Living together Sri Lanka

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    lankawe living togethwer inna couples innawada ban, dan eeka lankawe samanyaida
    man kiyanne 35 panala, or 1st marriage devorce una aya nwei,
    aurudu 20-30 wage gedarin proposal hoyala bandala dena kaale,
    hoda paul pasubimak thiyena, igenagaththa demawpiyo inna lamai ehema innawada

    man adurana Dote paththaka posh wenna dagala dariwiyak kadden FB eke post ekak daala thibuna eyata living together Expirience thiyenawa
    eeka hoda deyak ethakota denna gena awabodayak ganna pluwan kiyala. eeth ooki livintogethernam htiye na, ammai thaaththai gamank ghn gedara eddi kollek ekige room eke janelen paanala yaddi maattu una seen ekaknm tynwa. ammek appek nathi kellek wage FB eke hasirenne. un dakkoth polawe paskai
     
    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    681
    93
    Apo innawa. Godak innawa mage yaluwoma. Colombo wala luxury flats balapan godak inne rich kids and their partners
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. මෙයා නම් ලිවින් ටුගෙදර් ඉන්නවා. මෙන්න මේකයි එයා එක්ක චැටක් දැම්මම මට ලැබුන සාරාංශය. ලිවින් ටුගෙදර් ඉන්න එක කසාද බැඳලා ඉන්නවට වඩා ආදරනීයයි ලු. කෙයාරින් ශෙයාරින් මේ හැම එකක්ම රොමෑන්ටික් කියලා කියනවා.. අනෙක් කාරනේ තමා ප්‍රපෝසල් වලින් කසාද බැඳලා පවුල් කනවට වඩා ලිවින් ටුගෙදර් හොදයි ලු හේතුව තමා ප්‍රපොසෙල් වලින් බැන්දම ලිංගික ජීවිතය සතුටු දායක වෙන්න තියෙන සම්බාවිතාවය 50% හේතුව ඉතින් බැන්දට පස්සෙ නෙ මේ හැම එකක්ම දැන ගන්න වෙන්නෙ. ලිවින් ටුගෙදර් එහෙම නෑ. ඕනෑම දෙයක් ඕනෑම විදියකට කරන්න පුලුවන් නිසා එතන සතුට වැඩියි කිව්වා.. අනික තමා කාන්තා පාර්ශ්වය දවසින් දවස සෙක්සි වෙනවා වගේ දැනෙනවා කියලත් කිව්ව. එයාලා ලිවින් ටුගෙදර් කිව්වට එයාලා එක ගෙදර ඉන්නෙ නෑ.. හැබැයි අනියම් සම්බන්දතාවයක් වගේ වෙනම ඉන්නෙ. දෙන්නටම වෙන බාහිර ප්‍රශ්න නෑ.. බැඳලා නෑ හැබැයි දෙන්නම වයසින් ටිකක් වැඩියි. 35 +

    සෙනසුරාදා ඉරිදා ගොඩක් වෙලාවට දෙන්නා එකට ඉන්නෙ දවසෙම වගේ. දෙන්නගෙම අතීත කතා එච්චර සුන්දර නැති නිසා දෙන්නා විවාහයක් ගැන හොයන්නෙ නෑ.. සෙක්ස් ලයිෆ් එකට ඇඩික්ට් වෙලා ෆන් එකක් ගන්නවා විතරයි කිව්වා..
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද

    මේක නම් පට්ට නේද
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    lankawe living togethwer inna couples innawada ban, dan eeka lankawe samanyaida
    man kiyanne 35 panala, or 1st marriage devorce una aya nwei,
    aurudu 20-30 wage gedarin proposal hoyala bandala dena kaale,
    hoda paul pasubimak thiyena, igenagaththa demawpiyo inna lamai ehema innawada

    man adurana Dote paththaka posh wenna dagala dariwiyak kadden FB eke post ekak daala thibuna eyata living together Expirience thiyenawa
    eeka hoda deyak ethakota denna gena awabodayak ganna pluwan kiyala. eeth ooki livintogethernam htiye na, ammai thaaththai gamank ghn gedara eddi kollek ekige room eke janelen paanala yaddi maattu una seen ekaknm tynwa. ammek appek nathi kellek wage FB eke hasirenne. un dakkoth polawe paskai

    ambooo oi eka
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,669
    33,873
    113
    මම දන්න අයියා කෙනෙක් ඉන්නවා. මෙයා නම් ලිවින් ටුගෙදර් ඉන්නවා. මෙන්න මේකයි එයා එක්ක චැටක් දැම්මම මට ලැබුන සාරාංශය. ලිවින් ටුගෙදර් ඉන්න එක කසාද බැඳලා ඉන්නවට වඩා ආදරනීයයි ලු. කෙයාරින් ශෙයාරින් මේ හැම එකක්ම රොමෑන්ටික් කියලා කියනවා.. අනෙක් කාරනේ තමා ප්‍රපෝසල් වලින් කසාද බැඳලා පවුල් කනවට වඩා ලිවින් ටුගෙදර් හොදයි ලු හේතුව තමා ප්‍රපොසෙල් වලින් බැන්දම ලිංගික ජීවිතය සතුටු දායක වෙන්න තියෙන සම්බාවිතාවය 50% හේතුව ඉතින් බැන්දට පස්සෙ නෙ මේ හැම එකක්ම දැන ගන්න වෙන්නෙ. ලිවින් ටුගෙදර් එහෙම නෑ. ඕනෑම දෙයක් ඕනෑම විදියකට කරන්න පුලුවන් නිසා එතන සතුට වැඩියි කිව්වා.. අනික තමා කාන්තා පාර්ශ්වය දවසින් දවස සෙක්සි වෙනවා වගේ දැනෙනවා කියලත් කිව්ව. එයාලා ලිවින් ටුගෙදර් කිව්වට එයාලා එක ගෙදර ඉන්නෙ නෑ.. හැබැයි අනියම් සම්බන්දතාවයක් වගේ වෙනම ඉන්නෙ. දෙන්නටම වෙන බාහිර ප්‍රශ්න නෑ.. බැඳලා නෑ හැබැයි දෙන්නම වයසින් ටිකක් වැඩියි. 35 +

    සෙනසුරාදා ඉරිදා ගොඩක් වෙලාවට දෙන්නා එකට ඉන්නෙ දවසෙම වගේ. දෙන්නගෙම අතීත කතා එච්චර සුන්දර නැති නිසා දෙන්නා විවාහයක් ගැන හොයන්නෙ නෑ.. සෙක්ස් ලයිෆ් එකට ඇඩික්ට් වෙලා ෆන් එකක් ගන්නවා විතරයි කිව්වා..
    ෂා..... එකනම් රසවත් කතාවක්. මටත් ආස හිතුණා ලිවින් ටුගෙදර් වලට
     
    • Like
    Reactions: wtsamantha

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,702
    1
    8,869
    113
    “…මේ ලඟදි දවසක මගේ පරණ පෙම්වතියක් හමුවුනා අවුරුදු පහලවකට විතර පස්සේ.එයාට දැන් අවුරුදු හතලිහක් විතර ඇති… බැඳලා නෑ. බඳින එකකුත් නෑ. එයා තාමත් එදා වගේම ලස්සනයි.. වයස ගිහිල්ල කියල කියන්නවත් බෑ. හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අපි තේකක් බොන ගමන් නිකං කතා කලා.එයා මගෙන් ඇහුවා ‘ඔයා අර බැන්ද ළමයට ඇත්තටම ආදරය කලාද’ කියලාමං ‘ඔවු’ කිව්වා ඊට පස්සෙ එයා ඇහුවා’ඉතින් ඇයි එහෙනම් ඔයා එයාව බැන්දෙ?’ කියලා..”

    ඒ අද මුහුණු පොතේ දැක්ක එක කතාවක්…. මේ පහළ තියෙන්නෙ අද දැක්ක තවත් කතාවක්..

    “…ආදරය කරන උන් මොකට බදිනවාද ආදරයම කර කර ඉන්නේ නැතුව? වටේ පිටේ ඉන්න එවුන් ඔක්කොමත් ඈඳාගෙන, පිස්සුද මන්දා ? බැන්දට පස්සේ වැඩි වැඩියෙන් රොමැන්ටික් වෙනවා කියලා කොහෙන්වත් වාර්තා වෙලා තියෙනවද ? ඕනෑම මොඩන් එකෙක් පැරණි වෙන තැන තමයි කසාදය. ජිම් ඇරියත් අභ්‍යවකාශයට ඇරියත් හැදෙන්නෙ නෑ!..”

    කතා දෙකම උපුටා ගත්තේ ධනංජය කරුණාරත්නගේ ප්‍රොෆයිලයෙන්…මම ඔය කතා දෙකෙන්ම කියන අදහසට සියයට සීයක්ම එකඟයි… කාලයක් තිස්සෙ ගොඩක් දෙනෙක් ඉන්බොක්ස් හරහා මගෙන් ඇහැව්වා ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන අදහස් ලියල පෝස්ට් එකක් දාන්න කියල.. පුද්ගලිකව මමත් ලිවින් ටුගෙදර් ඉන්න කෙනෙක් නිසා මගේ අත්දැකීම්, අදහස් එක්ක මාවම අදාල කරගෙන මේ සටහන ලියනවා.. සටහන ටිකක් දිගයි..කැමති අය විතරක් කියවන්න…

    “ආදරය කරන්න බඳින්නෙ මොකටද…?”

    මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන අහද්දි මම ලෑස්ති කරගෙන ඉන්න ශෝර්ට් ඇන්ඩ් ස්වීට් උත්තරේ ඒක..

    පුද්ගලිකව මම ගැන කතා කලොත් මම කැමතියි ආකෘති ගත නොවන සම්බන්ධයකට..

    සැමියා.. බිරිඳ.. පෙම්වතා… පෙම්වතිය…

    මේ වචන අස්සෙම තියෙනවා සමාජය විසින් හදපු ආකෘතියක්.. එක් එක්කෙනා හැසිරිය යුතු විදිය ගැන කලින් නියම කරන ලද තීන්දුවක්.. ඒක ඇත්තටම ආරක්ෂිතයි.. තම තමාගේ රොල්ස් ප්ලේ කලාම වැඩේ ලේසියි.. ඔව්.. පේන විදියට.. ලේසියි..(?)

    මම ගැන කතා කලොත්, මම දන්නෙ නෑ මම ආදරය කරන කෙනාව දාන ආකෘතිය මොකක්ද කියල…

    ඇය මගේ බිරිඳද? නැහැ.. මම කොහේවත් අත්සන් කරල ඇයව අයිති කරගෙන නැහැ.. අපව එකට තියාගන්න එකම බන්ධනය අපේ හිත් අතුලෙ තියෙන බැඳීම විතරයි.. ඇය මගේ පෙම්වතියද..? ඒත් නැහැ… නිකම්ම නිකන් පෙම්වතිය කියන වචනයෙන් ඇය සහ මම දැන් අවුරුදු ගානක් තිස්සෙ ගෙවන ජීවිතයේ ඇය ගැන මා තුළ තියෙන හැඟීම කියවෙන්නෙ නෑ නෑ වගේ… ඒ වචනෙ මදි වගේ..ඇය මගේ හොඳම යාලුවෙක්ද..? පැහැදිළිවම ඔව්.. ඇය හොඳම යාලුවෙක් නෙමෙයි.. ඇය තමා මගේ හොඳම යාලුවා. නමුත්.. ඇය හොඳම යාලුවා කියන එකෙනුත් විස්තර කෙරෙන්නෙ නෑ… ඇය මගේ කව්ද?? ඇයට මගේ ජීවිතය තුළ ඇති තැන විස්තර කරන්න මට ඇත්තටම වචනයක් එන්නෙ නෑ… ඒ හැඟීම විස්තර කෙරෙන වචනයක්, නිලයක්, පට්ටමක්, ලේබලයක් මීට කලින් කවුරුත් නිර්මාණය කරල නැහැ.. අනික් අය හදල දීපු කිසිම ආකෘතියකින් ඒක හරියටම කියවෙන්නෙ නෑ කියන එකෙන්ම ඒ හැඟීමට දෙන්නෙ අමුතුම වටිනාකමක්…

    ඒ වටිනාකමට මම මාරම කැමතියි.. ඒ මගේ කැමැත්ත. හැමෝම ඒකට එකඟ වෙන්න ඕනය කියල මම කියන්නෙත් නැහැ…

    ‘ජීවිතයේ වටිනාම දේවල් වචනයෙන් විස්තර කරන්න බැහැ…” මම විශ්වාස කරන දෙයක්…
    ඇයි බඳින්නෙ නැති එකෙන් පස්සෙ කාලයක ප්‍රශ්න ඇතිවෙන්නෙ නැද්ද? ඊළඟට එන ප්‍රශ්නය.. ඔව්.. ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. බැන්දත් නොබැන්දත්. ඒත්, මම ආදරය කරන, ආදරය කරපු කෙනෙක් එක්ක, කවදා හරි බැරි වෙලාවත් අපි වෙන් වෙන දවසක් ආවත්, කතා කරල විසඳගන්න බැරි ප්‍රශ්නයක් එන්න විදියක් නැහැ.. අපි මිනිස්සු.. තිරිසන්නු නෙමෙයි..!

    කෙලින්ම කියනවා නම් ඔය අහන්නෙ දේපළ ප්‍රශ්න ළමයි ප්‍රශ්න ගැනනෙ.. පුද්ගලිකව අපි ළමයි බිහි කරන්නෙ නැති නිසා ඒ ප්‍රශ්නය එතනින්ම අවුට්.. ඊලඟට දේපළ මගුල් ගැන කියනවා නම්, කලින් කිව්ව උත්තරය තමයි දෙන්න තියෙන්නෙ ..

    ගොඩක් අය උනන්දු බං, මේ විදියට බලද්දි.. දේපළ ගැනනෙ.. ඉඩම්කඩම් ගෙවල් දොරවල් ගැනනෙ..ආදරය එන්නෙ දෙවනුවටනෙ..

    ඒත් ආදරය හා සම්බන්ධ හැම දේම ගත්තොත්.. චිත්‍රපට, කවි, සින්දු.. අම්මේ ආදරයෙ පැණි බේරෙනවා..හරි නම් සින්දු හදන්න ඕන ආදරය ගැන ලියල නෙමේ.. ඉඩම් දේපළ ගැන ලියලා…

    “වෙන් වුනත් කමක් නෑ දැන් නම් ඔබ මගෙන්….ඉඩම් ඔප්පුව දීපන් දැන් ගුටිනොකා හොඳ හිතින්….”
    “…අනේ මට ඔබ නැතුව බෑ දාලා යන්න එපා…බැංකු පොතේ සල්ලි ටිකයි ඉඩමෙ කෑල්ලකුයි දීලා යන තැනක පල ඩලා..//”

    ඔහොමනෙ බං හරි නම් මේ මානුෂීය සම්බන්ධකම් ගැන සිංදු කියන්න වෙන්නෙ..

    කසාද සහතිකය අත්සන් නොකලාම ජීවිතයේ යම් යම් අවස්ථාවල ප්‍රායෝගික ගැටළු එන්න පුලුවන්..ඇත්ත. නමුත්, ඒ වගේ සමහර විට එන්න පුළුවන් ප්‍රශ්න, එවෙලාවට මූණ දීලා වෙන ක්‍රම වලින් විසඳගන්න තමාට හැකි නම්, ඒ කොන්ෆිඩන්ස් එක, ඒ අවස්ථාවට මූණ දෙන්න හැකි නම්, ලිවින් ටුගෙදර් ඉන්න එක ප්‍රශ්නයක්ම නෑ.. මට අනුව නම්.. (හදිසි ශල්‍යයකර්මයකට වගේ කසාද අයිතිය හිමි වෙන්න ඕන කල යුතුදේ තීරණය කරන්න) සිස්ටම් එක හදලම තියෙන්නෙ ඔය අත්සන සිස්ටම් එකේ මූලික කොටසක් කරලම තමයි…

    තව ලොකුම හේතුවක් තියෙනවා කසාද නොබැඳ ඉන්න එක මම යෝජනා කරන්න.. ඒ මොකක්ද..? ඒක තමා මේක..

    කවුරු මොන ඉලව්ව කිව්වත්.. මොන සුරංගනා කථාවක් දෙඩුවත්.. බැන්දයින් පස්සෙ.. අවුරුදු තුන හතර යද්දි.. ඕනම සම්බන්ධයක් ඒකෙ ස්වභාවය වෙනස් වෙලා නිරස වෙනවා වෙනවා..මයි. ලිවින් ටුගෙදර් හිටියත්, බැන්දත්, ඉනා කැව්වත් ඔය ඇත්ත වෙනස් වෙන්නෙ නම් නැහැ..
    ඉතින්, ඔතනදි තමයි, ආදරයෙන් ඉන්න දෙන්නෙක්ට ලිවුන් ටුගෙදර් සංකල්පය නොදැනුවත්වම හරි පොසිටිව් විදියට වැඩ කරන්නෙ..

    හිතන්න මෙහෙම.. ඔයා ජොබ් එකක් කරනවා.. ඔයා දන්නවා ඔයා කරන ජොබ් එකේ ඔයා අතින් මිස්ටේක් එකක්, අතපසුවීමක් වුනොත්, තරමක් විශාල වැරැද්දක් වුනත්, ඔයාගෙ ජොබ් එක ඔයාට නැති වෙන්නෙ නෑ කියල.. ඔයාගෙ ජොබ් සෙකියුරිටි එක උපරිමයි කියල හිතන්න..
    එතකොට.. ඔයා වැඩ කරද්දි.. ඔයා ඔයාගෙ වැඩ ගැන පොඩ්ඩක් හරි දක්වන අවධානයේ අඩුවීමක් වෙයිද.. වැඩිවීමක් වෙයිද.. කල් යද්දි යද්දි.. මොනව වුනත් මේ ජොබ් එක තියෙනවනෙ කියල හිතෙද්දි..

    අනිත් පැත්තට, ඔයා කරන ජොබ් එක කොයි වෙලේ ගහල යයිද කියල ඔයා දන්නෙ නැත්නම්.. ඔයා කරන වැරදි ෆයිල් එකකට ගිහින්, එකතු වෙලා, එකපාරම බකස් ගාලා ඔයාගෙ ජොබ් එක ගහලා යන්න චාන්ස් එකක් තියෙනවා කියල දන්නවා නම්… කොච්චර කල් ගියත්.. අලුත් දවසක වැඩ කරද්දි.. ජොබ් එක ඔයාට ඕන නිසා.. නැති වෙයි කියන බය නිසා… ඕනම වෙලාවක නැති වෙන්න තියෙන ඉඩ නිසා.. ඒ ගැන තමා තුළ වැඩි අවධානයක්.. වැරදි කරන්න බයක් තියෙනවා නේද??

    අන්න ඒ වගේම තමයි ලිවින් ටුගෙදර් ඉන්න එකයි, කසාද බඳින එකෙයි ප්‍රදානම, වැදගත්ම වෙනස මට අනුව..

    සම්බන්ධයක් විනාශ වෙලා යන්න තමන් හෝ තමන්ගෙ සහකාරියා/සහකාරිය වෙන ගෑණියෙක් එක්ක.. මිනිහෙක් එක්ක නිදියගන්නම ඕන නෑ. දවසෙන් දවස සිද්ධ වෙන පොඩි පොඩි දේවල්, නොසලකා හැරීම්, සිත් රිදවීම්ම ඇති සම්බන්ධයක් විනාශ වෙලා යන්න.. මෙතනදි විනාස වෙනවා කියන්නෙ ඩිවෝස් වෙන එකවත්, වෙන් වෙන එකවත් නම් නෙමේ.. එකට අවුරුදු දහය විස්ස ඉන්න කපල්ස් ඉන්නවා.. සම්බන්ධය විනාසම වෙලා ගිහින් වෙනත් බාහිර හේතු නිසා එකට ඔහේ ‘කාලය ගෙවන’..

    කසාද බැන්දයින් පස්සෙ නොදැනුවත්වම දෙන්නෙක් ඒ දෙන්නාගෙ සම්බන්ධය ගැන දාන effort එක අඩු වෙනවා.. ඇයි ඉතින්.. කොහොමත් එයා ඉන්න එකනෙ..

    ඔන්න ඔය සීන් එක තමයි, හේතු ගොඩක් අතරේ මම උඩින්ම තියන හේතුව.

    ලව් කරන කාලයේ එකිනෙකාගෙ වැරදි ඉවසනවා, අනෙකාගෙ හිත රිද්දන්න බයයි.. තමාගෙ වැරදි පුළුවන් තරම් අඩු කරනවා.. ඇයි..? ලව් කරන කාලයෙ සම්බන්ධය ස්ථීර නෑ.. කොයි වෙලේ කැඩෙයිද දන්නෙ නෑ… ඒත් බැන්දයින් පස්සෙ…? අර අනුර කුමාර කියනවා වගේ, මම කියන දේ “පොඩ්ඩක් කල්පනා කරල බලන්න”
    😛

    මම කලිනුත් කිව්වා වගේ, “කසාදය කියන්නෙ පෙම්වතුන් තමාගෙ ආදරය නැමති සුන්දර රෝගය හොඳ කරගන්න පළමු බෙහෙත් මාත්‍රාව ගන්න දවසයි..”

    අනික, ලිවින් ටුගෙදර් ඉන්න දෙන්නෙක්.. කවදා හරි සම්බන්ධය නිරස වෙලා හරි, වෙන යම් හේතුවක් නිසා හරි, එකිනෙකාට එකිනෙකා එපා වෙලා හරි, වෙන් වෙන්න ඕන වුනොත්.. ලේසියෙන්ම කතා කරලම ඒක කරගන්න පුළුවන්.. සරලවම කියනවා නම්.. දෙන්නා එකට ඉන්න මූලික වෙන්නෙ දෙන්නා දෙන්නා ගැනම තියෙන ආදරය, හැඟීම විතරමයි..

    තමා ආදරය කරන කෙනාව, අත්සන් කරල තමාව දාලා යන්න බැරි විදියට ලියා නොගත්තොත්, එයා ළඟදි දවසකවම තමාව දාලා යයි කියල හිතන් ආදරය කරන මිනිස්සුන්ගෙ මානුෂීය සම්බන්ධතා ගැන නම් මට හිතාගන්නවත් බැහැ…

    මීට අමතරව මටම විතරක් අදාල වෙන, අනෙක් අයට වැදගත් කම අඩුයි කියල මම හිතන හේතුත් තියෙනවා මම කසාදයට එකඟ නැති. Anarchist පැත්තට දෘෂ්ඨිවාදයෙන් බර මම state එකට මගෙ ජීවිතයට රිංගන්න තියෙන හැකියාව පුළුවන් තරම් අවම කරන්නයි බලන්නෙ.. මගෙ චින්තනය හැදිල තියෙන්නෙ එහෙම.. ඒත් ඒක අනෙක් අයට එච්චර රිලේට් නොවනව කියල හිතෙන නිසා ඒ ගැන දිගට ලියන්න අදහසක් නැහැ..

    සටහන ටිකක් දිග වුනා.. නමුත් මේ ගැන උනන්දු අය කියවයි කියල දිග වුනත් කමක් නෑ කියල ලියල දැම්මා.. මේක හැමෝටම සෙට් වෙන්නෙ නෑ.. හැමෝටම සෙට් විය යුතුත් නැහැ.. තමාගේ ජීවිතයේ හැඩය හැකි තරම් තමාම නිර්මාණය කරන්න බලන, නිදහස්ව හිතන්න, ජීවත් වෙන්න බය නැති මිනිස්සුන්ටයි මේ අදහස් වැදගත් වෙන්නෙ.. ඒත් ගයිඩ් ලයින්ස් විදියට විතරයි… තමන්ම තමන්ගෙ ජීවිතයේ හැඩය තමන්ට ඕන විදියට කස්ටමයිස් කරගන්න… හැමෝටම හදපු ඉලව් අස්සට තමා ඇඹරිලා ෆිට් වෙන්න හදනවට වඩා, මට අනුව නම් ඒක වටිනවා..
    හැමෝටම මේ ජීවන රටාව ගැලපෙනවය කියල මම කියන්නෙ නෑ.. නමුත් ඒ ගැලපීම නොගැලපීම තමාම තීරණය කරන්න ඕන දෙයක්.

    තවත් කාරණා තියෙනවා ලියන්න.. ඒත් මේ ඇති කියල හිතෙනවා…

    කසාද බැන්දත් නැතත්, ලිවින් ටුගෙදර් හිටියත් නැතත්, ආදරය කලත්, තනිකඩව හිටියත් ජීවිතයේ අවධානමක් තියෙනවා.. තියන පියවර වරදින්න.. හොඳම එකෙන් කෙළවෙන්න ඉඩ තියෙනවා..
    ඒ ජීවිතයේ හැටි.. ඒක ඉතින් දෙමාපියන් අපිව මේ ලෝකයට ගෙනාපු දවසෙ ඉඳන් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපට මූණ දෙන්න වෙලා තියෙන කටුක ඇත්ත..

    ෆ්‍රාන්ස් කෆ්කාගේ කතාවක් මෙතනදි මතක් වෙනවා…

    “මම නිදහස් වුනෙමි. ඒ නිසාම මම අතරමං වී ඇත” …(I am free, that is why I am lost.)
    අතරමං වෙන්නත් ඔක්කොටම කලින් නිදහස් වෙලා ඉන්න ඕන.

    නිදහස් වෙලා ජීවිතය ගවේෂණය කරන්න.. තමාගේ ජීවිතයේ හැඩය තමාම හදාගන්න උත්සාහ කරන්න. ඔක්කොමල්ලා කරන දේ ඒ විදියටම කරන්න ගියොත් වරදින එකත් ඒ ඔක්කොටම වෙන විදියටම වෙයි..

    හැබැයි පොඩ්ඩක් ඇස් ඇරල බලන්න, එතකොට පෙනෙයි, එකිනෙකාගෙන් වෙනස් මිනිස්සු එකම දේ කරන්න ගිහින්, ඒ හැම දෙනාටම එකම විදියට නහුතෙටම වැරදිලා තියෙන බව…
    -උපුටා ගත්තේ ජේමිස් බණ්ඩා හෙවත් සංජය ශ්‍රීකාන්ත් ගේ බ්ලොග් එකෙන්.-
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේක නම් පට්ට නේද

    විවාහ ජීවිතයක බැඳීම් අඩු වෙලා ලිංගික ජීවිතයේ බැඳීම් ශක්තිමත් වෙන්න ඕන.. එතකොට තමා ඒ ජීවිතය ඉතාම ශක්තිමත් වෙන්නෙ.. ඔතන හරියට හැදුනොත් අනෙක්වා ඉබේම හරියනවා හැදෙනවා.. හැබැයි ඕක වැරදුනොත් අනෙක්වා ඔක්කොම අවුල් යන්න හේතු වෙනවා
     
    • Like
    Reactions: ACHIK