Life Story of Florence Nightingale

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113




    ඉතාලියේ උපත ලැබ ලොවටම හෙදකමේ මහගු අරුත පෙන්වූ ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ 200 වන වර්ෂ පූර්ණය සැමරීමට ලොව පුරා හෙදියන් බලා සිටි 2020 වසරයිි මේ.

    වර්තමාන හෙද සේවාවේ පුරෝගාමී ලෙස පිදුම් ලබන ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිනිය උපත ලැබුවේ ඉතාලියේ බැවින් වර්තමාන අර්බුදය අපටත් තදින් දැනෙනවා.

    දිනකට 919 මිනිසුන් මැරෙන රටක් !
    එය ලොව කිසිදු මිනිසෙකුට දැරිය නොහැකිය.

    ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිණියනි ඔබ අද සිටියානම් නියතයි කොරෝනා වෛරස උවදුර විසදීමටද විසදුමක් සොයන බව.

    ඇයගේ ජීවිත අතීතය එයට සාක්ෂි සපයනු ඇත..
    ෆ්ලොරන්ස් නයිටිංගේල් මැතිණියගේ උපත මුළු මහත් සමාජයටම මහඟු ආදර්ශයක් සැපයීමට මඟ පෙන්වනු ලබනවා. ඉතාලියේ ෆ්ලොරන්ස් නගරයේ විලියම් එඩ්වඩ් නයිටිංගේල් හා ෆරාර්ශන්සස් ස්මිත් යන යුවළට ඔවුන්ගේ දෙවෙනි දියණිය ලෙස ෆ්ලොරන්ස් නයිටිංගේල් 1820 මැයි මස 12 වැනි දින ජන්මය ලබනවා.

    ඇගේ ළමා කාලය ඉතාමත් සැපවත් බවින් යුක්ත වුණා. සුපෝඛභෝගී නිවෙස් වල ඇගේ ළමා කාලය ගත කිරීමේ භාග්‍ය උදා වෙනවා.එතුමියට විෂයන් කිහිපයක්ම ඉගෙන ගැනීමට අවස්ථාව ඇගේ පියා විසින් උදා කර තිබුණා. ඒ අතර ප්‍රංශය, ජර්මන්, ඉතාලි යන භාෂාවන්ද, ඉතිහාසය , ගණිතය හා දර්ශනවාදය යන විෂයන් ද වනවා. මෙසේ විවිධ භාෂා දැනුමින් යුක්ත වූ නිසා ළමා කාලයේදී ම මෙම භාෂා වලින් රචනා කරන ලද කෘති පරිශීලනය කිරීමේ භාග්‍යය ෆ්ලොරන්ස්ට හිමි වුණා.

    නව යොවුන් වියේ දී ෆ්ලොරන්ස්ගේ පරමාර්ථය වුණේ අසරණ තත්වයට පත්ව සිටින ජනතාවට සේවයක් කිරීමයි. මෙම අවධියේදී යි ඇයට හෙදි වෘත්තිය කෙරෙහි ඇල්මක් ඇති වුවත් මේ සඳහා ඇගේ මව තදින්ම විරුද්ධ වෙනවා. එකළ ධනවත් පවුල් වල කාන්තාවන්ට රැකියාවක නිරත වීමක් අවශ්යාතාවයක් තිබුණේ නැහැ. ඔවුන් ගෙදර දොරේ කටයුතු වලට සුළු අවධානයක් යොමු කිරීමත්, ආගමික නැඹුරු තාවයකින් යුත් විනීත ජිවිතයක් ගත කිරීමත් පමණයි සිදු කල යුතුව තිබුණේ. මෙවැනි සමාජ පසුබිමක් හේතුවෙනුයි ඇගේ මව මෙයට තදින්ම විරුද්ධ වෙන්නෙ.

    නමුත් ඇය ඇගේ අරමුණ ඉටු කර ගැනීම උදෙසා සියලුම විස්තර හොර රහසේම සොයා බලනවා . ඒ අනුව 1846 වර්ෂයේ දී ඇයට ජර්මනියේ කෙයිස්වර්ත් හි රෙපරමාදු නිකායික උපස්ථායිකා ආයතනයේ රෝගී උපස්ථාන කිරීමට යුවතියන් පුහුණු කරන බව සොයා ගන්නවා. ඇයට මෙම පුහුණුව ලබා ගැනීමට අවශ්ය වුණත් ගෙදරින් ඒ සඳහා අවසර ලැබෙන්නේ නැහැ.එබැවින් ඇය දැඩි ලෙස මානසික අවපීඩනයට පවා පත්වෙනවා. පසුව ඇයගේ දැඩි පෙරත්ත මත 1851 වර්ෂයේ දී පමණ එම පුහුණුව ලබා ගැනීමට යාමට ඇගේ පියාගේ අවසරය ලබා දෙනවා.

    ඇය හෙදකම් පිළිබද පන්නරය ලැබුවත් සමග ඇය පිළිබදව රටම කථාවෙනවා ධනවත් , බලවත් කාන්තාවක් සියලු සුඛ විහරණ ඉවතලා රෝගීන් බලා ගැනීමට කරන උත්හාසය පිලිබද සැවොම විමසිලිමත් වනවා.

    මෙකලදී ක්‍රිමියානු යුද්ධය ඇරඹෙනවා. දහස් ගණන් සොල්දාදුවන් අනතුරට ලක් වෙනවා . ඔවුන් රෝහල් වල ගාල් කරත් අවශ්ය පහසුකම් ,ප්රතිකාර කිසිවක් නොතිබුනෙන් බොහෝ සොල්දාදුවන් යුද්ධයට වඩා මියදෙනවා.මෙය දුටු එරට ටයිම්ස් පුවත් පතේ මාද්ය වේදියෙක් මේ බව පුවත් පතේ සටහන් කරනවා “ යුධයට ගිය රැජිනගේ සොල්දාදුවන් විදි ගැහැට “ යනුවෙන් ඔහු කල මෙම විවරණයත් සමග රටම කැළඹෙනවා. ඒ අනුව යුධ ලේඛම්තුමා නයිටිංගේල් මැතිනියෙන් ඉල්ලා සිටිනවා හමුදා සොල්දාදුවන් සිටින ස්කූටාරි රොහලට පැමිණෙන ලෙසට . ඇය දෙසැරයක් නොසිතාම එම අභියෝගයට මුහුණ දෙනවා.

    ඒ අනුව 1854 ඔක්තෝම්බර් මස 21 වන දින තවත් හෙදියන් 38ක් ද සමඟ ඇය ක්රිමියාව බලා පිටත් වූවා.

    එහිදී ඇයට මුහුණ දෙන්නට සිදුවනුයේ අතිශය මානූශීය අභියෝගයකි.

    නයිටිංගේල් සහ ඇගේ හෙදියන් ස්කුටාරිහි පිහිටි හමුදා රෝහලට පැමිණි අවස්ථාවේදී ඔවුන් දුටුවේ බරපතල අයහපත් සනීපාරක්ෂක තත්වයකි. එහෙයින් සොල්දාදුවන් බොහෝමයක් මිය යන බව සොයා ගත්හ. යුදයෙන් ලැබූ තුවාල වලට වඩා දස ගුණයකින් සෙබළුන් ටයිපොයිඩ්, කොලරාව සහ අතීසාරය වැනි රෝගවලින් මිය යන බව ඇයට පැහැදිලි විය

    ඇය කඩිනමින් සත්කාර සේවාවන් ආරම්භ කල අතර ඒ හා සමාන අත්යා්වශ්ය සේවාවන්හි තත්වයන් නගා සිටුවීමට දැඩි වෙහෙසක් ගත්තාය. සෙබළුන්ගේ යහන් අසල දණ බිම ගසා අඛන්ඩන පැය 8 කටත් වඩා ඇය අධික දුර්ඝන්දය ඇති ඕජස ගලන තුවාල තුවාල සුද්ධ පවිත්ර කළාය.
    ඇය රාත්‍රියේ පහනක් ගෙන යහනෙන් යහන කරා ගොස් රෝගීන් පිරික්සුවාය

    එවක යුදයේදී තුවාල වූ සොල්දාදුවන් පිළීබද එතරම් සැලකිල්ලක් නොදැක්වූ අතර, ඹෘෂධ සහ අනෙකුත් අත්යවශ්‍ය දෑ හිඟ විය, සනීපාරක්ෂාව නොසලකා හරින ලද අතර ආසාදන බහුලව දක්නට ලැබුණි. ඔවුන් සදහා පිරිසිදු ලිනන් රෙදි නොතිබුණි. සොල්දාදුවන් යුද්ධයට ගිය ඇදුම් වලින්ම වැතිරී සිටියා පමණක්හ නො මිය ගියේද එම ඇදුම් පිටින්මය. සෑම තැනම උකුණන් සහ මැක්කන්ගෙන් පිරී තිබුණි. බිත්ති සහ සිවිලිම් කොතරම් අපිරිසිදු විද යනු මීයන් ඇඳ යට සැඟවී සිටියහ . සොල්දාදුවන් 2000 කට ආසන්න සංඛ්යාවක් සඳහා තිබුණේ නාන කාමර 14 ක් පමණි. ඔවුනට තුවා, බේසම හෝ සබන් නොතිබූනි.

    එම කලාපයේ සියලුම රෝහල් අතුරින් වැඩිම මරණ සංඛ්‍යාව මෙහි වාර්තා විය. නයිටිංගේල් මැතිනිය රෝගී ජීවිත බේරා ගැනීමේ සටනට අවතීර්ණ විය. ඇය තම ධනයෙන් තුවා 200 ක් පිරිසිදු කමිස, සබන් විශාල ප්‍රමාණයක් සහ තහඩු, පිහි , කෝප්ප සහ වීදුරු වැනි අතිවිශාල සැපයුමක් ලබා දුන්නාය. නයිටිංගේල් මැතිණිය විශ්වාස කළ පරිදි ගුණවත් ආහාර ලබා දෙමින් , අපිරිසිදු වතාවරණය පිරිසිදු කරමින් සියලු වතාවරණයන් ඇය වෙනස් කර රෝගී සත්කාරය මෙන්ම පරිසරය වෙනස් කර ඔවුනගේ ශාරීරික පමණක් නොව මානසිකවද අධ්‍යාත්මීය ලෙසද පෝශණය කළාය

    ඇය එහි ඇති වාට්ටු සියලු හෙදියන් සමග පිරිසිදු කළාය. එහි තිබූ එකම මුලුතැන්ගෙය පිරිසිදු කර යහපත් භෝජන පිසුවාය. බ්රිතාන්යය රජයට කල ඉල්ලීමට අනුව එවන ලද සනීපාරක්ෂක කොමිෂන් සභාව මගින් අපද්‍රව්‍ය බැහැර කිරීම සහ වාතාශ්‍රය වැඩි දියුණු කිරීමද එයට ඇතුළත් විය. සොල්දාදුවන්ගේ රෙදි සේදීම සදහා ඔවුනගේ බිරින්දෑවරුනගේ සහායද ඇය ලබා ගත්තාය.

    ක්‍රිමියාවේ බ්‍රිතාන්‍යය හමුදාව අත්විඳි විනාශකාරී කාලය නයිටිංගේල් මැතිණිය ජයග්‍රහණය කරා ගෙන ගියේ එළෙසය.

    ඇය අනර්ඝ රෝගී සත්කාරයක් සමගම සනීපාරක්ෂාව කෙරෙහි දැක්වූ විශිෂ්ඨ සැලකිල්ල හේතුවෙන් සොල්දාදුවන්ගේ මරණ අනුපාතය සපුරා අවම කිරීම ඇය විසින් සිදු කල විශිෂ්ඨතම මෙහෙයකි

    ඇය කැප කරේ තම ශ්‍රමය පමණක් නොව ධනය, පෞද්ගලික ජීවිතයද හෙද කමට කැප කර තිබිණි . ඇය විසින් තම ධන පරිත්‍යාගයෙන් ශල්‍යගාරයක් තනා ශල්‍යකර්ම සදහාද ක්‍රමවේදයක් තැනීය. නිර්වින්දනය සදහා නිර්වින්දන ඹෘෂධ තිබුනද වෛද්‍යවරු ඒවා භාවිතා නොකර ශල්‍යකර්ම සිදු කරද්දී ඔවුනගේ ඉදිරිපිටට පැමිණ ඔවුනගේ වේදනාව සමනය කිරීමට ඇය ගත් මෙහෙය අතිවිශිෂ්ඨය. එවිට ඇය දෙස බලා ඔවුන් වේදනාව විද දරා ගත් බව පැවසේ.

    මෙවන් අවස්ථාවලදී ඇය මහා කරදරයක් ලෙස වෛද්‍යවරු සිතීය. එබැවින් ඇයව අවඥ්ඥාවට පත් කිරීමට ඇයව නොසලකා හරින්නට ඇයට මෙම සේවාවෙන් ඉවත් කිරීමටද කුමන්ත්‍රණ රාශියක් යටින් ක්‍රියාත්මක වූ බවද නොරහසකි.

    එය එසේ වුවද අන් ජනතාව ඇයගේ සේවාවට ශක්තියක් වී ඇයව රැක්කාය. මේ අනුව ඇය “ලාම්පුව සහිත ආර්යාව” යන නාමය ලබා ගත් අතර ලන්ඩන් ටයිම්ස් ඇයව හැඳින්වූයේ “දේවසේවකයෙකු” ලෙසිනි.

    ඇය මෙම සේවාවෙන් බැහැරවූයේ අවසන් සොල්දාදුවාද රෝහලෙන් නික්ම ගිය පසුවය. නමුත් ඒ වන විට ඇය ගතින් මෙන්ම මනසින්ද අධික වෙහෙසට පත්වී සිටියාය. එබැවින් කිසිවෙකුට නොකියාම රහසිගතව ඇය නිවසේ සිටියාය.

    නමුදු පසු කාලයකදී තම රට වාසීන් වෙනුවෙන් මහගු මෙහෙවරක් ඉටු කල ඇය සොයා ආ රැජින අයට නිසි ගෞරවය ලබා දුන්නාය. ඇයගේ උපදෙස් රාජ්ය මට්ටමේ වැඩ කටයුතු සදහා ඝෘජුව ලබාගත් බවද පැවසේ.

    ඇයගේ සේවාවන් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර ජාතික අවධානයට යොමු කළේය. නව සංඛ්‍යාලේඛන විද්‍යා වේ මූලධර්ම ග්‍රහණය කර මිලිටරි හා පසුව සිවිල් රෝහල් සඳහා යෙදවූ යුරෝපයේ ප්‍රථම තැනැත්තිය ඇයයි. 3,4 1907 දී, ඇණවුමේ කුසලතා සම්මානයෙන් පිදුම් ලැබූ පළමු කාන්තාව ඇයයි.

    Order of Merit නමැති සම්මානය ඇයට හිමිවුණේ ඇගේ සේවයට ගරු කිරීමක් ලෙසිනුයි. ඒ 1907 වර්ෂයේදී vii එඩ්වඩ් රජු විසිනි. ඒ වගේම මේ ආකාරයේ සම්මානයක් දිනා ගත් ප්රථම කාන්තාව වීමේ අවස්ථාව ද ෆ්ලොරන්ස් මැතිනියට උදා විය.

    නයිටිංගේල්ගේ ප්‍රතිරූපය බොහෝ විට ස්ත්‍රීත්වයේ සාරාංශය ලෙස හැඟීම්බර කර ඇත, නමුත් ඇයගේ බුද්ධිය, අධිෂ්ඨානය සහ සේවාවන් විස්මිතය.

    අදද අවධානයට යොමු කරන වසංගත තත්ත්වයන්හිදී අත් සේදීමේ වටිනාකම පිළිබදව පළමුව හදුන්වා දුන්නේද ඇය විසිනි.

    ඉතාමත් කරුණාවන්ත තැනැත්තියක් වූ අතරම ඇගේ කරුණාබර මුහුණ දැකීමෙන් රෝගීන්ගේ සිත් පහන් වූ බවද ඇතැම් රෝගීන්ගේ සටහන් වල සඳහන් බව දැක්වෙනවා.

    ත්‍රමයෙන් වයස් ගත වන ඇයගේ ඇස් වලට පෙනීමේ දුර්වලතාවයක් පැමිණි අතර 1901 වසරේදී ඇය අන්ධ භාවයට පත් වෙනවා .
    පහන අතැති කත යනුවෙන් ප්‍රචලිත වූ ෆ්ලොරන්ස් නයිටිංගේල් වයස අවුරුදු 90 දී පමණ එනම් 1910 අගෝස්තු මස 13 දින මිය ගියා. නමුත් ඇය කළ සේවය තවමත් අමරණීයයි. හමුදා සොල්දාදුවන් පිරිවරාගොස් තනියම එබිම මිහිදනු වූ ඇය ජීවිතේ සැපද දුකද අභියෝගද මැද ජීවිතේ නිදහසේ හුස්ම මිහිතලයට මුසු කල කල ව්ස්මිත හෙදියකි

    ඇයගේ ජන්ම දිනය මුලු ලොව පුරාම හෙදියන් අති ගෞරවණිය ලෙස සමරණවා එකම ලෝකයක එකම තේමාවක් ගෙන. 2020 වසර 200 සැමරුම අතිවිශ්ෂ්ඨය සැමරීමට ලොව පුරා හෙදියන් සුදානම්ය . එහි තේමාව “ලෝකයම සෞඛ්යෙන් පෝෂණය කිරීමට හෙද හඩක් නගන්නටය” මුත් දෛවය පුදුමය “හෙදියන්ගේ සැබෑ වටිනාකම ලෝක ජනතාවට අවධානය යොමු කරමින් කොරෝනා වෛරසයට සටන් කිරීමට ගෝලීය හෙදියන් හමුවේ අභියෝගයක් ඇත.

    එය අප ජය ගන්නවා නියතය.......
    -Pushpa Ramyani De Zoysa
     
    • Like
    Reactions: lgask