චිත්තපට

techytee

Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සිංහල චිත්‍රපට සෑම එකක ම පාහේ දෙබස් කැවීම කෘත්‍රිම ආකාරයෙන් ප්‍රේක්ෂකයාට දැනවෙන ආකාරයට හඬ පරිපාලනය කිරීම සිදුවන්නේ ඇයි? මේ තත්ත්වය මගහරවා ගැනීමට කිසි ම අධ්‍යක්ෂවරයෙකු හට නොසිතෙන්නේ මන්ද? දෙබස් බොහෝ විට කන් පැලෙන තරමට ඝෝෂාකාරී ය. විටෙක දෙබස් වල හඬ උඩින් ඇලවූ ස්ථරයක් ලෙස ස්වභාවිකත්වයෙන් තොරයි. ඊටත් වඩා දරුණු ම කරුණ වන්නේ පසුබිම් ශබ්ධ (Foley) ද ඉතාමත් පැහැදිලි ව ඉහල තීව්‍රතාවකින් මුසු කර තිබීම. උදාහරණයක් වශයෙන් ඇවිදින විට පාවහන් බිම ගැටෙන සියුම් හඬ, පරිසරයේ ගස් කොලන් සෙලවෙන හඬ, නගරයේ වාහන වල ඝෝෂාව, තේ බීමේදී කෝප්පය සහ පීරිසිය ගැටෙන හඬ සහ දුරකතන නාද වන විට ඇසෙන රිංග් ටෝනයේ නාදය ආදිය දෙබස් වල හඬට නොදෙවෙනි මට්ටමෙන් මිශ්‍ර කර තිබීම පෙන්වා දිය හැක. මේවා තීව්‍ර ලෙස ඇසීමට සැලසීමෙන් නිර්මාණයේ ඇති ස්වාභාවිකත්වයට සහමුලින්ම බාධා එල්ල වීම සිදු වන අතර ප්‍රේක්ෂකයා හට මෙහි ව්‍යාජ බව තේරුම් ගෙන එය ආයාසයෙන් හෝ හැකිතාක් නොසලකා හැර නිර්මාණය හා සම්බන්ධ වීමට ප්‍රයත්න දැරීමට සිදු ව තිබේ. මෙය මෙලෙස සිදු නොවන්නේ ටෙළිනාට්‍ය වල පමණි. මන්ද ඒවා බොහෝමයක් තවමත් සෘජුව මයික්‍රෆෝනයකට දර්ශන රූගත කරන අවස්ථාවේ ම පටිගත කරනා බැවින් හා පසුව නැවත හඬ කැවීමක් සිදු නොවන බැවින්. කෙසේ නමුත් ටෙළිනාට්ය තුලද මේ අඩුපාඩුව සිදු වූ අවස්ථා තිබේ. "කූඹියෝ" හි පසුබිමින් ඇසෙන දුම්රිය හඬත්, "සහෝදරයා" හි රාත්‍රී කාලයේ ඇසෙන බල්ලාගේ බිරුමත් මේ කෘත්‍රිම බවට ටෙළි උදාහරණ වේ. මේ දරුණු අඩුපාඩුව මගහරවා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තවමත් නොසිතීම සහ නොසැලකිලිමත් වීම පුදුම සහගත ය. හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වල මෙය දක්නට නැත. 2020දී වත් මේ වැරද්ද නිවැරදි වේයැයි සිතමි.
     
    Last edited:
    • Like
    Reactions: NK123

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන සිංහල චිත්‍රපට සෑම එකක ම පාගේ දෙබස් කැවීම කෘත්‍රිම ආකාරයෙන් ප්‍රේක්ෂකයාට දැනවෙන ආකාරයට හඬ පරිපාලනය කිරීම සිදුවන්නේ ඇයි? මේ තත්ත්වය මගහරවා ගැනීමට කිසි ම අධ්‍යක්ෂවරයෙකු හට නොසිතෙන්නේ මන්ද? දෙබස් බොහෝ විට කන් පැලෙන තරමට ඝෝෂාකාරී ය. විටෙක දෙබස් වල හඬ උඩින් ඇලවූ ස්ථරයක් ලෙස ස්වභාවිකත්වයෙන් තොරයි. ඊටත් වඩා දරුණු ම කරුණ වන්නේ පසුබිම් ශබ්ධ ද ඉතාමත් පැහැදිලි ව ඉහල තීව්‍රතාවකින් මුසු කර තිබීම. උදාහරණයක් වශයෙන් ඇවිදින විට පාවහන් බිම ගැටෙන සියුම් හඬ, පරිසරයේ ගස් කොලන් සෙලවීමේ හඬ, නගරයේ වාහන වල ඝෝෂාව, තේ බීමේදී කෝප්පය සහ පීරිසිය ගැටෙන හඬ සහ දුරකතන නාද වන විට ඇසෙන රිංග් ටෝනයේ නාදය ආදිය දෙබස් වල හඬට නොදෙවෙනි මට්ටමෙන් මිශ්‍ර කර තිබීම පෙන්වා දිය හැක. මේවා තීව්‍ර ලෙස ඇසීමට සැලසීමෙන් නිර්මාණයේ ඇති ස්වාභාවිකත්වයට සහමුලින්ම බාධා එල්ල වීම සිදු වුවද ප්‍රේක්ෂකයා මෙහි ව්‍යාජ බව තේරුම් ගත්ත ද එය නොසලකා හැර නිර්මාණය හා සම්බන්ධ වේ. මෙය මෙලෙස සිදු නොවන්නේ ටෙළිනාට්‍ය වල පමණි. මන්ද ඒවා බොහෝමයක් තවමත් සෘජුව මයික්‍රෆෝනයකට දර්ශන රූගත කරන අවස්ථාවේ ම පටිගත කරනා බැවින් හා පසුව නැවත හඬ කැවීමක් සිදු නොවන බැවින්. කෙසේ නමුත් ටෙළිනාට්ය තුලද මේ අඩුපාඩුව සිදු වූ අවස්ථා තිබේ. "කූඹියෝ" හි පසුබිමින් ඇසෙන දුම්රිය හඬත්, "සහෝදරයා" හි රාත්‍රී කාලයේ ඇසෙන බල්ලාගේ බිරුමත් මේ කෘත්‍රිම බවට ටෙළි උදාහරණ වේ. මේ දරුණු අඩුපාඩුව මගහරවා ගැනීමට චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට තවමත් නොසිතීම සහ නොසැලකිලිමත් වීම පුදුම සහගත ය. හොලිවුඩ් සහ බොලිවුඩ් චිත්‍රපට වල මෙය දක්නට නැත. 2020දී වත් මේ වැරද්ද නිවැරදි වේයැයි සිතමි.


    වඩිය ෆිල්ම් බැලෙනෙ නම් නැහැ, ඒත් ඔය කියන දේ නම් ඇත්ත තමයි....
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඉස්සර 70-80 ඒවගේ තමා ඕක දරුණුවට තිබ්බේ ගෑණු ලතෝනි දෙනව

    අනිත් එක තමයි ඔක්කොම චිත්තපටි වල තින්නේ එකම නම් සෙට් එක

    ****නායක, සියාතු අයියා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රන්ජන්ගේ ඉයෝව් ඉයෝව් සද්දෙට ෆෝම් වෙන මිනිස්සු ඉන්න රටක ඕවා ප්‍රශ්න නෙමේ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "කූඹියෝ" හි පසුබිමින් ඇසෙන දුම්රිය හඬත්, "සහෝදරයා" හි රාත්‍රී කාලයේ ඇසෙන බල්ලාගේ බිරුමත් මේ කෘත්‍රිම බවට ටෙළි උදාහරණ වේ.

    :yes::yes::yes:

    ඇත්තටම මේ දෙක ඒ නාට්ටි දෙකේ දැකපු ලොකු අඩුපාඩුවක්
    සහෝදරයා එකේ පරවියන්ගේ සද්දෙත් ටිකක් අස්වාභාවිකයි
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තව දෙයක් කියන්නම්
    ටෙලිනාට්ටියක දෙන්නෙක් කතාකරන සින් එකක් යද්දී (පාරක වගේ) , ඒ දෙන්න අතර ෂොට්ස් මාරුවෙද්දී බැක්ග්‍රවුන්ඩ් නොයිස් එකත් මාරුවෙනවා. (මල්ටි කැමරා ගහලා නැත්තන්)
    ඒකෙන් හොදටම තේරෙනවා මේ දෙබස අවස්ථා දෙකක වෙන වෙනම රුගත කරලා කියලා
    රුම් ටෝන් එකක් රෙකෝඩ් නොකරන්නේ නොදැනුවත් කමටද, ලේසියටද මන්දා


     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,262
    4,399
    113
    ඇයි එන්නද
    රන්ජන්ගේ ඉයෝව් ඉයෝව් සද්දෙට ෆෝම් වෙන මිනිස්සු ඉන්න රටක ඕවා ප්‍රශ්න නෙමේ..

    ඔව් බන් ඔය මොඩ ජෝක් නිසා තමා මම සිංහල film බලන්නේ නැත්තේ, nathham patan ගන්න කොටම ගොන් song එකක් යනවා
     
    • Like
    Reactions: NK123

    techytee

    Well-known member
  • Sep 25, 2013
    861
    354
    83
    Colombo
    Laka Darmarathna

    එකඟයි සහෝදරයා. මේක තාක්ෂණික අර්බුදයක්. ලංකාවේ direct sound recording එහෙමත් නැත්තං live sound කියන එකට අපිට දරන්න වෙන පිරිවැය ඉතා වැඩියි. අනික කාලය. ත්‍රීවීලර් සහ layland bus වලිං සහ චූන් පාන් වලින් එන ශබ්දය කිලෝමීටරයක් විතර දුර disturb කරනවා. Boopathy Nalin සහ Malith Hegoda සහෝදරවරුන්ගේ "දැකල පුරුදු කෙනෙක්" මේ අභියෝගය ජයගෙන තිබුණා සෑහෙන්න. හේතුව ඒක සෑහෙන්න control දර්ශණ තලවල තමයි රූපගතකරල තිබුණේ.
    ඩබින් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒවයේ sound balance එක ගොඩක් වෙලාවට දුර්වල වීම සහ රූපයේ තියෙන mood එකට වඩා වෙනස් mood එකක කටහඬ හැසිරීම. මේක දැනුම පිළිඹඳ ප්‍රශ්නයක්. මෙතනදී රංගන(කටහඬ) ශිල්පියා, පටිගතකිරීම් ශිල්පියා සහ අධ්‍යක්ෂවරයා විසින් රූගතකිරීම තරම්ම මහන්සියක් වෙන්න ඕනේ. අපේ කරන්නේ lip sync එක හරිනම් හරි වගේ එකකට එන එක. මේක වැරදියි. ඒ නිසයි Film director ට අමතරව Dubbing Director කෙනෙක් අවශ්‍යවෙන්නේ. "කටහඬ" පාලනය කියන්නේ රංගනය තරම්ම ගැඹුරු විශයක්....
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,080
    1
    100,756
    113
    34
    Kalutara
    "සහෝදරයා" එකේද කොහෙද මතක විදිහට පල්සර් එකක් යනවා සිලින්ඩර් 4 එන්ජින් එකෙක බීට් එකකින්. :baffled::baffled::baffled:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    ගැටළුව බජට් එක
    උන්ට ඔනි සිනමාව නගා සිටුවන්න නෙමෙ නෙ ? මොනවාහරි බාල දෙයක් බෙදලා කීයක් හරි හොයාගන්න
    ලංකාවෙ සිනමාවක් තිබ්බෙ 70 දශකය වෙනකන් විතරයි
    විවෘත ආර්ථිකෙත් එක්ක බිහි වෙච්ච සමාජ ක්‍රමෙන් පස්සෙ සහ යුද්ධය නිසා සිද්ධ වෙච්ච දෙකොපල හානි වගෙ දේවල් නිසා
    සිනමාව බල්ලාට ගියා.
    ඊට පස්සෙ සිනමාව උනෙ අර හින්දි ෆිල්ම් කොපි කරල ගහපු පඩ නළුවො ඉන්න ෆිල්ම්
    ඊට පස්සෙ බන්දු ,ටෙනිසන් අරක් ගත්ත ගොන් පාර්ට් ෆිල්ම්
    මහින්දගෙ කාලෙ රජකතා රැල්ලක් නම් ආවා
    පොර පැරදුනායින් පස්සෙ ඒකත් නැති උනා
    ඔය අතර අතරින් පතර අර සම්භාව්‍ය ඝනයෙ චිත්‍රපට තිබ්බ යුද්ධ කලෙ ගැමි ජීවිතෙ කටුක අත්දැකීම් සහ විකෘති ලිංගික ආශාවන් ගැන ෆිල්ම් එහෙම,
    පොඩ්ඩක් මැතකදි වාණිජ වශයෙන් හිට් උනෙ ඔය දෙමළ රීමේක් විතරයි ,ප්‍රවේගය, මායා වගෙ.
    අන්න එව්වායෙ නම් කොපි උනත් කොලිටි එකක් නම් තිබ්බ සාපේක්ෂව.

    ඉතිං මේ වගෙ අයලෙ යන සිනමාවක් තියෙන රටක ඔව්වා ගැන කතා කරලා තේරුමක් නැහැ.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,264
    4,632
    113
    Laka Darmarathna

    එකඟයි සහෝදරයා. මේක තාක්ෂණික අර්බුදයක්. ලංකාවේ direct sound recording එහෙමත් නැත්තං live sound කියන එකට අපිට දරන්න වෙන පිරිවැය ඉතා වැඩියි. අනික කාලය. ත්‍රීවීලර් සහ layland bus වලිං සහ චූන් පාන් වලින් එන ශබ්දය කිලෝමීටරයක් විතර දුර disturb කරනවා. Boopathy Nalin සහ Malith Hegoda සහෝදරවරුන්ගේ "දැකල පුරුදු කෙනෙක්" මේ අභියෝගය ජයගෙන තිබුණා සෑහෙන්න. හේතුව ඒක සෑහෙන්න control දර්ශණ තලවල තමයි රූපගතකරල තිබුණේ.
    ඩබින් වල තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒවයේ sound balance එක ගොඩක් වෙලාවට දුර්වල වීම සහ රූපයේ තියෙන mood එකට වඩා වෙනස් mood එකක කටහඬ හැසිරීම. මේක දැනුම පිළිඹඳ ප්‍රශ්නයක්. මෙතනදී රංගන(කටහඬ) ශිල්පියා, පටිගතකිරීම් ශිල්පියා සහ අධ්‍යක්ෂවරයා විසින් රූගතකිරීම තරම්ම මහන්සියක් වෙන්න ඕනේ. අපේ කරන්නේ lip sync එක හරිනම් හරි වගේ එකකට එන එක. මේක වැරදියි. ඒ නිසයි Film director ට අමතරව Dubbing Director කෙනෙක් අවශ්‍යවෙන්නේ. "කටහඬ" පාලනය කියන්නේ රංගනය තරම්ම ගැඹුරු විශයක්....

    oya hari. live sound recording karanna ba tama lankawe. anika dubbing karanna giyat studios, sound artists henama adui. tama sudda kaale laatara kali use karanne. mata matakai ranjan kiuwa halls digital karanna wat den na kiaala
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ගැටළුව බජට් එක
    උන්ට ඔනි සිනමාව නගා සිටුවන්න නෙමෙ නෙ ? මොනවාහරි බාල දෙයක් බෙදලා කීයක් හරි හොයාගන්න
    ලංකාවෙ සිනමාවක් තිබ්බෙ 70 දශකය වෙනකන් විතරයි


    මට හිතෙන්නෙ නම් ඒ කාලෙ ෆිල්ම් නැගලා ගියේ වැඩිහරියක්ම මිනිස්සු ෆිල්ම් කියලා දැකලා තිබ්බේ ඒවම විතරක් හින්දා. දැන් මිනිස්සුන්ට ලෝකෙ හැදෙන බහුතරයක් ෆිල්ම් බලාගන්න පුලුවන් හින්දා සංසන්දනය කරන්න පුළුවන්.

    උදාහරණෙකට කිව්වොත් හතලිස් ගණන් පනස් ගණන්වල හොලිවුඩ් එව්වා දැන් හැදෙන ලංකාවෙ එව්වට වඩා හොඳයි. අපි ඉන්නෙ කොච්චර පස්සෙන්ද කියලා හිතෙනකොට දුකයි.
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,408
    5,523
    113
    Lankawe teledramas, films hena artificial. Pitarata wage natural look ekak ne. Sound, Acting dekama
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,263
    1
    13,150
    113
    Gotham City
    මට හිතෙන්නෙ නම් ඒ කාලෙ ෆිල්ම් නැගලා ගියේ වැඩිහරියක්ම මිනිස්සු ෆිල්ම් කියලා දැකලා තිබ්බේ ඒවම විතරක් හින්දා. දැන් මිනිස්සුන්ට ලෝකෙ හැදෙන බහුතරයක් ෆිල්ම් බලාගන්න පුලුවන් හින්දා සංසන්දනය කරන්න පුළුවන්.

    උදාහරණෙකට කිව්වොත් හතලිස් ගණන් පනස් ගණන්වල හොලිවුඩ් එව්වා දැන් හැදෙන ලංකාවෙ එව්වට වඩා හොඳයි. අපි ඉන්නෙ කොච්චර පස්සෙන්ද කියලා හිතෙනකොට දුකයි.

    මෙහෙමයි සිනමාව වෙනයි තාක්ෂනය වෙනයි
    අපි හොලිවුඩ් කම්පෙයාර් කරන්නෙ සහ උසස් කියන්නෙ උන් යොදාගන්න තාක්ෂණෙ එක්ක
    නමුත් සිනමාවක ගුණාත්මක භාවය තාක්ෂණය එක්ක තියන්න බැහැ
    දැන් අපෙ මඩොල් දූව කියන ෆිල්ම් එක ගමු
    ඒක හොඳ කතවක් .
    මඬොල්දූව ෆිල්ම් එකෙ තාක්ෂණය එක්ක බැලුවොත් ඇවටාර් ෆිල්ම් එකෙ තාක්ෂණය සුපිරි
    එත් කතාව පැත්තෙන් ගත්තොත් ඇවටාර් ෆිල්ම් එකට මඬොල්දූව එක්ක හැරෙන්න බැහැ.
    හේතුව ?
    තේරුම් ගන්න පුළුවන්ද ?
     

    kan12

    Well-known member
  • Jun 17, 2007
    1,327
    110
    63
    කතාව පැත්තෙන් ගත්තොත් ඇවටාර් ෆිල්ම් එකට මඬොල්දූව එක්ක හැරෙන්න බැහැ.