BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,450
    23,697
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ESvomWdXQAMTvpn
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583823558-army-commander_L.jpg

    නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

    නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

    181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

    අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

    මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

    කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.

    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

    එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113

    නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන අයගෙන් මුදල් අය කිරීමක් නෑ-හමුදාපති

    නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කරයි.

    නිරෝධායන මධ්‍යස්ථානවල දී ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

    දකුණු කොරියාවේ සහ ඉතාලියේ සිට පැමිණි පළමු කණ්ඩායම නිරෝධායන කටයුතු සඳහා මඩකලපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය වෙත යොමු කර තිබේ.

    181 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙලෙස මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

    අද(10) අළුයම 03.33 ට පමණ දකුණු කොරියාවේ සිට 166දෙනෙකු රැගත් ගුවන් යානය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟා වූ අතර එහි ශ්‍රී ලාංකිකයින් 164 දෙනෙකු සහ කොරියානු ජාතිකයින් දෙදෙනෙකු වූ බව අද දෙරණ ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේය.

    මීට අමතරව තවත් ගුවන් යාන දෙකකින් ඉතාලියේ සිට ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු ද අද අළුයම කටුනායක ගුවන් තොටුපලට පැමිණි සිටි බව අද දෙරණ වාර්තාකරු පැවසුවේය.

    ඔවුන් ගුවන් තොටුපලේදී පරීක්ෂා කිරීම්වලට ලක් කිරීමෙන්අනතුරුව බස් රථ 6 කින් මඩකලපුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබේ.

    කෙසේවෙතත් අද අළුයම් කාලයේ පැමිණි එම මගීන් 181 දෙනා ගුවන්තොටුපලෙන් රැගෙන යාමේ දී පැය කිහිපයක ප්‍රමාදයක් සිදුවු බවට ඥාතීන් චෝදනා කරයි.

    එමෙන්ම නිරෝධායන මධ්‍යස්ථානයේ රැදී සිටින කාලය තුළ ආහාරපාන ලබා ගැනීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් 7500 ක මුදලක් අය කෙරෙන බව දැක්වෙන පත්‍රිකාවක් ද එම පිරිස වෙත ලබාදී ඇති බව වාර්තා විය.

    එලෙස ආහාර සඳහා මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් විදෙස් ගත ශ්‍රමික පිරිසෙන් අද උදෑසන දැඩි විරෝධයක් එල්ල වු බවද අද දෙරණ වාර්තා කළේය.

    කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කෙරෙන පිරිස් වෙතින් කිසිදු මුදලක් අය නොකෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට සඳහන් කළේය.

    7500 ganna gihilla social media wela backfire una neda
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    Protest near teaching hospital batticaloa, against corona quarantine at batticaloa campus #lka #SriLanka

    :lol:
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1583745789_2155933_hirunews_Sri-Lankans-returned.jpg
    විදෙස්ගතවී පැමිණි අයට දින 14ක්, නිවෙස් තුළ රැදී සිටින්නැයි ඉල්ලීමක් - විදෙස් සංචාර සීමා කරන ලෙසත් දැනුම් දෙයි

    දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානයේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් මගීන් නිරෝධායනය කිරීම හෙට සිට ආරම්භ කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.
    හෙට අලූයම 4 සිට දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණෙන මගීන් පළමුව මඩකලපුව පුනානි හි පෞද්ගලික විශ්ව විද්‍යාලයේ සහ පොළොන්නරුව - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන දෙක වෙත රැගෙන යාමට නියමිතයි.
    ඔවුන් දින 14ක කාලයක් නේවාසිකව නිරෝධානයන ලක් කෙරෙනවා.
    එමෙන්ම, යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලොන්නරුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ අද නිරීක්ෂණ කටයුතු වල නිරත වුයේ හෙට සිට ආරම්භ කෙරෙන නිරෝධායන කටයුතු පිළිබදව සොයා බැලීම සඳහායි.
    මේ අතර, දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය හැර සෙසු රටවලට ගොස් යළි මෙරටට පැමිණෙන පුද්ගලයින්ට ද දින 14ක කාලයක් නිවෙස් තුළම රැඳී සිටින ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරනවා.
    විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් 3900ක් මේ වන විටත් ඔවුන්ගේ නිවෙස්වලදීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා එක්ව සෞඛ්‍ය අංශ විසින් අධීක්ෂණය කරන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
    මීට අමතරව හැකිතාක්දුරට විදේශ සංචාරවල නිරතවීම අවම කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ජනතාවගෙන් ඉල්ලීමක් කළා.
    මෙවන් පසුබිමක් තුළ වහාම ක්‍රියාත්මක වන පරිදි දඹදිව වන්දනා ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද තීරණය කර තිබෙනවා.
    බුද්ධශාසන අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ නව කොරෝනා වෛරසයේ ලෝක ව්‍යාප්තියත් සමඟ ආරක්ෂිත පියවරක් ලෙස එම තීරණයට එළඹි බවයි.
    එමෙන්ම අද සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව ඇතුලූ රටවල් 14 කින් පැමිණෙන පුද්ගලයන් රටට ඇතුලූ කරගැනීම තාවකාලිකව අත්හිටුවීමට කටාර් රජය තීරණය කර තිබෙනවා.

     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    ECONOMYNEXT – Sri Lanka stocks plunged 4.14 percent Tuesday with the benchmark all share index falling to an eight year low in one of the biggest one day falls on record amid continued foreign selling and weak domestic sentiment, while global market were also in turmoil, brokers said.

    A global epidemic of Coronavirus had hit global trade, with Sri Lanka’s exporters, importers and construction firms also expected to take a hit as supply chains are disrupted.

    Oil prices have also fallen, which is generally expected to be good for consumers and energy using companies.

    But Sri Lanka’s stocks have taken a beating in recent months with foreign investors steadily cutting positions they have held for years in blue chip companies.

    “There is selling pressure but not enough buying interest,” a broker said.

    Colombo stocks are down 16 percent over 2020 and 8.4 percent from February.

    Domestic investor sentiment was also weak, with some panic selling seen, brokers said, though shares were at bargain prices.

    Colombo Stock Exchange was halted for 30-minutes after the S and P 20 Index of liquid shares fell 5-percent at soon after opening.

    All Share Price Index finished the day at 5,121.91 points, hitting the lowest since August 29, 2012, when it was at 5,114.15 points.

    The S&P SL20 Index of most liquid stocks closed down 4.75 percent or 117.86 points to end at 2,361.75.

    The March 10 fall was only a little lower than October 12, 2012 when the Colombo All Share Index, fell 300.59 points or 4.39 percent.

    Sri Lanka’s economy has been hit by two currency crises in rapid succession and it was emerging from the 2018 crisis when value added taxes were cut steeply in January, spooking rating agencies.

    Market turnover over was 1.34 billion rupees. Lion Brewery drove volumes with 952,649 shares changed hands at 565.00 rupees a share contributing 538 million rupees to turnover.

    The index was dragged down with Ceylon Cold Stores stocks falling 103.30 rupees down at 672.60 rupees while John Keells Holdings fell 7.10 rupees to close at 133.00 rupees.

    Ceylon Tobacco Company another index heavy stock closed at 1,020.00 rupees a down 28.50 rupees. (Colombo/Mar10/2020)


    🌎 is falling apart !
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    The UAE Ministry of Health and Prevention on Tuesday confirmed 15 new cases of the Covid-19 coronavirus in the country. (Coronavirus outbreak: All the latest updates)


    This brings the total number of infected people in the country to 74. As many has 12 cases have so far recovered.

    In a statement, the health ministry said the cases involve three Italians, two Emiratis, two from UK, two from Sri Lanka, two Indians, a German, a South African, a Tanzanian and an Iranian.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    0_Coronavirus-in-Britain-London-United-Kingdom-06-Mar-2020.jpg

    ඉතාලිය මෙන් බ්‍රිතාන්‍යයේත් නගර වසා දමන්න සිදුවේවි : විශේෂඥයින් අනතුරු අඟවයි

    නව කොරෝනා වෛරසය හේතුවෙන් ඉතාලිය මෙන් ඉදිරි සති දෙක තුලදී බ්‍රිතාන්‍යයේ නගරද සම්පුර්ණයෙන් වසා දැමීමට සිදුවනු ඇති බව එරට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා සිටිනවා. ඔවුන් සඳහන් කරන්නේ බ්‍රිතාන්‍යය මේ වන විට වසංගත තත්ත්වයක් කරා ගමන් කරමින් සිටින බවයි.
    බ්‍රිතාන්‍යයේ මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර පුද්ගලයින් 321 ක් දෙනෙක් වෛරසයට ගොදුරුව තිබෙනවා. දිනෙන් දින වාර්තා වන රෝගීන් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්වන බවයි එරට සෞඛ්‍ය බලධාරින් සඳහන් කර සිටින්නේ.
    මේ අතර බ්‍රිතාන්‍යය ගුවන් සේවය විසින් ඉතාලිය දක්වා සිදුකෙරෙන ගුවන් ගමන් ලබන අප්‍රේල් මස 04 වෙනිදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
    යුරෝපා සංගමයට අයත් රටවල් 27 තුලම කොරෝනා වෛරසය ව්‍යාප්තවී ඇති බව යුරෝපා වසංගත රෝග විද්‍යාතනය නිවේදනය කර සිටිනවා. ඒ සයිප්‍රසයෙන් පළමු කොරෝනා රෝගීන් දෙදෙනා අද වාර්තා වීමත් සමගයි.මේ අතර ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය ෆ්‍රෑන්ක් රියෙස්ටර්ද කොරෝනා වෛරසයට ගොදුරුව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය අද නිවේදනය කර සිටියා.
    චීනයෙන් පිටත වැඩිම කොරෝනා වෛරසයට ගොදුරුවූ රෝගීන් සංඛ්‍යාව ඉරානයෙන් වාර්තා වනවා.
    ඉරානයෙන් මේ වන විට කොරෝනා වෛරස් රෝගීන් 8042 ක් වාර්තා වන අතර පුද්ගල මරණ සංඛ්‍යාව 291ක් වනවා.
    මේ වන විට ලොවපුරා කොරෝනා වෛරසයට පුද්ගලයින් 114,633ක් ගොදුරුව ඇත. වාර්තා වන මරණ සංඛ්‍යාව 4,072ක් වනවා.
    http://nethnews.lk/article/75148
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    41241412.jpg
    රැකියා සඳහා විදෙස් ගතවීම තාවකාලිකව අත්හිටුවන්න : විදෙස් ශ්‍රමිකයින්ට උපදෙස් දෙයි

    කොරෝනා වෛරසය ව්‍යාප්තවීම හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් විදෙස් රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු බවට රජය නිවේදනය කර සිටිනවා.
    කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සලකා බලා නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යාංශය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමයද (ALFEA) ශ්‍රි ලාංකිකයින් මෙම තත්ත්වයෙන් ආරක්ෂා කර ගැනීම මූලික අරමුණ කොට ගෙන අදාළ රටවල රැකියා සඳහා පිටත්වීම තාවකාලිකව කල් දැමීම සුදුසු යැයි යෝජනා කර ඇත.
    මෙයට අමතරව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින්, කොරෝනා වෛරසය පැතිර ඇති ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සේවය කරන රටවල තානාපති කාර්යාලයන්හි කම්කරු අංශයන් වෙත ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනටමත් සියළු උපදෙස් ලබා දී ඇත. ඒ අනුව තොරතුරු ලබාගැනීම සඳහා එම රටවල තානාපති කාර්යාල විශේෂ දුරකථන අංකයන්ද හඳුන්වා දී තිබේ. මීට අමතරව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 1989 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන්ද අවශ්‍ය උපදෙස් ලබාගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
    අද වන විට ලෝකයේ රටවල් එකසිය පහලොවකට (115) අධික සංඛ්‍යාවක කොරෝනා වෛරසය පැතිර ඇති අතර ඉන් ආසාධිතයින් සංඛ්‍යාව ලක්ෂයද ඉක්මවා ඇත. වෛරසය වැළඳුනු පුද්ගලයින් හාර දහසකට අධික ප්‍රමාණයක් මේ වන විට මිය ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කර ඇත. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හා බලපෑම සලකා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්, ලොව පුරා හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කොට තිබේ.
    ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා පිටත් වන මැදපෙරදිග ඇතුළු ආසියා හා යුරෝපීය රටවල් කොරෝනා වෛරසයේ බලපෑමට ලක් වී ඇත. ඒ අනුව මේ වන විට කටාර් හා කුවේට් රාජ්‍යයන් තම රටට පැමිණෙන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා ඇති අතර සෙසු රටවල්ද ඉදිරියේදී මෙම පියවර ගැනීමට ඉඩ ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරන්නේ.
    එසේම දැනට විදේශගතව සේවය කරන ශ්‍රි ලාංකිකයින් හා විදේශ ගතවීමට අපේක්ෂිත ශ්‍රි ලාංකිකයින් සම්බන්ධව ඉදිරි තීරණ ගනු ලබන්නේ ඒ ඒ රටවල අදාළ බලධාරීන් විසින් ලබාදෙන උපදෙස්වලට අනුව බව මෙයින් දැනුම් දෙනු ලැබේ. එසේම ශ්‍රමිකයින් එම රටවල රැකියාවලට යොමුවන්නේ නම්, සෞඛ්‍ය අංශවල උපදෙස් තරයේ පිළිපදින මෙන්ද කාර්යාංශය රැකියා ලාභීන්ගෙන් ඉල්ලා සිටියි.

    http://nethnews.lk/article/75149
     
    Status
    Not open for further replies.