අසහනේ ද

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    උපුටා ගැනීමක්

    අසහනේ ද

    මට අසහනේද? කාන්තා සිරුර වැඩියෙන් නිරාවරණය වන තැන් ගැන ලංකාවෙ සංස්කෘතික අගනාකම් වලින් එහාට ගිහින් කතා කරන්නෙ මට තියන අසහනයක් හින්දද?

    ඒ තීරණය ඔබම ගන්න. මේ ටික කියවලා.

    පවුලෙ කට්ටිය එක්ක ට්‍රිප් ගිහින් තියනව නේද? දියඇළිවල, ගංගා ඇළදොලවල, මූදෙ එහෙම නාල ඇතිනෙ. පවුලෙ තාත්තා, අයියා, මල්ලි බොහොම සැහැල්ලුවෙන් ෂෝටක් එහෙම ඇඳල පෙරලි පෙරළි විනොදයෙන් නානව. අම්මට ඒ වතුරට බහින්න වෙන්නෙ දියරෙද්ද ඇඳගෙන. ඕන නම් එකදවසක් බහී. දියරෙද්ද ඇඳගෙන ඒ සැඩපාර එක්ක සටන් කරන්න, පොර බදන්න බෑ. ඉතින් අම්මා ගොඩට වෙලා තාත්තයි දරුවොයි සන්තෝසෙන් දියේ පෙරළි කර කර නාන හැටි තුවා ටික අතේ ගුලි කරගෙන කණස්සලු සහගත හිනාවකින් බලා ඉන්නව දැකල නැද්ද? අම්මත් නාන්න ආස නෑ කියල හිතුවද? ඒ මොන පදනමින්ද?

    ඊට පස්සෙ අක්කයි, නංගියි. ඒ දෙන්න පොඩි නම් එච්චර ප්‍රශ්නයක් නෑ. ඒත් වැඩිවිය පත් වෙලා නම් බොහෝවිට ගඟට, ඇල්ලට, මුහුදට බහින්න වෙන්නනෙ ඇඳගෙන ආපු ඩෙනිම් දිග කලිසමයි බ්ලවුස් එකයි පිටින්ම. ඒව වතුරෙන් පෙඟුණට පස්සෙ, ඒ අතරට වැලි ගියාට පස්සෙ කොච්චර අපහසුද අසහනකාරීද කියල බලන්න එක දවසක් එහෙම ඇඳුම් පිටින්ම වතුරට බැහැලවත් තියනවද? අක්කයි නංගියි විනෝදයට තියන ආසාව හින්ද ඒ අපහසුව අමතක කරල මුහුදට බහී. ඒත් ටිකෙන් ටික ඒක එපා වෙනව. වදයක් වෙනව. අන්තිමට ඒ දෙන්නත් එකතු වෙන්නෙ අර තුවාය අතේ තියාගෙන ගොඩ ඉඳන් කණස්සලු හිනාව දාන අම්මගෙ ටීම් එකට. එක පාරක්වත් හිතල තියනවද පව් කියල?

    සංස්කෘතික බාධාව නොසළකා, බිකිණියක්, ස්විම් සූට් එකක් නෙමේ සැහැල්ලු කොට කලිසමක් එක්ක ස්කිනියක් ඇඳල වතුරට බැස්සත් වටේ ඉන්න උන් චූස් චූස් ගානව, මහ හයියෙන් හිනාවෙලා පහක් දානව, "මරු ගල" කියල ඇහෙන්නම කියනව. අපහාස කරනව. බඩුවක් කරනව. ඒව දකින තාත්තයි, අයියයි, මල්ලියි ඊළඟට මූදෙ නාන දවසෙ අක්කටයි නංගිටයි එන්න කියල ඒතරම් උවමනාවෙන් ආරාධනා කරන්නෙ නෑ.

    ඇයි එහෙම වෙලා තියෙන්නෙ? අපි නිකටෙ ඉඳන් වළලුකරට වහපු ජාතියක්ද? ඒකද අපේ සභ්‍යත්වය? එහෙමත් නැත්නම් වික්ටෝරියානු යුගයෙ ඇතිවෙච්ච කාන්තාව නිකටේ සිට දෙපතුල දක්වා වහන සීතල රටවල සංස්කෘතිය අපි තාම කරේ තියාගෙන යනවද? හිතල බලන්න වටින දෙයක් නෙමේද ඕක?

    අනික අපි උෂ්ණාධික ඝර්ම කලාපීය රටක්. ඉන්න බැරි වෙන්න දාඩිය දානව අවුරුද්ද පුරාම. එහෙම රටක මුළු ඇඟම වහගෙන දාඩිය පිඹ පිඹා ඉන්න පිස්සුද? ඒ.සී කාමර වලට ගැලපුණාට අඩුම ගාණෙ ගෙදරට ඉද්දි, පුද්ගලික ගමනක් යද්දි, ට්‍රිප් එකක් යද්දි ඇඟ ටිකක් නිරාවරණය වන පහසු සැහැල්ලු ඇඳුමක් ඇන්දාම ඇයි කාන්තාව බඩුවක් කරන්නෙ.

    ඇයි පිරිමින්ට ඕක නැත්තෙ. පිරිමින්ට අමුඩයේ ඉඳන් ජොකා දක්වා ඇඳගෙන නාන්න පුළුවන්. ඇයි පිරිමින්ගෙ නිරාවරණ සිරුරු දැක්කාම කාන්තාවන්ට හැඟීම් පහළ වෙන්නෙ නෑ කියලද හිතාගෙන ඉන්නෙ?

    ලිංගිකත්වය නිරුවත මත පදනම් වෙන්න පටන්ගත්තෙ ඇඳුම් හොයාගත්තට පස්සෙ. ඊට පස්සෙයි ඇඟ නිරාවරණය වන එක අබිරහස් සතුටක් ගේන්න පටන් ගත්තෙ. ඒක ලිංගික අවයව වලට පමණක් සීමා නොවී පියයුරු, තට්ටම්, කළවා වැනි අවයව වලට යොමු වෙන්නෙත් ඊට පස්සෙ. එහෙම බලද්දි අද ලිංගික ආකර්ශනය පදනම් කරගන්නෙ ⁣මිත්‍යාවක් මත.

    හරි පුදුම ඉස්කෝලෙ පොතේ තියනව කොබයාෂි ගුරුතුමාගෙ ටෝමෝ පාසැලේ සියලුම ළමයි නිරුවතින් එකට නාන අවස්ථාවක්. විරුද්ධ ලිංගිකයාගෙ සිරුර තවත් ස්වභාවික දෙයක් මිස අබිරහසක් නොවන බව වටහා ගැනීමේ වටිනාකම බොහොම සියුම්ව එතන අවධාරණය කරනව. ජපානෙ අදටත් තියනව ගෑණු පිරිමි හවුලේ නිරුවතින් උණුදිය උල්පත් වලින් නාන සිරිතක්. ඒ වගේම කෙනෙක් මැරුණාම මළ සිරුර නිරුවත් කරල පවුලෙ අයම එකතු වෙලා සිරුර හෝදනව.

    නිරුවත් වීම නොවීම මත ලිංගිකත්වය පදනම් කරගන්න කෙනා දණහිසෙන් උඩ නිරාවරණය වූ ගමන් තමන්ගෙ අම්මවත් අඳුරන්නෙ නෑ. එයාට ඒක තව කඳක් විතරයි. ඒත් කාන්තා සිරුර තවත් එක් ස්වභාවික දෙයක් බවත් එහි අරුමයක් අබිරහසක් නැති බවත් වටහා ගන්නා කෙනා අම්මාව නිරුවතින් දැක්කත් ලිංගික හැඟීම් පහළ කරගන්නෙ නෑ.

    පුරුෂයන්ට තියනව පුරුෂයන්ට ආවේණික ලස්සනක්.ස්ත්‍රීන්ට තියනව ඔවුන්ට ආවේණික ලස්සනක්. පුරුෂයන්ගෙ අඩ නිරුවත සම්පූර්ණයෙන්ම නොසළකා හැරලා කාන්තාවකගෙ කළව දැකපු ගමන් ඒක වල්කම වේසාකම විදියට සැළකීමේ පදනම ඇත්තටම මොකක්ද?

    මූණුවර කෙනෙකුගෙන් කෙනෙකුට වෙනස්. ඒ ලස්සන අපි විඳිනවා. ලස්සන කෙනෙකුට ලස්සනයි කියනවා. ඒ විදියටම ශරීරයේ අනෙක් අංග විඳින්න බැරි ඇයි?

    "ඔයා හරි ලස්සනයි, ඔයාගෙ ⁣කොණ්ඩෙට මම ආසයි" කියනව වගේම "ඔයාගෙ පියයුරු හරි හැඩයි, කළවා ලස්සනයි, පිරිපුන් තට්ටම් හරි හැඩයි, ඇවිදිනකොට ඒවා පැද්දෙන විදියට මම ආසයි" වගේ මතයකුත් කියන්න බැරි වෙන්න කිසිම පදනමක් නෑ.

    එහෙම කියන එක අශීලාචාර නම් කොට ඇඳුමක් ඇඳල ඉන්න කෙ⁣ල්ලෙකුට "ඕකි වේසියක්" කියල අපහාස කරන එක හරි "චූස් චූස්" ගාන එක හරි "මරු ගල" කියල අපහාසාත්මකව කියන එක හරි කොහොමද ශීලාචාර වෙන්නෙ?

    "මරු ගල" තමයි ගොඩක් වෙලාවට. ඒක ශිෂ්ට සම්පන්නව රස විඳලා ඒ කෙනාට ඒ ගැන මොනවහරි කියන්නම ඕනනම් "ඔයා ලස්සනයි" වගේ ශිෂ්ට සම්පන්න ප්‍රතිචාරයක් දක්වන්නෙ නැතුව ඇයි ඇයට අපහාස කරන්නෙ?

    මුළින්ම මිනිස් සිරුර ස්වභාවික දෙයක් බවත් ඒකෙ කිසි අරුමයක් නැති බවත් අවබෝධ කරගතයුතුයි. ඉන්පසු සාමාන්‍යයෙන් පුරුෂ සිරුර කාන්තාවන්ටත් කාන්තා සිරුර පුරුෂයන්ටත් ආකර්ශනීය බවත් ඒක ස්වභාවික බවත් පිළිගත යුතුයි. ඊළඟට කොටට අඳින කෙනෙක් වල් කියල හිතන ව්‍යාජ පූර්ව නිගමනය අහෝසි කරගත යුතුයි.

    ඇත්තටම මේ උෂ්ණාධික රටේ කොට ඇඳුම් ජනප්‍රිය සහ ප්‍රචලිත වීම හොඳ නැද්ද? එක අතකින් ඒක පහසුයි. අනික් අතින් ඒක ඇසට ප්‍රිය උපදවන දර්ශනයක් නෙමෙයිද? ඒක පිළි නොගෙන අපහාස කරන කෙනාගෙ හිතේ නෙමේද ප්‍රශ්නෙ තියෙන්නෙ?

    එතකොට කවුද අසහනයෙන් ඉන්නෙ? ආයෙත් හිතා බලන්න.

    ට්‍රිප් එකක් ගිහින් සැහැල්ලුවෙන් මේ ෆොටෝ වල තියන විදියට නිදහස උපරිමයෙන් විඳින එකේ වරද මොකක්ද?

    වරද තියෙන්නෙ අපේ මිනිස්සුන්ගෙ හිත් වල. ඇත්තටම අසහනයෙන් ඉන්නෙ ඒ මිනිස්සු මිසක් නිදහස උපරිමයෙන් විඳින අය නෙමේ.
    FB_IMG_1593106289065.jpg
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    දැක්කම සු ගෑවට අපේ එවුන් බැදලා කෙල්ලොව නඩත්තු කරන්න ගියාට පස්සේ තමා තරු පේන්නේ
    Saloon + Cream + dresses + tablets + high cost foods + jewelry + ලස්සන sweet items +shoes
    ඒ අස්සේ අපේ එවුන් මග දිගට බඩු කෑලි වලටත් වියදම් කරනවා
    ඉතුරැවක් නැතිව හිගන ජීවීත ගෙවනවා
    හැමදාම එකම තැන
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ. දියරෙද්දත් බිකිනියත් අන්ත දෙකක්.

    හොඳ කඳක් තියන කෙල්ලෙක් ඒ ශේප් පේන්න අඳින්න කැමැත්තක් එනව ඒ ගැන ආඩම්බර යක් තියනවනම්. වැඩේ කියන්නෙ අහවල් එකේ සයිස් එක ගැන ආඩම්බර කොල්ලෙක් ඒක කැපිල පේන්න ඇන්දොත් අර බිකිනි අඳින කෙල්ලො මොනව කියයිද. වැඩිය ඕන නෑ අර බිකිනි අඳින කෙල්ලො වෙනුවෙන් හඬ නගන උන් ඒකව මරන් කයි.

    නාන්න බිකිනි අඳින්න ඕනම නෑ. දියරෙද්ද අඳින්න ඕනත් නෑ. බිකිනි නොවන ඕවර් එක්ස්පෝස් නැති ස්විම් සූට් තියනව. ඒව නොඇඳ බිකිනිම අඳින්නෙත් අර කියන ප්‍රදර්ශන ආසාව නිසා. විශේෂයෙන්ම ලංකාව වගේ සංස්කෘතිමයව බිකිනිය සාමාන්‍යකරණය නොවුන රටක.

    ඒ ගැන එලියට බැහැල කතා කරන්නෙත් සංස්කෘතියට බනින්නෙ ඉතින් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ, වයිෆ් ගෙ ඇසට් ටික ලෝකෙට පෙන්නල තමන් තෘප්තියක් ලබන්න තියන ආසාවට සංස්කෘතිය බාධාවක් නිසා වෙන්නත් පුළුවන්. No offense. Just my opinion.

    වික්ටෝරියානු හරි මොකක් හරි ඒක දැන් අපේ සංස්කෘතිය වෙලා ඉවරයි. ඔහොම අතීතයට යනවනම් මොකටද වික්ටෝරියානු සමයෙම නැවතිලා. යමු හෝමෝ ඉරෙක්ටස් යුගයට. හෙළුවෙන්ම ඉමු.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,413
    36,334
    113
    මැදමහනුවර
    දැක්කම සු ගෑවට අපේ එවුන් බැදලා කෙල්ලොව නඩත්තු කරන්න ගියාට පස්සේ තමා තරු පේන්නේ
    Saloon + Cream + dresses + tablets + high cost foods + jewelry + ලස්සන sweet items +shoes
    ඒ අස්සේ අපේ එවුන් මග දිගට බඩු කෑලි වලටත් වියදම් කරනවා
    ඉතුරැවක් නැතිව හිගන ජීවීත ගෙවනවා
    හැමදාම එකම තැන
    ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕනේ? හම්බුකරන් ඉන්න එකද?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,985
    18,652
    113
    34
    Hell
    ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕනේ? හම්බුකරන් ඉන්න එකද?

    එහෙමත් නෙවෙයි බන් අපේ එවුන් රැල්ලට යන්නේ
    ඉගෙන ගන්නෙත් එහෙමයි
    ජොබ් කරන්නෙත් එහෙමයි
    කොන්වෙයි කියලා බයයි


    උබ නුවරද මං KCK

    Ane manda ban

    Beer 3k gahapu වෙලාවක පොඩ්ඩක් කියෙව්වට
    මාත් මේ වගේ subjects වලට කතා කරන්නේ නෑ
    එක්කො සංස්කෘතියට හොද නෑ
    නැත්තන් වෙනස් මත දරන එවුන් කෝප වෙනවා 😏
    Freedom of speech
     
    Last edited:
    • Like
    Reactions: Master malli

    Sen-lu

    Well-known member
  • ඕනම දෙයක් ඕනවට වඩා ඕන නෑ. දියරෙද්දත් බිකිනියත් අන්ත දෙකක්.

    හොඳ කඳක් තියන කෙල්ලෙක් ඒ ශේප් පේන්න අඳින්න කැමැත්තක් එනව ඒ ගැන ආඩම්බර යක් තියනවනම්. වැඩේ කියන්නෙ අහවල් එකේ සයිස් එක ගැන ආඩම්බර කොල්ලෙක් ඒක කැපිල පේන්න ඇන්දොත් අර බිකිනි අඳින කෙල්ලො මොනව කියයිද. වැඩිය ඕන නෑ අර බිකිනි අඳින කෙල්ලො වෙනුවෙන් හඬ නගන උන් ඒකව මරන් කයි.

    නාන්න බිකිනි අඳින්න ඕනම නෑ. දියරෙද්ද අඳින්න ඕනත් නෑ. බිකිනි නොවන ඕවර් එක්ස්පෝස් නැති ස්විම් සූට් තියනව. ඒව නොඇඳ බිකිනිම අඳින්නෙත් අර කියන ප්‍රදර්ශන ආසාව නිසා. විශේෂයෙන්ම ලංකාව වගේ සංස්කෘතිමයව බිකිනිය සාමාන්‍යකරණය නොවුන රටක.

    ඒ ගැන එලියට බැහැල කතා කරන්නෙත් සංස්කෘතියට බනින්නෙ ඉතින් තමන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ, වයිෆ් ගෙ ඇසට් ටික ලෝකෙට පෙන්නල තමන් තෘප්තියක් ලබන්න තියන ආසාවට සංස්කෘතිය බාධාවක් නිසා වෙන්නත් පුළුවන්. No offense. Just my opinion.

    වික්ටෝරියානු හරි මොකක් හරි ඒක දැන් අපේ සංස්කෘතිය වෙලා ඉවරයි. ඔහොම අතීතයට යනවනම් මොකටද වික්ටෝරියානු සමයෙම නැවතිලා. යමු හෝමෝ ඉරෙක්ටස් යුගයට. හෙළුවෙන්ම ඉමු.
    100% ක්‌ එකඟයි මචං. ගොඩක් උන් එකඟ වෙන්නේ නැති වෙයි උබේ අදහසට මොකද අපේ උන්ට හරි ආසයිනෙ පොෂ් වෙන්න. ගෑනුන්ට බ්කිනි අන්දනවට අමතරව තව මොනවද දන්නෙ නැ වෙන්න ඕනි.
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දිය රෙද්ද ගැන අපේ අයිය කෙනෙක්ට කවුද කිව්ව කියපු කතාවක් මට මතක් උනා.. "සම්තින්ග් බට් නතින්" කියල. දැන්කාලෙ දියරෙද්දක් ඇඳගෙන වතුරට බහින අය බොහොම අඩුයි. දනිහට තියෙන ශෝටකුයි ටිකක් ඝන රෙද්දකින් තියෙන ටොප් එකකුයි ඇඳන් වතුරකට බහින්න දැන් ඉන්න කෙල්ලො දන්නව. කොල්ලෙක් ශූ ගාපු පලියටම ගොඩට ගිහින් හැංගෙන කෙල්ලො නම් දැන් කාලෙ නැති තරම්.
     
    • Like
    Reactions: Sanuka87

    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    Lankawa kiyanne mchn amuthuma ratak eke inna minissuth ithin ewagema thama.oya kochchara kiwwath palath 9 inna minissu 9 widihak.colombo wala minissu jiwathwena widihata neme Kandy wala minissu inne.mama nuwara.aduma tharame nuwara unta toyota walin thora wahanayak ganna na.ai hadaganna widihak na.dan Colombo ehemanm dan dan kello harima relax eke innawa.beach ekakata giyama unath bikini noandata ekata galapena adumak adinawa dan nuwara hari rate mada set ekak beach ekakata giyoth ithin eka wenama kathawak ne.wathura dakala na wage thama api un hasirenne 🙃
     
    • Like
    Reactions: Master malli