.
.
.
.
.
.
.
.
.
.
.
විශේෂ හෙළිදරව්ව: ගෝඨාභයට නඩු දාන්න හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගමිලත්ට රජය බලපෑම් කළ හැටි.
රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු ගේ හෘද සාක්ෂියේ විලාපය.
ඇවන්ට්ගාර්ඩ් සමාගමේ සභාපති නිස්සංක සේනාධිපති සහ නීතිපති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජෙනරාල් දිලරුක්ෂි ඩයස් මහත්මි අතර කළ ආන්දෝලනාත්මක දුරකථන සංවාදය පසුගිය සතියේ මෙරට ප්‍රධාන මාතෘකාව වූ අතර සංවාදයේ අන්තර්ගතය (ඇවන්ට්ගාර්ඩ් සමාගමට විරුද්ධව නඩු දමන්නට කළ දේශපාලන බලපෑම් ගැන) හෙළිකිරීම නිසා සොලිසිටර් ජෙනරාල්වරියට තාවකාලික වැඩ තහනමකට ලක්වීමට ද සිදුවිය. එහි උණුසුම මැකීයන්නටත් පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා ද තමන්ගේ හෘද සාක්ෂිය අවධිකර එවැනිම පාපොච්චාරණයක් සිදුකර ඇත.
එහිදී ඇවන්ට්ගාර්ඩ් සිද්ධිය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ නිස්සංක සේනාධිපති මහතා අත්ඩංගුවට ගන්නට කළ බලෑපෑම දේශපාලනඥයන් ගේ නම් සහිතවම හෙළිදරව් කර ඇත. ඔහුට දැඩි බලපෑමක් කර ඇත්තේ යහපාලන ආණ්ඩුවේ පාඨලී චම්පික සහ රාජිත සේනාරත්න යන අමාත්‍යවරුන් බව ඔහු නිර්භයව හෙළිදරව් කර ඇත.
අනුර කුමාර දිසානායක හා විජිත හේරත් ද මෙහි කොටස්කරුවන් බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.ඔවුන් ඉන් නොනැවතී මහාචාර්ය සරත් විජේසූරිය හා සමන් රත්නප්‍රිය යොදවා හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතාට විරුද්ධව මාධ්‍ය (සිරස හා TNL ) හරහා විශාල ප්‍රචාරයක් ගෙනගිය නිසා ඔහුට හිමිවන්නට තිබූ නීතිපති තනතුරවත් ලබාගන්නටත් නොහැකිව විශ්‍රාම යන්නට සිදුවී ඇත.
" මම හිතන්නේ මේ තරම් බලපෑම් කරන්න හේතුව දේශපාලන හේතුවකටත් වඩා වානිජ හේතුවක් කියලයි. කාටහරි අවශ්‍යතාවක් තිබුණා මේ ව්‍යාපාරය කඩලා අරන් වෙන කාටහරි අරන් දෙන්න. මොකද මේක කෝටි ගණන් ලාබ ලැබෙන ව්‍යාපාරයක්..." ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ සියලු කාරණා සලකා බැලූ කළ අවබෝධ වන්නේ දේශපාලන හා පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමේ අදහසින් මෙරටට ඩොලර් මිලියන ගණනින් විදේශ විනිමය ගෙනා සාර්ථක දේශීය ව්‍යාපාරයක් වු ඇවන්ට්ගාර්ඩ් සමාගම කඩා බිඳ දමන්නට දේශපාලනඥයන් කීපදෙනෙකු ක්‍රියාත්මක වී ඇති බවය. දැනටත් සිදුවන්නේ එයම ය. අවසානයේ වන්දි ගෙවන්නට සිදුවූයේ දේශීය ව්‍යාපාරිකයෙකුට හා මෙම නඩු හේතුවෙන් රැකියා අහිමි වූ 4000 ක් පමණ වන විශ්‍රාමික සොල්දාදුවන්ට ය.
නීතීයේ ආධිපත්‍යය රකින්නට ආ යහපාලන ආණ්ඩුව දේශපාලන හා පෞද්ගලික කෝන්තර මත දමා ඇති ඇවන්ට්ගාර්ඩ් නඩු දැන් හෝ ඉවත්කර ගතයුතු නොවේ ද?
( වැඩි විස්තර සඳහා ඉරිදා අරුණ පුවත්පතේ 4 වන පිටුව කියවන්න)
=================
සොනාල ගුණවර්ධන

Last edited: