BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113
    මේ ගොඩක් ඒවා proven නැහැ. මේක UNICEF එකෙන් කියපු එකක් කියල යන වැරදි message එකක් වගේ.

    Tissa Sir oka kiyenewa class eke wele..matath puduma hithuna :baffled:
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584085133_4164887_hirunews_Peter-Dutton.jpg

    ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත් කොරෝනා වැළදෙයි

    ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩියුටන් හට කොරෝනා වෛසරය වැලඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
    මේ වන විට ඔහු රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද උදෑසන අවදි වීමේදී තමන්ට උණ සහ උගුරේ වේදනාවක් පැවතීම හේතුවෙන් රෝහලට ඇතුළත් වූ බවයි.

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,838
    28,728
    113

    ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයාටත් කොරෝනා වැළදෙයි

    ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය පීටර් ඩියුටන් හට කොරෝනා වෛසරය වැලඳී ඇති බව තහවුරු වී තිබෙනවා.
    මේ වන විට ඔහු රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ට්ව්ටර් පණිවුඩයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අද උදෑසන අවදි වීමේදී තමන්ට උණ සහ උගුරේ වේදනාවක් පැවතීම හේතුවෙන් රෝහලට ඇතුළත් වූ බවයි.

    End of sinhalu
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    Tissa Sir oka kiyenewa class eke wele..matath puduma hithuna :baffled:

    මමත් video එක බැලුව .
    video එකේ කියනවා කොත්තමල්ලි වලින් ප්‍රතිශක්තිකරණ
    පද්දතිය ශක්තිමත් වෙනවා කියල .
    මේක සිංහල වෙද්දු කියන එකක්ද නැත්තන්
    පරීක්ෂණ කරලා තියෙනවද මේගැන .
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    5235235325.jpg

    කොරෝනා වෛරසය ලොව ධනවත්ම පුද්ගලයාගේ වත්කම එක් රැයක දී ඩොලර් බිලියන 7කින් පහළ දමයි

    වර්තමානයේ දී ලොව ධනවත්ම පුද්ගලයා ලෙසින් සැලකෙන Amazon නිර්මාතෘ ජෙෆ් බෙසොස් (Jeff Bezos) ගේ වත්කම එක් දිනක් තුළ දී ඩොලර් බිලියන 7 කින් අඩු වී ඇති අතර පසුගිය මාසය තුළ දී එය ඩොලර් බිලියන 18 කින් පහළ ගොස් තිබේ.

    පසුගිය සඳුදා දිනයේ දී Amazon කොටස් මිල 7% කින් පහළ වැටීමත් සමඟම එතෙක් ඩොලර් බිලියන 117 ක්ව පැවති ඔහුගේ වත්කම් වටිනාකම ඩොලර් බිලියන 110 දක්වා පහත වැටී ඇත. මීට මාසයකට පෙර එම අගය ඩොලර් බිලියන 129 ක්ව තිබී ඇත.

    කොරෝනා වෛරස් තත්තවය හේතුවෙන් ගෝලීය කොටස් වෙළෙඳපොළ සියල්ලක්ම පාහේ පහළ යාම තුළ ලොව ධනවතුන් රැසකගේ වත්කම් වටිනාකම් මේ වන විට පහළ ගොස් ඇත.

    CNBC පුවත් සේවය පවසන්නේ පසුගිය සඳුදා සිදු වූ කොටස් වෙළෙඳපොළ පහළ යාම් හමුවේ ලෝක ධනවතුන්ගේ වත්කම් පහළ බැසීම පසුගිය දශක දෙකක කාලයක දී තනි දිනක දී වත්කම් වටිනාකම පහළ ගිය විශාලතම අගය විය හැකි බවයි.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,336
    25,535
    113
    airport එක වහන්නෙ නැත්තෙ vip කියාගන්න උන්ගෙ උන් ලංකාවට එන්න ඉන්නව ඇති තවත්.:rolleyes:

    ඔක්කොම නවත්වන්න බෑ කාක්කෝ, රටේ ආර්ථිකය, සෞක්ය සහ ආරක්ශාවට ගුවන්සේවා අත්වශ්යයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584088616_4825730_hirunews_thai-airways.jpg
    තායි ගුවන් සේවය ශ්‍රී ලංකාවට පැමිණීම තාවකාලිකව නවතයි

    කොරෝනා වෛරසය හේතුවෙන් තායි ගුවන් සේවය ශ්‍රී ලංකාව සමඟ සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
    එම ගුවන් සේවය නිවේදනය කළේ අද සිට කොළඹ සහ බැංකොක් අතර, ගුවන් ගමන් මෙලෙස අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.
    කෙසේ වෙතත්, ලබන අප්‍රේල් මාසයේ සිට සාමාන්‍ය පරිදි ගුවන් ගමන් සිදුකරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    https://www.facebook.com/koshi.perer...3240772102502/

    :lol::lol: paw wade.. eth munta awama oya mukuth mataka na... ekane wade :angry:

    අනේ උකේ, එකෙක් පස්සෙන් ඉඳල කියනව අපිත් ශ්‍රී ලංකා කාරයෝ කියන්න කියල, එතනත් දේශපාලනේ. අනික අපි හරි දුප්පත් මිනිස්සුලු...හා තොපි කියන නිසා පිළිගන්නම්. :angry: එක ගෑනියෙක් ලතෝනි දෙනවා අපි ඉපදුන රටේ මැරෙන්න දෙන්න ලු, ඒ කියන්නේ මුන් මෙහෙ එන්නේ මැරෙන්න බලාගෙන හා...හොඳයි:angry:. අපි නේ මුන් එහෙට යැව්වේ ටහුකන්ඩ... යකෝ මේක ලංකාවට විතරක් උනදෙයක් නෙවෙයි.. :angry: අනික 2i ඉන්නේ පෙනේවනේ කෑම බීම වලට වෙන දේ අපේ උන් food-city හිස් කරලා ඉවරයි:angry::angry: , වරෙල්ල virus එකත් එක්කම...අපිට එතකොට ගොඩ යන්න පුළුවන්...අනේ උක්කාපන් ...:angry:

    මුන් කියපු එක දේකට නම් එකඟ වෙනවා :nerd::nerd::nerd:, මේ වෙලාවේ ලංකාවත් ඉන්දියාව වගේ තීරනෙකට එන්න පුළුවන් නම් හොඳයි...මොකද චීන්නු රට ඇතුලට එනවා නිරෝදනය නොවී....
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    the best thing is for sri lankans who’s living in foreign countries is to stay. if u have any companion for ur people and relatives best decision is not to come.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ---
    කොරෝනා ආසාදනය වී ඉතාලියේ රෝහලක ප්‍රතිකාර ලැබූ, හොරණ ප්‍රදේශයේ කාන්තාව (46) සුවය ලබා රෝහලෙන් පිටවෙයි.
    (තානාපති කාර්යාලය)
    𝕮𝖔𝖑𝖔𝖒𝖇𝖔 𝕿𝖎𝖒𝖊𝖘 |13.03.2020 | 03:35 PM
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,594
    4,926
    113
    Nowhere
    අනේ උකේ, එකෙක් පස්සෙන් ඉඳල කියනව අපිත් ශ්‍රී ලංකා කාරයෝ කියන්න කියල, එතනත් දේශපාලනේ. අනික අපි හරි දුප්පත් මිනිස්සුලු...හා තොපි කියන නිසා පිළිගන්නම්. :angry: එක ගෑනියෙක් ලතෝනි දෙනවා අපි ඉපදුන රටේ මැරෙන්න දෙන්න ලු, ඒ කියන්නේ මුන් මෙහෙ එන්නේ මැරෙන්න බලාගෙන හා...හොඳයි:angry:. අපි නේ මුන් එහෙට යැව්වේ ටහුකන්ඩ... යකෝ මේක ලංකාවට විතරක් උනදෙයක් නෙවෙයි.. :angry: අනික 2i ඉන්නේ පෙනේවනේ කෑම බීම වලට වෙන දේ අපේ උන් food-city හිස් කරලා ඉවරයි:angry::angry: , වරෙල්ල virus එකත් එක්කම...අපිට එතකොට ගොඩ යන්න පුළුවන්...අනේ උක්කාපන් ...:angry:

    මුන් කියපු එක දේකට නම් එකඟ වෙනවා :nerd::nerd::nerd:, මේ වෙලාවේ ලංකාවත් ඉන්දියාව වගේ තීරනෙකට එන්න පුළුවන් නම් හොඳයි...මොකද චීන්නු රට ඇතුලට එනවා නිරෝදනය නොවී....

    eka aththa bn oya rata giya godak nikam kathaakaranna un giye ape ratata widesha winimaya Genna giya wage, Eth aththatama un giye unta hambakaraganna, eketh wereddak naa kiyamuko, Eth da mun lankaawata enne hariyata lankawa gena poddak mathak wela lankaawa balala yanna, neththam lankawata thiyena adareta lankawe marenna wage, eth api okkoma aththa dannawane bn api otuwoda mun lankaawata awe Corona nisa berenna, bariwelaawath oya virus eka lankawe godak spread wela thibunanan un eyida unge lankawe Inna Amma thaaththa malath, mang kiyanne hamoma newe, Eth eka thamai aththa. Ehema awath kamak naa kata wahagena lankawe procedure ekata udaw wenawanam, ekath naa, unta oni lankawe mokaata hadunath kamak naa un hitiya rata recover wenakam meheta wela Inna, kaa pathe paharanawa wage ehema Inna gaman thawa lankawe hospitality eka honda naa, army eka ayi mewa karanne Kiya Kiya okkotamath baninawa, ohoma banala banala a countries ok unahama ayeth yanawa, gihin e ratawala walath kiyanawa lankawe thiyena durwalakam, wena ratawal wage nathuwa airport eka wahala daala nikan inne nethuwa a minissu rata athulata aran mehema salakanawata un me ratata wandinna oni, samaharawita oya godak un ayeth me ratata kawadaawath enna hithan unna minissu nowennath athi, ape rate free education eken igenagena un hadunata
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    1584093239-fule_L.jpg

    ඉන්ධන හිඟයක් නෑ-අමාත්‍යාංශයෙන් නිවේදනයක්

    රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය අවධාරණය කරයි.
    නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මේ බව සඳහන් කර ඇත.
    ඉන්ධන හිඟ බවට පැතිර යන කටකතා සත්‍යතාවයක් නොමැති බවත් ප්‍රමාණවත් ඉන්ධනක තොග ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව පවතින බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණයක් කරයි.
    ඉන්ධන හිඟයක් පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසත්, කිසිදු හිඟයකින් තොරව ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන බවද අමාත්‍යාංශය දන්වයි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉදිරි සති දෙක තුල කණ්ඩායම් ලෙස ඒකරාශිවිමෙන් වලකින්න : රජය දැනුම් දෙයි
    ඉදිරි සති දෙකක කාලයක් තුලදී කණ්ඩායම් වශයෙන් ඒකරාශිවිමෙන් වළකින්නැයි මහජනතාව ගෙන් රජය අද ඉල්ලීමක් සිදුකරනු ලැබුවා. ඒ කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ජාතික කමිටු රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් සිදුකරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දුන් බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජනරාල් නාලක කළුවැව සඳහන් කර සිටියා.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සති දෙකක් ගතවන තෙක් මැතිවරණ රැස්වීම නොපවත්වන්න ඇතැම් පක්ෂ තීරණය කරලා - මැකෝ කියයි (VIDEO)

    මහ මැතිවරණය පැවැත්වීමට නම් සියලු පුරවැසියන් කොරෝනා වෛරසයෙන් ආරක්ෂිතව සිටිය යුතු බව මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටිනවා.
    කොරෝනා වෛරසය හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය සැලකිල්ල ගනිමින් අප්‍රේල් මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය.
    ජනතාව කෙරෝනා එළවා දැමුවහොත් පාර්ලිමේන්තු මැතිවරණය නියමිත පරිදි පැවැත්වීමට කිසිදු බාධාවක් ඇති නොවනු ඇති බවයි සභාපතිවරයා සඳහන් කර සිටියා. රජයෙන් ලබාදෙන වෛද්‍ය උපදෙස් අනුව මෙහිදී ක්‍රියා කිරීම වැදගත් බවයි ඔහු කියා සිටියේ.
    කොරෝනා වෛරසය මැඩලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙන් යන වැඩපිළිවෙලට සහය පළකිරීමක් වශයෙන් ඉදිරි සති දෙකක කාලයක් යන තුරු මැතිවරණ ප්‍රචාරක රැළි නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ මේ වන විටත් කැමැත්ත පළකර ඇති බවත් අනෙක් දේශපාලන පක්ෂ සමග ද ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරනා බවයි මෙහිදී මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා කියා සිටියේ.
    ඇතැම් ජනමාධ්‍යවල හැසිරීම සම්බන්දෙයන් හා රජයේ නිලධාරින් දේශපාලන කටයුතු වලට සම්බන්ධවීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබුනත් රජයේ වාහන භාවිතා කිරීම මේ වන විට සම්පුර්ණයෙන්ම අඩුවී ඇති බවයි සභාපතිවරයා කියා සිටියේ.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    eka aththa bn oya rata giya godak nikam kathaakaranna un giye ape ratata widesha winimaya Genna giya wage, Eth aththatama un giye unta hambakaraganna, eketh wereddak naa kiyamuko, Eth da mun lankaawata enne hariyata lankawa gena poddak mathak wela lankaawa balala yanna, neththam lankawata thiyena adareta lankawe marenna wage, eth api okkoma aththa dannawane bn api otuwoda mun lankaawata awe Corona nisa berenna, bariwelaawath oya virus eka lankawe godak spread wela thibunanan un eyida unge lankawe Inna Amma thaaththa malath, mang kiyanne hamoma newe, Eth eka thamai aththa. Ehema awath kamak naa kata wahagena lankawe procedure ekata udaw wenawanam, ekath naa, unta oni lankawe mokaata hadunath kamak naa un hitiya rata recover wenakam meheta wela Inna, kaa pathe paharanawa wage ehema Inna gaman thawa lankawe hospitality eka honda naa, army eka ayi mewa karanne Kiya Kiya okkotamath baninawa, ohoma banala banala a countries ok unahama ayeth yanawa, gihin e ratawala walath kiyanawa lankawe thiyena durwalakam, wena ratawal wage nathuwa airport eka wahala daala nikan inne nethuwa a minissu rata athulata aran mehema salakanawata un me ratata wandinna oni, samaharawita oya godak un ayeth me ratata kawadaawath enna hithan unna minissu nowennath athi, ape rate free education eken igenagena un hadunata

    ඔව් බන් කතාවෙන්ම පෙන්නේ නැද්ද, එහෙ ඉන්න බැරි වෙනකොට මෙහෙ රිංගනවා. කතාවේ අනිතිම ටික අහපන්, මෙහෙ මිනිස්සු(ඉතාලියේ ) කොච්චර හොඳද අහනවා. හොඳ නම් හැමිනියල්ල...ඕක ඇහුවම තමයි කුණුහරුප එනනේ ආත්මර්තකමේ හොඳ එක..කියල වැඩක් නෑ බන්...එහෙ ළමයිත් හදාගෙන settle උන එවුන් එහෙ කෙලවෙනකොට මෙහෙ පනින්න බැරි උනාම මෙහෙ ඉන්න උන් පලි.
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අත්හිටුවයි

    ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු ටෙස්ට් තරගාවලිය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

    Last edited:

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    යුනිසෙෆ් සංවිධානය කොරෝනා වෛරසය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
    කොරෝනා වෛරසය වාතයේ නොව භූමියේ සැරිසරන බවත්, එබැවින් එය වාතයෙන් සම්පේ්‍්‍රෂණය වීමේ හැකියාවක් නොමැති බවත් එම සංවිධානය පෙන්වා දෙනවා.

    එය රෙදි මත පැය 9ක කාලයක් සජීවි වන බවත්, මිනිත්තු 10ක් පමණ විෂබීජයට අත්ලේ රැඳී සිටිය හැකි බවත්, එම නිවේදනයේ සඳහන්.
    සෙල්සියස් අංශක 26, 27 වැනි උෂ්ණත්ව තත්ත්වයන් වලදී කොරෝනා වෛරසය විනාශ වන අතර, උණු වතුර පානය කිරීම සහ හිරුට නිරාවරණය වීම ද වෛරසය පාලනය කළ හැකි තවත් ක්‍රම දෙකක්.
    මම දැන් කොරෝනා ආරක්‍ෂාව ගැන ලෙක්චර් එකක ඉඳල ආවේ. ඒක කරපු වෛද්‍යතුමා අදහසක් පළ කරා.. මම හිතන්නේ ඒ තර්කයෙන් උඩ තියෙන මතය බැහැර වෙනවා.. එයා කිවුවෙ “සාමාන්‍ය මිනිස් සිරුරක උෂණත්වය සෙල්සියස් අංශක 36ක් විතර වෙනවා.. අර වෛරස් එක අංශක 26දි 27දි විතර නැති වෙනව නම් අංශක 36ක උෂණත්වයක් තියෙන අපේ ඇඟේ ගෑවුන ගමන් වෛරසය විනාශ වීම මිසක් ආසාදනය වීම වෙන්න බෑ නේද?“ කියන එක.. මට නම් හිතෙන්නෙ තාර්කිකව ඒ කථාව ඇත්ත...
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම දැන් කොරෝනා ආරක්‍ෂාව ගැන ලෙක්චර් එකක ඉඳල ආවේ. ඒක කරපු වෛද්‍යතුමා අදහසක් පළ කරා.. මම හිතන්නේ ඒ තර්කයෙන් උඩ තියෙන මතය බැහැර වෙනවා.. එයා කිවුවෙ “සාමාන්‍ය මිනිස් සිරුරක උෂණත්වය සෙල්සියස් අංශක 36ක් විතර වෙනවා.. අර වෛරස් එක අංශක 26දි 27දි විතර නැති වෙනව නම් අංශක 36ක උෂණත්වයක් තියෙන අපේ ඇඟේ ගෑවුන ගමන් වෛරසය විනාශ වීම මිසක් ආසාදනය වීම වෙන්න බෑ නේද?“ කියන එක.. මට නම් හිතෙන්නෙ තාර්කිකව ඒ කථාව ඇත්ත...

    බාහිර පරිසරයෙදි දැවටිලා තියෙන තරලය වේලෙන්න පුලුවන්නෙ බං. hiv වගේ එකක් වුනත් 37දි හොඳට වැඩ කලාට බාහිර පරිසරේ ඊට අඩු උශ්ණත්වෙකවත් තියෙන්න අමාරුයිනෙ
     
    Status
    Not open for further replies.