First Water Birth in Sri Lanka
පසුගියදා කොළඹ පෞද්ගලික රෝහලක දී සිදුවූවා යැයි කියනා දිය යට දී සිදු වූ දරු උපත නිසා මටත් ඒ ගැන කරුණු හොයන්න හිතුණා.
හැබැයි මට හොයාගන්න හම්බවුණේ නම් විවාදාත්මක දේවල් ටිකක්...
අදියර කිහිපයක් යටතේ සිදුවන දරු උපතක දී අවසන් අදියර එකක් හෝ කිහිපයක් දිය යට දී සිදු කිරීම තමයි සරලව මේ දිය යට දරු උපතක් කියලා කියන්නේ. මාස නවයක් පුරාවට ම වතුර පිරුණු ගර්භාශයේ සිට නැවතත් සමාන පරිසරයක් ඇති ජලය තුළින් ම මෙළොව එළිය දැකීම දරුවාට මෙන් ම මවට ද පහසුව වනු ඇති බවයි විශ්වාසය වන්නේ.
මේ සඳහා මව උණුසුම් ජලය තිබෙනා නාන බේසමක (bath tub) දමනු ලබනවා...
පළමු අදියර ලෙස හඳුන්වන්නේ සරලව මවට ප්‍රසව වේදනාව දැනීමට පටන්ගන්නා වේලාවේ සිට ගර්භාශය (වඩාත් නිවැරදි ව කීවොත් ගැබ් ගෙල) සම්පූර්ණයෙන් ම විවෘත වන තෙක් ඇති කාලයයි. මෙම කාලය පැය 10 ක් හෝ අඩු වැඩි විය හැකිය. මව labour room දමන්න්නේ එක්තරා මට්ටමකට ගර්භාශය විවර වූ පසුවයි. (මෙය වෛද්‍යවරයා යෝනි මාර්ගයට අත දමා සිදු කරන PV කායික පරීක්ශාවකින් සොයාගත හැකිය.) ඉතින් මේ කියනා පළමු අදියර පුරාවටම මව ප්‍රසව වේදනාවෙන් කෑගසනු ඔබ බොහෝවිට දැක ඇති.
සිතා බලන්න උණුසුම් දිය ස්නානය කෙතරම් සැපවත් දෙයක් ද කියා... ඔබට දැනේවි ඔබගේ ප්‍රශ්න මොහොතකට අමතක වන බව. ඔබගේ මානසික ආතතිය ද මොහොතකට හෝ සමනය වේවි.
මවට ද මෙසේ ය . ඇය මෙලෙස උණුසුම් වතුර තටාකයක බැස සිටීමෙන් ඇයට වඩාත් පහසුවෙන් මෙම අවධිය ගත කිරීමට හැකිවනවා මෙන් ම ඇයගේ මානසික ආතතිය දුරු වීම ද සිදුවනවා. මෙවිට ශරීරයෙන් ශ්‍රාවය වන ඇතැම් හෝමෝන නිසා මවගේ වේදනාව අවම වීම ද සිදුවනවා.
එවිට මේ අවස්තාවේදී මටව ලබාදිය යුතු වේදනා නාශක ප්‍රමාණය අඩුය.
එමෙන් ම පළමු අදියර සඳහා ගතවන කාලය අඩු වීම ද මෙහිදී ඇතිවන විශේෂ වාසියක් ලෙස දැක්විය හැකිය. එලෙස දරු උපත ඉක්මන් වීම කෙතරම් සහනයක් දැයි එක් වරක් හෝ දරුවෙකු බිහිකර ඇති ඔබ අනිවාර්‍යයෙන් ම දන්නවා ඇති.
එසේම පසු කාලයකදී ඔබට ඉබේ මුත්‍රා පිටවීම වැනි දරු උපත් ආශ්‍රිතව ඇතිවිය හැකි සංකූලතා ඇතිවීම ද අවම මට්ටමක පවතී.
සාමාන්‍ය ප්‍රසූතියකට ගොස් අතර මගදී හදිසියේ සීසර් කිරීමක් සිදුකොට දරුවා ලබා ගනු ඔබ බොහෝ විට අසා ඇති. මෙසේ පළමු අදියර දියේ ගත කිරීමෙන් හදිසි සීසර් සැත්කමක් කිරීමට ඇති සම්භාවිතාවය ද අඩුවේ.
නමුත් වෛද්‍යවිද්‍යාවේ දී යම් දෙයක වාසි අවාසි පිළිබඳව ස්ථිරව ම කීමට නම් විද්‍යාත්මක තත්ත්ව යටතේ research සිදු විය යුතුය. නමුත් මෙසේ ප්‍රසූතියේ පළමු අධියර දිය යට දී ගත කිරීම පිළිබඳ ව research සිදුවීම මද කම හා ඒවා සිදුකිරීමේ පිළිවෙත් වල ඇති ගැටළු කාරී ස්වභාවයන් නිසා ම මෙහිදී වාසි අවාසි පිළිබඳ හරිහැටි වගකීමෙන් පැවසිය නොහැක.
එසේ ම දැනට සිදුවී ඇති පරීක්ෂණ අනුව මේ අවදියේදී මෙසේ දරු උපතක් සිදු කිරීමෙන් හා සාමාන්‍ය ප්‍රසවයකට යාම අතර උපදින දරුවාගේ සෞඛ්‍ය තත්ත්වයේ කිසිදු වෙනසක් සිදු නොවන බවයි.
ඒ හේතුව නිසාම ප්‍රසව හා නාරිවේදය පිළිබඳ ඇමෙරිකානු වෛද්‍යසභාව The American College of Obstetricians and Gynecologists (ACOG) පවසන්නේ මෙසේ දරු උපතක් සිදු කිරීම පරීක්ෂණ මට්ටමෙන් පමණක් සිදුවිය යුතු බවයි.
ඒ දරු උපතේ පළමු අදියර ගැන...
දරු උපතේ දෙවන අදියර ලෙස ගර්භාෂය සම්පූර්ණයෙන් විවර වූ අවස්ථාවේ සිට දරුවා බිහිව අවසන් වන තුරු ඇති කාලය යි.
මව තටමන්නේ මේ අදියරේ දී ය...
නමුත් මෙම අවධිය ද ජලයේ ගත කිරීමෙන් ඇතිවන වාසි හෝ අවාසි ගැන හරි හැටි පරීක්ෂණ සිදුවි නැත.
ඇතැම් පර්යේශකයන් පවසන පරිදි මෙම අවධිය ජලය තුළ සිදුකිරීමෙන් තැටමීමට අඩුවන අතර එවිට ප්‍රසූතියේ දී යෝනි මාර්ගය පුපුරා යාම වැනි අහිතකර සංකූලතා ඇතිවීම අවම වේ. එසේ ම මවගේ ශක්තිය ඉතිරි වීම ද සිදුවනවා. එසේම වතුරේ පාවි සිටීමෙන් ඇතිවන උඩුකුරු තෙරෙපුම නිසා ගර්භාශයට රුධිර ගමනාගමනය වැඩිවී එහි මස්පිඩු වඩා හොඳින් ක්‍රියාකාරී වීමෙන් පහසුවෙන් දරු උපත සිදුවේ.
කෙසේ වෙතත් මේ ගැන නිවරැදි පරීක්ෂන දත්ත නොමැත.
සාමාන්‍ය ප්‍රසූතියකට ගොස් අතර මගදී හදිසියේ සීසර් කිරීමක් සිදුකොට දරුවා ලබා ගනු ඔබ බොහෝ විට අසා ඇති. මෙසේ කරන්නේ තවත් වේලා බලා සිටියහොත් දරුවාගෙ ජීවිතයට හානියක් වීමට වඩාත් ඉඩකඩක් ඇති වේලාවකයි. ඉතින් හිතන්න මෙසේ තත්පරයත් වැදගත් වේලාවක මව සිටින්නේ bath tub එකකයැයි කියා. එවිට එයින් නැගිටුවාගෙන ශල්‍යාගාරය වෙත රැගෙන යාමට තවත් වේලාවක් යනු ඇත. ඉතින් මොකටද water birth එකක් සිදු කොට තාමත් නූපදුනු දරුවාගේ ජීවිතය අනතුරේ හෙළන්නේ...
මේ හැර
ඉතාමත් කළාතුරකින් අවස්ථාවක
ඔබ හෝ දරුවාට ජලය හරහා ආසාදනයක් යා හැකිය.
දරුවා ජලය තුළදී හුස්මගැනීම නිසා වතුර පිට උගුරේ යා හැකිය. දරුවාගේ පෙණහළු තුළට වතුර යාමෙන් හුස්මගැනීම නැවතී මාරාන්තික ප්‍රතිඵල ඇතිවිය හැකිය.
පෙකණි වැළ දරුවාට කලින් එළියට පැමිණ එය හිරවීමෙන් දරුවා මියයාම හෝ මොළයේ සෛල විනාශ වී නොයෙකුත් ස්නායු/මානසික ආබාධ සහිත දරුවන් ඉපදීමට හැකිය.
දරුවාට fits ඇතිවිය හැකිය.
නමුත් මේවා ඉතා කළාතුරකින් ඇතිවන සංකූලතා වේ.
ඔබට උණ තිබේනම්, කිසියම් ආසාදනයක් ඇත්නම්
ඔබ නිවුන් දරුවන් සිටින්නේ නම්
ඔබ අඩු මාසෙන් දරුවා බිහි කරයි නම්
උපදීමට සිටින දරුවා ගර්භාශය තුළදී ම මළපහ කොට ඇත්නම්
ඔබගේ දරුවා තට්ටමෙන් සිටී නම්
ඔබට ජලය තුළදී කරනා දරු උපතක් සුදුසු නොවේ...
මේ විශය ගැන සිදුවී ඇති research වල විශ්වසනීයත්වය කෙසේ වෙතත් දැන් දැන් බටහිර රටවල මවුවරුන් මෙසේ ජලය තුළ දී තම දරු උපත සිදු කිරීමට වැඩි නැඹුරුතාවයක් ඇති බව අවසාන වශයෙන් කිව යුතුය...
ඉතින් ඔබටත් වතුර තුළදි දරුවෙකු බිහි කිරීමට අවැසි නම්
සොයා බලන්න ඔබගේ වෛද්‍යවරයාට ඒ සඳහා ඇති සුදුසුකම්,
bath tub එකෙහි විශබීජ හරණය කොට ඇති බවට රෝහළට දිය හැකි සහතිකය ගැන
දරු උපත සිදුවන කාලසීමාව පුරාවට ම ඔබ සහ දරුවාගේ heart beat එක ආදිය මැනීමට ඇති හැකියාව ගැන
සහ
හදිසියක් සිදුවුවහොත් කෙතරම් ඉක්මණට සිසේරියන් සත්කමකට ඔබව ගෙන යා හැකිය යන වග...
පොස්ට් එක හොඳ නම් තව කෙනෙක්ට බලන්න share කරන්න වගේම මේ වගේ පෝස්ට් තව කියවන්න කැමති නම් like, follow කරන්න මගේ facebook පිටුව... ඩොකාගේ ඩයරිය...
මං වෛද්‍ය ජයසංඛ නවෝද් - ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ සිට...
facebook පිටුව... ඩොකාගේ ඩයරිය...


Last edited:



