මැටි ඇමති on Fire

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ඔන්න professor ගෙ වචන වලින්ම අහගන්න.








    මැටි ඇමතිකම හරියට කළොත් රටම ගොඩය..

    වහලට ඇස්බැස්ටස් කෑල්ලක් හෝ දැමීම දියුණු රටවල තහනම් කර ඇත.. අපේ මැට්ටෙන් තනන දේශීය උළු ව්‍යාපාරය බිඳ වැටී ඇත.. "ඇස්බැස්ටස් හෙවිල්ලුවම ඉන්න බෑ රස්නෙයි" කියමින් ඉන් පසුව පිටරටින් ෆෑන් සහ ඒ.සී මැෂින් ආනයනය කරයි..

    ගෑස් ලිපට ඔරොත්තු දෙන වළං නිෂ්පාදනය ප්‍රමාණවත් පරිදි නැති නිසා චීන ඇලුමිනියම් භාජනවලින් උයමින් ඇලුමිනියම් මිශ්‍රිත ආහාර රස කරමින් අනුභව කරයි..

    චීන ටයිල් ඇතිරූ පොලොවේ ඇති කෘත්‍රිම බව මැටි ටයිල් වල නැත.. එහි ඇති සිසිලස කකුලට සුවදායකය.. නමුත් මිළ අධිකය.. ඒ නිසා චීන ටයිලය හොඳය..

    ගඩොල් මිළ අධික නිසා සහ ප්‍රමිතියකින් යුක්තව සොයා ගැනීම අපහසු නිසා සිමෙන්ති ගඩොලින් බැඳි බිත්තිවලින් වටවී සිටින මධ්‍යම පාන්තිකයෝ මැට්ටෙන් තනන ලද බිත්ති ඇති එකෝ පන්නයේ හෝටල් කාමරවලට ගොස් "මාර සැපක්නෙ ඒයි මේකෙ තියෙන්නෙ" කියමින් ලොකු බිලක් ගෙවති.. ගෙදර නිදන කාමරය හෝ මැට්ටෙන් කපරාදුකර තැනිය හැකිදැයි,වාස්තු විද්‍යාවෙන් කියා දිය හැකිය..

    ලක්සලේ ඇති මැටි කළ, පුන්කළස් මිල අධිකය.. ඒවා වෙනම ව්‍යාපාරයකි.. ගම් මට්ටමේ මෙවැනි ව්‍යවසායකයන් ඇති කළ හොත් රස්සා නැති විශයන් ඉගෙන ගත යුතු නැත..

    කොටින්ම මැටි වැඩේ හරියට කලොත් ආනයන වියදම් අඩු කර අපනයන වියදම් වැඩි කළ හැකිය.. Made In Sri Lanka යනුවෙන් නම කෙටූ මැටි කෝප්පවල සුද්දන් නෙස්කැෆේ බොනු ඇත.. මැටි හට්ටිවල යවන මාතර මාලු ඇඹුල් තියල්, කොහිළ හෝ පොලොස් ගැට අච්චාරු සුද්දන්ගේ සුපර්මාකට් වල සුපිරි ඉල්ලුමක් තිබෙන කෑමක් වනු ඇත..

    මැටි ඇමතිධූරය හරියට කළොත් එතරම්ම ප්‍රබලය.. කොටින්ම මැටි ඇමතිතුමාට ගෝටාභය ජනාධිපතිතුමා දී ඇත්තේ "පුලුවන්නම් විශය තේරුම්ගෙන කරල පෙන්වපං..'' වැනි චැලේන්ජ් එකකි.. දැන් ඇත්තේ චැලෙන්ජ් එක භාරගෙන වැඩේ වැඩක් විදියට හරියටම කර පෙන්වීමය..





    මේවදැක්කහමත් UNP and සමගි ජන බලවේග සෙට් එක හිනාවෙනව sure
     

    Attachments

    • 117701368_2732163693706495_85970381403223995_o.png
      117701368_2732163693706495_85970381403223995_o.png
      587.3 KB · Views: 96

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    aniwaren aurudu 2k yanakota wada karan nathi amathila dethun denek ain karanawa sure
    අවුරුදු දෙක නෙමෙයි මාස 6 ක් දීලා ටාගට් එක්ක කවර් කරල පෙන්නන්න නැත්නම් ගෙදර යන්න ලෑස්ති වෙන්න කියලා
     

    Sen-lu

    Well-known member
  • තියරි එක හොඳයි හැබැයි ප්‍රායෝගික නැහැ. AC කාමර වල ඉඳලා ආර්ථික තීරන ගන්නව කියන්නෙ මේවට තමයි. මැටි කියන්නෙ සීමිත සම්පතක්. දැනට අම්පාරෙ එහෙම ගඩොල් කපන උන්ටත් මැට් වල හිගයක් තියෙනව. ඉතින් කොහොමද Mass production එකක් කරන්නෙ.හැම මැටි වර්ගෙන්ම ඔය production කරන්න බැ.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇමතිකම් දීලා පැය 48 ක් ඇතුලත වැඩ පටන්ගන්න වෝනින් හිටන් දීලා.

    මේ මේ රට ගොඩ ගන්න පුලුවන් අන්තිම අවස්තාව. ඒක පුලුවන් ගෝඨාභයට විතරමයි.

    ලාංකිකයෝ හැටියට අපි මේ වෙලේ පුලුවන් සපෝර්ට් එක දෙන්න ඕනේ අවජාතක කවලං කල්ලත්තෝනියෝ නෙමෙයිනම්.
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    තියරි එක හොඳයි හැබැයි ප්‍රායෝගික නැහැ. AC කාමර වල ඉඳලා ආර්ථික තීරන ගන්නව කියන්නෙ මේවට තමයි. මැටි කියන්නෙ සීමිත සම්පතක්. දැනට අම්පාරෙ එහෙම ගඩොල් කපන උන්ටත් මැට් වල හිගයක් තියෙනව. ඉතින් කොහොමද Mass production එකක් කරන්නෙ.හැම මැටි වර්ගෙන්ම ඔය production කරන්න බැ.
    ඒ සම්බන්ධ ප්‍රශ්න හොයල ඒවට විසදුම් හොයල මේක නග්ගල ගන්න තමා බන් ඉතින් ඔය උදවු ඉල්ලල තියෙන්නෙ. උබ කාමරේ ඇතුලෙ ඉදන් මේකෙ නැහැ බැහැ කියල type කරනකන් උබට බැහැම තමා.
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    Rajya amathikama madi kiyala duwana un ugath minissu ekka baluwama 8 pass mun hodai kiyalath hithenawa. Balamuko ithin muge keruwawa issarahata. Miris kudu gahapu seen ekath ithin mahindala nodana karapuwa nemeine. Mu wage un billata dila agamathi kame innane baluwe 😂
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,511
    72,706
    113
    මාලඹේ
    ඇමතිකම් දීලා පැය 48 ක් ඇතුලත වැඩ පටන්ගන්න වෝනින් හිටන් දීලා.

    මේ මේ රට ගොඩ ගන්න පුලුවන් අන්තිම අවස්තාව. ඒක පුලුවන් ගෝඨාභයට විතරමයි.

    ලාංකිකයෝ හැටියට අපි මේ වෙලේ පුලුවන් සපෝර්ට් එක දෙන්න ඕනේ අවජාතක කවලං කල්ලත්තෝනියෝ නෙමෙයිනම්.
    රට ගොඩ ගියොත් ඉතිං එකේ වාසිය අපිට නේ බං. ගෝඨාභය යනකොට අරගෙන යන එකක් ද නැහැ නේ. එක වත් තේරෙන්නේ නැහැ අපේ ගොං හැත්තට 😬😬😬
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    තියරි එක හොඳයි හැබැයි ප්‍රායෝගික නැහැ. AC කාමර වල ඉඳලා ආර්ථික තීරන ගන්නව කියන්නෙ මේවට තමයි. මැටි කියන්නෙ සීමිත සම්පතක්. දැනට අම්පාරෙ එහෙම ගඩොල් කපන උන්ටත් මැට් වල හිගයක් තියෙනව. ඉතින් කොහොමද Mass production එකක් කරන්නෙ.හැම මැටි වර්ගෙන්ම ඔය production කරන්න බැ.
    ගොඩක් අමුද්‍රව්‍ය එහම තමයි.
     
    • Like
    Reactions: sidathsaumya