වයඹ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කුරුණෑගල ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මේවනවිට හදුනාගෙන සිටින කොරෝනා වෛරසය ආසාදනය වූවන් පදිංචිව සිටින සහ ඔවුන් ගැවසී ඇතැයි සැක කෙරෙන ප්‍රදේශ ආශ්‍රිතව වෙසෙන ජනතාවට ප්‍රවේසමෙන් සහ අවධානයෙන් කටයුතු කරන ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එන්.ෆර්ඩ් මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අනෙකුත් පිරිස වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කරන නිවාඩු ලබා පැමිණි අයවලුන් වන අතර ඔවුන් වාරියපොළ බණ්ඩාර කොස්වත්ත,වාරියපොළ කනත්තේවැව,අලව්ව මහාරච්චිමුල්ල,පොල්ගහවෙල,ගිජිඳාගම පදිංචිකරුවන් වෙති.
මොවුන්ට අමතරව මහව නාගොල්ලාගම පදිංචි තවත් නාවික හමුදා සාමාජිකයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මේවනවිට අනුරාධපුර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්ථා වේ.
මෙම ආරක්ෂක අංශ සාමාජිකයින් තමන් පදිංචි ප්‍රදේශයන්හි ඇති වෙළදසැල්,බැංකු ශාඛා,බැංකු ඒ ටී එම් පද්ධති,සමූපකාර,සතොස,ඉන්ධන පිරවුම්හල්,සැලුන්,රාජ්‍ය ආයතන ඇතුළු විවිධ ස්ථාන වලට තම අවශ්‍යතා සඳහා ගොස් තිබෙන මෙම ප්‍රදේශ වල පිහිටි ස්ථාන වල ගැවසීමෙන් වළකින ලෙස වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.