ෂාෆි ගැන නැවත සාක්ෂි ලබා ගනියි

  • Dec 18, 2013
    535
    98
    28
    ෂාෆි ගැන නැවත සාක්ෂි ලබා ගනියි

    ෂාෆි ගැන කුරුණෑගල රෝහල් කාර්ය මණ්ඩලයෙන් නැවත සාක්ෂි ලබා ගනියි

    කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති වද සැත්කම් චෝදනාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
    විසින් ආරම්භ කරන ලද නව විමර්ශනයකට අදාළව කුරුණෑගල ශික්ෂණ රෝහල් කාර්යමණ්ඩලයෙන් නැවත සාක්ෂි සටහන් ලබා ගැනීම ආරම්පහභ කර ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙම සාක්ෂි සටහන් ලබාගැනීමට කුරුණෑගල ශික්ෂණ රෝහලට පැමිණ සිටින බව එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළේය.

    ෂාෆි ෂියායිබ්දීන් වෛද්‍යවරයා විසින කුරුණෑගල ශික්ෂණ රෝහලේදී වඳ සැත්කම් කළ බවට හෙළි වීමෙන්
    වින්දිත වූ සිංහල මවුවරුන් සහ කුරුණෑගල ශික්ෂණ රෝහලේ පාලනාධිකාරිය විසින් අධිකරණයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පියවර ගෙන තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා වශයෙන් පත් කර සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න මහතා මෙම සිද්ධියට අදාළව නැවත විමර්ශනයක් ආරම්භ කර පැමිණිලි පාර්ශවයේ සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පසුගිය සතියේ ෂාෆි ෂියාබ්දීන් වෛද්‍යවරයාට එරෙහි නඩුව කුරුණගල මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අවස්ථාවේදී අධිකරණයට දැන්වීය.

    මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායම් ෂාරිෆි ෂියාබ්දීන් වෛද්‍යවරයා සමග කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කළ බව කියන වෛද්‍යවරුන්, හෙද කාර්යමණ්ඩලයන් සාක්ෂි ලබා ගැනීම සිදු කරමින් සිටින බව නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳගමුව මහතා සඳහන් කළේය.

    මෙම සාක්ෂි ලබාගැනීමෙන් අනතුරුව වින්දිත මවුවරුන්ගෙන්ද නැවත සාක්ෂි ලබා ගැනීම සිදු කිරීමට නියමිත බවද පැවසේ.

    මීට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර පොලිස් අධිකාරී බී.ඒ.තිසේරා මහතාට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් වැඩබලන පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණි කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය සරත් වීරබණ්ඩාර සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහත්වරුන්ගෙන් පෙරේදා (21) ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

    ෂාෆි ෂියාබ්දීන් වෛදයවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ශිවපාගිත් දෙපාර්තමේන්තුවේ විමර්ශන සිදු කෙරෙමින් තිබූ අවදියේ එම පරික්ෂණ භාරව සිටි සහකාර පොලිස් අධිකාරි තිසේරා, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා හා එක්ව අදාළ පරික්ෂාණ සම්බන්ධයෙන් බලපෑම් එල්ලකොට තමට තර්ජනය කළ බවට රෝහල් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අධිකරණයට සහ වැඩ බලන පොලිස්පතිවරයාට පැමිණිලි කර තිබී ඇත.

    ගීතාංජලී ප්‍රියදර්ණීනී
     
    • Like
    Reactions: SuperX

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්

    :lol::lol::lol: තොපිට බඩු යන්නෑ කියල අපි පලිද වේසාවෝ?? :lol::lol:
    mnm.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂාෆිට මොකද කොරේ අහපු ගු කුක්කන්ට එල්ලෙන්ඩ වැල් හොයා ගන්ඩම වෙනව..

    බදුර්දීන් සහ හකීම්ගෙන් කට උත්තර ගන්ඩත් ඉතාම ආසන්නයි, අද අධිකරන නියෝගය ගත්ත ඒකට..ගු කුක්කන්ට සෑහෙනට රිදෙයි.. :):)
     
    • Like
    Reactions: chega995 and D_Mad