MCC ඇත්ත

ranq

Active member
  • Mar 5, 2019
    117
    45
    28
    බයෝ ගුරාගෙ බොරු අහල බය නොවී මේ විඩීයෝ එකයි ආට්කල් එකයි බලපන්. මං කියනවට බලපන්. බොරු ප්‍රචාර නිසා නැතිවෙන්න යන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් සිද්ද වෙන්න යන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය.



    MCC.jpg


    පසුගිය දවසක මගේ උගත් මිත්‍රයෙක් ඔහුගේ වත්පොත් පිටුවේ ප්‍රසිද්ධ කරල තිබුණු බැනරයකට අනුව, ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා, අටමස්ථානය සීගිරියද ඇතුළුව ඉඩම් අක්කර මිලියන 1.2ක් ඇමරිකාවට විකිණීමේ ගිවිසුමකට සජිත් ප්‍රේමදාසගේද අනුමැතිය ලැබී තිබෙනවා. මේ කියන ගිවිසුම පෙන්වන්න කියා වෙනත් අයෙක් ඉල්ලා සිටි විට බැනරයේ තිබෙන කරුණු උපකල්පනයන් පමණක් බවත්, මේ ආකාරයට බැනරයක් දැමීමෙන් බලාපොරොත්තු වෙන්නේ අදාළ ගිවිසුම ප්‍රසිද්ධ කරන මෙන් ආණ්ඩුවට බල කිරීම බවත් ඔහු කියනවා.

    ලංකාවේ මුළු වර්ග ප්‍රමාණයම අක්කර මිලියන 16.2ක්. එයට අභ්‍යන්තර ජලාශ, වනාන්තර, ආර්ථික ප්‍රයෝජනයක් නැති ඉඩම් ආදියත් ඇතුළත්. එහෙම බැලුවහම අක්කර මිලියන 1.2ක් කියන්නේ රටෙන් විශාල කොටසක්. බැනරයේ ලකුණු කර තිබෙන ආකාරයටනම් මේ ප්‍රදේශය ඊටත් වඩා ගොඩක් විශාල රටෙන් තුනෙන් එකක වගේ කොටසක්.

    බැනරයේ ඉහළ දකුණු කෙළවරේ තිබෙන ලාංඡනය අනුව, මේ කතා කරන්නේ සහශ්‍ර අභියෝගිතා ගිවිසුම ගැන බව පැහැදිලියි. ඔය කියන ගිවිසුම රහසිගත එකක් නෙමෙයි. මගේ මිතුරා අදාළ ප්‍රතිචාරය වත්පොතේ දමන විටත් මුදල් අමාත්‍යංශය විසින් ගිවිසුමේ පිටපතක් ප්‍රසිද්ධ කරලයි තිබුණේ. ඔය කියන විදිහට ඇමරිකාවට ඉඩම් විකුණන කතාවක් ගිවිසුමේ කොතැනකවත් නැහැ.

    රටේ ඉඩම්, විශේෂයෙන්ම සීගිරිය වගේ තැන්, විකුණන්න යන කතාවනම් විවිධ පුද්ගලයින් විසින් වරින් වර නැවත නැවත විකුණන කතාවක්. කාලෙකට ඉස්සර නන්දා මාලිනී එක්ක එකතු වෙලා සුනිල් ආරියරත්නත් ඔය කතාව සෑහෙන ගාණකට විකුණ ගත්තනේ. තරුණ කාලය ගෙවෙනකම් සීගිරි නගින්න බැරි වුන, සීගිරිය එක්ක ඇරියස් තියෙන අය සීගිරිය විකුණන කතාව විකුණන වෙළෙන්දන් අතර ඉස්සරහින්ම ඉන්නවා. ඔය වගේ කතා මිල දී ගන්න පාරිභෝගිකයෝ ඉන්න තුරු කතා විකුණන අයට වෙළඳපොළක් තියෙනවා.

    රනිල් වික්‍රමසිංහ චරිතය හංවඩු ගහලා තියෙන්නේ හැම දේම විකුණන වික්කමසිංහ කෙනෙක් විදිහටනේ. හැබැයි ඔය මනුස්සයා විකුණපු කෙහෙම්මලක්නම් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ අඩු ගානේ තමන්ගේ ප්‍රතිපත්ති හෝ කළ වැඩ ටිකවත් විකුණගන්න අසමත් මනුස්සයෙක්. ඒ වුනත්, වික්කමසිංහ නමනම් වෙළඳපොළේ විකිණෙනවා.

    දැන් මේ කියන සහශ්‍ර අභියෝගිතා ගිවිසුමෙන් ඇමරිකාවට ඉඩම් විකිණීමක් වෙන්නේ නැත්නම් එයින් වෙන්නේ කුමක්ද?

    මේ ගිවිසුම යටතේ ලංකාවට ඇමරිකානු රජයෙන් ඇමරිකන් ඩොලර් මිලියන 480ක ප්‍රදානයක් ලැබෙනවා. එය ආපසු ගෙවිය යුතු ණය මුදලක් නෙමෙයි.

    ඇමරිකාව ඔය විදිහට ලංකාවට සල්ලි දෙන්නේ ඇයි?

    ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට ආධාර දීම අද ඊයේ කළ දෙයක් නෙමෙයි. දශක ගණනාවක් තිස්සේම විවිධ ව්‍යාපෘති යටතේ ඇමරිකාව විසින් අඩු ආදායම්ලාභී රටවලට මෙවැනි ආධාර ලබා දී තිබෙනවා. ඇමරිකාව වගේම වෙනත් බටහිර රටවලුත්, සෝවියට් දේශය වැනි පැරණි සමාජවාදී රටවලුත් වෙනත් රටවලට ආධාර දීම කාලයක් තිස්සේ කළ දෙයක්. ලෝකයේ ඇතැම් රටවල් දියුණු නොවී තිබෙන්නේ ප්‍රාග්ධනය හිඟකම නිසා බව පසුගිය සියවස තුළ ප්‍රචලිතව තිබුණු අදහසක්. ඒ අනුව, ධනවත් රටවල් දුප්පත් රටවල් වලට ආධාර කිරීම මඟින් ලෝකයේ රටවල් අතර තිබෙන ආදායම් විෂමතා තුරන් වනු ඇතැයි ඒ කාලයේ බොහෝ දෙනෙක් විශ්වාස කළා. ඇමරිකාවේ යූඑස්ඒඩ් වැනි ආයතන පිහිටවනු ලැබුවේ මේ ආකාරයට විදේශ ආධාර ලබා දීම කළමනාකරණය කරන්නයි.

    සහශ්‍ර අභියෝගිතා සමාගම කියන්නේ මොකක්ද?

    ප්‍රාග්ධන ආධාර දුන් පමණින් දුප්පත් රටවල් දියුණු නොවන බව මේ වන විට තහවුරු වී තිබෙනවා. ඒ නිසා, අඩු ආදායම්ලාභී රටවල ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස ආධාර ලබා දීමේදී අලුත්, වෙනස් ආකෘතියක් අනුගමනය කළ යුතු බව මේ සහස්‍රය මුලදී ඇමරිකාව තීරණය කළා. මේ අනුව, 2004දී ඇමරිකානු ක්‍රොන්ග්‍රසය විසින් සහශ්‍ර අභියෝගිතා සමාගම නම් වූ ඇමරිකානු රජයට අයත් අලුත් ආයතනයක් ස්ථාපිත කළා. ඒ වගේම, මේ වෙනුවෙන් 2003දී සහස්‍ර අභියෝගතා පණත ඇමරිකානු කොංග්‍රසයේ සම්මත කෙරුණා. සහස්‍ර අභියෝගතා පණත යටතේ සහස්‍ර අභියෝගතා සමාගම හරහා ආධාර ලබා දීම සිදු වන්නේ මූලධර්ම තුනක් මතයි.
    - ආධාර ලබාදෙනු පිණිස රටවල් හා ව්‍යාපෘති තරඟකාරී පදනමකින් තෝරා ගැනීම
    - ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීමට අදාළ රටවලට ඉඩ හැරීම
    - ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අදාළ රටවලටම භාර දීම

    අනෙක් බොහෝ රටවල් ණය ලබා දීමේදී පවා ඒ ණය මුදල් යෙදවිය යුතු අංශ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව කොන්දේසි දමා ණය සේ ලබාදුන් මුදල් නැවත තමන්ගේ රටටම ඇද ගන්නා පසුබිමක මෙහි වෙනස පැහැදිලි විය යුතුයි.

    ආධාර ලබාදෙනු පිණිස රටවල් තෝරා ගන්නා පදනම කුමක්ද?

    ඇමරිකාවේ රාජ්‍ය මුදල් වැය කරන්නේ නිශ්චිත හා පාරදෘශ්‍ය ක්‍රමවේදයක් අනුවයි. කිසියම් රටක් හා අදාළ වාස්තවික නිර්ණායක දෙස බලා මිස ජනාධිපති හෝ අගමැති කවුද, එසේ නැත්නම් බලයේ සිටින දේශපාලන පක්ෂය කවුද වැනි කරුණු මත රටකට ආධාර දීම ඇමරිකානු රාජ්‍ය ප්‍රතිපත්තිය නෙමෙයි. එහෙත්, එවැනි කරුණු වක්‍ර අයුරකින් සලකා බලනු ලබන වාස්තවික නිර්ණායක කෙරෙහි බලපෑමක් කළ හැකියි. මේ ආධාර ලංකාවට ලැබෙන්නේ රනිල් නිසා හෝ යහපාලන ආණ්ඩුව නිසා නෙමෙයි. ආධාර ලබා දෙන්නේ රටේ ජනතාව වෙනුවෙන්.

    රටවල් තෝරා ගන්නා නිර්ණායක මේවායි.

    1. පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් විය යුතුයි.
    2. ඇමරිකාව විසින් සම්බාධක පනවා ඇති රටක් නොවිය යුතුයි.
    3. පරීක්ෂා කරන විෂයයන් 20කින් අනිවාර්ය විෂයයන් ඇතුළුව අවම වශයෙන් විෂයයන් 10කට සමත් ලකුණු ලබාගත යුතුයි.

    පසුගිය වසරේදී මේ කාර්යය හා අදාළව පහළ මැදි ආදායම් කාණ්ඩයේ රටක් සේ සැලකුණේ සලකා බලන අවස්ථාවේදී (මා හිතන පරිදි 2017 ඒක පුද්ගල ආදායම අනුව) ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල්. ඒ වන විට ලංකාවේ ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3,840ක් වූ නිසා ලංකාව නූලෙන් මේ රටවල් ලැයිස්තුවට අයිති වුනා. එහෙත්, මේ වන විට ලංකාව ආදායම පහළ මැදි ආදායම් මට්ටම ඉක්මවා ඉහළ මැදි ආදායම් මට්ටමට ගොස් ඇති නිසා 2020 වසරේදී සලකා බලන රටවල් ලැයිස්තුවේ ලංකාව නැහැ. යම් හෙයකින් මේ වෙලාවේ ගිවිසුම අත්සන් කිරීම කල් දැමුවොත්, මෙම ආධාරය ලංකාවට නැවත කිසිදා නොලැබී යා හැකියි.

    පසුගිය 2019 වසරේදී සහශ්‍ර අභියෝගතා ආධාර ලබා දීම සඳහා සලකා බලන අවස්ථාවේදී ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 1,875- 3,895 අතර වූ රටවල් 40ක් තිබුණත්, ඒ අතරින් රටවල් 10කට විවිධ සම්බාධක පනවා තිබුණු නිසා එම රටවල් තරඟයෙන් ඉවත් කෙරුණා. එවිට ඉතිරි වුණේ රටවල් 30ක් පමණයි. ඒ රටවල් අතරින් ප්‍රමුඛයින් තෝරා ගැනුණේ මා පෙර කී නිර්ණායක 20 මතයි. මේ නිර්ණායක 20 ආර්ථික නිදහස, පාලනයේ නීතිගරුක බව හා මානව සංවර්ධනය ලෙස කාණ්ඩ තුනක් යටතේ වර්ග කර තිබෙනවා. නිර්ණායක මේවායි.

    කාණ්ඩය I : ආර්ථික නිදහස
    1. රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති
    2. උද්ධමනය
    3. නියාමනයේ ගුණාත්මක භාවය
    4. වෙළඳ ප්‍රතිපත්ති
    5. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය
    6. ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව
    7. ණය ලබා ගැනීමේ පහසුව
    8. අලුත් ව්‍යාපාර ආරම්භ වීම

    කාණ්ඩය II : පාලනයේ නීතිගරුක බව
    9. දේශපාලන අයිතිවාසිකම්
    10. සිවිල් නිදහස
    11. දූෂණ පාලනය කිරීම
    12. රජයේ ඵලදායීතාව
    13. නීතියේ ආධිපත්‍යය
    14. තොරතුරු දැනගැනීමේ නිදහස

    කාණ්ඩය III : මානව සංවර්ධනය
    15. සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය
    16. මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය
    17. ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීම
    18. ප්‍රතිශක්තිකරණ අනුපාතය
    19. ගැහැණු ළමුන්ගේ ද්වීතියික අධ්‍යාපනය ලැබීමේ අනුපාතය
    20. ළමා සෞඛ්‍යය

    දැන් මේ විභාගය සමත් වෙන්නනම් පහත අවශ්‍යතා සපුරා තිබිය යුතුයි.
    - අවම වශයෙන් විෂයයන් 10ක් සමත් විය යුතුයි
    - සෑම කාණ්ඩයකින්ම අවම වශයෙන් එක් විෂයක් සමත් විය යුතුයි
    - දේශපාලන අයිතිවාසිකම් හා සිවිල් නිදහස යන විෂයයන් දෙකෙන් එකක් සමත් විය යුතුයි
    - දූෂණ පාලනය කිරීම විෂය අනිවාර්යයෙන් සමත් විය යුතුයි

    ලංකාව අනිවාර්යය විෂයයන් ඇතුළුව විෂයයන් 13ක් සමත් වී මේ අවශ්‍යතා සම්පූර්ණ කර තිබෙනවා. ප්‍රතිශක්තිකරණ අනුපාතය හා ළමා සෞඛ්‍යය විෂයයන්ට විශිෂ්ඨ සාමාර්ථ ලබා ඉහළින්ම සමත් වී තිබෙනවා. ආර්ථික කටයුතු වලදී ස්ත්‍රී සහභාගීත්වය විෂයය අසමත් වී ඇතත් ඒ යාන්තමින්. ලකුණු අඩුවෙන්ම ලබා තියෙන්නේ මූලික අධ්‍යාපනය වෙනුවෙන් පිරිවැය, සෞඛ්‍ය වෙනුවෙන් පිරිවැය, රාජ්‍යමූල්‍ය ප්‍රතිපත්ති හා ඉඩම් අයිතිය හා අත්පත් කරගැනීමේ හැකියාව විෂයයන්ටයි. රතු පාට අකුරින් තිබෙන්නේ අසමත් වූ විෂයයන්.

    මේ නිර්ණායක හරහා අධ්‍යාපනය හා සෞඛ්‍ය වෙනුවෙන් වියදම් වැඩි කිරීමටත් ස්වභාවික සම්පත් ආරක්ෂා කිරීමටත් රජයට බල කෙරෙන බව පැහැදිලි විය යුතුයි. සමහර අය කියන්නේනම් ඕකේ අනිත් පැත්තයි.

    ආධාර ලබාදෙනු පිණිස ව්‍යාපෘති තෝරා ගන්නා පදනම කුමක්ද?

    සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර ලබා දීම පිළිබඳව සලකා බැලෙන රටවල් ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමෙන් පසුව අදාළ රටවලට ආධාර ඉල්ලා ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කළ හැකියි. ව්‍යාපෘති සඳහා ආධාර ලබා දීමේදී සලකා බලන ප්‍රධාන නිර්ණායකයක් වන්නේ අදාළ ව්‍යාපෘති හේතුවෙන් රටේ කොපමණ පිරිසකට සෙත සැලසෙනවද කියන එකයි. එවැනි ව්‍යාපෘති හඳුනා ගැනීම සඳහා සහශ්‍ර අභියෝගිතා සමාගමත් උදවු කරනවා.

    ලංකාවට ආධාර ලැබෙන්නේ කවර ව්‍යාපෘති වෙනුවෙන්ද?

    ලංකාවේ රජය විසින් ව්‍යාපෘති දෙකක් සඳහා ඇමරිකන් ආධාර ඉල්ලා තිබෙනවා.
    1. ප්‍රවාහන ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 350ක්
    2. ඉඩම් ව්‍යාපෘතිය සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 67ක්

    මෙම මුදල් සහශ්‍ර අභියෝගිතා සමාගම විසින් ආධාර සේ ලබා දීමට එකඟ වී ඇති අතර එයට අමතරව ශක්‍යතා අධ්‍යයන, ව්‍යාපෘති කළමනාකරණය, පුහුණු වැඩ සටහන්, ව්‍යාපෘති සැලසුම්, නිරීක්ෂණ කටයුතු හා පසු විපරම් කිරීම ආදිය වෙනුවෙන් වැය කිරීමට තවත් ඇමරිකන් ඩොලර් මිලියන 63ක මුදලක්ද සමඟ මුළු ආධාර මුදල ඇමරිකන් ඩොලර් මිලියන 480ක් වෙනවා.

    ප්‍රවාහන ව්‍යාපෘතියෙන් මිලියන 7ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 19%ක් ලෙස ගණන් බලා තිබෙනවා. ඉඩම් ව්‍යාපෘතියෙන් මිලියන 5ක පිරිසකට සෙත සැලෙසෙන අතර ආයෝජනයේ ප්‍රතිලාභ අනුපාතය 26%ක්. ව්‍යාපෘති දෙකෙන්ම මිලියන 11.3ක පිරිසකට (ඇතැම් අයට ව්‍යාපෘති දෙකෙන්ම වාසි සැලසෙන නිසා) සෙත සැලසෙන අතර මේ පිරිස ලංකාවේ ජනගහණයෙන් 54%ක්. ඇමරිකානු රජය මේ ආධාරය අනුමත කර තිබෙන්නේ එපමණ පිරිසකට සෙත සැලසෙන නිසයි.

    ව්‍යාපෘති දෙකම ලංකාවේ රජයට අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම නිසා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කළ නොහැකි වූ රටේ ජාතික භෞතික සැලැස්මේ කොටස්. එසේ නැතුව මේ ව්‍යාපෘති ඇමරිකානු රජයෙන් සැලසුම් කළ ව්‍යාපෘති නෙමෙයි.

    ප්‍රවාහන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

    මේ යටතේ අනු ව්‍යාපෘති තුනක් ක්‍රියාත්මක වෙනවා.
    - කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල මාර්ග තදබදය අවම කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 159.9ක්.
    - කොළඹ හා තදාසන්න ප්‍රදේශ වල පොදු ප්‍රවාහන සේවය දියුණු කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 50ක්.
    - රටේ මධ්‍යම ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය. ඇස්තමේන්තුගත වියදම ඇමරිකන් ඩොලර් මිලියන 140.1ක්.

    මාර්ග තදබදය අවම කරන්නේ කොහොමද?

    මේ ව්‍යාපෘතිය යටතේ පහත සඳහන් දේවල් සිදු වෙනවා.
    - කොළඹ හා තදාසන්න වාහන තදබදය ඉතා අධික මාර්ග අටක මං සන්ධි 132ක් රථවාහන ආලෝක සංඥා සහිතව වැඩි දියුණු කිරීම හා පාර මාරු වන ස්ථාන 50ක් අලුතින් ඉදි කිරීම.
    - රථවාහන තදබද පිළිබඳ දත්ත එසැණින් ලබා ගෙන, අලුතින් ස්ථාපිත කරන ස්වයංක්‍රීය රථවාහන තදබද කළමනාකරණ මධ්‍යස්ථානයකදී විශ්ලේෂණය කර රථවාහන තදබදය අවම වන පරිදි ස්වයංක්‍රීය ලෙස රථවාහන සංඥා ආලෝක පුවරු හැසිරවීම.
    - සීසීටීවී කැමරා සහ ජීපීඑස් උපකරණ යොදා ගනිමින් හදිසි මාර්ග තදබද අවස්ථා වලදී ක්‍රියාත්මක කෙරෙන ක්‍රමවේදයක් ඇති කිරීම
    - ඉහත පද්ධති නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය.

    පොදු ප්‍රවාහන සේවය දියුණු කරන්නේ කොහොමද?

    මෙහිදී මූලික වශයෙන් අවධානය යෙදවෙන්නේ බස් සේවය නවීකරණය කිරීමටයි. ඒ යටතේ,
    - ජීපීඑස් තාක්ෂනය සහිතව බස් රථ නවීකරණය කිරීම,
    - බස් රථ තුළ මගීන්ගේ, විශේෂයෙන්ම කාන්තාවන්ගේ සුරක්ෂිතතාව තහවුරු කිරීම,
    - සීසීටීවී කැමරා යොදාගනිමින් නිරීක්ෂනය කිරීම,
    - ප්‍රමුඛතා මං තීරු ඇති කිරීම,
    - මුදල් ගෙවනු වෙනුවට කාඩ්පත් ක්‍රමයක් හඳුන්වා දීම, ඇතුළු තවත් කටයුතු හරහා පොදු ප්‍රවාහන සේවා වඩා ජනප්‍රිය කර රථවාහන තදබදයට හේතුවන පෞද්ගලික මෝටර් රථ භාවිතය අඩු කිරීම අපේක්ෂාවයි.

    මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොකක්ද?

    මේ යටතේ පදික මං තීරු ආදියද සහිතව පහත මාර්ග සංවර්ධනය කෙරෙනවා.
    - අවිස්සාවේල්ල සිට රත්නපුර දක්වා කිලෝමීටර 40ක්
    - බෙරගල සිට වැල්ලවාය දක්වා කිලෝමීටර 31ක්
    - දඹුල්ල සිට නාඋල දක්වා කිලෝමීටර 21ක්
    - දඹුල්ල ආසන්නව මධ්‍යම හා උතුරුමැද පළාත් සීමාවේ කිලෝමීටර 18ක කොටසක්
    - රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා කිලෝමීටර 22ක්

    ඉඩම් ව්‍යාපෘතිය යටතේ වෙන්නේ මොනවාද?

    මේ යටතේ අනු ව්‍යාපෘති පහක් තිබෙනවා.
    1. ලංකාවෙන් 28%ක් ආවරණය වන දිස්ත්‍රික් 7ක ඇති ඉඩම් වල සිතියම් පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 23.4ක්.
    2. ඉඩම් හිමිකම් ලේඛණ (ඔප්පු) ස්කෑන් කර පරිගණකගත කිරීම - ඩොලර් මිලියන 11.4ක්.
    3. ඉඩම් වල වටිනාකම තක්සේරු කිරීමේ ක්‍රමවේදය වැඩි දියුණු කිරීම - ඩොලර් මිලියන 6.5ක්.
    4. රජයට අර්ධ අයිතියක් ඇති පුද්ගලයින් සතු ඉඩම් වල අයිතිය අදාළ පුද්ගලයින්ට ලබා දීම - ඩොලර් මිලියන 19.3ක්.
    5. ඉඩම් ප්‍රතිපත්ති පිළිබඳ පර්යේෂණායතනයක් ඇති කිරීම - ඩොලර් මිලියන 6.7ක්.

    මා හිතන හැටියට, ඉහත අනු ව්‍යාපෘති අතරින් බොහෝ දෙනෙකු විසින් විවේචනය කරන්නේ පළමු හා සිවුවන අනු ව්‍යාපෘති දෙකයි.

    ඉඩම් වල සිතියම් මෙන්ම ඔප්පුද පරිගණකගත කිරීම කළ යුතුම දෙයක්. පරණ කඩදාසි ඔප්පු හා සිතියම් සමඟ ඉදිරියට යාමේ අකාර්යක්ෂම බව ගැන කතාකරන්න කාලය යොදවන එකේත් තේරුමක් නැහැ. මේ කටයුතු දිවයින පුරාම සිදු විය යුතුයි. දැනට මෙය දිස්ත්‍රික් හතකට සීමා කර තිබෙන්නේ රට පුරාම මේ කටයුතු ක්‍රියාත්මක කරන්න තරම් මුදල් ප්‍රතිපාදන නැති නිසයි.

    මුඩුබිම් පණත යටතේ, කිසිවෙකුට ඉංග්‍රීසි ක්‍රමයට හිමිකම් තහවුරු කළ නොහැකි වූ ඉඩම් සියල්ල රජයේ ඉඩම් බවට පත් වුනා. ඉන් පසු මේ ඉඩම් වරින් වර වගා කටයුතු හෝ වෙනත් කටයුතු වෙනුවෙන් පුරවැසියන්ට ලැබුණා. එහෙත්, ඒ විදිහට ලැබුණු ඉඩම් පෞද්ගලික ඉඩම් වුනේ නැහැ.

    මෙවැනි ඉඩම් මුලින්ම ක්‍රවුන් ග්‍රාන්ට් ඉඩම් ලෙසත්, ඉන්පසු එල්ඩීඕ (ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ ලබාදුන්) ඉඩම් ආදී ලෙසත් විවිධ නම් වලින් හැඳින්වුනා. ඉඩම් හිමියන්ට රජයෙන් ලැබුණු බලපත්‍රයක් මිස පූර්ණ හිමිකමක් තිබුණේ නැහැ. පොළොවෙන් යට අයිතිය තිබුණේ රජයට. මේ ඉඩම් කොටස් කිරීමට හා විකිණීමට හැකියාවක් තිබුණේ නැහැ. පවුලේ අයෙකුට පැවරීමට පමණක් හැකිකම තිබුණා. ඒ වගේම බැංකුවට තබා ණයක් ගන්න පුළුවන් කම තිබුණේ නැහැ. විවිධ ආණ්ඩු යටතේ ස්වර්ණභූමි, ජයභූමි, රත්නභූමි, රන්බිම ආදී වශයෙන් ඔප්පු ප්‍රදානය කෙරෙද්දී මේ සීමාවන් ටිකින් ටික ලිහිල් වුනත් මුළුමනින්ම නැති වුනේ නැහැ.

    ඉහත කී ආකාරයේ හිමිකමක් තිබෙන අයෙකුට ඉඩම අවශ්‍ය පරිදි කැබැලි කළ නොහැකි නිසා දරුවන් අතර ඉඩම බෙදා දීම අසීරුයි. ඉඩම විකුණා මුදල් බෙදා දිය හැක්කේ දරුවන්ගෙන් අයෙක් එය මිල දී ගන්න කැමැතිනම් පමණයි. මිල දී ගැනීමක් කියා කිවුවත් ගනුදෙනුව සිදු කරන්න වෙන්නේ අත යටින්. නීත්‍යානුකූලව සිදු වන්නේ පැවරුමක්. ඒ නිසා, ඉඩම එහි වටිනාකමට විකිණෙන්නේ නැහැ. ඉඩම් ගනුදෙනුවෙන් රජයට බදු මුදලක් ලැබෙන්නෙත් නැහැ. ඉඩම පැවරිය හැක්කේ පවුලේ අයෙකුට පමණක් වුවත් බොහෝ විට මොකක් හෝ වංගුවක් දමා ඉඩම පිටට විකුණන එක දුලබ දෙයක් නෙමෙයි.

    රජයට අයත් හැම ඉඩමක්ම මේ වර්ගයේ ඉඩම් නෙමෙයි. උදාහරණ විදිහට මාර්ග රක්ෂිත, දුම්රිය මාර්ග රක්ෂිත, ඇළ රක්ෂිත, ජලපෝෂක ආදී ලෙස වෙන් කළ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. එහෙත්, මේ ඉඩම් බොහොමයක්ද මේ වන විට කවුරු හෝ විසින් අල්ලාගෙන ස්ථිර ගොඩනැගිලි ඉදි කරලා. මගේ ලංකාවේ ගෙදර කිට්ටුව ඇළ රක්ෂිතයක මේ විදිහට අනවසරයෙන් එක් අයෙක් මුලින් හදපු ගෙයක් දැන් ජනපදයක් වෙලා. ප්‍රදේශයේ දේශපාලනඥයෙකුගේ උදවුවෙන් මුලින් එක ගෙදරකට විදුලි බලය ලබාගත්තාට පසුව අනෙක් ගෙවල් වලටත් විදුලි බලය සැපයීමට විදුලි බල මණ්ඩලයට සිදු වී තිබෙනවා. මේ ඉඩම් වලට බදු ඔප්පු හෝ නැහැ. නමුත්, ගෙවල් සහිත ඉඩම් කැබලි වෙනත් අයට විකිණීම පවා සිදු වෙනවා. ඔප්පුවක් නැතත් ගන්න අයත් ඉන්නවා. ඒ නැවත කාට හෝ විකුණන්න පුළුවන් බව දන්නා නිසයි. මා දන්නා තවත් පැති වල බලය ඇති ඇතැම් අය හොර ඔප්පු හදාගෙන ඉඩම් විකුණනවා. කිහිප වරක් ඉඩමක් විකිණූ පසු, පසුව මිල දී ගන්නා අයෙකුට ඉඩමේ අයිතියේ සම්භවය ගැන සැක හිතෙන්නේ නැහැ. ඉඩම් හිමිකම් හා සිතියම් ලේඛනගත වී ඇත්නම් මෙවැනි වංචා කරන්න අමාරුයි. ඒ වගේම, බාග අයිතියක් ඇති ඉඩම් අත යටින් හුවමාරු වීම ඉතා අකාර්යක්ෂමයි.

    මේ දෙආකාරයේම ඉඩම් වල නීත්‍යානුකූල අයිතිය තියෙන්නේ රජයට වුවත්, කවුරු හෝ පවුලක් ස්ථිර ගෙයක් හදාගෙන කාලයක් පදිංචි වී සිටින තැනකින් ඒ අයව එළියට ඇදලා දාන එක සිදු නොවන දෙයක්. එවැනි දේ කර දේශපාලනිකව අප්‍රසාදයට පත් වෙන්න කිසිදු ආණ්ඩුවක් කැමති නැහැ.

    තෝරාගෙන තිබෙන දිස්ත්‍රික් හතේ හෝ රජයට නීත්‍යානුකූල අයිතිය තිබෙන ඉඩම් නැවත මැන, සිතියම් පරිගණක ගත කළොත් හා එසේ කරන අතරතුර ඉඩමේ දැන් තත්ත්වය ගැන දත්ත එකතු කර ගත්තොත් රජයට අයිති දැනට නිදහස්ව තිබෙන ඉඩම් ගැන කිසියම් අදහසක් ගත හැකියි. ඉන් පසුව, අවශ්‍යනම් ආර්ථික කටයුත්තක් වෙනුවෙන් ඒ ඉඩම් යොදා ගත හැකියි. ආණ්ඩුව තීරණය කරනවානම් ඇමරිකාවට විකුණන්න වුනත් පුළුවන්. ඒ වගේම, කවුරු හෝ ස්ථිර ඉදිකිරීම් කර ඇති ඉඩම් අවශ්‍යනම් ඒ අයටම ප්‍රදානය කළ හැකියි. එවිට ඒ අයට ඒ ඉඩම් ඇමරිකාවට හෝ වෙනත් අයෙකුට විකුණන්න හෝ බැංකුවට උගස් කර ණයක් ගන්න පුළුවන්. කොහොම වුනත්, ඒ වැඩි වැඩ කිසිවක් සහශ්‍ර අභියෝගිතා ගිවිසුමේ නැහැ. ගිවිසුම අනුව සිදු වන්නේ ඉඩම් පිළිබඳ තොරතුරු පරිගණකගත කිරීම පමණයි.

    ගිවිසුමේ කොන්දේසි මොනවාද?

    ගිවිසුමේ මුලින්ම විශේෂ කොන්දේසි හතරක් තිබෙනවා.
    1. මේ මුදල් හමුදා, පොලීසි, නිල නොවන හමුදා ආදිය පුහුණු කිරීම වෙනුවෙන් යොදාගත නොහැකියි.
    2. මේ මුදල් ඇමරිකාවේ රැකියා හෝ නිෂ්පාදිතය විශාල වශයෙන් අඩු කෙරෙන කටයුත්තක් සඳහා යොදාගත නොහැකියි.
    3. පරිසරයට, මහජන සෞඛ්‍යයට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන කටයුත්තක් වෙනුවෙන් මේ මුදල් යෙදවිය නොහැකියි.
    4. ගබ්සා කිරීමට හෝ ගබ්සා වලට අනුබල දීමට හෝ බලහත්කාරයෙන් හෝ මුදල් දී වන්ධ්‍යාකරණය කිරීමට මේ මුදල් යෙදවිය නොහැකියි.

    මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?

    ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා සහශ්‍ර අභියෝගිතා සමාගම නමින් සමාගමක් පිහිටුවිය යුතුයි. නමුත්, මේ සමාගම ඇමරිකානු සමාගමක් නෙමෙයි. එහි අධ්‍යක්ෂ්‍ය මණ්ඩලය සමන්විත වන්නේ පහත අයගෙන්.

    1. ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්
    2. අගමැතිවරයාගේ නියෝජිතයෙක්
    3. මුදල් අමාත්‍යාංශයේ ලේකම්
    4. ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේ ලේකම්
    5. ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම්
    6. මෙගාපොලිස් හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
    7. අධිවේගී මාර්ග, මාර්ග සංවර්ධන හා ඛණිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
    8. වනිතා හා ළමා කටයුතු හා වියලි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්
    9. පෞද්ගලික අංශයේ නියෝජිතයෙක්
    10. සිවිල් සමාජ නියෝජිතයින් දෙදෙනෙක්

    කාලයක් තිස්සේ ඉතුරු කරගත්ත මුදල් ටිකක් යොදවලා සීගිරියෙන් කෑල්ලක් ගන්න කියලා හිතලා හොයලා බැලුවත් ඔය තියෙන දේවල් වලට වඩා වැඩි දෙයක්නම් තාම හොයා ගන්න බැරි වුනා.

    උපුටා ගැනීම: https://economatta.blogspot.com/2019/11/blog-post_4.html?m=1
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    තිස්ස සර් බොරු කියන්නේ... චම්පික ඇත්ත කියන්නේ... හ්ම්ම්ම්ම් ඇත්තම වෙන්න ඕන​. :(

    ඇමරිකාව ඇයි අපිට මෙච්චර ආදරේ... අනේ පපුව පැලිලා මැරෙයි මැට්ටෝ! :sorry:
     
    Last edited:
    • Like
    Reactions: asylum

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    puka sanwardanaya karagnain mangalayata kiyala gihin..
    gon wesawa.. chande dinala athsan karanna kiyapan ko ithin ponnayo oka..
    ai me hadissiye puke amaruwa.. dinanna ba loweth kiyala danna nisa neweda..
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    තිස්ස සර් බොරු කියන්නේ... චම්පික ඇත්ත කියන්නේ... හ්ම්ම්ම්ම් ඇත්තම වෙන්න ඕන​. :(

    ඇමරිකාව ඇයි අපිට මෙච්චර ආදරේ... අනේ පපුව පැලිලා මැරෙයි මැට්ටෝ! :sorry:
    :lol::lol::lol:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kunu Genne na kiyala Kunu Container pitin genath ahu unama rata yawanna genawe kiiwwe oya Champika:D:D:yes::yes:;);):D:D Champikage boru ahanawata wada hondai Anurayage boru ahana eka u kata ul karala lassanata boruwa kiyanawa:D:D:yes::yes:;);):D:D
     

    macfa

    Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    ජාතික භෞතික සැලැස්මෙ අර ඉතිරි ඉකොනොමික් කොරිඩෝ 3 න කාටද කාටද දෙන්නෙ කියලා අර ජනනායක උන්දැගෙන් හරි පාදෙනිය උන්දැගෙන් හරි, කාට හරි අහල කියන්න පුළුවන් ද...😜😜
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    ජාතික භෞතික සැලැස්මෙ අර ඉතිරි ඉකොනොමික් කොරිඩෝ 3 න කාටද කාටද දෙන්නෙ කියලා අර ජනනායක උන්දැගෙන් හරි පාදෙනිය උන්දැගෙන් හරි, කාට හරි අහල කියන්න පුළුවන් ද...😜😜

    kawuruth kiyanna one na. gota awilla oke paper 1k athata gaththath lapa kota dei ayth ithin gam miris wage (jvp ibrahim ge baala gam miris newe niyama gam miris) dum wisi wenna.. :D:D:yes::yes:;);):D:D
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    1. ඇමරිකාවෙ පොදු ප්‍රවාහන සේවය යුරෝපයත් එක්ක සංසන්දනය කරාම දුර්වල මට්ටමක
    තියෙනව කියල කියනව.

    2. චීනෙන් නය අරගෙන තුන්වෙනි ලෝකයේ රටවලට ආධාර විදියට දෙනව කියල ඇමෙරිකන්
    ජාතිකයොම ඇමෙරිකාවෙ රජය විවේචනය කරනව.

    එහෙම තියාගෙනත් ඒ කාලෙ ජීඑස්පී කපපු එවුන් අපිට බලෙන් ඇවිල්ල ආධාර දෙන තත්වෙට පත් වෙලා
    තියෙනව කියන්නෙ ජාත්යන්තරේ කොහොම ජය ගැනිල්ලක් ජය ගන්න ඇද්ද?


     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    තිස්ස සර් බොරු කියන්නේ... චම්පික ඇත්ත කියන්නේ... හ්ම්ම්ම්ම් ඇත්තම වෙන්න ඕන​. :(

    ඇමරිකාව ඇයි අපිට මෙච්චර ආදරේ... අනේ පපුව පැලිලා මැරෙයි මැට්ටෝ! :sorry:

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    තිස්ස සර් බොරු කියන්නේ... චම්පික ඇත්ත කියන්නේ... හ්ම්ම්ම්ම් ඇත්තම වෙන්න ඕන​. :(

    ඇමරිකාව ඇයි අපිට මෙච්චර ආදරේ... අනේ පපුව පැලිලා මැරෙයි මැට්ටෝ! :sorry:


    :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: sanoka

    RAN PUTHA

    Active member
  • May 25, 2017
    308
    82
    28
    බයෝ ගුරාගෙ බොරු අහල බය නොවී මේ විඩීයෝ එකයි ආට්කල් එකයි බලපන්. මං කියනවට බලපන්. බොරු ප්‍රචාර නිසා නැතිවෙන්න යන්නෙ ලංකාවෙ එතෙක් මෙතෙක් සිද්ද වෙන්න යන විශාලතම සංවර්ධන ව්‍යාපෘතිය.



    :love::love::love::love::love:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,568
    23,154
    113
    1. ඇමරිකාවෙ පොදු ප්‍රවාහන සේවය යුරෝපයත් එක්ක සංසන්දනය කරාම දුර්වල මට්ටමක
    තියෙනව කියල කියනව.

    2. චීනෙන් නය අරගෙන තුන්වෙනි ලෝකයේ රටවලට ආධාර විදියට දෙනව කියල ඇමෙරිකන්
    ජාතිකයොම ඇමෙරිකාවෙ රජය විවේචනය කරනව.

    එහෙම තියාගෙනත් ඒ කාලෙ ජීඑස්පී කපපු එවුන් අපිට බලෙන් ඇවිල්ල ආධාර දෙන තත්වෙට පත් වෙලා
    තියෙනව කියන්නෙ ජාත්යන්තරේ කොහොම ජය ගැනිල්ලක් ජය ගන්න ඇද්ද?



    එහෙම තමයි බන්. ඉන්දියාවෙන් ලංකාවට ambulance දුන්නට උන්ගෙ ලමයි හම්බෙන්නෙත් ගෙවල් අස්සෙ hospital නැතුව. ලංකාව ලගදි කොහෙද රටකට මුදල් ආධාර දුන්නෙ. ඒ වගේ තමයි.
     

    Bronn

    Junior member
  • Jan 21, 2018
    75
    12
    8
    Australia
    ubata kiyak dunnada meka danawata........:P
    oya project eka issela karapu ratawal monawada dan ewa diunu welada?:D:D:D
    oya denawa kiyana $ gana usa eka recovery karaganne kohomada ?:cool::cool::cool:
    oya kiyan tikath ahala dapan kade yana ekagen..:lol::lol::lol::lol:
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ඇමරිකාව අපිට කොච්චර ආදරෙයිද අප්පා....
    කොට්ටයක් එහෙම තියල ඉදගෙන නේද ඕක රචනා කොරේ
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    තිස්ස සර් බොරු කියන්නේ... චම්පික ඇත්ත කියන්නේ... හ්ම්ම්ම්ම් ඇත්තම වෙන්න ඕන​. :(

    ඇමරිකාව ඇයි අපිට මෙච්චර ආදරේ... අනේ පපුව පැලිලා මැරෙයි මැට්ටෝ! :sorry:
    LOL පට්ට කතාව .. අනික ඔය MCC නිසා අහස උසට දියුනු උන එක රටක් කියාගෙන පලයන් කිවුවොත් මූ තරහා වෙයි ද දන්නේ නෑ :lol::lol::lol::lol: