Ausie inna lankawe ayata menna

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන්ට නවාතැන් අහිමිවේ..රැකියා නැතිවේ - ලාංකික පදිංචි කරුවන් සෙනෙහසේ දෑත් දිගු කරයි..

    ඕස්ට්‍රේලියාවේ සිටින ලාංකිකයන් ද කොරෝනා හේතුවෙන් අපහසුතාවට පත්ව ඇති බව වාර්තා වනවා.

    ශ්‍රී ලංකාවෙන් එරටට ගිය සිසුන් මේ හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

    මුදල් ගෙවා ගැනීමට නොහැකිව බහුතර සිසුන්ට නවාතැන් අහිමිව ඇති බවද එම වාර්තා මගින් සඳහන් වනවා.

    එරට රැකියා සියයට 90ක් පමණ අහිමිව ඇති බවද සඳහන් වනවා.

    මේ අතර එවැනි සිසුන් වෙනුවෙන් සහාය වීමට එරට සිටින ශ්‍රී ලාංකිකයන් සුදානමින් සිටින බව වාර්තා වනවා.

    මෙල්බර්න් සහ කැන්බරා ප්‍රාන්තවල සිටින ලාංකිකයන්ට පළමු පියවර ලෙස සහාය වන බවයි ඔවුන් පවසන්නේ.

    ඒ පිළිබඳව තොරතුරු පහත වීඩියෝව මගින් දැනුවත් විය හැකියි.

    මෙල්බන් කණ්ඩායම

    පැතුම් 0403 738 611
    මෙල්බන් සහන් 0449 776 750
    බුද්ධිමා 0426 947 875

    කැන්බරා කණ්ඩායම

    දුමින්ද 042 6286921
    ධම්මික 0423 124 976