අභිරහස්_වෛරසය

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    චීනයෙන් අභිරහස් වෛරසයක්: පනහකට අධික පිරිසක් රෝහලේ

    8zQ75S8.jpg

    මෙතෙක් විද්‍යාඥයන්ට හසු නොවූ 'අභිරහස් වෛරසයක්' චීනයේ වූඛාන් (Wuhan) නගරයෙන් වාර්තා විය.

    පෙනහළු රෝග ඇති කරවන එම වෛරසය පුද්ගලයන් පනහකට අධික පිරිසකට මේ වන විට ආසාදනය වී ඇත. ඉන් හත්දෙනෙකුගේ තත්වය බරපතල ය.

    මෙතෙක් හඳුනාගෙන නොතිබුණු එම වෛරසය අසාදනය වූ රෝගීන්ට නියුමෝනියා තත්ත්වය ඇති කරවයි.

    එම අලුත් වෛරසය, ලොව පුරා සෞඛ්‍ය බලධාරීන්ගේ බරපතල අවධානයට ලක් වී ඇත.

    මෙය දින කිහිපයකට පමණක් සීමා වී අතුරුදහන් විය හැකි වෛරසයක් ද? නැතහොත් අතිශය භයානක තත්ත්වයක මූලික ලක්ෂණයක් ද?

    වෛරසයේ තොරතුරු

    ආසාදිත පුද්ගලයන්ගෙන් ලබා ගත් මෙම වෛරසයේ නියැඳි විද්‍යාගාර විශ්ලේෂණයන්ට භාජනය කර තිබේ.

    එම පර්යේෂණවලින් අනතුරුව චීන බලධාරීන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානය නිගමනය කර ඇත්තේ මෙය කොරෝනා වෛරස ගණයට අයත් බවය.

    කොරෝනා වෛරස ගණයට අයත් වෛරස රාශියක් පවතින නමුත් මේ දක්වා මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ ඉන් හයක් පමණි. ඉහත කී අලුත් වෛරසය, මිනිසුන්ට ආසාදනය වූ බවට වාර්තාගත වන හත් වැනි කොරෝනා වෛරසය වේ.

    වසර 2002දී ද එම පවුලට අයත් වෛරසයක් ලොව පුරා පැතිරයාම චීනයෙන් ආරම්භ විය. සාර්ස් (Sars) නමින් හැඳින්වුණු එම වසංගතයට පුද්ගලයන් 8098 දෙනෙකු ගොදුරු වූ අතර ඉන් 774 දෙනෙක් මිය ගියහ.

    මෙය භයානක තත්ත්වයක් ද?

    කොරෝනා වෛරස ආසාදනය වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවෙන් පටන් ගෙන රෝගියා ජීවිතක්ෂයට පත්වීම දක්වා පවතින බරපතල රෝග ලක්ෂණ දක්වා විහිදිය හැකිය.

    සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවේ සිට මරණය දක්වා පැවතිය හැකි රෝග ලක්ෂණ එක් රේඛාවක් මත පෙළ ගැස්වුවහොත් මෙම අලුත් වෛරසය එම රේඛාවේ මැද ප්‍රදේශයේ තැබිය හැකි බව පෙනෙන්නට තිබේ.

    "අලුත් කොරෝනා වෛරසයක් සොයා ගත්තොත් අපට දැන ගන්න ඕන ඉන් ඇතිවන රෝග ලක්ෂණ කෙතරම් බරපතල විය හැකිද කියන එක. මේ අලුත් වෛරසයෙන් සාමාන්‍ය උණ හෙම්බිරිස්සාවකට වඩා වැඩි රෝග ලක්ෂණ ඇති කෙරෙනවා. ඒ නිසා මෙය බරපතල තත්ත්වයක්. නමුත් එය සාර්ස් වසංගතය තරම් ම භයානක නැහැ." එඩින්බරා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මාර්ක් වූල්හවුස් පැවසීය.

    කොහේ සිට පැමිණියා ද...?

    WsOTbsX.jpg

    අලුත් වෛරස සොයා ගැනීම නිරන්තරයෙන් සිදුවන දෙයකි.

    ඔවුහූ බොහෝ විට වෙනත් ජීවියෙකු තුළ සිට මිනිස් සිරුරට පැමිණෙති.

    "අතීතයේ පැතිරී ගිය වසංගත ගැන සිතා බැලුවොත්, ඒක ඇති වුනේ අලුත් කොරෝනා වෛරසයකින් නම්, එය ඇවිත් තියෙන්නේ සතුන්ගෙන්." නොටිංහැම් විශ්වවිද්‍යාලයේ, වෛරස අධ්‍යයන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ජොනතන් බෝල් පැවසීය.

    සාර්ස් (Sars) වෛරසය මිනිස් සිරුරට පතිත වූයේ උරුලෑවකුගෙනි.

    මර්ස් (Mers) වෛරසය වරින්වර මිනිසාට ආසාදනය වන්නේ ඔටුවන්ගෙනි. 2012 දී එම වසංගතය ආරම්භ විය. වාර්තා වූ රෝගීන් 2494 දෙනෙකුගෙන් 858 දෙනෙක් මිය ගියහ.

    සතා කවුද?

    අලුත් වෛරසය පැමිණියේ කුමන සත්ත්වයාගෙන් ද යන්න තහවුරු කර ගැනීමට හැකි වුවහොත් ඊට ප්‍රතිකාර සොයා ගැනීම ඉතා පහසු වනු ඇත.

    චීනයේ දකුණු කලාපයේ වූඛාන් (Wuhan) නගරයේ ඇති කරදිය මත්ස්‍ය වෙළෙඳපොළක් ආශ්‍රිතව මෙම රෝගීන් වාර්තා වී තිබේ.

    තල්මසුන් වැනි කරදියේ වෙසෙන ක්ෂීරපායීන් ගේ සිරුර තුළ කොරෝනා වෛරස පැවතිය හැකි නමුත් ඉහත කී වෙළෙඳපොළේ කුකුලන්, වවුලන්, හාවන්, සහ සර්පයන් වැනි සතුන් ද සිටිති.

    එවැනි වන සතුන් තුළ මෙම වර්ගයේ වෛරස පැවතීමට ඇති ඉඩ කඩ වැඩිය.

    ඇයි චීනය?

    මහාචාර්ය වූල්හවුස් පවසන්නේ චීනයේ විශාලත්වය, ජන ඝනත්වය සහ සතුන් සමඟ පවතින සමීප ඇසුර හේතුවෙන් වෛරස ශරීරගත වීම බහුල වන බවය.

    "මීළඟ වසංගතය චීනයෙන් හෝ එම කලාපයට අයත් රටකින් ආරම්භවීම පිළිබඳව කිසිවෙකු පුදුමයට පත් වන එකක් නැහැ." මහාචාර්ය වූල්හවුස් ප්‍රකාශ කළේය.

    කෙතරම් පහසුවෙන් ව්‍යාප්ත වේවිද?

    සැනසීමට ඇති එකම කාරණය නම් මෙම වෛරසය එක් මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ වන බවක් පෙනෙන්නට නොතිබීම ය.

    සාමාන්‍යයෙන් පෙනහළු ආසාදනය වූ විට කැස්සෙන් සහ කිවිසුම් යාමෙන් වෛරසයක් පැතිර යාම ඉතා ඉක්මණින් සිදුවනු ඇත.

    එය එසේ වී නම් රෝගීන් සමඟ සමීපව කටයුතු කරන රෝහල් සේවක සේවිකාවන්ට එය වැළඳීම වළක්වාලිය නොහැක.

    නමුත් චීන බලධාරීන් ප්‍රකාශ කළේ එය එසේ සිදු වී නොමැති බවය.

    එය එසේ වී නමුදු, ඇතැම් විශේෂඥයන් පවසන්නේ මෙම අලුත් වෛරසය මිනිසෙකුගෙන් තවත් මිනිසෙකුට බෝ නොවන බවට නිගමනය කිරීම සඳහා තවමත් ඉක්මන් වැඩි බවය.

    කෙතරම් වේගයෙන් පැතිර යාවිද?

    මේ වන තෙක් ශීඝ්‍රව පැතිර යන බවක් නොපෙනේ.

    රෝගීන් 59 දෙනාම වාර්තා වී ඇත්තේ 2019 වසරේ දෙසැම්බර් 12 වනදා සිට දෙසැම්බර් 29 වනදා අතර කාලය තුළය.

    ඉන් අනතුරුව රෝගියෙකු වාර්තාවී නොමැත.

    චීන බලධාරීන් මේ පිළිබඳව දැඩි විමසිල්ලකින් යුතුව කටයුතු කරන බව පැවසේ.

    කෙසේ නමුත් මෙම මාසය අවසානයේ ආරම්භ වන චීන අලුත් අවුරුදු සමය වෙනුවෙන් එරටට ඇතුළු වන මිලියන ගණනක් වූ පිරිස හරහා මෙම වෛරසය ලොව පුරා ව්‍යාප්ත වීමට ඇති ඉඩ කඩ කෙරෙහි බරපතල අවධානය යොමු වී තිබේ.

    බලධාරීන්ගේ ප්‍රතිචාරය කෙසේද?

    මෙම වෛරසය ව්‍යාප්ත වීම අවම කර ගැනීම සඳහා ආසාදිත රෝගීන් හුදෙකලා කොට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීම සිදු කෙරේ.

    ආසාදිත රෝගීන් ඇසුරු කළ 150ට අධික පිරිසක් නිතිපතා වෛද්‍ය විමර්ශනයකට භාජනය කෙරෙමින් පවතී.

    සංචාරයේ යෙදෙන පුද්ගලයන්ගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂාවට ලක් කිරීම සඳහා ස්කෑන් යන්ත්‍ර සවි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    වෛරසය වාර්තා වූ ස්ථානයේ පවතින කරදිය මත්ස්‍ය වෙළෙඳපොළ වසා දමා එය ජීවාණුහරණය කිරීමට බලධාරීහු පියවර ගත්හ.

    BBC
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    As far as I know it's already in the far east. Singapore and Malaysia. Weeks ago they started thermal screening at Changi airport for all arrivals from China.
    It apparently started in Wuhan markets.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,896
    46,061
    113
    America we wadak wenna barida..HUAWEI ban karala ne patan gaththe..giya tike ma unta prashna dunne america wa.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Hetama ei lankawata through ebay parcels:oo:

    Jan 14, Colombo: China’s State Councilor and Foreign Minister Wang Yi also arrived in Sri Lanka on an official visit last night.

    The Chinese Foreign Minister was welcomed by the State Minister Susil Premajayantha and officials of the Chinese Embassy in Colombo.

    According to Foreign Ministry, the Chinese Minister will hold talks on bilateral issues of mutual interest with President Gotabhaya Rajapaksa, Prime Minister Mahinda Rajapaksa, Foreign Relations Minister Dinesh Gunawardena, Secretary to the Foreign Ministry Ravinatha Ariyasinghe and top officials.

    ජනපති ලබන මාසයේ චීනයේ සංචාරයක

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ලබන මාසයේ දී චීනයේ නිළ සංචාරයක නිරතවීමට නියමිතය.

    චීනයේ සංචාරයක නිරතවන ලෙසට එරට විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා ජනාධිපතිට ආරධනා කරනු ලැබීය.

    තාක්‍ෂණය,සංචාරක කර්මාන්තය, යටිතල පහසුකම් හා අනෙකුත් ක්‍ෂේත‍්‍රයන්ට නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

    එමෙන්ම චීන ජනාධිපති ෂි ජින් පින්ග් මහතා ඇතුළු එරට රජයේ උසස් නිළධාරීන් සහ ප‍්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් සමඟ ද ජනාධිපතිවරයා එහිදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

    තමන් මීට පෙර චීනයේ සංචාරය කළ බවත් කිසිවිටෙකත් චීනය තමන්ට ආගන්තුක නොවන බවත් ජනාධිපතිවරයා එහිදී චීන විදේශ අමාත්‍යවරයාට පැවසීය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසුව සිදුකරනු ලබන දෙවැනි නිල සංචාරය මෙය වන අතර පසුගිය නොවැම්බර් මාසයේ දී ඉන්දියාවේ තුන්දින නිල සංචාරයක නිරත විය.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,857
    9,600

    :cool:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    චීන්නු ළඟ වැඩිය ඉන්න එපා

    මෙහෙ ඉන්න චීන්නුන්ට වඩා කේස් එක එහේ ගිහින් මෙහෙ එන අපේ එවුන් හින්දා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,481
    22,149
    113
    Gotland
    මෙහෙ ඉන්න චීන්නුන්ට වඩා කේස් එක එහේ ගිහින් මෙහෙ එන අපේ එවුන් හින්දා

    චීන්නු ලංකාවට එනවනේ බං විසිට්. තව ඊබේ වගේ පාර්සල් වලින් එන්න පුලුවන්ද දන්නේ නෑ හැබැයි ඒවා සති ගානක් යන නිසා වයිරසයට නොමැරී ඉන්න පුලුවන්ද දන්නේ නෑ