hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,952
    35,881
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජනාධිපති මැතිවරණය පැවැත්වීමට තවත් ඇත්තේ දින කිහිපයකි. ප්‍රධාන දේශපාලන කඳවුරු දෙකම සිය මැතිවරණ ව්‍යාපාරයන්ගේ වැඩි බරක් සමාජජාලා මාධ්‍යයන් තුලද යොදවා තිබෙන බව වාර්තා වේ.

    එවන් පසුබිමක ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් පළකිරීම් "රිපෝර්ට්" කිරීමේ පහසුකම අත්හිටුවා තිබෙන බව පෙනේ. මේ අනුව ශ්‍රී ලංකාව තුල ෆේස්බුක් ප‍රිශීලකයන්ට වෛරී සහගත, අසත්‍ය ප්‍රචාර හා පළකිරීම් 'රිපෝර්ට්' කිරීමට නොහැක.

    වෙනත් රටවලට එලෙසට ෆේස්බුක් 'රිපෝර්ට්' පහසුකම නවතා නොමැති බව වාර්තා වේ. මේ අනුව මෙය ෆේස්බුක් සමාගම විසින් ශ්‍රී ලංකාව ඉලක්ක කළ වෙනසක් බව පැහැදිලිය.

    මෙය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් සිදුවූ දෙයක්ද, එසේත් නොමැති නම් වෙනත් හේතුවක් නිසා ෆේස්බුක් 'රිපෝර්ට්' විකල්පය ඉවත් කර තිබේදැයි ෆේස්බුක් ආයතනය විසින් තවමත් කරුණු පැහැදිලි කර නොමැත.

    කෙසේ වෙතත් මේ සමගම තීරණාත්මක මැතිවරණ සමයේ ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවිය අසත්‍ය, වෛරීසහගත පළකිරීම්හි ගොඳුරක් වීමේ අවදානයක් මතුව තිබේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ape anurayata nam oya mona awulak wath na. anik paksha walata wada karala ganak hoyanawa. uge 5% kohomath enawa:D:D:yes::yes::D:D