BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කැලිෆෝනියාවේ හදිසි තත්ත්වයක්

    කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරිම සදහා කැලිෆෝනියාවේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර තිබේ.
    අමෙරිකාවේ ප්‍රාන්ත 16කින් කොරෝනා වෛරස ආසාදිතයින් 150 දෙනකු පමණ වාර්තා වී ඇති බව සඳහන් වෙයි.
    අමෙරිකාවේ මේ වන විට කොරෝනා වෛරසය ආසාදනයවිමෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

    http://sinhala.adaderana.lk/news/132119
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වසා දමයි
    කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් ඉතාලියේ සියලු පාසල් වාසා දැමිමට පියවර ගෙන තිබේ.
    අද(06) සිට දින 10ක කාලයක් මෙලෙස පාසල් වසා දැමිමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
    එමෙන්ම සියලුම ක්‍රිඩා ප්‍රේක්ෂකයින් නොමැතිව පැවැත්විමට ද ඉතාලි බලධාරින් පියවර ගෙන ඇති බව සඳහන්.
    ඉතාලිය තුළ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගල මරණ 107ක් වාර්තා වී ඇති අතර ආසාදිතයින් 3089 දෙනෙකු වාර්තා වෙයි.
    මේ වන විට ලොව පුරා කොරෝනා වෛරසය ආසාදනය විම හේතුවෙන් පුද්ගලයින් 3254 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර ආසාදිතයින් 95,184 දෙනෙකු වාර්තා වන බව සඳහන් වෙයි.
    http://sinhala.adaderana.lk/news.php?mode=beauti&nid=132110
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    Panic buying: Parts of Australia have seen panic buying as fears of shortages caused by the coronavirus outbreak continue to cause worried shoppers to stock up on basic necessities such as toilet paper.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    Matath semak hedila corona da danne sinhalu :dull:

    anti_corona.jpg
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා වෛරසය සුනඛයෙකුටත් වැළදෙයි

    චීනයේ - හුබෙයි පලාතෙන් ආරම්භ වූ කොවිඞ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනවූවන්ගේ සංඛ්‍යාව 95481ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 3285ක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    චීනයේ පමණක් වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව 80,409ක් දක්වා ඉහල ගොස් ඇති අතර මරණ 2902ක් වාර්තා වනවා.

    වෛරසය සීග්‍ර ලෙස පැතිර යන දකුණු කොරියාවෙන් මරණ 35ක් වාර්තා වන අතර වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 5766ක්.

    ඇති වී තිබෙන තත්ත්වය හමුවේ දකුණු කොරියාව මුහුණු ආවරණ අපනයනය කිරීම ද නතර කිරීමට අග්‍රාමාත්‍ය චූන් හි ක්‍යුන් පියවර ගෙන තිබෙනවා.

    කොරෝනා වෛරසය පැතිර යාම හේතුවෙන් ඉතාලියේ මරණ 107ක් වාර්තා වන අතර ආසාදිතයන් සංඛ්‍යාව 3089ක් දක්වා ඉහල ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

    රෝග ව්‍යාප්තිය වළක්වා ගැනීම සදහා පුද්ගලයින් දෙදෙනෙකු අතරම පරතරය මීටර් 1 ක් ලෙස පවත්වා ගැනීමට උපදෙස් ලබාදී ඇත්තේ සමීප ස්පර්ශවීම් රෝගය ව්‍යාප්ත වීමට ඍජුවම බලපාන බවට අනාවරණ වීමත් සමඟයි.

    එමෙන්ම හොංකොං රාජ්‍යයේ සුනඛයෙකුට මෙම වෛරසය වැළදී ඇති බව විදෙස් මාධ්‍ය අද පළමු වරට වාර්තා කළා.

    නිවසක සුරතලයට ඇති කරන සුනඛයෙකුට මෙලෙස රෝගය වැළදී ඇති අතර එම නිවසේ සුනඛයා ඇති දැඩි කළ 60 හැවිරිදි කාන්තාවට ද මීට පෙර රෝගය වැළදී තිබූ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

    මිනිසෙකුගෙන් සත්ත්වයෙකුට මෙලෙස වෛරසය වැළදී ඇති පළමු අවස්ථාව මෙය බවද වාර්තා වනවා.

    මේ අතර කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැකපිට බදුල්ල මහරෝහලට ඇතුළත් කෙරුණු සයමස් බිළිදාගේ තත්ත්වය මේ වනවිට සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළා.

    දරුවාගේ කේට සහ රුධිර සාම්පල වැඩිදුර පරීක්ෂණ සදහා යොමුකර ඇති අතර දෙමාපියන් ද මේ වනවිට රෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයේ දෛනික නිරීක්ෂණය යටතේ පසුවන බවයි ඔහු කියා සිටියේ.

    පසුගිය 27 වනදා දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මෙම බිළිදා සහ ඔහුගේ දෙමව්පියන් කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බවට සැක මත ඒ පිළිබදව පරික්ෂණ සඳහා බදුල්ල මහරෝහලට ඇතුළත් වුණා.
    http://www.hirunews.lk/sinhala/235838/
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා ආසාදනය වු ලාංකික කතගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

    ‍ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින නව කොරෝනා වෛරසය ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාව යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වෙයි.
    ඇය මේ වන විටත් ඉතාලියේ බ්‍රේෂියා හි රෝහලක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.
    කොරෝනා වෛරසය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති ඉතාලියේ මේ වන විට ආසාදිතයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ඇති අතර මරණ 107ක් වාර්තා වී තිබේ.
    එම සංඛ්‍යාව වෛරසය හේතුවෙන් චීනයේ පිටත රටක සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.
    පවතින තත්ත්වය හමුවේ ඉතාලි බලධාරින් විසින් ආරක්ෂක ක්‍රියාමාර්ග රැසක් ගෙන ඇති බව ඉතාලියේ අද දෙරණ විශේෂ වාර්තාකරු අරුණ සුමිත් පැවසුවේය.
    http://sinhala.adaderana.lk/news/
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,101
    113
    Medical screener at LAX airport tests positive for coronavirus :rofl:


    WASHINGTON — A medical professional who conducted passenger screenings at Los Angeles International Airport tested positive for the coronavirus late Tuesday , according to the Department of Homeland Security and an internal email obtained by NBC News.

    The person last worked screening air travelers for illness on Feb. 21, DHS said in a statement, which also said the medical professional had worn the proper protective gear while working. The internal email described the person as a "contract medical screener" for the Centers for Disease Control and Prevention.


    https://www.nbcnews.com/health/heal...x-airport-tests-positive-coronavirus-n1149986
     

    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    Medical screener at LAX airport tests positive for coronavirus :rofl:


    WASHINGTON — A medical professional who conducted passenger screenings at Los Angeles International Airport tested positive for the coronavirus late Tuesday , according to the Department of Homeland Security and an internal email obtained by NBC News.

    The person last worked screening air travelers for illness on Feb. 21, DHS said in a statement, which also said the


    medical professional had worn the proper protective gear while working.



    The internal email described the person as a "contract medical screener" for the Centers for Disease Control and Prevention.


    It looks nobody knows exactly how this thing spread from person to person.
    These professionals doesn't go closer to the passengers when quarantining, but still it get infected.


    If this get spread in Sri Lanka, That will be the "Beginning of the End"

     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Medical screener at LAX airport tests positive for coronavirus :rofl:


    WASHINGTON — A medical professional who conducted passenger screenings at Los Angeles International Airport tested positive for the coronavirus late Tuesday , according to the Department of Homeland Security and an internal email obtained by NBC News.

    The person last worked screening air travelers for illness on Feb. 21, DHS said in a statement, which also said the medical professional had worn the proper protective gear while working. The internal email described the person as a "contract medical screener" for the Centers for Disease Control and Prevention.


    https://www.nbcnews.com/health/heal...x-airport-tests-positive-coronavirus-n1149986


    BUMP
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනා බලපෑම් ඇති රටවලට ලෝක බැංකුවෙන් ආධාර
    නව කොරෝනා වෛරසයෙන් බලපෑම් එල්ල වු රටවල් වෙනුවෙන් ආධාර ලබාදීම සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 12 ක මුදලක් වෙන් කිරීමට ලෝක බැංකුව තීරණය කර තිබේ.
    විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා මෙම ආධාර මුදල් ලබා දීමට නියමිත බව නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වාදී ඇත.
    වෛරසය ව්‍යාප්තියෙන් බලපෑම් එල්ල වී ඇති රටවල නායකයින් විසින් සිදුකරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සදහන්.
    ආධාර ලබාදීමේදී දුර්වල සෞඛ්‍ය පද්ධති සහ දිළිඳු රටවලට ප්‍රමුඛත්වය ලබාදෙන බව ලෝක බැංකුව දැනුම් දී ඇත.
    http://sinhala.adaderana.lk/news/132064/
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔස්ට්‍රේලියාවේ දෙවන කොරෝනා මරණය සිඩ්නි නුවරින්
    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දෙවන පුද්ගල මරණය සිඩ්නි නුවරින් වාර්තා වී ඇත.
    95 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
    ඔස්ට්‍රේලියාවේ මේ වන විට කොරෝනා වෛරස ආසාදිතයින් 52 දෙනෙකු හඳුනාගෙන ඇත.
    අද දිනය තුළ පමණක් නව ආසාදිතයින් 10 දෙනෙකු එරටින් වාර්තා වී ඇති බවයි බලධාරින් පවසන්නේ.
    වෛරස ව්‍යාප්තිය පාලනය කිරිම සදහා චීනය, ඉරානය, දකුණූ කොරියාව යන රටවල් සදහා සංචාරක තහනමක් පැනවීමට ද ඔස්ට්‍රේලියානු රජය පියවර ගෙන ඇත.

    http://sinhala.adaderana.lk/other-news.php?sid=43
    කොරෝනා වෛරය හේතුවෙන් ග්‍රීසියේ පාසල් කිහිපයක් වසා දමයි
    කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් ග්‍රීසියේ පාසල් කිහිපයක් වසා දමා තිබෙනවා.
    විදෙස් මාධ්‍ය වාර්තා කළේ කොරෝනා වෛරසය පැතිර යන ප්‍රදේශවල මෙම පාසල් වසා දමා ඇති බවයි.
    එම ප්‍රදේශ වල විවිධ වැඩසටහන් පැවැත්වීම ද අත්හිටුවීමටයි එරට පාලන බලධාරින් තීරණය කර ඇත්තේ.
    ගී‍්‍රසියෙන් කොරෝනා වෛරස ආසාදනය වූ රෝගීන් 9 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

    http://www.hirunews.lk/sinhala/235851
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මගී දුම්රිය දිනකට පස්වරක් පවිත්‍ර කිරීමට දකුණු කොරියාව සැරසෙයි

    නව කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දකුණු කොරියානු සෞඛ්‍ය අංශ ගත් උත්සාහයක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.
    චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ නව කොරෝනා වෛරස ආසාදනය අදවනවිට ලෝකයේ බොහෝ රටවල් වෙත පැතිර ගොස් පවතියි.
    ඉන් වැඩිම බලපෑමක් එල්ල වූ රාජ්‍යයන් අතරට දකුණු කොරියාවද අයත්.
    පොදු ප්‍රවාහන සේවා ඔස්සේ රටපුරා වෛරසය ව්‍යාප්තවීම පාලනය සඳහා දැඩි වෙහෙසක් දැරීමට එරට සෞඛ්‍ය අංශ පියවර ගනිමින් සිටියි.
    සෝල් නුවර දුම්රියපොළ වෙත පැමිණෙන දුම්රිය මැදිරි සියල්ල විෂබීජහරණය කිරීම සඳහා දකුණු කොරියානු සෞඛ්‍ය අංශ යුහුසුළුව කටයුතු කරන්නේ මෙලෙසින්ය.
    මේ නිලධාරීන් විශේෂ ඇදුමින් සැරසී විෂබීජහරණ කටයුතුවල යෙදී සිටියි.
    එම වැඩපිළිවෙල යටතේ සෑම දුම්රියක්ම දිනකට පස් වාරයක් පමණ පවිත්‍රකිරීමටත් බලධාරීන් පියවර ගෙන තිබේ.
    දකුණු කොරියාවෙන් මේ විට නව කොරෝනා ආසාදිතයින් 5500කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති අතර මරණ 35කට වැඩි ප්‍රමාණයක් සිදුව තිබේ.
    පාලනයකින් තොර වේගයකින් මෙසේ වෛරසය ව්‍යාප්ත වී යාම වැලැක්වීමට බලධාරීන් පියවර රැසක් ගෙන ඇතත් තවමත් ඒ කිසිවක් මුළුමනින්ම සාර්ථකවී නොමැත.
    කෙසේ නමුත් ව්‍යාප්තිය වැලැක්වීම සඳහා නව වැඩපිලිවෙක් හදුන්වාදීමටත් දකුණු කොරියානු රජය පසුගියදා කටයුතු කර තිබූ බවද විදෙස් වාර්තා වැඩිදුරටත් වාර්තා කර තිබුණි.
    http://sinhala.adaderana.lk/
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    වෛද්‍ය සහතිකය ඕනෑ: කුවේටය කියයි
    කුවේට් රාජ්‍යයට ඇතුළු වීම සඳහා කොරෝනා නොමැති බවට වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතු බවට කුවේට් රජය නිවේදනයක් නිකුත් කර ඇත.
    ඒ අනුව, රටවල් දහයකට අදාල වන පරිදි අදාල නිවේදනය නිකුත් කිරීමට කුවේට් රජය කටයුතු කර ඇත.
    රටවල් දහය වන්නේ:තුර්කිය, අසර්බයිජානය, ජෝර්ජියාව, ඉන්දියාව, ඊජිප්තුව, පිලිපීනය, ශ්‍රී ලංකාව, බංගලාදේශය, සිරියාව සහ ලෙබනනය වේ.

    ඉහත රටවලින් පැමිණෙන ගුවන් මගීන්ට කොරෝනා වෛයිරසය ආසාදනය වී තිබෙනවාද නැද්ද යන්න පරීක්ෂා කිරීමසඳහාවෛද්‍ය පරීක්ෂණයකට මුහුණදීමට සිදුවෙයි.
    කුවේටයට පැමිණීමට පෙර කොරෝනා නොමැති බවට වෛද්‍ය සහතිකයක් සහතික ඉදිරිපත් කළ යුතු බවටසිවිල් ගුවන් සේවා අධිකාරිය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
    ඉරානය, ඉරාකය, චීනය, දකුණු කොරියාව සහ අනිකුත් ආසාදිත රටවල සංචාරය කර ඇති කුවේටයේ විදේශ ශ්‍රමිකයන්ට කුවේට් රාජ්‍යයට ඇතුළුවීම තහනම් කර ඇත.
    http://middleeast.lankadeepa.lk/latest_news/%E0
     
    Status
    Not open for further replies.