ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ බඩඋඩීන්ගේ අබිරහස-![]()
![]()
ඒ ටවුන් කාක්කන් මියුරු හඬින් ගීත ගායනා කළ පැහැබර උදෑසනක් විය. මා සූදානම් වූයේ හඩ්සන් මහත්මිය ගෙනැවිත් තැබූ දුම් දමන කෝපි පෝච්චියෙන් කෝපි කෝප්පයක් වත් කරගෙන ම බිලී කොලුවා ගෙනැවිත් තැබූ දවසේ පත්තර මිටිය බැලීමට ය. ප්‍රධාන පුවත්පත් සෑම එකක ම පාහේ මුල් පිටුව වෙන්වී තිබුණේ ඊයේ දිනයේ බටුනායක ප්‍රදේශයේ සිදුවූ මහා මුදල් මංකොල්ලය පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට ය. වරුණ පුවත්පතේ සොරකම් කළ මුදල ලෙස කෝටි දෙකක මුදලක් දැක්වුණු අතර පංකාදීප එය කෝටි තුනක් ලෙස ද ගවයින එය කෝටි පහක් ලෙස ද වාර්තා කර ඇති බව දුටු මගේ සිත මාධ්‍යවේදීන් පිළිබඳ වූ අපුළ සිතිවිලි ඔස්සේ දිවගියේ ය. නොදැනීම පුවත්පත මගේ අතින් බිම වැටෙන්නට ඇත.![]()
"ඔබ හරි මගේ මිත්‍රයා, අපේ රටේ මාධ්‍යවේදියෝ නාන පයිප්පේ ළඟ ගෑනුන්ගෙන් වෙනස් වෙන්නේ නෑ" හෝම්ස් පැවසූයේ හඬනගා සිනාසෙමිනි.
"ඔබ නම් ඉන්ද්‍රජාලිකයෙක් හෝම්ස්, ඔබ කොහොම ද එකපාර ම මගේ හිතේ තිබුණු සිතිවිලි ගැන දැනගත්තේ ?" පුදුමයට පත් මම විමසුවෙමි.![]()
"එය එතරම් අමාරු නෑ මිත්‍රයා. ඔබ දකින්න ඇති ඊයේ මුදල් මංකොල්ලය ගැන පුවත්පත් වාර්තා කරලා තිබ්බ විදිහ. ඒ දිහා බලන් උන්නු ඔබේ මුහුණ අප්‍රසාදයෙන් පිරී ගිහින් පුවත්පත ඉවත දැමුණේ ඔබටත් නොදැනීම. ඊළඟට ඔබේ ඇස් යොමුවුණේ ජනේලයෙන් එළියට.ඔබ ඉන්න තැනට එහා ගෙදර කාන්ති අක්කාගේ රූපවාහිනිය පෙනෙන බව මට යන්තමින් පෙනෙනවා. එහි දිස්වුණේ කොම්බුව නාළිකාවේ කතුර මල්ලි ගේ රුව. ඒ දුටු ඔබේ මුහුණ තවත් අපුලට පත්වුණා. ටික වෙලාවකට පසු කාන්ති අක්කා මොණරවාහිනියට රූපවාහිනිය මාරු කරා. එහි සිටියේ උදෑසන පත්තර කියවන ගොංගන මල්ලි. ඒ දර්ශනය ඔබේ මුහුණ වමනය දැමීමට ආසන්න තත්ත්වයට පත්කරා. ඔබේ චර්යාව දන්නා මිත්රයෙකුට මේ දේවල්වලින් ඔබේ සිතිවිලි නිගමනය කිරීම ඉතා ම පහසුයි මගේ මිත්‍රයා. "හෝම්ස් කරුණු එකින් එක පැහැදිළි කළේ ය.
හෝම්ස් තමා නිගමනයට එළඹුණු හැටි පැහැදිළි කිරීම අවසන් වූ විගස සීනුව නාදවිය.
"මේ වෙලාවේ කවු ද හෝම්ස් ? කවුරුත් එන බව දැන්නුවේත් නෑ නේ ද ?"
"ඔව් එන බව දැන්නුවේ නම් නෑ" කියමින් හෝම්ස් දොර විවෘත කළේ ය.
විවර වූ දොරින් ඇතුළට පැමිණියේ අපගේ හිතමිත්‍ර පොලිස් රහස් පරීක්ෂක ලෙස්ට්රේඩ් ය.
"අහා ලෙස්ට්රේඩ්, උදේ පාන්දරින් ම බේකර් වීදිය පැත්තේ එන්න හිතුණේ මොකක් හරි බරපතළ ප්‍රශ්නයක් ද ? ප්රශ්නය මොකක් නමුත් ඔබ දවස් ගාණක් තිස්සේ රෑ දවල් නැතුව මහන්සි වෙලා තියෙනවා කියලා නම් පේනවා. ඉතින් මං ආරාධනා කරනවා අපිත් එක්ක උදේ ආහාරය අරගෙන ම ඔබේ ගැටලුව කියන්න කියලා." හෝම්ස් උණුසුම්
ලෙස ලෙස්ට්රේඩ් පිළිගනිමින් පැවසීය.
නිහඬව ම ආරාධනය පිළිගත් ලෙස්ට්රේඩ් ගැටලුව පැවසීම ආරම්භ කළේ හඩ්සන් මහත්මිය පිළියෙළ කර තිබූ අඟල් 13 පොල් ගෙඩියක සම්බෝලය හා 200 සැමන් සමඟ බත් පිඟන් දෙකකට ම වග කියූ පසුව ය.![]()
"හෝම්ස් මහත්තයා, මේ සැරේ නම් මගේ රස්සාව ගහලා යන තැනට ම ඇවිල්ලා තියෙන්නේ. මට නම් තේරෙන්නේ නෑ මොනා කරන්ඩ ද කියලා මේ වෙලාවේ. එහෙන් පත්තරකාරයෝ මාව උල තියන්ඩ බලන් ඉන්නවා. අනික් පැත්තෙන් අපේ ම සීඅයිඩී
එකේ නිලධාරීන් මට හිනා වෙනවා. දැන් මං නිකන් හැම එකට ම රැස්පැට් ස' ගාණ බයියෙක් ගාණට වැටිලා තියෙන්නේ හෝම්ස් මහත්තයා." ලෙස්ට්රේඩ් එක හුස්මට කීවේ ය.![]()
"මං කලිනුත් කිව්වා වගේ ඔබ කාමරයට ඇතුල්වෙද්දි ම මං නිගමනය කළා ඔබ දවස් ගාණක් එකදිගට මහන්සි උණා කියලා. එහෙම නිගමනය කළේ ඔබ මාත් එක්ක කතා කරද්දී ගලවපු ඔබේ මාස්ක් එකේ තිබ්බ දුර්ගන්ධයෙන්.කොහොම නමුත් අපි ලෑස්ති ඔබේ ගැටලුව මොකක් ද කියලා දැනගන්න." හාන්සි පුටුවේ දිගාවී ඇඟිලි තුඩු එකතු කරගනිමින් හෝම්ස් පැවසීය.![]()
"ඔව් හෝම්ස් මහත්තයා, මේ වැඩ නිසා මට මාස්ක් එක මාරු කරන්නත් අමතක උණා." ලැජ්ජාවෙන් සිනාසුණු ලෙස්ට්රේඩ් කබා සාක්කුවෙන් සටහන් පොත අතට ගත්තේ ය.
"මේක අතුරුදන්වීමක්. දවස් තුනකට කලින් සිද්ධ උණේ. අතුරුදන්වෙච්ච පුද්ගලයාගේ නම සෂාඩ් බඩඋඩීන්. තරමක් මිටි මැදිවියේ පුද්ගලයෙක්"
"ඔය කියන්නේ අර ගල්පත්තුව අභයභූමියේ ගස් කපපු එකට චෝදනා ලබපු බඩඋඩීන් නේ ද ?" හෝම්ස් හුන් ඉරියව්වෙන් ම විමසීය.
"හරියට ම හරි හෝම්ස් මහත්තයා, ඔබතුමාට කිව්වාට මොක ද ඔය මිනිහාට ත්‍රස්තවාදී සම්බන්ධතා තියෙනවා කියලාත් චෝදනා තියෙනවා. කොහොම නමුත් කාරණේ මේකයි. ඊයේ පෙරේදා ඉහළින් ලැබුණු නියෝගයක් අනුව අපි ගියා මිනිහා ව අත්අඩංගුවට ගන්න. මුලින් ම ගියේ මේ පුද්ගලයගේ කොළඹ ගෙදරට. බඩඋඩීන් එහෙ හිටපු නැති නිසා අපි කෙළින් ම ගියා හෝම්ස් මහත්තයා මන්නාරම තියෙන මේ පුද්ගලයාගේ ගෙදරට.ඒ පෙරේදා උදේ".ලෙස්ට්රේඩ් සටහන් පොත බලමින් කීවේ ය.
"ඉතින් මිනිහා එතනත් නැද්ද ?" මම අසුනින් පෙරට නැඹුරු වී විමසුවෙමි.
"නෑ නේන්නං" ලෙස්ට්රේඩ් පැවසුවේ මිට මොළවාගත් අතින් තම කලවයට පහර දෙමිනි. "මන්නාරමේ ගෙදර හිටියේ පොලිස් නිලධාරියෙක් විතරයි. මිනිහා ව සැක කරන්න අමාරුයි නේ. පොලිස් නිලධාරියෙක් නේ.කොයි හැටි වෙතත් මං මිනිහාගෙන් ප්‍රකාශයක් සටහන් කරගත්තා. මිනිහා කියනවා මේ බඩඋඩීන් මාස ගාණකින් ඒ පැත්තේ ආවේ නෑලු.කොහෙට ද හෝම්ස් මහත්තයා මේ යකා වාෂ්ප උණේ."
"මන්නාරමේ ගෙදරත් නෑ කියලා දැනගත්තා ම
ලෙස්ට්රේඩ් මොක ද කරේ" හෝම්ස් විමසීය.
"මිනිහා ඉන්නවයි කියලා හිතන්න පුළුවන් හැම තැනක ට ම ගියා. හැබැයි හැම තැනකින් ම හම්බුණේ එක ම උත්තරේ. මිනිහා කොහෙවත් නෑ කියන එක." ලෙස්ට්රේඩ් පැවසීය.
"මේක බැලූ බැල්මට සංකීර්ණයි කියලා පෙණුනට ඒ හැටි ම සංකීර්ණත් නෑ" හෝම්ස් ගිනි උඳුන දෙස බලමින් කීවේ ය.
"ඒ කියන්නේ ඔබ මේක විසඳලා ඉවරයි ද ?" ලෙස්ට්රේඩ් සහ මම එක්වර ම විමසුවෙමු.
"ඔව් මේ මිනිහා ඉන්නේ කොහෙ ද කියලා සෑහෙන ලොකු විශ්වාසයක් තියෙනවා." කියමින් හෝම්ස් සටහන් පොත ගෙන යමක් කුරුටු ගෑවේ ය.
"බඩඋඩීන් ඉන්නේ මේ ලිපිනයේ. හැබැයි ඔබට රස්සාව බේරගන්ඩ ඕනේ නම් ඔබ එක මොහොතකටවත් මේ ලිපිනයේ තියෙන නිවසට ඇතුළ් වෙන්න එපා. " හෝම්ස් ලිපිනය ලෙස්ට්‍රේඩ්ට දෙමින් කීවේ ය.
"මොනවා හෝම්ස් මහත්තයා, ඔබතුමාට හොඳටම විශ්වාස ද මේ ලිපිනය ගැන ?" ලෙස්ට්රේඩ් විමසුවේ මුව ද විවර කරමිනි.
"ඔව්, විශ්වාස කරන්න බැරි උණත් ඒක තමා ඇත්ත." හෝම්ස් සන්සුන් ස්වරූපයෙන් කීවේ ය.
"ඒත් හෝම්ස් මහත්තයා, පත්තරකාරයන්ටයි සීඅයිඩී එකේ මගේ සගයන්ටයි මං මොනවා ද කියන්නේ ? "
"ෂඃ ෂඃ ෂඃ නියම පොලිස් නිලධාරියෙක් විදිහට වැඩ කරනවා මනුස්සයෝ, අර මන්නාරමේ ගෙදර ඉන්නවා කිව්වා නේ ද පොලිස් නිලධාරියෙක්. ගන්න ඔහු ව අත්අඩංගුවට. තව වාහන එහෙමත් තියෙන්න ඇති නේ.ඒවත් ගන්න ඔබේ බාරයට. තව ඒ ගෙදර ඇති කරපු සත්තු එහෙමත් ඉන්නවා නම් - ඔය බල්ලෝ පූසෝ එළුවෝ එහෙම - උන්වත් ගන්න.අරගෙන මාධ්‍යවලට ප්‍රකාශයක් දෙන්න, බඩඋඩීන්ට පැනලා යන්න උදව් කරපු අය අල්ලගත්තා, අපි ළඟදීම බඩඋඩීන් ව අල්ලගන්නවා කියලා" හෝම්ස් පැවසීය.
ලෙස්ට්‍රේඩ්ගේ මුහුණේ පැවතියේ අලුතෙන් ඉදිකළ සැහැල්ලු දුම්රියෙන්( LRT) කොළඹ ගොස් කාලය ඉතිරි වූ මගියෙකුගේ මෙන් සොම්නස් පෙනුමකි.![]()
"ඔබතුමා මාව බේරාගත්තා හෝම්ස් මහත්තයා, මං එහෙනම් දැන් ම ගිහින් ඔබතුමා කියපු විදිහට වැඩ කරන්නම්" කියූ ලෙස්ට්රේඩ් ඔහුගේ ගඳ ගසන මාස්ක් එක ද පැළඳගෙන පිට ව ගියේ අපට හිස නමා ආචාර කරමිනි.
"කොහොම නමුත් අපි අන්තිමේ දී අසරණ පොලිස් නිලධාරියෙකුට උදව් කළා. එහෙම නේද වොට්සන් ? නමුත් මේ කතාව තවත් වසර ගණනාවක් යනකම් හෙළිකිරීම තහනම්. දැනට මෙය ඔබේ අතිශය රහසිගත ලිපිගොනුවේ තබාගන්න." කියූ හෝම්ස් වයලීනය ද අතට ගෙන කාමරයට යාමට සූදානම් වූයේ ය.
කාමරයේ දොර අසල දී ආපසු හැරුණු හෝම්ස් මෙසේ කීවේ ය.
"බාගවිට ඔබ අහලත් ඇති, ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙක් වතාවක් මෙහෙම කියලා තියෙනවා - අපි හම්බ කරොත් අපි කනවා - මේ වගේ කතාවල තේරුම හරියට ම තේරුම් ගන්න පුළුවන් කාලෙක ජීවත් වෙන්න තරම් අපි වාසනාවන්තයි මගේ හිතවත් වොට්සන්"
ආදිත්‍ය වික්‍රමසිංහගේ සටහන.![]()
ගත්තෙ මනෝරම වීරසිංගෙ වෝලයෙන්.
මුහුදු ගිනිඅවිය2020 aluth pothak release une nadda?
මූ යකූ
අඩේ උබ එලකිරි කොල්ලෙක්නේ.. මං දැක්ක ගොඩක් දේවල් මේකෙ share කරගෙන යනව. එලම මචන්.. ජය..!DEAD....ෂර්ලොක් හෝම්ස් සහ අතුරුදන් වූ බඩඋඩීන්ගේ අබිරහස-![]()

aluth ewa nam melo rahak na2020 aluth pothak release une nadda?