විදුලි සංදේශ උපකරණ මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෙළඳ ආයතනයකින් මිලදී ගැනීමට නිරන්තරයෙන් කල්පනාකාරී වන ලෙස ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මහජනතාවට දැනුම් දී සිටී. මෙහිදී නියාමන කොමිසම වැඩිදුරටත් පවසන්නේ, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදංචි නොකළ විදුලි සංදේශ උපකරණ (සිම්පත් භාවිතයෙන් ක්‍රියා කරන) දුරකථන ජාලවලට සම්බන්ධ කිරීම නුදුරේදීම අත්හිටවනු ලබන බවයි.