කඳාන ලෙකෝ ආයතනයේ සේවකයින් 12 කට කොරෝනා : සියලු දෙනා දෙවන පෙළ ආශ්‍රිතයින්

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,247
    45,146
    113
    කඳාන, නාගොඩ ප්‍රදේශයේ පිහිටි සීමාසහිත ලංකා විදුලි (පෞද්ගලික) සමාගමේ සේවකයින් 12 දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී තහවුරුවී තිබෙන බව ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ සඳහන් කර සිටිනවා.

    " මෙම කාර්යාලයේ සේවය කරනු ලබන නිලධාරියෙකුගේ දියණියක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරනු ලබන අතර ඉකුත් 03 වෙනිදා ඇතිවූ තත්ත්වය මත සීමාසහිත ලංකා විදුලි සමාගමේ පාලනාධිකාරිය විසින් අදාළ නිලධාරියාට නිවසට වී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ ඔහුගේ දියණියගේ PCR වාර්තාව ලැබෙන තෙක්ය.

    ඒ අනුව ඔක්තෝම්බර් මස 05 වෙනිදා අදාළ නිලධාරියාගේ දියණියගේ PCR පරීක්ෂණ වාර්තාව ලැබී ඇති අතර එහිදී ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. ඒ අනුව මෙම නිලධාරියාගේ ද PCR පරීක්ෂණ සිදුකොට ඇති අතර එහිදී ඔහුට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත.

    මේ හේතුවෙන් එම ආයතනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වූ එම නිලධාරියා සමග රැකියා ස්ථානයේ සේවය කළ අනෙක් සේවකයින් 12 දෙනා ඒ වන විටත් ස්වයං නිරෝධායනයට යොමු කොට තිබීම නිසා පෞද්ගලික රෝහලකට දැනුම් දී ඔවුන්ගේ PCR පරීක්ෂණ සිදුකොට ඇත. එහිදී එම සේවකයින් 12 දෙනා හටද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබෙනවා. ඒ අනුව එම සේවකයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමටත් ඔවුන් ගේ ආශ්‍රිතයින් සොයා ඔවුන්ව නිරෝධායනයට යොමු කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටිනවා. ඒ වගේම මෙම සේවකයින් 12 දෙනා අපි දෙවන පෙළ ආශ්‍රිතයින් ලෙස සලකනු ලබනවා" යැයි ජාඇළ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඩබ්.වයි.එම් විජේසිංහ වැඩිදුරටත් කියා සිටියා.
     
    • Like
    Reactions: 2osama