කන්දකාඩුවේ පාපෝච්චාරණය

malith789

Active member
  • Jan 15, 2010
    545
    101
    43
    කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට ලියමි. ✍️

    -දහසකුත් බලාපොරොත්තු පොදි බැදන් 2019/05/28 වන දින අපි මෙතැනට ආවේ රාජකාරියකට එහා ගිය සේවයක් ඉටු කරන්නයි. ඇත්තටම ඒක අපි ඉගෙන ගත්ත දේට සාධාරණයක් කරන්න ආවා කියල කිවුවොත් මම නිවැරැදියි කියලයි මම හිතන්නේ. විවිධ වූ බාධක කම්කටොලු මැද්දේ අපි සිවිල් උපදේශකයින් ගැහැනු ළමයින් 6 දෙනත්, පිරිමි ළමයින් 3න් දෙනත් එකා වගේ හිටියා. හරියටම කිවුවොත් එක පවුලක් වගේ. ඒ වගේම මම කැමතියි අපෙන් අයින් වෙලා ගිය අනිත් සිවිල් උපදේශක ගැහැනු ළමයින් දෙදෙනා මේ කතා කරන්න යන සිද්ධියට සම්බන්ධ නොවුනත් ඔවුන් ගැනත් මෙහිදී මතක් කරන්න. ඒ වගේම අපිත් එක්කම තව NDDCB ආයතනයේ නිළධාරින් 3නෙක් වැඩ කලා. ඔවුන් ගැනත් මතක් කරන්න. ඒ වගේම office එකේ වැඩ කරන තවත් පුංචි කෙල්ලෙක් අපිත් එක්ක ඉන්නවා.

    -ඇත්තටම මෙම මධ්‍යස්ථානයේ දැන් වෙන දේ ඔයාලා ඔක්කොම දන්නවා. අපි හැමෝම ඉවරයි කියල හිතපු, අපිට හැදෙයි කියල බය වුන, අපි ගොඩක් පරිස්සම් වුන covid-19 රෝගයෙන් බොහෝ දෙනෙක් පීඩා විදිනවා. ඇත්තටම මම මේක ලියන වෙලාවෙත් දන්නෙ නෑ මට මේ ලෙඩේ බෝ වෙලාද නැද්ද කියලා. ඒ උනාට මාත් එක්ක එකම campus එකේ අවුරුදු 4ම එකට ඉගෙන ගත්ත, එක පිගානේ කාලා, එක කෝප්පේ බීලා, එක ඇදේ නිදාගත්ත යාලුවට මේක හැදුනා. ඇත්තටම කිවුවොත් පහුගිය දවස් ටිකේම අපි ඔක්කොම එකට හිටියේ. මට මේක ලියන්න ඕන වුනේ අපි එකට හිටිය එක ගැනවත්, හැම ප්‍රශ්නෙකදිම එකා වගේ හිටපු එක ගැනවත් රටට, ලෝකයට කියන්න නෙමෙයි. හැබැයි මෙතන වුන ඇත්ත දේවල් දන්නේ නැතුව එක එක්කෙනා එක එක කතා කියදි, කරද්දි දැනෙන දුක covid-19 හැදෙනවටත් වඩා එහා ගිය දෙයක්. මට දැන් හිතෙනවා අපි කටවල් ඇරගෙන tv දිහා බලාගෙන ඉදලා තියෙන්නේ බොරුවට එයාල මවපු සුන්දර ලෝකවල් දිහා නේද කියලා.

    -මම මේක ලියන්න ප්‍රධානම හේතුව මධ්‍යස්ථානයේ දැනටත් ඉන්න අපි ගැන හිතල නෙමෙයි. අපිත් එක්ක වැඩ කරලා නිවාඩු අරගෙන ගෙදර ගියපු සිවිල් උපදේශන නිළධාරිනියන් දෙදෙනා ගැන සදහනක් කරන්නයි. මම කියන්නේ නෑ ඒකෙන් මෙම සිද්ධිය ඇති උනාට පස්සේ ගෙදර ගියපු එකම එක නිළධාරින් දෙන්නා ඔවුන් දෙදෙනා කියලා, නමුත් මා සමග ඉදලා ගෙදර ගියපු ඔවුන් දෙදෙනා ගැන අනිත් කාටත් වඩා හොදට ඇත්ත දේ කියන්න ඕන කියල මට හිතුනා. නැත්තම් උපදේශන නිළධාරිනියක් විදිහට මට කවදහරි මගේ හිතින් සමාව දෙන්න බැරි වෙයි මේ දේට.

    -එදා මට මතක විදිහට 2020/06/25 සිට 2020/06/28 දක්වා ඇති එක් දිනයක ඔය නිවුස්වල කියන මාරවිල තරුණිය හෙවත් මගේ යාලුවට පොඩි උගුරෙ අමාරුවක් හැදුනා. අපි වැඩිය ගනන් ගත්තෙ නෑ. මොකද මේ වෙනකොටත් අපි හැමෝටම මේ කොරෝනා කියන දේ අමතක වෙලා තිබුනේ. හැබැයි මේ කාලෙ වෙද්දිනුත් අපේ පංතිවල ළමයින්ට උන, සෙම්ප්‍රතිශ්‍යාව වගේ තත්ත්වයක් ඇති වෙලා තිබුනා. ඔවුන්ට ප්‍රතිකාරත් කලා. ඉතින් මේක පොඩි virus fever එකක් කියල හිතලා අපි සුපුරුදු පරිදිම රාජකාරී කලා. නමුත් ඇයට එන්න එන්ම කැස්ස, උන ගතිය තිබූ නිසා, ඇය පුනරුත්ථාපන මද්‍යස්ථානයේදී ඒ සදහා ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නැති නිසා අපේ යාලුවෝ ටික ඇයට නිවසට යන්න කිවුවේ මේ දේ බෝ කරන්න කියලා හිතල නෙමෙයි. එහිදී වඩාත් නිවැරදි ප්‍රතිකාර ලබා ගැනීමට හැකි නිසයි. ඇත්තටම කිවුවොත් මට මතකයි අන්තිම දවසේ රාත්‍රියේ ඇයට වමනය පවා ගියා. නමුත් කිවයුතුම දෙය නම් ඇය ඒ කිසිම දිනක rest එකක් නොගෙන වැඩ කිරීමයි. එයට හේතුව ඇයට භාරව තිබූ class එක 2020/06/30 වන දින සේනපුර පුනරුත්ථාපන මද්‍යස්ථානයට ගිය බැවින් ඇයට නිම කිරීමට රාජකාරී බොහොමයක් තිබු නිසාවෙනි. අහ් මම තව දෙයක් සදහන් කල යුතුමයි. ඒ තමයි ඇයට මෙම තත්ත්වය සුළු වශයෙන් ඇති වී තිබියදී දෙවතාවක් පමණ යම් යම් අවශ්‍යතා සදහා අප දෙදෙනා පොළොන්නරුව සහ කදුරුවෙල යම් යම් ස්ථාන කිහිපයකට යාමයි. මෙය මා විසින් සදහන් කරන ලද්දේ මේ තුළින් හෝ යම් කෙනෙක් දැනුවත් වෙනව නම් එය මගේ හිතට සහනයක් වන නිසාය. මේ ස්ථාන පිළිබඳව මේ වන විටත් අප විසින් පැහැදිලිව දැනුවත් කර ඇත. ඉතින් ඇය නිවසට ගියේ පොදු ප්‍රවාහන සේවයෙන්. නමුත් මා දැක්කා සමහර තැන්වල එයට සෑහෙන්න දොස් කියා තිබුනා. නමුත් මෙතන ඇත්ත කතාව ඊට වඩා එහා ගිය දෙයක්. කන්දකාඩු ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ පොලොන්නරුව නගරයේ සිට 39km ක් ඇතුලට වෙන්න. අපිට මෙම මධ්‍යස්ථානයේ සිට නගරයට යාමට ඇත්තේ ඉතාමත් කර්කෂ ගමනක් කිවුවොත් මා නිවැරැදියි. අනික ගමන් වාරයන්ද ඉතාමත් සීමා සහිතයි. එයට හේතුව මෙම මධ්‍යස්ථානයේ භූගෝලීය පිහිටීමයි. ඉතින් අපි මාසෙටම එක පාරක් තමා නිවාඩු ලබා ගන්නේ. ඔක්කොම නිවාඩු එකටයි ගන්නේ. ඉතින් අපිට මෙතනින් එලියට යන්න හැමදාම පුද්ගලික වාහනයක් ගෙන්න ගන්න එක ඔයාල හැමෝටම තේරෙනව ඇති ප්‍රායෝගික දෙයක් නෙමෙයි කියලා. අපි හැමෝම වගේම ඇයත් ඇගේ නිවසට යාමට පොදු ප්‍රවාහන සේවය භාවිත කර තිබුනා.

    -ඒ වගේම news වලට අනුව ඇය නිවසට ගොස් ඇත්තේ 2020/06/28 නමුත් සත්‍ය වශයෙන්ම ඇය නිවසට ගියේ 2020/07/03 වන දින. මෙහිදී මෙම තොරතුරු කෙසේ ලබා ගත්තාද මා දන්නේ නැත. අඩුම තරමේ මේ දවසේ ඒ bus වල ගිය අයවත් මේ හරහා දැනුවත් වෙයි කියල හිතනවා. ඇගේ ගමන් මාර්ගය වූයේ කන්දකාඩුවේ සිට පොලොන්නරුව දක්වාත්, පොලොන්නරුවේ සිට කුරුණෑගල දක්වාත්, කුරුණෑගල සිට දංකොටුව දක්වායි. මම කැමතියි ඇය නිවසට ගිය පසු මට එවූ msg පණිවිඩයක් මේ සමග උපුටා දැක්වීමට. "මට එපා උනා අද නම්... මග මැරෙන්න හිතුනා" 🥺 ඇත්තටම ඒ ඇයට අමාරු නිසයි. ඉතින් ඇය නැවත private doctor කෙනෙක් හම්බෙලා බෙහෙත් ගත්තා. එතනදීත් ඇයට virus fever එකක් කියල තමා කියල තියෙන්නේ. ඉතින් ඒ වන විට කන්දකාඩුවේ තත්ත්වය උණුසුම් නිසා අපි යාලුවෝ set එක ඇයට ඒ පිළිබඳව දැනුම් දුන්නා. ඇගේ පියාත් සමග ගොස් මෙම PCR test එක කරගත් බවට මෙහිදී කිව යුතුමය. මොකද එය ඇගේ කැමැත්තෙන් රෝහලටම ගොස් සිදු කළ පරීක්ෂණයකි. පසු දින report එකේදී ඇයට COVID positive බව දැනගන්නට ලැබුනා.

    -ඒ වගේම අනිත් උපදේශන නිළධාරිනිය එනම් news වලට අනුව මාතර හක්මන තරුණිය නිවසට ගියේ 2020/07/01 දිනය. ඒ අක්කට AG office එකෙන් ලැබුනු නිවේදනයට අනුව ඇයගේ certificates පෙන්වීමටය. ඇයත් ස්ථාන කිහිපයක ගොස් ඇති අතර ඇයට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වූයේ නැත. මේ වන විට ඇය නිරෝධයනයට ලක් කරන නමුත් මේ ලියන මොහොත වන විටත් ඇයට PCR test එක සිදු කර නොමැත. නමුත් ඇගේ ගම ඇතුලු තවත් ගමක් මේ වන විට lockdown කර හමාරය.

    -මේ වන විටත් මෙම මධ්‍යස්ථානයට COVID-19 පැමිණි ආකාරය පිළිබඳව කිසිදු නිර්නය කිරීමකට එළඹීමට නොහැකි අතර අද දින රාත්‍රියේදී මෙම මධ්‍යස්ථානයේ සිටින අප සිවිල් උපදේශන නිළධාරින්ගේද, හමුදා කාර්ය මණ්ඩලයේද PCR test results පැමීණීමට නියමිතව ඇත. වගකිවයුත්තෝ කවුරු වුවත් සැබෑ තත්ත්වය මෙසේය.

    -මාගේ result එක positive වුවත් negative වුවත් එය භාර ගැනීමට සිදුවන අතර, මාගේ සිතට පුන්චි හෝ සහනයක් ඇත්තේ අප සියල්ලෝම මෙහිදී රාජකාරියකට එහා ගිය සේවාවක් ඉටු කළ බැවිනි.😌

    -ඒ වගේම දැනට COVID positive අපගේ කාර්ය මණ්ඩලයට සහ පුනරුත්ථාපනලාභීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි. ❤️

    - කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශන නිළධාරිනියකගේ FB පිටුවෙන් උපුටා ගන්නා ලදී.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    මේකෙ හැටියට නන් හැමෝම නොසැලකිල්ලෙන් කටයුතු කරල තියෙන්නෙ කදවුරේ පෙන්නපු ඩොක්ට උනත් සැලකිලිමත් වෙලා නෑනෙ . කෙලින්ම වටේටම බෙදල
     

    cat123

    Well-known member
  • Sep 25, 2007
    2,698
    4,437
    113
    107082955_1727909904040057_3450246449135134084_n.jpg
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඉතාලියෙන් අාපු වෙෙරස් ගිය දුරක්.ගොන්‍ටා රටට වෙෙරස් අරන් ඒක වටේටම ගියා..අඩු ගානෙ දැන්වත් වගකීමකින් වැඩක්‍ කරනවද..කෝ උගෙ බුද්ධි අංසෙ?මෙලෝ වැඩක් නෑ ඕයි මේ අාණ්ඩුවම..
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලංකාව සමයක ආසන්නයේ තියෙන උෂ්ණාධික රටක් නිසා පැතිරීම අඩු..

    පකිස්ථානය දිහා බලන්න..කේරළය දිහා බලන්න.

    පළවෙනි රැල්ල ඉවර වුනේ රටේ සෞඛ්‍ය අංශවල කැපවීම නිසා..ආණ්ඩුව කරපු බම්බුවක් නෑ.



    දෙවැනි රැල්ල ආරම්භ වේ..

    ආණ්ඩුවේ වරද නිසා මෙහෙම වුනේ..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    Dead Body එකක් හරි අවොත් ඔතනින් JVP එකට රජ මගුල්

    හැම තැනම බයියො ඔය කතාව කියනව දැක්ක. ජෙප්පන්ට ටොයියන්ට වඩා බයියො එක්ස්පෙක්ට් කරනවද මන්ද?
     
    • Like
    Reactions: hasithayad

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අපි වැඩිය ගනන් ගත්තෙ නෑ. මොකද මේ වෙනකොටත් අපි හැමෝටම මේ කොරෝනා කියන දේ අමතක වෙලා තිබුනේ.

    මෙතනින් එහාට කියවල වැඩක් නැහැ..දැන් මේ අග බේරන්න ලියන කතා...උපදේසක උනුත් හරක් විදියට වැඩ කරපු එකෙන් බේරෙන්න...
     
    • Like
    Reactions: Dr.Amdan and RLT4U

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉතාලියෙන් අාපු වෙෙරස් ගිය දුරක්.ගොන්‍ටා රටට වෙෙරස් අරන් ඒක වටේටම ගියා..අඩු ගානෙ දැන්වත් වගකීමකින් වැඩක්‍ කරනවද..කෝ උගෙ බුද්ධි අංසෙ?මෙලෝ වැඩක් නෑ ඕයි මේ අාණ්ඩුවම..
    අර එක රැයින් රටේම පෝස්ට්ර් අලවන්න පුලුවන් කියපු උඹලගෙ මඩ බලකාය කෝ බන්. උන් සෙට් එක නේද උඹලගෙ ආන්ඩවක් ආපු දාට පන්ති සතුරෝ මර්ධනය කරන්න තියන් ඉන්නෙ? කෝ උන් ඇඳවල් යට හැංගිලාද :lol:
     
    • Haha
    Reactions: War Fighter

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    මේකෙ හැටියට නන් හැමෝම නොසැලකිල්ලෙන් කටයුතු කරල තියෙන්නෙ කදවුරේ පෙන්නපු ඩොක්ට උනත් සැලකිලිමත් වෙලා නෑනෙ . කෙලින්ම වටේටම බෙදල
    🙄
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    මේකෙ හැටියට නන් හැමෝම නොසැලකිල්ලෙන් කටයුතු කරල තියෙන්නෙ කදවුරේ පෙන්නපු ඩොක්ට උනත් සැලකිලිමත් වෙලා නෑනෙ . කෙලින්ම වටේටම බෙදල
    :yes: