Coronavirus: US-China battle behind the scene

2osama

Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    _111398265_673d94a6-cb9b-4a33-a2a6-67940b35aff4.jpg

    මේ වනවිට ලොව පුරා මහත් විනාශයක් අත්කර ඇති කොරෝනා වෛරසය පිළිබඳ අද දින ලෝකයේ මාධ්‍ය තුළ වඩාත් කථාබහට බඳුන්වූ හෙළීදරව්වක් සිදුකර තිබේ. ඒ මෙම රෝගය මුළින්ම හැදුණාය කියන චීන කාන්තාව සම්බන්ධයෙනි. වසංගත රෝග ආරම්භයන් සිදු කළ කෙනෙකු නම් කරන 'patient zero' ලෙස ඇයව නම් කර තිබෙන අතර ඇය චීනයේ වුහාන්හි කූණිස්සන් හා ඉස්සන් අලෙවි කිරීමෙහි යෙදී සිටි 57 හැවිරිදි කාන්තාවකි.
    වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ මෙම කාන්තාව දෙසැම්බර් 10 වන දින වුහාන්හි හුවානාන් මුහුදු ආහාර වෙළඳපොලේ ඉස්සන් අලෙවි කරමින් සිටියදී
    මෙම රෝගයට ආසාදනය වී ඇති බවයි. මෙම කාලය තුළ ඇය පොදු වැසිකිළියක් භාවිතා කළ අතර ඉන් පසුව සෙම්ප්‍රතිශ්‍යාවකට ලක්වූ බවට වෛද්‍ය වාර්තා දක්වා ඇත.

    දෙසැම්බර් 31 වන දින වුහාන් නාගරික සෞඛ්‍ය කොමිෂන් සභාව විසින් මෙම කාන්තාව හදුනානොගත් වෛරස ආසාදිතයෙකු ලෙස ප්‍රථම වරට අනාවරණය කර තිබේ. ඇගේ රෝග ලක්ෂණම ඇති වයිරස් ආසාදිතයින් බවට මුලින්ම හඳුනාගත් රෝගීන් 27 දෙනාගෙන් 24 දෙනෙකුම මෙම කාන්තාව ඉස්සන් විකිණීම සඳහා ගිය එකම මුහුදු ආහාර වෙළඳපොළට සෘජුවම සම්බන්ධවී සිටි අය වන අතර එහිදී ආසාදනය වී ඇති බවට සාධක සොයාගෙන තිබේ. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය කළ විමර්ශනයේදී පරස්පර විරෝධී වාර්තා කිහිපයක්ම චීන රජය විසින්

    ලබාදී තිබු නිසා 'බිංදු රෝගියා' ලෙස ඇයව නම් කිරීමට නොහැකි බව කියමින් වැඩිදුර අධ්‍යයනය චීන රජය විසින් ප්‍රතික්ෂේප කළේය.

    නමුත් වඩාත් විශේෂ කාරණාව වන්නේ අනෙක් අය ගණනාවක් මියගියත් මාසයක් පමණ ප්‍රතිකාර කිරීමෙන් පසු මෙම කාන්තාව සම්පූර්ණයෙන්ම සුවය ලබා තිබීමයි.
    කොරෝනා සෑදුණ පළමුවැනියා ගැන තවමත් චීන රජයෙන් නිල ප්‍රකාශයක් ලැබී නොමැත. ඊට පටහැනිව, චීන පුවත්පතක් වන ‘ග්ලෝබල් මීඩියා’ කියා සිටියේ මෙම වෛරසය එක්සත් ජනපද මිලිටරි රසායනාගාරයේ නිපදවා ඇති බවත්, ඔක්තෝම්බර් මාසයේ වුහාන් හි පැවති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේදී පාපැදි කරුවෙකු වූ මැසට්ජේ බෙනාසි වෛරසයේ ප්‍රභවය බවත්ය. මෙයින් පසු චීනයේ හා ඇමරිකාවේ වාචික යුද්ධයක් ඇති වූ අතර රටවල් දෙකම එකිනෙකාට වෛරසය ගැන චෝදනා කළහ.

    චීන ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන 'ද පේපර්' හි වාර්තාව උපුටා දක්වමින් පෙරකී කාන්තාව 'බිංදු රෝගියා' යයි නම් කර ඒ පිළිබඳ පුවත ලොව පුරා මාධ්‍යවල සිරස්තල පළකර තිබේ. බ්‍රිතාන්‍යයේ ද මිරර් සිඩ්නි හි නිව්ස්.කොම් පීටීඅයි සහ ඉන්දියාවේ අයිඒඑන්එස් ද වාර්තා කර ඇත්තේ මෙම කාන්තාව 'බිංදු රෝගියා' බවයි.

    මාර්තු 6 වන දින, වෝල් ස්ට්‍රීට් ජර්නල වාර්තාකරු ජෙරමි පේජ්, සිය විමර්ශන වාර්තාවේ වී ගුජියන් නමැති මෙම චීන කාන්තාව හමුවී ලබාගත් සම්මුඛ සාකච්ඡාවක් පළ කර තිබුණි.

    ඇය පැවසුවේ,

    “සීතල කාලගුණය තියන කාලයේ මට සෑම විටම තද සීතලක් දැනෙනවා. මෙය සිදු වූ දෙසැම්බර් 10 වන දින මට ටිකක් මහන්සියක් දැනෙන්නට පටන් ගත් නමුත් එය පසුගිය වසර වල ඇතිවනූ තත්වයට සමාන වුනේ නැහැ. මම එදිනම අසල පිහිටි සායනයකට ගියා. බෙහෙත් ගත් පසු නැවතත් වෙළඳපොලේ වැඩ කිරීමට පටන් ගත්තා. මගේ තත්වය නරක අතට හැරෙන්න පටන් ගත් විට, මම වුහාන්හි එකොළොස්වැනි රෝහල වෙත ගියා. එහි වෛද්‍යවරු මගේ අසනීප තත්ත්වය හඳුනා ගන්න බැහැ කිව්වා. නමුත් මට ඖෂධ ලබාදුන්නා.

    දින 5 කට පසු මට සිහිය නැති වුණා. තත්වය දරුණු නිසා ම වෙනත් රෝහලකට ගියා.දෙසැම්බර් 16 වන දින වුහාන් යුනියන් රෝහලේදී තමයි මාව නිසි ලෙස පරීක්‍ෂාවට ලක් කරේ. වෛද්‍යවරු මගේ රෝගී තත්වය ඒ වනවිට දන්නා දෙයක් විදිහට විස්තර කළා. තවත් බොහෝ අයට මට සමාන රෝග ලක්ෂණ ඒ වනවිට පහළවී ඇති බව පැවසුවා.මේක අලුත් දෙයක් මේ පැත්තෙ පැතිර යන දෙයක් ලෙස කියමින් ඔවුන් මාව අස්වසාලූවා.
    කරුණු සොයා බැලීමේදී ඇය පාවිච්චි කරන වැසිකිලිය පාවිච්චි කරන බොහෝ අය අතර මෙම වෛරස ආසාදනය පැතිර ඇති බව ඇයට දැනගන්නට ලැබී ඇත. එසේ රෝගීවූ අය 24 ක් පමණ වන බවද වාර්තා විය.මෙම කාන්තාව සමඟ සම්බන්ධ වීමෙන් පසුව, ඇගේ දියණිය, ඇගේ ලේලිය සහ ඇගේ සැමියා ද කොරෝනා ධනාත්මක විය.

    චීන පරිපාලනය දෙසැම්බර් අග භාගයේදී ඇය ඇතුළු පිරිස නිරෝධායනය කළ අතර පළමු වරට එම මුහුදු ආහාර වෙළඳපොල හා වුහාන් හි කොරොන වයිරස් අතර සම්බන්ධය අනාවරණය විය.

    පළමු වරට දෙසැම්බර් 31 වන දින කාන්තාවගේ රෝගී තත්වය කොරෝනා වයිරස් ආසාදනයක් ලෙස නම් කර විස්තර කර තිබේ. රෝගී කාන්තාව ගුජියන් 2020 ජනවාරි මාසයේදී සම්පූර්ණයෙන්ම සුව විය.
    වාර්තාවලට අනුව, 2019 දෙසැම්බර් 31 වනවිට කොරොන වයිරස් ආසාදනය වූ පුද්ගලයින් 266 දෙනෙකු චීන රජය විසින් හඳුනාගෙන තිබේ. ආසාදනයේ කේන්ද්‍රස්ථානය මුහුදු ආහාර වෙළඳපොලේ බවට විස්තර වුවද චීන රජය මෙම තොරතුරු තවම වසන් කරන බව විදෙස් වාර්තා දක්වා ඇත.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,409
    22,055
    113
    Gotland
    USA haduwa nam un laga beheth athi..balamu issarahata mokada wenne kiyala.:D

    un gawa beheth thiye nam mechchara darunu wenne na. chinnu hadapu nisa thamai un Wuhan wala show eken meka limit kare. no biegin, shanghai etc.. but whole american cities infected
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    un gawa beheth thiye nam mechchara darunu wenne na. chinnu hadapu nisa thamai un Wuhan wala show eken meka limit kare. no biegin, shanghai etc.. but whole american cities infected

    China hadapu nisa nemei unta virus kiyanne amuthu deyak nemei.mokada kalin wela thiyena nisa..china aluthinma hospital ehema hadala lockdown karala,minissunta neethi daala wade lassanata control kara.europe walin hariyata control kare Germany witharai.asia walin japan,korea.ube oya mathayata anuwa dan oya virus eka control karapau anith ratawal walath virus eka unma hadapu ekak nisa wenna ona.trump ge moda kamata anith un pali naha.u ratawal block karala,airport wahala dan api safe kiwwa..15k marunahama ethanin eka iwarai kiyala hithuwa.china walata iran walata kelawena hati e dawas wala uda pana pana hari sathutin balan hitiya..anthimata untama kelawenakan un danne naha.me video eka baluwoth eka therum ganna puluwan.me cheennu nemei kiyanne America wema un..:D

    Last edited:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    අනිවා බං තමන්ගෙ රට පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕන.දැන් කාටවත් අැඟිල්ල දික් කරල වැඩක් නෑ..ට්‍රම්ප් fail.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,255
    72,455
    113
    මාලඹේ
    අනිවා බං තමන්ගෙ රට පරිස්සම් කරගන්න තමන් දැනගන්න ඕන.දැන් කාටවත් අැඟිල්ල දික් කරල වැඩක් නෑ..ට්‍රම්ප් fail.

    මිනිහා Economic කාරය නිසා Trump හිතුවේ වැක්සීන් එකක් ඉක්මනට හොයා ගන්න පුළුවන් වෙයි කියලා. ඩොලර් බිලියන ගාණක් විසික් කර කම්පැනි වලට:angry: