අපේ රටට තිබ්බ නැව් .එවා අද නෑ....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    1969 සිලෝන් ෂිපින් කෝපරේෂන් ආරම්භ කර තිබෙනවා. සිරිමාවෝ බණ්ඩාරනායක අග්‍රාමාත්‍ය වරියගේ පාළන සමයේ පී. බී. ජී. කලුගල්ල වෙළද හා නාවික අමාත්‍යවරයා ලෙස නාවික කටයුතු ආරම්භ කර තිබෙනවා. 1970 දී එහි ප්‍රධානය කාර්යාලය කොළඹ 1 බාරොන් ජයතිලක මාවතේ ආරම්භ කිරීමෙන් පසු, 1971 දී ප්‍රථම වරට මිලදී ගන්නා ලද ලංකා රාණි නෞකාව තමයි ශ්‍රී ලංකාවට අයිතිව තිබූ ප්‍රථම නැව.


    එතැන් සිට වරින් වර මිලදී ගත් නෞකා 17ක් අප රට සතුව තිබි ඇත. මේ එම නෞකා ගැන තොරතුරුයි.


    @ ලංකා රාණි
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මුල් නාමය Finnamore Valley නම් විය. මෙම නැව ටොන් 10345ක් බර වන අතර, ටොන් 15472ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 ජනවාරි 15 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 22 සිංගප්පූරුවේදී විකුණා ඇත.


    @ ලංකා සාගරිකා
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 1591ක් බර වන අතර, ටොන් 2604ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 පෙබරවාරි 8 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1983 ජූලි 5 ජපානයේදී විකුණා ඇත.


    @ ලංකා දේවි
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9869ක් බර වන අතර, ටොන් 14326ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 අප්‍රේල් 11 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1987 පෙබරවාරි 1 නොර්වේදී විකුණා ඇත.


    @ ලංකා කල්‍යාණි
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5206ක් බර වන අතර, ටොන් 6376 ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 සැප්තැම්බර් 20 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 සැප්තැම්බර් 2 Canton හිදී රාජ්‍යයට විකුණා ඇත.


    @ ලංකා කාන්ති
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 5678ක් බර වන අතර, ටොන් 6790 ක උපරිම බරක් ගෙන යා හැක.
    1972 නොවැම්බර් 28 දින ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 අගෝස්තු 21 කොළඹදී විකුණා ඇත.


    @ ලංකා ශාන්ති
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 9464ක් බර වන අතර, ටොන් 14580ක උපරිම බරක් ගෙන යා හැක.
    1973 මැයි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 7 Antwerp හිදී විකුණා ඇත.


    @ ලංකා කීර්ති
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 8620ක් බර වන අතර, ටොන් 12068 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 පෙබරවාරි ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1985 මාර්තු 26 සිංගප්පූරුවේදී විකුණා ඇත.


    @ ලංකා රත්න
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි.. මෙම නැව ටොන් 10203ක් බර වන අතර, ටොන් 15305 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 අගෝස්තු 29 ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1986 මැයි 26 ස්පාඤ්ඤයේදි විකුණා ඇත.


    @ තම්මැන්නා
    ලංකාව සතුව තිබූ එකම බොර තෙල් ප්‍රවාහන නෞකාව මෙයයි. මෙම නැව ටොන් 18351ක් බර වන අතර, ටොන් 30278 ක උපරිම බරක් ගෙන යා හැක.
    1975 සැප්තැම්බර් ශ්‍රී ලංකා රජය මිලදීගත් මෙම නැව 1984 අප්‍රේල් 6 කොළඹදී විකුණා ඇත.
    1977න් පසු ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ සමයේ ලලිත් ඇතුලත් මුදලි මහතා නාවික හා වෙළද අමාත්‍යවරයා ලෙස ලංකාවට ගෙන්වූ නෞකාවන් මෙසේයි.


    @ ලංකා සිරි
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 පෙබරවාරි නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා සීදේවි
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 4060ක් බර වන අතර, ටොන් 3831 ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 මාර්තු නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා ශ්‍රීමණී
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 9129ක් බර වන අතර, ටොන් 9609ක උපරිම බරක් ගෙන යා හැක.
    1982 අගොස්තු නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා ශ්‍රීමතී
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11498ක් බර වන අතර, ටොන් 19447ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා මුදිත
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 2934ක් බර වන අතර, ටොන් 3080ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
    1982 දෙසැම්බර් නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා මහපොල
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8082ක් බර වන අතර, ටොන් 11372ක උපරිම බරක් ගෙන යා හැක.1982 ඔක්තෝබර් නිශ්පාදනය කල නැවකි.
    1983 ජූනි 29 නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා අතුල
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 11217ක් බර වන අතර, ටොන් 13880ක උපරිම බරක් ගෙන යා හැක.
    1983 සැප්තැම්බර් 9 නිශ්පාදනය කල නැවකි.


    @ ලංකා අජිත
    භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. මෙම නැව ටොන් 8678ක් බර වන අතර, ටොන් 11450ක උපරිම බරක් ගෙන යා හැක.
    1985 ජනවාරි 10 නිශ්පාදනය කල නැවකි.


    එහෙත් අද වන විට සිලෝන් ෂිපින් කෝපරේෂන් සතුව එක් නෞකාවක්වත් නොමැති අතර, අප රටට නැව් තිබෙන කාලයේ එක් නැවක් වත් නොතිබුණු මාලදිවයින, සිංගප්පූරුව, මැලේෂියාව වැනි රටවල් දැන් විශාල නැව් සමාගම් වල හිමි කරුවන් බවට පත් වී තිබෙනවා. ලෝකයේ නාවික ප්‍රධාන නාවික මාර්ග අසලම පිහිටි අපේ රට ඇත්තෙන්ම මේ වන විට ආසියාවේ විශාලතම නැව් හිමි රටක්ව තිබිය යුතු වුවත්, මුලින් තිබූ නෞකාත් අහිමි කරගනිමින් පරිහානියට පත් වීම වේදනාවට තුඩුදෙන කරුණක් වෙනවා.


    උපුටාගැනීම් අන්තර්ජාලය


    හෙළයේ සුන්දරත්වය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    117161992_341189057013699_811634497614060587_n.jpg
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඕවා නම් කතා කරල වැඩක් නෑ මිතුරේ.. කදුල පමණි අපට උරුම කියල නිහඩව ඉදලත් බැරි නිසා කමෙන්ට් කලේ..
    කදුල පමනි අපට උරුම සසර මුලුල්ලේ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි පො*නයින්ගෙ කෙරුවාව තමයි වෙන නම් දෙයක් නෙමේ..හොදට තිබ්බ රට කෑවෙ ඔය කාලකන්නි ටික..
     
    • Like
    Reactions: dingi man and D_Mad