Idamata horen ringapu ekatath corona

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    අනවසරයෙන් ඉඩමට ඇතුල්වූ පුද්ගලයා රෝහලේදී කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවෙයි


    පමුණුගම ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ පුද්ගලයෙකු අවසානයේදී කොරෝනා වෛරසය ආසාධිතයෙක් බවට රාගම රෝහලේදී අනාවරණය වූ පුවතක් වාර්තා වනවා.

    පමුණුගම, දයාලතුර ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ඉඩමකට අනවසරයෙන් ඇතුල් වූ බව කියන මෙම පුද්ගලයා ඊයේ (05) උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.

    පහර දීමෙන් ඇතුවූ තුවාල හේතුවෙන් එම පුද්ගලයාව පොලිසිය විසින් පළමුව පමුණුගම රෝහලට ඇතුලත් කර ඇති අතර එතැනින් ඔහුව රාගම රෝහලට මාරුකර යවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලේ.

    රාගම රෝහලේ බාහිර රෝගී අංශයට පළමුව මෙම පුද්ගලයා ඇතුලත් කිරිමේදී සේවයේ නියුතු වෛද්‍යවරයා එම පුද්ගලයාට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් වහාම ඔහුව රෝහලේ පිහිටි විශේෂ වාට්ටුවට ඇතුලත් කිරිමට පියවර ගත් බවයි රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේ.

    පසුව මෙම පුද්ගලයා සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වෛරසය වැලදී ඇති බවට අනාවරණය වූ බවයි රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කලේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේ ප්‍රකාශකයෙක් සඳහන් කලේ මේ හේතුවෙන් පමුණුගම පොලිසිය විෂබීජ හරණයට ලක් කිරිමට නියමිතව ඇති බවයි.

    Neth
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    උදෑසන ප්‍රදේශවාසින් විසින් අල්ලා ගෙන ඔහුට පහරදී පසුව පොලිසියට භාරදී තිබෙනවා.


    :lol: