ගේ නායකත්වයෙන් ඉන්දීය ආධාර ඇතිව පුරවැසි ස්වේච්ඡා බලකාය හෙවත් පසුව දෙමළ ජාතික හමුදාව නම් වූ අතුරු හමුදාවක් ද නිර්මාණය කළා. ශ්‍රී ලංකා හමුදාව උතුරු නැගෙනහිරට අනවශ්‍ය බව ඔහු පැවසුවා.

    එහෙත්, 1990 මාර්තු 1 වන විට ඉන්දීය හමුදා ලංකාවෙන් ඉවත් වීමත් සමග මේ දෙමළ ජාතික හමුදාව ඉතා පහසුවෙන් කොටි සංවිධානයට ගොදුරු වුණා. කොටි සංවිධානය විසින් එහි සෙබලුන් සිය ගණනක් මරා දැම්මා. ඒ වන විටත් ත්‍රිකුණාමලය නගරයට සීමා වී තිබුණු වර්ධරාජා පෙරුමාල්ගේ පළාත් සභාව ශ්‍රී ලංකා රජය යම් කොන්දේසි ඉටු නොකරන්නේ නම්, ඒකපාර්ශ්විකව දෙමළ ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කිරීමේ යෝජනා සම්මතයක් ඇති කරගත්තා. මෙය ඒකපාර්ශ්විකව ඊලමක් ප්‍රකාශයට පත්කිරීමක් ලෙස සලකමින් ප්‍රේමදාස රජය පළාත් සභාව විසුරුවා හැරියා.

    සිය බිරිය ගෞරි, පුතු සහ දියණියන් තිදෙනා සමග ඉන්දියාවට පළාගොස් ඉන්දීය රජයේ ආරක්ෂාව සහිතව දකුණු ඉන්දියාවේ පිටුවහල්ව ජීවත් වීමට වර්ධරාජා පෙරුමාල්ට සිදුවුණා. පසුව, 1990 ජුනි මාසයේදී කොටි සංවිධානය සටන් විරාමයෙන් ඉවත්ව ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා.

    1938 දී යාපනයේ කොට්ටඩිහි උපන් වර්ධරාජා පෙරුමාල්ගේ පියා වූ අන්නමලේ ඉන්දීය දෙමළ ජාතිකයෙක්. මව ලාංකික දෙමළ. ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක්. පසුව දේශපාලන ආර්ථික විද්‍යා විෂය සම්බන්ධ කථිකාචාර්යවරයකු ලෙස ඔහු එම විශ්වවිද්‍යාලයේ සේවය කළා. සිරිමා බණ්ඩාරනායක අගමැතිවරිය යටතේ වූ සමගි පෙරමුණු ආණ්ඩුව විසින් ඔහු නඩු විභාගයකින් තොරව වසර හයක් සිරගත කර තිබුණා. එයට මුල් වූයේ සිරිමා බණ්ඩාරනායක යාපනයේ චාරිකාවක යෙදීමට හා යාපනය විශ්වවිද්‍යාලයට ආධාර නොදීමටත්, තවත් කාරණාවලටත් එරෙහිව පවත්වන ලද උද්ඝෝෂණයි.

    1980දී නැවතත් ඔහු සිරභාරයට ගනු ලැබුවේ EPRLF සමග තිබුණ සම්බන්ධකම් නිසායි. ඒ වන විට ඔහු එම සංවිධානයේ නායකයෙක්. ඩග්ලස් දේවානන්දා එම සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයායි.

    1983දී මඩකලපුව සිරගෙය කඩාගෙන පළා ගිය පෙරුමාල් චෙන්නෙයිහි සිටිමින් EPRLF ප්‍රකාශකවරයා ලෙස ද කටයුතු කළා. 1985දී ශ්‍රී ලංකා රජය හා දෙමළ සන්නද්ධ කණ්ඩායම් අතර භූතානයේ තිම්පු නුවරදී පැවැත්වුණ සාකච්ඡාවලට ද ඔහු සහභාගි වුණා. දෙමළ ජනතාව වෙනම ජාතියක්‌ බව, උතුරු නැගෙනහිර පළාත් ඔවුන්ගේ නිජභූමිය බව සහ ඔවුන්ට ස්‌වයං තීරණ අයිතිය ඇති බව මෙහිදී දෙමළ පාර්ශ්ව විසින් සාමූහිකව ඉදිරිපත් කළා. ඒවා හැඳින්වෙන්නේ තිම්පු මූලධර්ම ලෙසයි.

    ඉන්දියාවේදී නීතිඥවරයකු බවට පත් වූ වර්ධරාජා පෙරුමාල් දිල්ලියේ නීතිඥ සංගමයේ ද සාමාජිකයෙකු වුණා. 2009දී යුද්ධය අවසන් වූ පසුවත්, 2015දී සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසුවත් වර්ධරාජා පෙරුමාල් ලංකාවට පැමිණ දේශපාලනය ගැන යම් උනන්දුවක් ප්‍රදර්ශනය කළත්, ඔහු කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධ වූයේ නැහැ. වර්තමානයේදී ඔහු ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට ඍජුව ම සහාය පළකරනවා.

    “මහින්ද රාජපක්ෂ මහතා පළාත් සභා වෙත පවතින බලතල අඩුයි කියන එක පිළිගෙන සිටිනවා. ඒ නිසාවෙන් පළාත් සභා වෙත බලතල වැඩි කරන්නත් ඔහු පොරොන්දු වී තිබෙනවා. ඒ වගේම මහින්ද රාජපක්ෂ කියන්නේ යුද්ධය ඉවර කරපු නායකයා තමයි. නමුත් මේ රටේ යුද්ධයක් ඇතිවන්නට මුල් වීමට හේතුවුණේ එක්සත් ජාතික පක්ෂය කියන එක පිළිගන්න ඕනැ. ගොඩක් දෙනෙක්ට ඒක අමතක වෙලා,” යි ඔහු පවසයි.

    Praja.lk
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    උඹට පැත්ත මාරු වෙන්නම ෂොට් එක දුන්න නේ ඇඩ්මින් :lol::lol:




    අපෝ මූසල JVP පිස්සු පොන්නයා උදේම අැවිත් දවසම මස්ත බාල්දු කරන්න.ඉල්ලුවහම මුකුත් නොදිත් බෑ..අා මෙන්න...:baffled::rofl:



    UCvDIZI.jpg
    PwRmKEo.jpg
     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    අපෝ මූසල JVP පිස්සු පොන්නයා උදේම අැවිත් දවසම මස්ත බාල්දු කරන්න.ඉල්ලුවහම මුකුත් නොදිත් බෑ..අා මෙන්න...:baffled::rofl:



    UCvDIZI.jpg
    PwRmKEo.jpg

    :oo::oo::oo: