මේ සතියේ ඇමරිකන් වාණිජ දෙපාර්තමේතුව, චීනයේ හුවාවී වැනි සමාගම් වලට තවත් ප්‍රභල පහරක් එල්ල කලා.
චීන සමාගම් සිය නිෂ්පාදන සඳහා යොදාගන්නා මයික්‍රෝචිප් සපයා ගැනීම තවත් අපහසු කිරීම සඳහා අලුත් නීතියක් හඳුන්වා දුන්නා. කලින් නීතිවලට අනුව චීනයට ඇමරිකන් සමාගම් නිෂ්පාදනය කරන හා ඇමරිකන් තාක්ෂණය අඩංගු මයික්‍රෝචිප් අපනයනය තහනම් වූ අතර අලුත් නීතිය අනුව වෙනත් රටක, වෙනත් සමාගමක් ඇමරිකන් මෘදුකාංග හා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර භාවිතාකරමින් නිෂ්පාදනය කරන මයික්‍රෝචිප් චීනයට අලෙවිකිරීමට විශේෂ බලපත්‍ර ලබාගත යුතුයි.
මේ අලුත් නීතිය සරලව පැහැදිලි කරනවා නම්, ඔබ ඇමරිකන් මෘදුකාංග වන Windows 10 / MS Office ඇති තායිවාන් Acer පරිගණකයක හෝ ඇපල් මැක්බුක් වැනි ඇමරිකන් පරිගණකයක පොතක් ලියා ඇතිනම්, එම පොත චීනයට අලෙවිකිරීම තහනම් කිරීම වැනි නීතියක්. මෙය හුවාවී වැනි සමාගම් වලට දැඩි පහරක් වෙන්නේ ඔවුන් සිය මයික්‍රෝප්‍රොසෙසර් වලින් වැඩි ප්‍රමාණයක් තායිවානයේ TSMC සමාගම හරහා සපයා ගන්නා නිසයි. TSMC සමාගම සිය චිප් නිෂ්පාදනය තායිවානයේ සිදුකරන නමුත් ඒ සඳහා ඇමරිකන් චිප් නිෂ්පාදන යන්ත්‍ර හා තාක්ෂණය භාවිතා කරනවා. අලුත්ම ඇපල් අයිෆෝන් වල ඇති A13 ප්‍රොසෙසරය නිෂ්පාදනය කරන්නේත් තායිවානයේ TSMC සමාගමයි.
හුවාවි සමාගමේ අලුත්ම ජංගම දුරකථන ප්‍රොසෙසර් වන Kirin 990 4G & 990 5G නිර්මාණය කරන හුවාවී සමාගමට අයත් Hisilicon සමාගමට චිප් නිෂ්පාදන හැකියාව නැති Fabless Chip Designer සමාගමක් වන අතර නිෂ්පාදන කොන්ත්‍රාත්තුව TSMC සිදුකරනවා. මේ අලුත් නීතිය අනුව හුවාවී සමාගමට TSMC සමාගමෙන් Kirin processor සැපයුම් ලබාගත නොහැකිවනවා.
අලුත් නීතිය ක්‍රියාත්මක වීමට දින 120ක සහන කාලයක් තිබෙන අතර එම කාලයෙන් පසු ඇමරිකාව මෙය සැබැවින්ම ක්‍රියාත්මක කලහොත් චීන වෙළඳපොලෙන් විශාල ලාභ ලබාගන්නා ඇපල් වැනි ඇමරිකන් සමාගම් වලට දැඩි පහරක් එල්ලකිරීමට චීනය සැලසුම් කරන බව වාර්තා වෙනවා.
©
@BizColombo