පොලොන්නරුව නගරයට ආසන්නයේ පිහිටි සංචාරක ලැගුම්හළක් තුල ගෙල සිරකර මරා දමා සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද(12) හමුවූ බව පොලොන්නරුව පොලීසිය කියයි.
මෙසේ මරාදමා ඇත්තේ නාඋල,ලෙනදොර,සේරුදණ්ඩාපොල පදිංචි එම්-එම්-කමලා රංජනී නැමැති 41 හැවිරිදි විවාහක කාන්තාවක බව හෙළිවී ඇත.
මෙම කාන්තාව අනියම් සබඳතා පැවැත්වූ බව කියන තරුණයෙකු සමඟ පෙරදින රාත්‍රියේ ලැගුම් හලට පැමිණ එහි කාමරයක් කුලියට ගෙන නාවාතැන් ගෙන ඇති බවත් පසුව ඔහු මෙම කාන්තාව ගෙල සිරකර ඝාතනය කිරීමෙන් පසුව හෝටලයෙන් පලාගොස් අද උදේ බකමූණ පොලීසියට බාරවී ඇති බවත් පොලීසිය සිදුකල විමර්ශන වලදී අනාවරණයවී තිබේ.
25 හැවිරිදි තරුණයෙකු වන සැකකරු බකමූණ,දිග්ගල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලීසිය සඳහන් කලේය.
පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඕෂාන් හේවාවිතාරණ මහතාගේ උපදෙස් පරිදි පොලොන්නරුව පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක,ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ආලෝක බණ්ඩාර මහතාගේ මෙහෙයැවීමෙන් මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

not even sex..they fuck up everytthing 