Corona UP date 29/01 sri lanka

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,714
    12,745
    113


    හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරයෙන් වාර්තා විය.

    2020 ජනවාරි 07 වන දින එම වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලදී.

    මෙම රෝගයේ බීජෞෂණ කාලය (විෂබීජය ශරීරගත වූ දින සිට රෝග ලක්ෂණ පහළ වීම දක්වා ගතවන කාලය දින 2 - 10 දක්වා බව දැනට තිබෙන දත්ත අනුව පැහැදිලි වේ.මෙම රෝගය පළමුව සතුන් ගෙන් (නාගයන්, මත්ස්‍යයන්, වවුලන්) මිනිසාට බෝවන බවට හඳුනා ගත්තද, දැන් මිනිසාගෙන් මිනිසාටද බෝවිය හැකි බව තහවුරු කරගෙන ඇත.

    ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කරන ලද පළමු රෝගියා 2020 ජනවාරි 27 වන දින වාර්තා විය. එම පුද්ගලයා චීන ජාතිකයෙකු වන අතර මීට සති 2 කට පෙර සංචාරකයෙකු ලෙස දිවයිනට පැමිණ ඇත.
    දැනට එම පුද්ගලයා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබයි.මීට අමතරව තවත් රෝගීන් බවට සැක කරන 5 දෙනෙක් එම ආයතනයේ මේ වනවිට ප්‍රතිකාර ලබයි. ඉන් දෙදෙනෙකු ශ්‍රී ලාංකිකයන් වේ.

    සෞඛ්‍ය අමාත්‍යංශය මගින් පහත දැක්වෙන රෝහල් 12 තුළ මෙම රෝගයට ප්‍රතිකාර ගැනම සඳහා විශේෂ පහසුකම් සලසා ඇත.
    - ජාතික බෝවන රෝග විද්‍යායතනය MRI
    - උතුරු කොළඹ ශික්ෂණ රෝහල-රාගම
    - ගම්පහ මහ රෝහල
    - මීගමුව මහ රෝහල
    - ජාතික රෝහල-මහනුවර
    - ශික්ෂණ රෝහල-කරාපිටිය
    - ශික්ෂණ රෝහල- අනුරාධපුර
    - ශික්ෂණ රෝහල-යාපනය
    - ශික්ෂණ රෝහල- කුරුණෑගල
    - පළාත් මහරෝහල-රත්නපුර
    - පළාත් මහරෝහල-බදුල්ල
    - ශික්ෂණ රෝහල-මඩකලපුව

    චීනයේ සිට රටට පැමිණෙන ශ්‍රී ලාංකික සිසුන් රටට පැමිණ දින 14 ක් යන තෙක් ඔවුන්ගේ නිවෙසේවලටම වී සිටිය යුතුය. පිරිස් ගැවසෙන ස්ථානවලට යෑමෙන් වැළකිය යුතුය. එම කාලය ඇතුළත යම් කිසි රෝග ලක්ෂණයක් (උණ,කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව) ඇතිවූයේ නම් ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරික්ෂක හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි මහතා දැනුවත් කර ඔබට ආසන්නයේම පිහිටි ඉහත රෝහලක් වෙත ගොස් ප්‍රතිකාර ලබා ගන්න.:eek:

    දැනට මහජනතාව හෝ දරුවන් විසින් මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර නොමැත.

    ----- සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යායතනය ----
    :nerd::nerd:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    00020408.gif
    [/IMG]
     
    • Like
    Reactions: BINGU_PUTHA

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    දැනට මහජනතාව හෝ දරුවන් විසින් මුඛ ආවරණ පැළඳීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ කර නොමැත.
    ඔව් ඉතින් රටේ මිනිස්සුන්ට තම්බ තම්බ පාවිච්චි කරන්න හරි එකම එක මාස්ක් එකක්වත් නොමිලේ හෝ පහසු මිලකට ලබා දෙන්න කිසි වැඩ පිලිවෙලක්වත් නෑනේ. ඒ නිසා මාස්ක් ඕන නෑ තමා.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,392
    22,037
    113
    Gotland
    දැන් කොරෝන කියල සැක උන්වත් කොරෝනා හැදුන උන් එක්කම එකට දාල ද තියන්නේ ? :nerd:
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    දැන් කොරෝන කියල සැක උන්වත් කොරෝනා හැදුන උන් එක්කම එකට දාල ද තියන්නේ ? :nerd:
    ඔව්
    එහෙම කලාම බොරුවට චෙක් කරන්න සල්ලි යන්නේ නැහැ
    කොහොමත් සේරටම හැදෙනවා :)