දැන්ම රට විවෘත කර අසරණයන් මාරයාට බිළි දෙනš
දැන්ම රට විවෘත කර අසරණයන් මාරයාට බිළි දෙන්න එපා..! -විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රට විවෘත කරන්න අපි දැන් වෛරසය මර්දනය කරලද ?
උත්තරය සරලයි.. මැයි 9 වනදා රාත්‍රි 12 ට ලබාගත් මේ සමග ඇති ශ්‍රී ලංකා ප්‍රස්තාරය බලන්න.
වෛරසය වැඩිවෙනවා දිගටම. තවම අපි වෛරසයට මුහුණ දීලා නැහැ. හැංගිලා හිටිය විතරයි. ඒකයි රෝගීන් හා මරණ අඩු.
මාර්තු 11 දා පලමු රෝගියා ලංකාවට ආවම අපි හැංගුණා. හැංගිලා මොනවද අපි කළේ ? සතුරට පහරදී පරාජය කරන්න, සටනට මුහුණ දෙන්න අපි ආයුධ හා පිරිස් බලය එක්රැස් කලාද? සැලසුම් හැදුවද?
බලවත්තු (ඔක්කොම නෙමේ) දෙපැත්තටම බෙදිලා චන්දයක් අල්ලගෙන කඹ අදින්න පටන් ගත්තා. එක එක අය එක එක විදිහට අර්ථකථනය කළත් ඒකනෙ ඇත්ත. නමුත් ඉහලම නායකත්වය උගතුන් සමග එක්ව ගත් පියවර නිසාත් ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා සෞඛ්‍ය අංශවල මෙන්ම රජයේ , පුද්ගලික, සේවකයන් හා ගොවිජනතාවගේ ඉහල කැප වීමත් නිසා දැනටම රට මේ තරමට හරි බේරී ඇති බව පිලිගත යුතුයි.
නමුත් අදටත් වෛරසයට මුහුණදීමට අපට දැනට කිසිම ආයුධයක් නැහැ. මොනවද මේ ආයුධ ? මම නැවත කෙටියෙන් කියන්නම්. මොකද එය කවුරුත් හොඳින් දැන සිටීම වටිනවා.
1. රෝගය වලකින එන්නතක්. එවිට ප්‍රතිශක්තිය අපිට ලැබේවි.
2. ලෙඩේ හොඳවෙන බෙහෙතක්.
3. වෛරසයේ අග සිට මුලට අකුරක් නෑර විස්තර. මෙයින් එහි දුර්වලතා දැන ගෙන මර්දනය කිරීම ලේසි වෙනවා.
4. රෝගය සොයා ගත හැකි ඉතා නිවැරදි පරීක්ෂණ. හොයා ගත්තම හා ඒවා ඇති තරම් කරන්න පුලුවන් කම ලැබීම.
5. කරන පරීක්ෂණ ඉක්මනින්ම නිවැරදි ප්‍රතිඵලය දෙන ඒවා වීම.
6. "වෛරසය පැතිරීමට අපි උදව් නොදී හිටිමු" කියන මානසිකත්වය අපි හැමෝටම ලැබීම. දැනටත් තියෙන්නෙ "පොලිසියෙන් බේරෙමු" කියන මානසිකත්වය විතරයි.
7. රෝහල් ප්‍රතිකාර අංශයේ පහසුකම් වැඩිකර වැඩිදියුණු කිරීම.
8. PPE හෙවත් ආරක්ෂක උපකරණ එනම් මුව වැසුම්, ගවුම්, කන්නාඩි බූට්ස් වැනි දේ ඇති තරම් සේවකයන්ට ලැබුනම.
9. සතුරා මර්දනයට මනා සැලැස්මක් හැදුවාම.
10. කාලයත් සමග රෝගය සුළුවට හරි හැදිලා Herd immunity හෙවත් සමූහ ප්‍රතිශක්තිය ජනතාවට ලැබුනම. මේක තමයි ඇත්ත තත්වය.
නමුත් අද අපේ තත්වය මාර්තූ 11ට වඩා ප්‍රබල බවත් වෛරසය දැන් මර්දනය කළ බවත් සමහර උගතුන් දොඩවනවා තත්වය හරිහැටි දැන හෝ නොදැන. අපි හැංගිලා හිටිය විතරයි. ඔන්න එලියට බහින්න යන්නෙ ඒ තත්ත්වයෙන්ම. මොනවද අද වෙනස් ? අපිට ඉහත කිව්ව ආයුධ ඔක්කොම ලැබිලද ?
ආයුධ නැතුව අහිංසකයින් එළියට දැම්මම (යුද්ධයකට යවලා කිව්වත් හරි) මොකක්ද බලාපොරොත්තු වන්නෙ ? මුකුත් නොතේරෙන අහිංසකයන් බිල්ලට දීම නේද ? වෙන ප්‍රතිඵලයක් තියෙනවද? තියෙනව නම් කියන්න කවුරු හරි. රටේ ආර්ථිකය ගැන මුකුත් මෙතැනට අදාල නැහැ. ආර්ථිකය කියන්නෙ ජීවත්වන මිනිසුන් අතර ඇති දෙයක්. බලන බලන අත රෝගීන් පිරිලා විනාශ වුණු විසාලා මහනුවරකට ආර්ථිකය වැදගත්ද ? එවිට ආර්ථිකය තවත් අගාධයකට වැටෙනවා. රට ඉතියෝපියාව වගේ වුනත්, චීනය වගේ වුනත් ඔවුන් රටවල් දැන් ගොඩනගල නැද්ද ? අපේ ආදරණීයයන්, අපේ දූ දරුවන් අපට නැති කරල අපි මුදල් බේර ගන්න එකේ තේරුමක් තියෙනවද? ජීවිතත් බේරගෙන ඉතියෝපියාව අද අපටත් වඩා දියුණකරලා නේද ? කවුරුහරි හිතනවද කොරෝනා විදුලිය වගේ වැඩිවෙන්න ගත්තම ආර්ථිකය උඩ යයි කියල, රටේ අනිත් ලෙඩ, මාතෘ මරණ, අඩුවෙයි කියල? අපි චීනයම උදාහරණයට ගමු. ඉවසමු නියම කාලය එනකම්. ඉන්පසු පුළුවනි එළියට බහින්න. මගේ වෘත්තීය භාෂාවෙන් කිව්වොත් මාස 6, 7 කින් නිරෝගී දරුවෙකු ප්‍රසූත කරවන්න බෑ. මේ වෑයමත් ස්වභාව ධර්මයට එරෙහි පියවරක්.
අපිත් රට ගොඩනගමු, හැබැයි පළමුව ජීවිත බේරලා. ඉවසමු චීනය වගේ නිසි කල එනකම් සිටිමු. නැතිනම් රට ඇරියත් මෙතරම් නීති රැසක් මැද මරණ භයෙන් එළියට බැසීමෙන් අපිට නිදහස භුක්ති වින්ද හැකිද ? චීනයේ වූහාන් නගරය වගේ ටික කලක් ඉවසලා එලියට බැස්ස නම් එතැනයි නියම නිදහස.
මේ මගේ අදහසයි සමහරුන්ට එය වැරදියට පේන්න පුළුවන්. ඒකයි ලෝකයේ ස්වභාවය.
ප්‍රසව සහ නාරිවේද විශේෂඥ වෛද්‍ය
ආර්. එන්. ජී. රාජපක්ෂ

Last edited: