Vietnam Coronavirus ඵකට_ගේම දුන්න හැටි
වියට්නාමයේ කොවිඩ් මරණ නැති රහස හෙළිවේ.. ජනගහනය මිලියන 95 යි, ආසාදිතයන් 270 න් 225 ක්ම සුවය ලබයි..
කොවිඩ් මරණ වළක්වා ගැනීමට වියට්නාමයට හැකියාව ලැබී ඇත්තේ එරටේම නිෂ්පාදනයක් වන කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගීන් සඳහා භාවිත කිරීම නිසා බව විදෙස් පුවත් සේවා පවසයි. කොවිඩ් වෛරසය පෙණහලු කරා ආසාදනය වූ පසු පෙණහලු අක්‍රිය වේ. එවිට හෘදයට ඔක්සිජන් සහිත රුධිරය සැපයීම ඇනහිටී. එමගින් රෝගියා මරණයට පත්වේ. එහෙත් වියට්නාමයේ මෙම කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර රෝගියාගේ පෙණහලු වෙනුවට ක්‍රියාත්මක වී සිරුරින් බාහිරව රුධිරය ඔක්සිකරණය කරයි.
මිලියන 95 ක ජනතාවක් වාසය කරන වියට්නාමයේ මේ වනතුරු වාර්තා වී ඇත්තේ ආසාදිතයන් 270 ක් පමණක් වන අතර මෙතෙක් එකදු කොවිඩ් මරණයක්වත් වාර්තා වී නොමැත. එසේම වාර්තා වන රෝගීන්ගෙන් 225 ක්ම මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.
මේ අතර වියට්නාමය ඉතාම ආක්‍රමණශීලී ආකාරයෙන් කොවිඩ් – 19 ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ (පී.සී.ආර්. පරීක්ෂණ) විශාල වශයෙන් සිදුකරන අතර මේ වන විට එම සංඛ්‍යාව 210,000 ඉක්මවා තිබේ. ආසාදිතයන් පොකුරු ලෙස වාර්තාවීම වළක්වා ගැනීමට මෙලෙස පරීක්ෂණ ඉහළ ධාරිතාවකින් පවත්වා ගැනීම ඉවහල් වී ඇතැයි පැවැසේ. වියට්නාමයෙන් ලැබෙන වාර්තාවලට අනුව කොවිඩ් වැලඳුණු බ්‍රිතාන්‍ය ජාතිකයකු ඇතුළු තිදෙනෙක් කෘත්‍රිම පෙණහලු යන්ත්‍ර ආධාරයෙන් වියට්නාමයේ ජීවිත රැකගැනීමේ සටනක යෙදී සිටිති.

Last edited:
ane yako..lejjai ubala gena.. kaarayoo

Puluwan tharam prevent karanna baluwe, extensive test kala, ena passengers la okkoma thoroughly scan kala