හාවාගල camping

Slim_Roethlisberger

Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවේ කෑම්පින් කරන එක ගැනවත් හයික් ගැනවත් දෙයක් කියන්න නෙමේ. වෙන සීන් එකකට. පහුගිය සෙනසුරාදයි ඉරිදයි අපි(කොල්ලෝ 6ක්) හාවාගල ගියා. සෙනසුරාදා දවල් හයික් එක පටන් ගත්තට මහ දුරක් යන්න උනේ නෑ අම්බානෙක වැස්සක් පටන් ගත්තා. හෙන අමාරුවෙන් තේ වත්තක මඩුවකට රිංගගෙන වැස්ස පායනකන් හිටියත් වැස්ස පෑව්වේ 7ට විතර. කරුවලේ කන්ද නගින එක පැත්තක දාලා රෑ මඩුවේ ඉන්න සෙට් එක තීරණේ කලා.

    කොහොම හරි අනික් දවසේ(ඉරිදා) පාන්දරම නැගිටලා උදේට කාලා එහෙම ආයෙ කන්ද නගින්න හදද්දිම පොරක් ආවා තේ වත්ත මැදින් අපි ඉන්න තැනට වඩා උඩහා තේ වත්තකරට යන්න. පොර අපිව දැකලා උඩට යන එකත් නවත්තලා දාලා අපි ඉන්න තැනට ඇවිත් අපි එක්ක කියෙව්වා වැස්ස ගැනයි කූඩැල්ලෝ ගැනයි අරවා මේව. අපිත් ඉතිං ගමේ මනුස්සයෙක්නේ කියලා මිනිහා එක්ක හොඳට කතා කලා. පොර කිව්වා දැන් උඩට යන එකේ බොරුවට ඔක්කොම බෑග් අරන් යන්න ඕන නෑ. පොර උඩහ මඩුවක ඉන්නේ, බඩු ටික ඔහොම්ම තියලා වැදගත් දේවල් විතරක් අරන් යන්නය කියලා. අපිත් ඉතිං මනුස්සය හොඳයි වගේ පෙනුන නිසා බෑග් තියල පර්ස්, කෑම බීම, රේන් කෝට් අරවා මේවා දාගත්ත එක බෑග් එකක් විතරක් අරන් කන්ද නැගලා උඩට ගිහිල්ලා දවල් වෙද්දි ආය රෑ උන්න මඩුවට ආවා. එද්දි අපේ තිබ්බ ටෙන්ට් 2න් එකක් නෑ. බෑග් එහෙම ඇදලා දාලා. මගේ ඔරිජිනල් සැම්සොන් චාජරයක්, තව 20000mah පවර් බෑන්ක් එකක්, හෙඩ් සෙට් තුනක්, ලොකු පිහියක් එහෙම තිබ්බේ නෑ බෑග් වල. කන්ද නැග්ග වෙන සෙට් එකක් හිටියා අපි ඇරෙන්න. උන් අපි එක්කමයි ආයේ කොළඹට ආවෙත්. උන් ඉස්සුවා වෙන්න බෑ. එක්කෝ අර ඩයල් එක, නැත්තන් ගමේම වෙන එකෙක්. අන්තිමේ අතෑරලා දාලා කන්ද බැහැගෙන එද්දි හම්බුන ගෑනු කෙනෙක්ට සිද්දිය කිව්වම එයා කිව්වා පොඩ්ඩක් උඩහට ගිහිල්ල උඩහ ඉන්න අයගෙන් අහලා බලන්න කියලා. අපිත් ඉතිං ආයේ හැරිලා උඩහට ගිහිං බැලුවා. තේ වතු වල තිබ්බ මඩු වලවත් කොහෙවත් මොකෙක්වත් උන්නේ නෑ. කන්ද දෙතුන් පාරක් නැගලා බැහැලා අපිටත් හොඳ මහන්සිය. ඒ මදිවට කූඩැල්ලොයි වැස්සයි.

    කියන්න ඕන උනේ මෙච්චරයි. මං ගිය අනික් හයික් වලනං මෙහෙම චාටර් වැඩ වෙලා නෑ. අනික් තැන් ගැන කියන්නනම් දන්නෑ මෙහෙම දෙයක් වෙලා නැති නිසා. හාවාගල යන්න එකෙක් ඉන්නවනම් දැනගන්න මේක දැම්මේ. ආ... තව එකක්... එහෙම යන්න එකෙක් ඉන්නවනම් දැන්ම යන්න එපා. වැස්ස කුනුවෙන්න. ඉරිදානම් අවුව පෑව්වා අපේ වාසනාවට. යනවනම් ජනවාරී වගේ යන්න. ගමේ මිනිස්සු කිව්වේ ඒ කාලේ වෙද්දි වැස්ස අඩුයි කියලා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,972
    3,773
    113
    kohewath yana ekek kiyana de ahanna giye moko. watina dewal aran yanna thibba. nathnam gedarakin thiyala yanna thibba.
     

    Slim_Roethlisberger

    Active member
  • Nov 19, 2017
    298
    62
    28
    LA
    kohewath yana ekek kiyana de ahanna giye moko. watina dewal aran yanna thibba. nathnam gedarakin thiyala yanna thibba.

    බාගයක් නැගලා බන් උන්නේ. සෙනසුරාදත් ඔහොම දෙන්නෙක් සෙට් වෙලා උන් දෙන්නා තමා වැස්ස මැද්දේ මඩුව තියන තැන පෙන්නුවේ. :(